නැත්ද පොඩි ඉඩකවත් ඉන්න වෙන්විම හැර මෙමට
සුවඳවත් හද රැඳවිලා නැති මතකයන් අහුරකට
පුළුවන්ද ලියැවෙන්න පාට පාටින් පිටු අතර
කඳුළු වල රස දන්නෙවත් නැති හදවතට
පුළුවන්ද ඇවිදින් ජිවිතේ සුව පවසන්න
කුරුටුගා නුඹ ලියු පෙම් පොතෙහි රසම කවි
හැකිද අද ගලපන්න පරණ තාලයට තව
පාට පාටින් දිලිහුනේ නැතත් අද මගේ පෙම
ලියමි නැවුම් ලෙස අදත් නොමැකෙන්නටම
පාට හීනෙන් නොඉපදුන නුඹේ පෙම ගෙන හදට
කොටමි මම පපුතුරේහි සදා එය නොමැකෙන්න
හද ගැහෙන සෙනෙහසට ලං වෙලා හෙමිහිටම
නැත්ද පොඩි ඉඩකවත් ඉන්න වෙන්විම හැර
නියමයි
ReplyDelete/ඉන්න වෙන්වීම හැර/ ඒක වෙනස් කරන්න තිබ්බා නං හොදා... මුළු අදහසම ලඝු කිරීමට ඒක බාධාවක් බවයි මම දැක්කේ...
ReplyDeleteදිගටම ලියන්න..පට්ටයි.
ReplyDeletehttp://www.siwpada.blogspot.com/ අක්කණ්ඩි කවි හැඩ කර ගන්න මේ ලින්කුව භාවිතා කොරන්න..
ReplyDeleteඅදත් අඬලා නේ.. අඬන එක නවත්තපු දාසක මං පිළිතුරැ කවි ලියනවා..
හැමදාටම උරුම වෙන්වීම විතරමයි
ReplyDeleteආදරේ කියූ කිසිවෙක්
ReplyDeleteආදරේ නැතේ.....
(ප්රියා සූර්යසේන )
ලස්සනයි. කුරුටු ගෑ ගී පවුරෙන් සුභ පැතුම්.
ReplyDelete