Thursday, January 23, 2014

මනමාලි.......

‘‘කැම ටික කාල ඉන්න සීතල වෙනවා‘‘
        ‘‘හම්මම් තව ටිකකින් කන්නම්‘‘
 ‘‘වේලාව රෑ 10ත් පහුවෙලා ඉක්මන්ට කාලා හිටියනම් මට අස්කරන්න තිබ්බා‘‘
        ‘‘මට කෑමට වඩා වැදගත් වැඩ හුඟක් තියනවා ඉවර කරන්න කරුනාකරලා මට මේ වැඩ ටික ඉවර කරනන්න දෙන්න‘‘

        ඹහුගේ රළු වදන්   පපුව දෙකෙඩ පලා යනන්නාක් මෙන් විදුලියක් ශරිරය තුලින් ගලා ආවත් මම වදන් ගොළු කරනමින් කාමරය වෙත ඇදි ආවේ සුපුරුදු දුකම හිත කොනක රඳාවාගෙනය...
         දෙනෙත් කඳුලැලි හා හාදවි හිස පුපුරා යන තරමින් වේදනාවක් ගෙන ආවත් ඒ වේදනාව මැඩ ගෙන මා නිදි යහන වෙතට සිත සදා ගත්තේ හිසට සහානයක් ලබාගැනිමට මොහොතක් හො හාන්සිය වියයුතුයි සිතුනු නිසාමෙනි... නින්දත් නොනින්දත් අතර දොලනය වෙන මගේ හිත එහෙ මෙහෙ දුවයයි... සැනින් අතීතයෙ නතර වුවත් එසැනිනම් මාසිත මාහට තරයේ පවසන්නේ ‘නුඹ දැන් විවාහකයි‘ 
      මගේ දිවියේ සොඳුරු සමනල් වයස නුඹ හා අතිනත ගෙන කුලගෙදරට පමැණිදා..... එදා මා නුඹ වෙනුවෙන් ජිවිතය නොයැද්දත් නුඹේ කුලගෙයි පතිනිය විමේ වසානාව මා ලද නිසාම මම සතුටුවුවෙමි... මම සිනහා වුවෙමි.... ඔව් තවත් මා ඒ සමනල් වසන්ත වෙත පෙම් කරමි....
ම ලද මේ ජිවිතය දිනෙන් දින  ජිවිතේ එකාකාරි  වුවද වේලාවක් කලාවක් නෙමැතිව මුදල් පසුපස හඹා යන මේ දිවිය විටෙක සැනසුමක් ගෙන ආවාද එය බොහො විට කඳුලත් සුසුමත් සමඟින් පොර බඳන තවත් එක ජිවිත කතාවක් පවට පත් වි හමාරය... 

-------------------------------------------------------------------------------------------

මේ ඇගේ කතාවයි
කඳුලත් සතුටත් සමඟින් පොර බඳිමින් ජිවිතය සොයන්නියකගේ කඳුළු කතාවයි
මුදත් සැමනසුමත් සමඟින් ජිවිතය යදින ඇගේ කතාවයි
කුල ගෙයයි සැනසුමයි සමඟින් දිවිය සොය අපේ කාලයේ පතිනියකගේ කතාවයි
අසිමිත සැප සම්පත් හමුවේ දිවියේ සදා සැනසුම උකස් කර යලිත් ජිවිතය තුලින් ජිවිතය සොයන කළු සුදු ජිවිත කතාවක උරුමකම් කියන අපේ කාලයේ කුලකුමරියකගේ කතාවයි

මේ එක්තරා හඳුන්වාදිමක්ම නෙවෙයි... කාලෙකින් අකුරු අමුණලා කෙටි කතාවක් ලියන්න වත් බැරි කරම් කාරයය බහුල වුන නිසාම කෙටි කතා වලින් ටිකක් ඇත්වෙලයි තිබ්බේ... එත් මේ දවස් වල හිතේ නලිනය කතාවක් බොහොම අමාරුවෙන් වෙලාවක් හොයන් පද වලට හැරෙව්වා

කොටස් කිහිපයකින් ලියා අවසන් කරන්න බලාපොරොත්තුවෙන ඇගේ කතාව කියවන්න ආයෙමත් මේ පැත්තට එනන කියලා සතුටින් ආරාධනා කරනවා......




Thursday, January 16, 2014

මලින් සැරසු දිවිය සොඳුරුයි සිනහා දෙකොපුල් සරසලා

දුරුතු සඳ ගැබ පායා ඇවිදින් සිත් අහස මත හිනැහිලා
සුපෙම් හැඟුමන් යලිත් පුබුදයි නිදන පෙම් හිත ඇහැරවා
සීත මදනල දසත හමමින් ප්‍රේම හැඟුමන් පුබුදලා
කීව රහසක් යලිත් කොඳුරයි නුඹේ සෙනෙහස සිහිවෙලා


විහඟ ගී හඩ ඇසි දෙසවන් ගීත රාවෙන් මත්වෙලා
ප්‍රේම ගිතය සෙමින් මුමුණයි තාල රහසෙම ගලපලා
රෑයම ඇහැරි වරුගනන් මම ලීව ගි වැල් අහුලලා
මිහිරි තාලයෙන් ගයනු හැකිවෙද යලිත් පෙම් හිත ඇහැරවා


සසර බවයේ පුරුදු අයුරෙන් හදට හදවත ලංවෙලා
එදා තුරුලේ උන්නු අයුරින් යලිත් හදවත එක්වෙලා
කඳුළු ඇහිදපු ප්‍රේම හීනෙම පාට පාටින් සරසලා
මලින් සැරසු දිවිය සොඳුරුයි සිනහා දෙකොපුල් සරසලා

Thursday, January 9, 2014

නැත්ද පොඩි ඉඩකවත් ඉන්න වෙන්විම හැර මෙමට

සුවඳවත් හද රැඳවිලා නැති මතකයන් අහුරකට
පුළුවන්ද ලියැවෙන්න පාට පාටින් පිටු අතර
කඳුළු වල රස දන්නෙවත් නැති හදවතට
පුළුවන්ද ඇවිදින් ජිවිතේ සුව පවසන්න

කුරුටුගා නුඹ ලියු පෙම් පොතෙහි රසම කවි
හැකිද අද ගලපන්න පරණ තාලයට තව
පාට පාටින් දිලිහුනේ නැතත් අද මගේ පෙම
ලියමි නැවුම් ලෙස අදත් නොමැකෙන්නටම

පාට හීනෙන් නොඉපදුන නුඹේ පෙම ගෙන හදට
කොටමි මම පපුතුරේහි සදා එය නොමැකෙන්න
හද ගැහෙන සෙනෙහසට ලං වෙලා හෙමිහිටම
නැත්ද පොඩි ඉඩකවත් ඉන්න වෙන්විම හැර

Friday, January 3, 2014

ආදරේ දින පොත (1)

දයාබර නුඹට

දන්නවාද අපි මුලින්ම දැන හඳුනගන්නකොට මම හිතුවෙම නැ ඔයා මගෙ වෙයි කියලා
මට මේ තරම්ම ලන් වෙයි කියලා
මේ තරම් මගේ ජිවිතේට සමිප කෙනෙක් වෙයි කියලා
කාලයක් යද්දි මට ඔනේ වුනේ හැමදාම ඔයාව මගෙ ලඟින් තියාගන්න
එත් ඒ ආදරයද කියන්න මන් දන්නේ නැ
මට ඔනේ උනේ හැමදාමත් හිනාවෙලා ඔයා ලඟටම වෙලාඉන්න
කාලය ඔහේ ගෙවිලා ගිහිල්ලා
මාත් ඔයත් කාලයත් එක්කම හුඟක් දුර ඇවිදිල්ලා
අද ඔයා මගෙ වෙලා ඇත්තම කියුවොත් මගෙම වෙලා
එත් කාලයක් එක්ක හැමදේම වෙනස් වෙලා
කොටින්ම කියතොත් ඔයා ආදරය විඳින කෙනෙක්
මන් පෙරලා ආදරය විඳින්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්

 .. එදා ලඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ

හැමදාම දකින මේ කළු සුදු ජිවිතේ දිහා ඔහේ බලාගෙන ඉඳලා මට දැන් ඇතිවෙලා
පාට පාට හීන පිරුණු පාට පාට ජිවිතයක් දිහා බලන්න මන් ආස නැතුවාම නෙමෙයි
එත් කඳු සුදු ජිවිතයක් ඇතුලේ හිරවෙලා ඉන්නේ කරන්න දෙයක් නැති කමට

ජිවිතේ විඳවන්නට නොවෙයි විදිමට පමණයි

ඇත්ත මම නිදහස අසිමිතව  වින්ද කෙලේලෙක් වේලාවක් කලාවක් නැතිව තහන්චි යදම් නිති නැති නිදහස රජ යපු සිහිනයක් ඇතුලේ  නිදහස උපරිමෙටම විදින් පිස්සියක්
ඇත්තටම මම පිස්සියක් 
එත්
ඒදා එ වින්ඳ ඒ නිදහස

හම්ම්ම්
අදත් මගේ ලඟ නැතිවාම නෙමෙයි
නිදහස උපරිමයටම වින්දත් අද මම නිහඩයි
වෙලාවකට මම ජිවිතේ ඇතුලේ හිර වෙලාවත්ද කියලා හිතනවා

හිතේ හැඟුමන් කොටියක් පිරිලා තිබුනත් එ හැඟුමන් කොටියෙන් එක අකුරක්වත් ගලප ගන්න බැරි තරමටම මගේ හිත අද ව්‍යාකුලයි

කොටින්ම කියතොත් ඔයා මගේ ජිවිතෙට ලන් වුන දවසේ ඉඳන් මන් හැසිරෙන්නේ පිසියක් විදයට
වෙලාවකට මට මහා හයියෙන් කෑගහන්න හිතෙනවා
එහෙමත් නැතිනම් මහා හයියෙන් සින්දුවක් දාගෙන හිතවැටෙනකම් නටන්න හිතෙනවා
මම ඒ උමතුවට හුඟක් ආසයි ආදරෙයි
ආදරය උමතුව හරි පුදුමයි 
ඇත්තමයි


ඉස්සර නිතරම මවිසින් ලැයුවුන කවි සන්කල්පනා.... ම්ම්ම්
අද මගේ ඒ කවි හිත කොහෙ හැන්ගිලාද
දන්නවාද
ඔයා මගේ ජිවිතෙට ආව දවසේ ඉඳන් මන් ඔයා වෙනුවෙන් එක කවියක් එක සන්කල්පනාවක් ලියලා නැතිව ඇතිගගග ඒ ලියන්න බැරි කම නිසා නෙමෙයි ලියන්න දෙයක් නැති කමට
හැමදාම ඔයා මට කියුවත් අදවත් එක කවියක් මන් ගැන ලියන්න කියලා
මම හැමදාම උත්සහා කලා
නොලියුවේ තියන ආඩම්බර කමට නෙමෙයි
මට ඔයා ගැන ලියන්න කිසිම දෙයක් නැති නිසා
මොකද මට මේ ලොකේ ඔයාට සම කරන්න පුළුවන් දෙයක් නැ
ඔයා ගැන අකුරු වලට පටලවලා මට ඔයාට නිගා කරන්න බැ
ඒ තරම් මට නුඹ වැදගත්


කවදා හරි මම නුඹ වෙනුවෙන් ඒ නොලියු කවිය ලියයි
එ දවසට නුඹත් මමත් අපිට අපිව එපා වෙනතරමටම ආදරෙ උමතුවෙන් වෙලිලා ඉඳිවි


මම
නුඹේ ආදරය නොවිඳින
එත් නුඹට පණමෙන් ආදරය කරන
නොලියු කවිය....




-කළුවර හීනය-