දුරුතු සඳ ගැබ පායා ඇවිදින් සිත් අහස මත හිනැහිලා
සුපෙම් හැඟුමන් යලිත් පුබුදයි නිදන පෙම් හිත ඇහැරවා
සීත මදනල දසත හමමින් ප්‍රේම හැඟුමන් පුබුදලා
කීව රහසක් යලිත් කොඳුරයි නුඹේ සෙනෙහස සිහිවෙලා
විහඟ ගී හඩ ඇසි දෙසවන් ගීත රාවෙන් මත්වෙලා
ප්‍රේම ගිතය සෙමින් මුමුණයි තාල රහසෙම ගලපලා
රෑයම ඇහැරි වරුගනන් මම ලීව ගි වැල් අහුලලා
මිහිරි තාලයෙන් ගයනු හැකිවෙද යලිත් පෙම් හිත ඇහැරවා
සසර බවයේ පුරුදු අයුරෙන් හදට හදවත ලංවෙලා
එදා තුරුලේ උන්නු අයුරින් යලිත් හදවත එක්වෙලා
කඳුළු ඇහිදපු ප්‍රේම හීනෙම පාට පාටින් සරසලා
මලින් සැරසු දිවිය සොඳුරුයි සිනහා දෙකොපුල් සරසලා
//විහඟ ගී හඩ ඇසි සියොතුන් ගීත රාවෙන් මත්වෙලා//
ReplyDeleteමේ පදය රවුං කරා මදි වගේ නේද??
පොඩි වෙනසක් කළා හොඳයිද බලන්ට
Deleteහොදයි..
Deleteකවි පද පෙළ නම් අපූරුයි, නමුත් පොඩි අවුලක් පේනවා මෙන්න මෙතන.
ReplyDelete=විහඟ ගී හඩ ඇසි සියොතුන් ගීත රාවෙන් මත්වෙලා=
විහගුන් සහ සියොතුන් කියන්නේ සමාන වචන නේ, ඒ පද දෙක එකට යොදා ගැනීම අරුත් මතු කිරීම දුර්වල කරනවා ?
කොහොම වුණත් කවි පෙළ ලස්සනයි.
අගය කිරිම ගැන සහා වැරදි පෙන්වා දිම ගැන බොහොම ස්තුතියි
Deleteඑ පද පෙළම මම වෙනස් කලා දැන් කොහොමද බලන්ට
වෙනද වගේම තමයි ඉතින් මේ බ්ලොගේ ලියවෙන පදවැල් ගැන කිනම් කතාද?පට්ට
ReplyDeleteනියමයි ශෂී..
ReplyDelete:) මේ පැත්තට එන්න වුණේ කාලෙකින්. මඟඇරුණ ටික කියෙවුවේ අද :)
ReplyDelete//මිහිරි තාලයෙන් ගයනු හැකිවෙද යලිත් පෙම් හිත ඇහැරවා//
ReplyDeleteමට කවි බැරිය. හැබැයි මට මෙහෙම සිතුනි.
"තාලයෙන්" කියන තැන "තාලෙන්" වුනා නම් මොකක්ද ගතියක් මට දැණෙනවා. ඒ මට විතරක් වෙන්න ඇති.