Monday, September 24, 2012

වැලිමළුවේදි.....

හිතේ තියන හුඟක් දේවල් අපි බුදුහාමුදුරුවෝ ඉස්සරහට ගිහින් කියනවා.....බුදු සමිදුගේ සෙවණේ ඉන්න එක මොහොතක් හරි හිතට  පුදුම සැනසුමක් තියෙන්නේ....වැලිමළුවේ වාඩි වෙලා සිලි සිලි හඩින් හෙලවෙන බෝ පත් වල නැලවෙන ලස්සන තාලයට ඇහුම්කන්දෙන්න පුළුවන් නම්....හිතේ මොන ප්‍රශ්නය තිබ්බත් ඒ හැමදේම අමතක කරලා දාන්න පුළුවන්....ඒ තරම් සැනසුමක් තවත් නැහැ......

බුදු සමිඳු ඉස්සරහින් පුංචි සුදු මල් ටිකක් පුජා කරලා....හිත නිවෙන්න ඒ පින් රුව දිහා බලන්න පුළුවන් නම් එක මොහොතක් හරි කෝච්චර ලැතැවුල් කෝච්චර දුක් හිතේ තිබ්බත් ඒ හැමදේම බුදු සිසිලෙන් නහවන්න පුළුවන්.......
පන්සල් මළුවේ දි අපේ හිතට දැනේන සැනසුම සිසිලස වචන වලින් කියන්න බැහැ......කියලා ඉවර කරන්නත් බැහැ......
ගිය සතියේ එක දවසක මමත් ගියා කැළණිය පන්සලට.....බුදුන් වැඳලා..පහන් පත්තු කරලා බෝඳිය නාවලා...හුඟ වෙලාවක් වැලි මළුවට වෙලා තාලෙට නැලවෙන බෝ පත් වල සද්දේ අහගෙන හිටියා එතකෝට වේලාව හවස 6ත් පහු වෙලා ඇති.....හරිම සැනසුමයි...දැල්වෙන පහන් සිලෙන් එන ආලෝකය.....
පත්තුවෙන හඳුන් කුරු වලින් එන සුවඳ දැනේනකෝට හිතට එන හැඟිම වචන වලින් කියන්න අමාරුයි....



බුදු හාමුදුරුවන්ගෙන් මටත් ඉල්ලන්න හුඟක් දේවල් තිබ්බා...හුඟක් දේවල්..මගේ හිත ඇතුලේ තෙරපිලා තිබ්බ හුඟක් දේවල්..ඒත් මම දන්නවා ඒ බුදු හාමුදුරුවන්ගෙන් දෙයක් ඉලන්න ඒ වෙලාව නෙමෙයි...මොකද මම වගේම තව කිදෙනක් ඔය වැලිමළුවට වෙලා බුදුහාමුදුරවන්ට තමන්ගේ හිතේ තියන දේ කියනවා ඇතිද....පිහිට පතනවා ඇතිද......





සිලි සිලි හඩින් සෙලෙවෙන බෝපත් සෙවනේ
ලොව්තුරු සරණ පැතුවා මම හිමිගේ අරණේ
දැල්වෙන පහන් සිලකින් ගෙන දෙන එළියේ
සඳහම් සුවඳ දැනුනා මට මෙත් ගගුලේ

දැල්වෙන පහන් සිසිලක සුව අතරේ
පැගෙන සිහිල් වැලිකැටයක් අතරේ
පුදුදෙන සුදු පින්න මල්ගොමු අතරේ
හිමිගුණ සෙව්වා සැමදා මම නිරන්තරේ


බෝපත් සෙවණ ගෙනදෙයි මට අමා සුව
මේ වැලි මළුව සුව ගෙනදෙයි නිරන්තර
බැඳි බැමි ලිහෙන සසරේ මඟ දුරු කතර
නවතාලිය හැකිද සමිඳුනි මට අතරමඟ



 
.
.
.
.
.
_______________________________සෂි-.

Friday, September 21, 2012

නොකියු පෙම් කතාව දෙවැනි කොටස

දිනෙන් දින අලුත් වෙනවා....හැමදාම හැමදේම අලුත් වෙනවා....
කියාගන්න බැරතරම් සෙනෙහසක් හිත ඇතුලේ හුඟක් පිරිලා....එ සෙනෙහස වචන වලට පෙරළන්න ඇත්තටම මට අමාරුයි.....ඇත්තටම අමාරුයි...මොකද මම දන්නවා මම ඒ සෙනෙහස වචන වලට පෙරළන්න ගියෝත්ඇත්තමයි මට ඒ සෙනෙහසට සාධාරණයක් කරන්න වචන හොයාගන්න ඇත්තටම අමාරුයි කියලා.....මොකද මට කියාගන්න බැරිතම් ආදරයක් කියාගන්න බැරිතරම් සෙනෙහසකින් මගේ හිත ඇත්තටම පිරිලා...                        

මට ඒ සෙනෙහසට සාරධාරණයක් කරන්න බැහැ ඇත්තමයි ඒත් මට මගේ හිතේ තියන අදහස් හිරකරන් ඉන්ත් බැහැ
ඇත්මයි කවියක් කුරුටු ගැවත් දැන් ඒ කවිය ඇතුලේ ඔයාගේ ආදරය පිරිලා.....ඇස්දෙක පියාගත්තත් මගේ හිත පුරුවට ඔයාගේ ඔය සුහු මුණ දඟකරනවා...හිතාගන්න බැහැ..කොහොම හිටපු මමද....කොහොම ආදරය දිහා බලපු මමද...ඇත්තටම මම දැන් වෙනස් කෙනෙක් වෙලා...දහස් වාරයක් පින් එයාට මට මගේ ජිවිතේ තෙරුම් කලාට....මට දැනේනවා මම දැන් ජිවත් වෙනවා....මට දැනේනවා ඔයාගේ ආදරෙන් මම හුඟක් ජිවිතේ විඳිනවා කියලා
කියාගන්න බැරිවුනත් ලියාගන්න බැරිවුනත් හුඟක් ආදරෙයි මම..ඇත්තමයි
හින් පිණපොද
වැටෙන හිත ලඟ
ආදරේ මුසු නුඹේ
පෙම ලඟ
දෙදණ තියමින්
බලමි මම මඟ
අපේ වෙන අපි
පෙම් හැඟුම් අරගෙන

නලියනා සහස්
හැඟුමන් අතරින්
නුඹේ හිත මම
හැඳිනගත් හැටි
මටත් නෙපෙනෙන
මටත් නොදැනේන
අරුම සෙනෙහස
මගේ වුව හැටි

බලාඉමි මම
කල්පයක් වුව
නුඹේ සෙනෙහස
මටම හිමිනම්
සදා රකිනෙමි
නුඹේ පෙම මම
එකම හිතකින්
මගේ වෙයිනම්


........................................
නුඹ මට ආදරෙයි කියා මම දන්නවා
නුඹේ ජිවිතේ මම කියා 
මම දන්නවා
නුඹ මට ආදරෙයි නොකියා
නොදන්නවා වගේ ඉන්නවා
_____________________________________සෂි_.




Wednesday, September 19, 2012

නොකියපු පෙමක් ඇත හද කොනක

මම දන්නවා....ඒත් නොදන්නවා වගේ ඉන්නවා....
මට තෙරෙනවා...ඒත් නොතෙරනවා වගේ ඉන්නවා...
හදවගේ සියුම් තැනකිනුත් එහාට.....හදවතේ ගැඹුරුම තැනිනුත් කොනට....තැන්පත් වෙච්ච අහිංසක හැඟිමක්....කියන්න තෙරෙනැහැ...වචන ගලපනන්න තෙරෙන්නැහැ....
ඒත් හිත ඇලුලේ හිර කරන් ඉන්නවා..මටත් නෙතෙරෙන විදියට...කවද හරි දවසක් එළියට දානවා.....ඒත් ඒ හැඟිම වචන වලට පෙරළන්න ගියාම හරිම අමාරුයි......පටන් ගන්න තැනක් අවසාන වෙන තැනක් තාම හිතාගන්න බැහැ
ලියන්න පටන් ගන්න ඔනේ කොහොන්ද...ලියලා ඉවර කරන්න ඔනේ කොතනින්ද...ලියන්න ඔනේ මොනාද‍
හිත තුල හිරවෙලා හිතට වද දෙන හුඟක් හැඟිම්....තාම වද දෙනවා.
ඒත්
ඒ අහිංසක හැඟිමට මට සාධාරණයක් කරන්න පුළුවන්ද...


හිත හිරිවට්ටන
නුඹේ ඔය පෙම
සැඟවිලා දැන්
මටත් රහසෙම
නොතෙරෙන ලෙස
හදේ කොනකම...
කියන්නට වදන් නැති
ගොතන්නට හැගුම් නැති
නොතෙරෙන ලොකයේ
නාන්නාදුරන
පෙම්වතුම් අපි
නුඹ නු‍ඹේමයි
මම මගේමයි
අපි
අපේ වේවිද
මේ බැඳිම් ලඟ
අපි නතර වේවිද
හදපුරා සෙනෙහෙන්
නුඹ මගේ වේවිද.....

_________________________________________සෂි_.







Monday, September 10, 2012

මේ මමද

                        මම මගේ ජිවිතේ පටන් ගත්තේ සිනහ හුඟක් පුරවගෙන නම් නෙමයි....හින හුඟක් පුරවගෙන නම් නෙමයි...
ඒත් හිනයක් නොතිබුනමත් නොවෙයි...මගේ හිතෙත් පුංචි පුංචි හින තිබ්බා..පුංචි පුංචි බලාපොරොත්තු තිබ්බා
ඒ පුංචි හින ඒ පුංචි බලාපොරොත්තු මාව හුඟක් දුරට ජිවත් කලා..මාව හුඟාක් ධෛරයයමත් කලා...
අපි හුමොම උපන් ගමන් ඇවිදින්නේ නැහැ...බිම දන ගහලා වැටි වැටි තමයි හැමදෙයක්ම පටන් ගන්නේ ඒත් වැටෙන්න වැටෙන්න නැගිටින්න ඔනේ...ටිකෙන් ටික මමත් මගේ ජිවිතේ ඉස්සරහට ඇව්දින්න පටන් ගන්නකොට වැටුන වාර අන්නතයි...වැටිලා තුවාල වුන තැන් වලින් ලේ එන කොට ඒ තුවාල පාරවල් රිදුම් දෙනකොට මට මාව තවත් ඉස්සරහට යන්න හයියක් වුනා

ඔව් මම අද හිනාවෙනවා
ඒ වෙන මුකුත් නිසාවත් නෙමයි
හිනාවකින් ජිවිතේ පටන් නොගත්තත් අද මට හද පුරවලා හිනාවෙන්න පුළුවන් වෙන මුකුත් නිසා නෙමෙයි
මම වැටුන වෙලාවේ මගේ හිත මගේ ලඟ මගේ හයියට හිටිය
වැටෙන වැටෙන හැමවෙලවෙම මාව නැගිට්ටවන්න
මට තුවාල වෙනකොට බෙහෙත් දාන්න
තුවාල වල රිදුම් දෙන ලේ බිදිති කළු කැලල් වලට පින් සිද්ද වෙන්න
හිතේ හියියට පින්සිද්ද වෙන්න මම අද හිනවෙනවා

මේ කඳුළු කතාවක අවසාන මොහොත

රිදුම් දෙන තුවාල වල අවසාන මොහොත

මම දැන් සුදානමින් ඉන්නවා
කඳුළු කතාවට සමු දිලා හිත පුරවලා හිනාවෙන්න
ඔව් මම හිනාවෙනවා
මට හිනාවෙන්න පුළුවන්
මගේ හින මගේ බලාපොරොත්තු මාව ජිවත් කලා මට නැගිටින්න උදව් කලා..දැන් මටත් හිනාවේ සුව විඳින්න පුළුවන්....


වැටි වැටි දුවමි මම


දුව දුවා වැටෙමි මම


රිදුම් දෙන ලේ බිදිති දැක


සෝ සුසුම් හෙලමි මම





තව තවත් දුර දුවමි මම


රිදුම් දෙන අනන්තය සොයමි මම


නොලැබෙනා සිනකැන් ලඟ


සුසුමවැල් සලමි මම





හඩ හඩා තැවෙමි මම


කැ ගසා හඩමි මම


නොවියෙලෙනා කඳුළු කැටි ලග

මගේ සිනා රැල් මවමි මම
___________________________________________සෂි_.



Friday, September 7, 2012

ඇයිද නොදනිමි හැරිලා බැලුනේ නුඹේ දෙස මම

ජිවිතේ හුඟක් ලඟින් ඉඳලා...හුඟක් දුරට හැමදේම තෙරුම් ගත්ත කෙනෙක්...ජිවිතේ හැමදේම බෙදාගත්ත කෙනෙක් ඒක පාරටම නැති වුනාම...එකපාරටම අඩු වුනාම ඒ හිස්තැන මකන්න හරිම අමාරුයි...ඒ අඩුව පුරවන්න ඒ වෙනුවට දහ දෙනෙක් ආවත් හරිම අමාරුයි....කොච්චර උත්සහ කලත් කොච්චර වෙර දැම්මත් ඇත්තටම ඒ සෙනෙහස ඒ ලෙංගතුකම නැති කරන්න හරිම අමාරුයි...කොච්චර කොහොම කියුවත් දවසකට එක පාරක් හරි ඒ සෙනෙහෙස එ ආදරය මතක් වෙන්වා අපි සමහර අවස්ථාවලදි අසරණවුනාම ඒ සෙනෙහස ලෙංගතුකම බලාපොරොත්තු වෙනවා....ආගියපු තැනි වලින් යනකොට පුරුදු මතකයන් හිත රිදවනවා වගෙම හරියට නුහුරු ලෙස වගේ ඒ සෙනෙහස ආපහු හොයනවා
යාළු මදහස 
මාගේ හිත ලඟ 
ආල කතන්ද
කිව හැටි මට 

තාම මතකයි 
මාගේ නෙතුලඟ
රැඳුනු හැටි
නුඹ


 ඇයිද නොදනිමි 
නොහැඟුනේ මට 
මාගේ හිත නුඹ
 කියුව හැටි තව
    
ආලේ පිරෙනා 
කෝල සුදු වත 
මාගේ හිත ලඟ 
හිටිය අරුමය  

තාම රැව්දෙයි
හිටිය හැටි ලඟ 
තුරුලේ වෙලෙමින්
මගේ ලඟ නුඹ


 දැත පටලන් 
පාර පුරාවට
 ඇවිද ගිය ඒ
සොදුරු සවසම


 තාම මතකයි 
ගෙවුනු මොහාතක 
රැදුනු සෙනෙහෙස
හිත පුරාවට  

තනිව මම අද 
ඇවිද යන්නෙමි 
අපි ඇවිද ගිය පුරුදු
පාරේම
 ඇයිද නොදනිමි
 හැරිලා බැලුනේ
 තනිව යන විට මං
පුරුදු ඒ මඟ දෙස  

හදවත දහස් වාරයක් කොදුරන දෙයට වඩා බුද්ධිය එක වාරයක් කොදුරන දෙය වටිනවා
මම දන්නවා
සහ මම එය පිළිගන්නවා
මට නුඹ හිමි නැහැ නුඹේ සෙනෙහස හිමිනැහැ
නමුත් හද පුරා හරිම සතුටින් කියන්න පුළුවන් මම නුඹේ ආදරය වින්දා
මට ඒ ඇති  
'මුළු ජිවිත කාලය පුරාවට හිතින් සතුටු වෙන්න මට ඒ මතකය ඇති'
 සඳ නේන දා
පළු අහසම
ඉකිගසයි
මුළු රෑම
තනියම.....
නුඹ නේන දා
මගේ හිතත්
හොඳටම
සුසුම්ලයි
තනිකමද
තුරුලුව...
___________________________________සෂි
      

Tuesday, September 4, 2012

පුරුදු පරිදිම
පුරුදු සවසම
ආපු දුර මම
තනිව යන විට

නුහුරු ලෙස මම
පුරුදු මඟ ලඟ
නුඹව සෙව්වා
නුඹට දැනුනිද

Saturday, September 1, 2012

එක මඟ හමුවු නුඹ මම

 
බොහො ඉස්සර පුරුදු සවසම
නුඹට මම ද මටත් නුඹද
හමුවුන මේ සොඳුරු නඟරය

දෑත පටලන් සිනහ දවටන්
ඇවිද ගිය හැටි තාම මතකය

දවයි මගේ හිත තව
හඩයි මම තව

දුටුවමුත් මම නුඹේ රුව අද

ඒත් නුඹ කොතැනද
මම කොතැනද
දන්නා හඳුනන අයෙකු විලසින් හමුවි
නුඹ මම
එකම නගරෙක
නොදන්නා දෙදෙනෙකු විලසින්
අද මුණගැහුණු අරුමය

තවම විඳවමි මම

Wednesday, August 29, 2012

නුඹේ සිත මගේ සිත

මගේ හිත
නුඹේ හිත
 
නන්නාදුරනා ලෝකයක
හමුවුනෙමු අපි
නන්නාදුනනා
දෙදෙනෙකු ලෙස
 
නුඹේ සිත
මගේ සිත
 
එක්වුනා
එකට එක
හඳුනනා
දෙදෙනෙකු විලස
මේ අහස යට
 
නුඹේ සිත
මගේ හිත
 
හැඳුනුවා
ගැලපුවා
එකින් එක
හදුනනා දෙදෙනෙකු විලස
 
නුඹේ සිත
මගේ සිත
 
කෙතැනද
අපි අද
නුඹට මට
මටද නුඹ
අහිමි වි ඇත
 
නුඹේ සිත
මගේ සිත
වෙන්වෙලා අද
නන්නාදුනනා
දෙදෙනකු විලස

Sunday, August 26, 2012

පානගමි මම අලුත් ලොවකට

ඔහේ ඇවිදන් ගියපු කාලය
අහවරයි දැන් මගේ ලෝකෙට
යන්න අවසර නික්මිලා මට
වලදමා දුක පිරුනු හිනය


බොහො වසරක් ගතවුනානේ මට

හිනයෙන් මට අවදිවන්නට
වින්ද දුක් දැන් විසී කර අද
පානගමි මම අලුත් ලෝකේට

තිගැස්සි දැන් ඇහැරුනා මම

දෙඇස් පිහදා බලන්නේමි තව
මාව රිදවපු ඒ කටුක හිනේට
හිනැහුනා මම අනේ හොඳටම

Friday, August 24, 2012

නුඹත් රැජිනකි එහෙනම්...

විඳින්නට පහසක්
නුඹේ සිරුරේ රසයෙන්
ගෙනෙයි නම් මිහිරක්
  මොණර කොලයේ බරකින්

නුඹේ පපුවට හෙමිහින්

කන තියාගෙන අහපන්
නුඹේ ජිවයේ සුවදින්
මත් වුනේ දැයි කවුරුත්.

කාසි කොලයට හැකිනම්

නුඹව මිලදි ගන්නට දැන්
නුඹේ පපවේ හුසමෙන්
තවත් නැහැවෙයි දිවියක්


ලොවට නෙපෙනෙන රහසක්

අපිට නොඇසෙන හඩකින්
කියන්නට හැකිනම්
නුඹත් රැජිනකි එහෙනම්...

Wednesday, August 22, 2012

දෙවැනි මවුනි...

නුඹ අත දිගුකරන හැම මායිමේ මම සැමදා හිදිමි
නුඹ තුටින් හිදි නම් සමදා මම තුටු වුනෙමි
නුඹ මගේ සොයුරියයි හද බැතියෙන් සැමදා පුදමි
ජාතිත් නුඹවන් අයෙක් ලැබුමට මම පිං කළෙමි


උණු කදුලැලි සලයි නෙතු තුල සැමදා සොවිනි
ඒ කඳුලක බර මට නොව නුඹහට දැනුනි
මා වෙනුවෙන් නෙතඟින් කඳුලක් හැලුනි
අන් කවරෙක්ද අක්කේ නුඹ හැර හිටියේ ලඟිනි

දෙවැනි මවුන් නුඹයි නිති මට මගේ ලොවට සදා
එක කුස නොයිපදුනත් නුඹ මගේ සොයුරියයි මෙදා
අපි පෙරු පාරමි මදි වුනි එක අම්මාගේ වන්න මෙදා
මතු භවයකදි වත් ඉපදෙමු සැනසෙන්නට සැමදා

Tuesday, August 21, 2012

යසෝ....නුඹ....සහ මම.....

හිතින් පෙම් බැන්දාත්
ලඟින් හිඳ පෙම් කෙරුවත්
නුඹත් ගැහැණියෙකි
මමත් ගැහැණියෙකි

යසෝ...

පෙම් කලේ අපි දෙදෙන
පිරිමි මනුස්සාත්මයකට....

සුව වින්දේ අපි
හදවතින් ප්‍රේමාදරය
රැවටුනා

යසෝ
නුඹ

ඒ ආදරයටම...
රැවටුනා
 
මම

මගේ ප්‍රේමාදරයට...
 
නුඹත් අසරණයි

එදා
තනිවම නොව
පුංචි රහුලයන්ද සමඟින්ම..

මමත් අසරණයි අද
 
තනිවම නොව
මගේ අසරණ හිතත් සමඟින්ම...

රැවටුනේ අපි
ආදරෙන් නැහැවුන
පිරිමිකම රජයන
පිරිමි මනුස්සාත්මයකට

වෙනස

සිදුහත් හැර ගියත් යසෝ නුඹව
අන් ලඳ සිටියේම නැත කොනක

මහැර ගියක් මගේ පිරිමි ප්‍රේමාදරය
නැවතුනු කොනක
සිටිනවා තවත් ලඳක් නතරව
සිනහවෙන් නැහැවෙමින්...

ඉතින්
අපේ කාලේ යසෝදරාව
නුඹ
සහ
මම

බැමි ලිහන එකම තැන...



(මුලාශ්‍රය  -  මගේ සොයුරියකගේ කවි පෙලක්)

Monday, August 20, 2012

හද සසල කළ දසුන්......

මේ පින්තුර මම ගත්තේ දෙසවන් සමිරගේ  නුතන මානවයා එෆ් බි ප්‍රෙෆයිල් එකේන්....මට ටැග් වුන පින්තුරයක්....
මේ පින්තුරය මාතෘකා කරලා තිබුනේ
සිඳී ගිය දා එඩි ගත
වැහැරී ගියේ නුඹේ ගත
පිහිට නැත අද සව් සත
එනිස නුඹ තව ගල් පඩි මත

මේ පින්තුර හරිම හැඟුම් බරයි...
මම මේ පින්තුර දැක්ක විදිය...ඇත්තටම හද සසල කල දසුනක්.....


වියැකුනු දිවිය
මහළුය අද මම
නොමැතිය සවිය
එහෙත් නොවැටි සිටිමි මම
ගෙවුනත් දිවිය
මෙ නොසැලෙන
පඩිය මත
පතන්නට
තව දිනක්
තියෙවිද මට

අසරණයි මම
මගේ තනිකමත් සමඟින්ම
නොසැලි ඇත්තේ මෙමට
මගේ වියැකුනු තරුණකම පමණයි තව ..

Sunday, August 19, 2012

නොකියු පෙම නුඹ

රෝස මල් පෙති මත ඉහිරුන
සුමුදු සුසිනිඳු සුවඳ
තවම සිත කිතිකවනවා ලඟ....

නොලියමින් ලතැවෙන දහක් පදවැල් අතර
හිතට ඉඟිබිගිපාන
දහසකුත් සිතුවිලි
තවම දඟ කරනවා ලඟ......

දිනෙන් දින ලං වෙමින්
නුඹට මට අතපාන සෙනෙහස...
තවම කිතිකවනවා මගේ සියොලඟම
පවසනා තෙක් සිත‘රැදි සෙනෙහෙස

ආදරෙයි නොකියුවත්
පෙම් වදන් නොදෙඩුවත්
දිනෙන් දින ලං වෙන අපේ පෙම් සිත්තරය
තවම මඟ සොයනවා හිත ලඟ

ඒත් අසරණයි මම

ඒ හිත අසලින්ම.......

Thursday, August 16, 2012

සදාකාලික නොවු ලෝකේ සදාකාලික බැඳිමක්.....

ජිවිතේ ගෙවෙන ගෙවන හැම මොහොතක්ම හැම දිනයක්ම අලුත් පරිච්ඡේදයක්........
තත්පරෙන් තත්පරය ජිවිතය ගෙවෙනවා
තත්පරෙන් තත්පරයට ජිවිතය අප්ඩේට් වෙනවා.. අලුත් දත්ත එකතු වෙනවා
සමහර දේවල් සංශෝධනය වෙනවා..
තවත් වෙලාවකට අනවශ්‍ය දේවල් අයිවෙනවා... එහෙමත් නැත්තම් අයින් කරන්න වෙනවා..
ඒ මොනවා වුනත් ජිවිතේ ගෙවෙනවා
හැම මොහොතකම අලුත් දෙයක් අලුත් සිතුවිල්ලක්
අලුත් පැවැත්මක්....
හැම දෙයක්ම අපේ ජිවිත වලට අලුත් පාරක් පෙන්නනවා ගෙවෙන ගෙවෙන හැම මොහොතෙම මොකක් හරි අලුත් බැඳීමක් එනවා
සමහරවිට ඒ එකතු වෙන බැඳිම් අපේ ජිවිතේ හැරුම් ලක්ෂ්‍යයන් වෙනවා...
ඒත් අපි අපිටම කියලා මුඵ ජිවිත කාලයටම තියාගන්නවා කියලා පටන් ගන්න හුඟක් බැඳිම් හරිම තාවකාලිකයි....
ඔව් තාවකාලිකයි ...
මොකද අපි ස්ථිරයටම තියාගන්න හදන්නේ අපේ ජිවිතේට අහම්බෙන් එකතු වෙන බැඳිම්.....
නමුත් ඇත්ත හරි විදියට දැකලා බැඳීමක් වුනත් බැඳිමකින් තොරව තියාගන්න පුළුවන් වුණා නම් ඒක තමයි අහම්බෙන් වුනත් අපේ ජිවිතේට අපි ලඟා කරගන්න සැබෑම හැරුම් ලක්ෂ්‍යය....

Tuesday, August 14, 2012

ගලන ගඟකි ජිවිතේ....

බිංදු බිංදු පොද වැටිලා වැටෙන වැහි පොද කවද හරි දවසක ලොකු වැවක් වෙනවා ඇත්තමයි.....
පුංචි වැහි පොද බිඳුවකින් නැගෙන මේ සිසිලස හැමදාමත් වෙනසක් නැතුව එකම විදියට දැනේවි...
.චුටි චුටි දිය ඇලි ටිකක් එකතු වෙලා ලොකු ලස්සන ගඟක් හැදෙනවා.....


 ගඟක් වුනත් හැඩේකට...ලතාවකට... තාල දාල ලස්සනට ගලන කොට තමයි කාට වුනත් බලන්න ආස හිතෙන්නේ...
ගල් වලත් හැප්පිලා වංගු වලින් ලස්සනට තාලෙකට හැරිලා යන කොටයි හැමදාම එකම විදියට ගලන ගඟෙත් ලස්සනක් දැනෙන්නේ.....

.ජිවිතෙත් ඒ වගෙයි හැමදාම එකම විදියට ඉඳලා හැමදාම එකම විදියට ඇඳලා එකම විදියට හිතුවොත් අපි හැමදාමත් එකම තැන....
හරියට එක තැන ප්ලේ වෙන සීඩී එකක් වගෙයි....

ජිවිතේටත් වෙනසක් ඕනේ.....ඒත් ඒ වෙනස වෙන්න ඕනේ වෙනස් වෙන්න ඕනෙම තැනදි... ඕනෙම කරන විදියට....
ඔහේ කල්ගෙවලා නිකන් කාලය නාස්ති කරලා කිසිම පලක් නැති දෙවල් වලට තමන්ගේ වටිනා කාලය මිඩංගු කරලා ඇත්තටම අපි අපේම දේවල් ගැන දුක්වෙන වාර අනන්තයි...
.ඒත් සීමා සහිත රාමුවකින් එලියට ගිහින් අපිට ජිවිතේ ගැන වෙනසක් දකින්න පුළුන්නම් වෙනසක් කරන්න පුළුවන් නම්........
විඳින්න තියන ජිවිතය අපිට ජිවිතය වගේම විඳින්න පුළුවන් වෙන්නේ එතකොටයි ....

කාලයක් ගිහින් ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දි අපිට හිතලා විතරක් නෙමෙයි තව කෙනෙක්ට කියලාහරි සතුටු වෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි.......


Monday, August 13, 2012

මසක් ඉක්මුණු කළුවර හීනය......



මෙච්චර දවස් අකුරු කරපු මගේ කළුවර හීනයට  හරියටම මාසයයි.....

හුඟක් ආසාවෙන් හිටියේ මම නිර්මාණය කරන එක වචන් පෙළක් හරි ලියා බ්ලොග් එකක් කරනවා කියලා...ඒත් සමහර සමහර දෙවල් නිසා මට ඒ අවස්තාව නැතිවුනා...
නමුත් මම පටන් ගත්තා...


කවි ලියන්න......බ්ලොග්  ලියන්න නම් මම තාමත් ප්‍රථමික අවදියේ ඉන්නේ.....
ඒත් මට පුඵවන් විදියට මට දැනෙන විදියට මට මට හිතෙන දේ පද එකින් එකට අමුණලා කවියක් ගලපලා හරිම ආසාවෙන් මේ බ්ලෝග් එකේ ලියුවේ...
ඒත් බ්ලොග් ලියන්න නම් මම තාමත් පුංචි වැඩි....හුඟක් වැරදි ඇති ඒත් ඒ වැරදි හදාගෙන ඉස්සරහටත් හිතට එන ඔනෙම අහසහක් නිර්මාණයක් කරලා ලියනවා
 


මෙච්චර දවස් කඵවර හිනය තුලින් ඔයාලා දැක්කේ හිතේ ගුලි වෙලා තිබ්බ ආදරයක මතක එකතු කරපු වෙදනාබර නිර්මාණ....

නමුත් පළමු මස අවසන් වෙනවත් එක්කම කළුවර හීනය තුලින් අලුත් දෙයක් ලියන්න මම උතසහ කරනවා....මම හිතනවා මේ කළුවර හීනයට වෙනස් ඔනේම කරන වෙලාවක් කියලා



ස්තුතියි මගෙත් එක්ක රැදිලා හිටිය හැමොන්නටම..


.


Sunday, August 12, 2012

සැනසුමක් ගෙනෙනා දිනක් ඒවි යලිත්

රෑයමේ ගණදුර මකන්නට
පුරා අහස පුරාවට සුදු සදක් පැයුවට

වියැලුනු කතරට සිසිලක් දෙන්නට
මහා අනොරා වැසි ඇද වැටුනට

සිතලේ ගුලි වෙලා ඔහේ මිදුනු හිමි කැට
නුඹේ හිතේ උනුහුමට දියවුනාට


කාටවත් නොපෙනෙන
මගේ පැරුනු හිතට සැනසුමක් ඒවිද
නෙතින් කඳුලක් හඩා වැටුනට.....


කළුවර හීනය

Thursday, August 9, 2012

පෙම් කරන්නට මට තහනම්..

මේ නොනිමෙනා වැසි දිය
කඩා වැටුනත් අපේ ලොවට
උදා වු වසන්තයට
යන්න යැයි පවසමින්....
යන්න බැහැ මට විඳන්නට
පොද වැස්සේ සිසිලස

වස්ස මට තහනම්....



පෙම් ගිත මුමනමින්

ගිගයන සියොතුන්
එන්න යැයි කියුවත්
ගිකියන්නට
  යන්න බැහැමට...

ගී ගයන්න මට තහනම්...


හද මඩල විවර කරමින්

පැමිනියත් දෙවිවරුන්
දෙලොවින්
පුදන්නට සෙනෙහසක්
නොමැතිනම් මා ලඟ

පෙම් කරන්නට මට තහනම්..

Wednesday, August 8, 2012

මම බලන් උන්නා...

දෑස ආයාගෙන
මම බලන් උන්නා....
මට අහිමිව ගිය
ඒ සොඳුරු රුව
දකින්නට
මම බලන් උන්නා.....
කාලයේ
වැලි තලා අතරින්
නුඹත් මැකි ගිහින්...
ජිවිතේ හද මලම පරවි
මරිඟුවක් මෙන්
සොඳුරු හිත
මැකි ගොස් තිබුනා

Tuesday, August 7, 2012

කඳුළු අතරින්

කළුවර රැ හිනෙන් ඇවිදින් නුඹ මගේ ලඟම තවත්
තෙපලු පෙම් කවි තාමත් සුව දෙයි මට මගේ සවනත්
හිත වාවන්නැ නුඹ ලඟ නැති රෑ මගේ සිහිනේ තවත්
තව පිළිගන්නේ නැහැ අන්සතු වි දැන් මට නුඹේ හිතත්

සයුරට රළ පෙළ ඇදුනා වාගෙයි නුඹේ සෙනෙහෙ ඉතින්
ඇස් අග නැලවෙන කුංකුම වාගේ නුඹේ සුවය ඉතින්
හිත තුල නලියන හැගුමන් සොදුරුයි නු‍ඹේ ලඟදි ඉතින්
මම තව සැනසෙනු කෙලෙසද නුඹ දැන් මාහැර ඉතින්

රෑයම පිපෙනා තරු කැල අතරින් නුඹේ රුව සොයනවා

නුඹ දුර ඇදුනත් සිහිනෙන් හො මම නුඹ තව පතනවා
අපි එක් නොවුත් යලි නුඹ ආවත් හිත මගේ විඳවනවා
නැවතුනු තැන නුඹ හිනැහි ඉනු මැන මම අද හිනැහෙනවා

Sunday, August 5, 2012

අඳුරේම මියැදුන පෙම් හිතට එළි දෙන්න
නුඹ ආවේ සද විලස ගණදුරම දුරලන්න
සුවඳ ගෙනෙනා මගේ පෙම් කුසුම පුබුදන්න
නුඹ ආවේ  හැම දාම පෙම් සුවඳ මට දෙන්න

නිදිබර මගේ දෙනුවන් ආදරෙන් කිතිකවා
නුඹ සොරා ගෙන ගියා මගේ හිතම සනසවා
නොලියු පෙම් රහස් හිත තුලම  සඟවලා
නුඹ ඇත දුර ගියා නිදන නෙතු හඩවලා

Saturday, August 4, 2012

මිය ගිය සැමරුම්

අදුර රජයන මගේ පෙම් අහස කිමද අද කඵ වුනේ
සුවුඳ පුබුදන මගේ පෙම් කුසුම කිමද අද පර වුනේ
හමා ආ මද නළ මසිත සනසන කිමද අද වියැලුනේ
පිබුදවු පෙම් සිහිනේ බොඳ කරන්නද තව ලංවුනේ

ලගින් ඉන්නට බැහැනේ දැන් මට නුඹේ හිත අන්සතු වෙලා

දුරින් ඉන්නට බැහැනේ දැන් මට නෙතේ කදුලැලි පුරවලා
හිතින් පතනට පැතුම් නැහැ මට හැගුම් මගේ අද ගොඵ වෙලා
මට අහිමි වුනු නුඹේ ප්‍රේමය රැගෙන යමි මම තනිවෙලා

නිරතුව මා ගෙව්ව තුටු දිවිය නුඹමයි පෙම පුදසුනේ

සැමදා අපි එකට හිදිමුයි කියා ලංවුන ඒ පෙම් දිනේ
තවත් වසරක් ගෙවි ලා ඇත ඉරි තලා ගිය පෙම් පතේ
ඉන්න සතුටින් සැමදා නුඹ එයයි මගේ සතුටම හිතේ


ගෙවුනු අතිතයේ සුවද තැරුනු සැමරුම් ගෙන හදින්

තවත් වසරක් නික්මෙනා දින අපේ මල පෙම් ලොවින්
යන්න සඳහට නික්මිලා මට කඳුඵ එක්කල පෙම් ලොවින්
දෙන්න කුමරුනි මෙමට අවසර දැන් නික්මිලා නුඹ ළඟින්

ජිවිතය

ජිවිතය හරිම පුදුමාකාරයි.....වෙලාවකට අපි හිතන හැමදෙම කිසිම අඩුවක් නැතුව අපි ලැබෙනවා....වෙලාකට අපි කොච්චර උත්සහ කලත් අපි කොච්චර වෙර දැම්මත් අපිට ඔනේ තැනට අපේ ජිවිතය ගෙනියන්න බැහැ.....
හැමවෙලෙවාකදිම මොකක හරි අත්දැකිමක් ගෙනත් මේ ජිවිතය සම්පුරණ කරනවා

සමහර වොවට අපි හරිම ආසවෙන් මේ හැමදේම ලබාගෙන්නවා
ඒත් තවත් වෙලාවකට අපිට කොච්චර දේවල් තිබුනත් මදි මදි කියලා ලෝභ කම් කරලා තවත් දහසක් ආසාවන් පස්සේ හඹා යනවා.....

ඒත් අපි හැම තත්පරයක් තත්පරයක් පාසාම අපි ගෙවන මේ ජිවිතේ අත්දැකිම් අපිව සම්පුරණ කරවනවා....

ජිවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක් වෙලාවකට ජිවිතය අපිව හුගාක් සතුටු කරවනවා
තවත් වෙලාවකට අපිට මහමෙරක් තරම් සතුට දුන්න අපේම ජිවිතය අපිව අඩවනවා.....

අතිතය අපේ අත්දැකිම් අපිව සම්පුරණ කරනවා
අනාගතය හදා ගන්න අදව් කරනවා....

වර්තමානය අතිතයෙන් ලැබෙන අත්දැකිම් වින් අපේ ජිවිතය සම්පුරණ කරනවා....

අනාගතය..... අතාගතය කියන්නේ බාපොරොත්තුවක්.....සමහර වෙලාවට අපි පතන දේ හරි යන්න පුඵවන්.සමහර වෙලාවට නොහිතන විදියට වරදින්නත් පුඵවන්.....
ඒත් අත්දැකිම් වලින් හැමදේම සම්පුරණ කරගෙන ජිවිතේට සාර්ථකව මුහුන දෙන එකයි වැදගත් වෙන්නේ....
ඒකයි සැබැ ජිවිතය කියන්නේ....
 


තරු පිරි අහසක්

තරු පිරි අහසක් මකයි තනිකම රැ සඳ මානේ
සද පිරි අහසක් නිවයි ගනදුර රැ  තුන් සිත් මානේ
හිත රැදි රහසක් කියයි මසිතට හැමදා හිත් මානේ
නුඹ නැති ලොවක්  උනයි කදුලැලි නෙත් මානේ

හද පිරි පැතුමක් දැවෙයි රහසෙම හිත් මානේ
නෙත රැදි කදුලක් වැටෙයි රහසේම ඇස් මානේ
හිමිනැති පෙමක් ගෙනෙයි සුසුමන් හිත් මානේ
කදුලැලි ගොඩක් තනයි මාළිඟ බොඳවන මානේ

නුඹේ වන්නට පැතු කාලයක් තිබුනා

ඉකි ගසා හඩනා මොහොතක
තනිකමත් මම හිතින් ලඟින් අරගෙන
හදේ දුක් තැවුල් කවි කර
තනිවා හැඩුවා අපේම ප්‍රේමෙට

නෙතින් උණු කදුලැලි හලලා
හිතන් සෝ සුසුමන් තවත් යැදලා
නිරතුරුව මම නුඹම පතලා
නුඹේ වන්නට පැතු කාලයක් තිබුනා

ලගින් ඉන්නට තවත් ඉඩ නැහැ
දුරින් මගේ හිත හිනැහෙන්නේ නැහැ
මටත් අවනත නොවන මගේ හිත
නුඹ නොමැති බව පිලිගන්නේමත් නැහැ

Wednesday, August 1, 2012

අපි උන්නේ අපට හරි ආදරෙන්

වෙන් වෙන්න හිතුවාට යන්නම ගිහින්
හිත යන්න දෙන්නැනේ දැන් මට ඉතින්
උනු කදුඵ වැටුනත් මගේ නෙත් අගින්
අපි දෙන්නා උන්නේ අපිටම දුරින්

සුසුමක් අරන් මම යන්නම් ඉතින්
වවන්නම බැහැනේ මට මෙ දුක් සුසුම්
හුස්මක් අරන් තව මට සෙනෙහසින්
ඉන්නටම ඉඩ නැහැනේ මට නුඹ ලඟින්

දුර යන්න හිතුවාට අපේ මතකය අරන්
මට ඉන්න හිත නැහැනේ නුඹ නැතුව දැන්
කඳුඵත් උණුයි දැන් බර නෙත් අගින්
වෙන්වෙන් නම් බැහැ මට දැන් නුඹ ලඟින්


Thursday, July 26, 2012

තිත තිබු කවිකම

නොලියන්නම් තවත් කවි වැල් නුඹ නමට
නොසිතන්නම් තවත් සිතුවැල් නුඹ හදට
වෙන්ව ඉන්නම් තවත් මම පෙර ලෙසට
නොහල ඉන්නම් තවත් කදුලැලි අපේ පෙමට

ආදර වියෝ දුක මෙලෙසින් මට රිදවනවා..

. මා හද සොවින් තව නුඹ ගැන ළතවෙනවා...
නොලියා ඉන්න කියමින් සිත වද දෙනවා...
මම අද මේ ලෙසින් කවි සිත වළලනවා

නොහිතා ඉන්නනම් තවත් නුඹේ ඔය මතකය
නොදොඩා ඉන්නෙමි සිතින් දවමින් චිතකය...
නොදවා හිඳිමින් යළි යළිත් මගෙ සිතකය...
යළිත් නොපතමි සෙනෙහසේ සුව දුරකය..

පොඩි හාමුදුරුවෝ

බෝ මඵවේ වැලි අතරේ
මගේ පිය සටහන් අතරේ
බුදු සුවඳයි මට දැනුනේ
යන එන විට වැලි මඵවේ

වැලි සෙල්ලම් පිටියේ
දඟ කරනා ළමයින්ගේ
සතුටු සිනා දුටු මුවගේ
කඳුඵ හැගෙයි මා නෙතඟේ

බුදු මිදුගේ පිහිට පතා
බුදු සිවුරත් දෝත දරා
බුදු සසුනේ සැනසුනුදා
ලොව්තුරු සුව මට දැනුනා

හිමි ගිය මඟ මම යන්නම්
හිමි ගුණ ලඟ නැලවෙන්නම්
මවනු එපා නෙත් අතරට
කෙලි සෙල්ලම් පිටියක්නම්

දම් පාට සඳ

ඉර බහින හැන්දෑවේ
සද ඇවිත් මගේ පාඵ අහසට
හිටයා වගේ මතකයි
මගේ ලඟ තනි නොතනියට

මතකයම හද දවාවි

හිත ඉකි ගසා හඩාවි
කවුරුවත් ලඟ නැති පාලු රැයම
සඳම විතරක් තනි මකාවි

දම් පාට සද බැහැලා යාවි
යලිත් හිරු නැගලා ඒවි
දෙනොදහකට එළිය දුන් සඳ
කිසිත් නොකියම යන්න යාවි

Wednesday, July 25, 2012

මවුනි දයාබර

නෙතු හඩන දා කඳුලු වැල් හිදි නෙතේ තනියට
හිත හඩන දා සුසම්වැල් ලග රැදෙයි හිතේ තනියට
මම හඩනා දා හිතත් අසරණ වෙයි තවත් හොඳටම
තනිව හිදින දා කවුරුවත් නැ ලඟ මවුනි නුඹ හැර

යොමා හසකැන් දෙමින් හසරැලි මගේ මුවඟට
හදයි නුඹ නිති දෙන්න අත් වැල මගේ දිවියට
නොමැත සුවයක් ලඟ නොමැතිනම් මට විඳිනට
මුවුනි සැමදා නුඹයි මගේ ලඟ හිටියේ තනියට

සසර සැමදා අතර මඟදි හදේ දුක් කඳ නිව්ව අම්මා
හිතේ සුසුමන් ගලන විටදි සතුට නිති මට දුන්න අම්මා
හිතින් මා නොසැලි හිදින්නම් මගේ ලඟ උන් සිසිල අම්මා
අද හෙටත් නොව මතු මතුත් මගේ එක සැනසුම නුඹයි අම්මා

Monday, July 23, 2012

පෙම් සිත

හද සනසන නෙතු කලඹන පෙම් ස්වරය ලියැවුන
හෙමි හෙමින් සැනසෙමින් මගේ සිත ලඟම රුදුන
මතකයන් පොදි බැදන් නෙතු හෙමි හෙමින් සිඹින
පෙම් හිතක් ලඟ තිබුනාලු නුඹ නමින් සිත්තම්කරන

නෙතු සිඹින හිනයෙම පෙම් පිරුව රුව ඇඳෙන
පෙම පිරුනු පින් හිතක් තිබුනාලු මගේ ලඟම
හද බැතින් පෙම් පිරි නුවන් යුග කලබන්න
නුඹ ඇවිත් ඇවිත් හිටියාලු හිත් ගඟේ මුඵ රෑම

කඳුලක්ව ඇද හැලෙනු මගේ දිවිය සරසන්න
නුඹ ආවා ගණදුරට පහන්ක්ව ලඟ ඉන්න
හද මගේ පුබුදන්න පෙම් සිතම ඇහැරන්න
හැමදාම ලඟ ඉන්න මං ගාව මෙලෙසින්ම

Saturday, July 21, 2012

පෙම්බර වදන් මිහරියි සුව මතක රැස
නුඹ රජ කරනවා තවමත් මගේ මතක තුල
කඵවර සෙවනැලි පෙනුනත් මට අතරමග
හැරයමි අදුරු පෙම උණු කදුලැලි තුරුලු කර

පෑ සෙනෙහස තාමත් මගේ මතකේ තියේ
එ රන් විමන තාමත් සුව මිහිර ගෙනේ
වෙන්වුයේ මම නුඹ වෙත යලි එන්න නොවේ
එනමුත් නුඹේ සුවඳ හද කිතිකවනවා මගේ

හිතකින් නොවේ මම නෙතු බොඳ කෙරුවේ නුඹේ
කඳුලැලි බරයි ම'යේ උහුලන්නට නොහැකි ලෙ‍සේ
සෙනෙහෙ තාමත් එලෙසම මා හද තුලම රුදේ
සතුටින් ඉහිරි හිඳිනු මැන නුඹ ඇය හා සැම කලේ
පෙනෙන ඉමක හිඳ බලන විටදි මම - ඔබ එහි තුල හිනැහි යනවා
ඇහෙන ඉමක හිද සොයනවිටදි මම - ඔබ හඩ රුව්පිලිරුව් දෙනවා
හිතන විටදි මම සෙනෙ ගගුල ලඟ - නුඹ මවෙතට පාවි එනවා
පතන විටදි එසෙනෙ සදාකල් - නුඹ මවෙතින් ඇතට යනවා

සුසුමන් ඉවසා තනි වෙන විට මං - හැඟුමක පාවි නුඹ එනවා
සැනසුම ගෙනෙනා අඳුනක් වේනම් - එරුව තුල නුඹ රජයනවා
මිහමත සැනසුම ලැබෙන යමක් යම් - ඒ තුල නුඹ හිනැහියනවා
සුසුමන් මියැදි සැනසුම හිමිනම් - නුඹ අසලින් මම සැනසෙනවා


ඔය දැසෙන් කියනා සතුටු කතාවක් තවමත් ලියැවෙනවා
මා දැසෙන් මැවෙනා ප්‍රේම කතාවක් තවමත් හිනැහෙනවා
ආදරයේ සුව රහස් කතාවක් අපි වට තව ලියැවෙනවා
සිහින අසපුවෙන් බැස මම අද නුඹේ ලොව සැනසෙනවා


මම නුඹෙයි කියා නුඹෙන් ඇසෙන වාරයක් පුරා
නුඹ ලගින් ඉන්න මම පෙරමි පුරන කාලයක් සරා
හිත සනස ගන්න මම නුඹේ ලඟ සුසුම්ලන නිසා
මම නුඹේ වෙන්න හින මවයි මුඵ රැයක් පුරා

මේ සුසුම් බරයි ඉඩ හිත නැහැ දරන්නට තවත්‍
ලඟින් නොමැතිනම් බැහැ සැනසෙන්න මට තවත්
හිතක් නොමැතිනම් බැහැ කවි මවනු මට තවත්
ගොලු වු හදක් ලග මුනිවත රකිනු බැහැ මට තවත්

නිකුමුනු සිත

නෙත මත රුදුනු රුව මට නුඹ හරි අගේ ඇති
සිත මගේ සොයනවා තවමත් ඒරුව සිනාසිසි
මවමින් තවම නුඹේ සුදු වත මම හදේ රැදේ
සත්තයි මම කල් බලනවා දකිනට සිතේ සරි

මැවු පෙම් මාලිඟා අප ඒදවස හරි ආදරයෙන්
මිමිණු පෙම් වදන් මිහිරි තවමත් සාදරයෙන්
සිහියට නැගෙනවා අප ආගිය හැටි සෙනෙහෙ සිතින්
විසිරුනේ ඇයි මේලෙස අප ආ මග නොසිතු ලෙසින්

දහසක් සෝ සුසුම් දරමින් මගේ හිත මේ විලසින්
තනිවම හඩනවා මම මතකෙට ගෙන නුඹේ සුසුමන්
විදවන මගේ සිත සනසන්න යලි නුඹ ආදරයෙන්
නිකුමුනු සිත යලි වඩින්න මවෙතට තව ආදරයෙන්


තාමත් පෙම් කරනවා

රෑයම පිපෙන සුදු සඳ වට දිලෙන
පුංවි තරුකැට තුලින් සැමදා සොයමි නුඹ
තිනිකම තුරුලු කරගෙන මම පපුතුරට
නෙපෙනෙන දුරක හිද තාමත් පතමි නුඹ

ඇස් අග හිනැහුන කදුලු කැටි හැම තරුලු කර
තනිවම මවනවා නුඹේ රුව මම කඳුඵ තුල
නොලැබෙන සෙනෙහෙ තමත් හද තුරුලු කර
දින සති ගෙවනවා මම තනිවම නිරන්තර

දුරින් හිද හිනැහෙන නුඹ මසිතට සුපුන් සඳ
ලන්වෙන්න නොහැකි ලෙස තාමත් දුරයි මට
ඒත සඳ ලඟ දිලෙන පුංචි තරුකැටය ලෙස
තාමත් පෙම් කරනවා නොලැබෙන ඔය හිතට

මම හිටියාද නුඹ වගේ ගාව මේ

සන්සාරේ පොත පුරා නුඹ දුර ඇත හිද
මගේ ලඟ හිටියාද අද වගේ
පපුතුරේ සැඟවිලා ආදරෙන් නැහැවිලා
 

 මම හිටියාද නුඹ වගේ  ගාව මේලෙ

ඉඟිපාන නුඹේ ඔය දඟකාර හිතගාව
ඉන්නහිතයි මට හැමදා සැනසිල්ලේ
සිහිනයෙන් වත් ඇවිත් මදහාස පෙන්නාල
රිදවාල නුඹ යයිද මසිතට හොර රහසේ

නිල නුවන් අග නුඹ ලිව පෙම් ගිත
තවම කියැවෙවි මගේ හිත අස්සේ
හිත ගාව ඉඳන් නුඹ දගපාන මුත්
ලඟින් හිද සැන්සෙන්න උවම් නැත්තේ