Thursday, September 3, 2020

අම්මා හිත හදාගත්තෙ තනියෙන්මමයි හැමදාම...

 පුතේ නුඹ ලොකුවෙලා

කියාදෙන්න මුළු ලොකේටම

අම්මා රහසින් හැඩුව හැටි

හදාගන්නට හිත තනියෙන්ම...


රිදවන්න තරමි හිත කවුරුවත්

හිටියෙ නැ ලඟ සනසවන්න...

කොනිතන්න පහුරන්න..

රිදුම් දි හඩවන්න...

අම්මා හිත හදාගත්තෙ

තනියෙන්මමයි හැමදාම...


පුතේ නුඹ ලොකුවෙන්න..

ඒත් කවදකවත් අම්මා හැඬු තරමටම

අම්මා විදවපු තරමටම..

එපා කිසිවෙකු​ට..

හිනෙකින්වත් නපුරක් පතන්න...

හිනෙකින් වත් නරකක් කරන්න


කළුවර හීනය....


Sunday, August 30, 2020

කාලේකට පස්සෙ මට මම හම්බවෙන් හිතුනා..


 

කාලේකට පස්සෙ ලියන්න ගත්තට මොකද හිත ඇතුලෙ තියන හැමදේම ලියන්න බැ. එත් වෙනදාට ඩයරියට සිමාවෙන සමහර දෙවල් සමහර සිතුවිලි අද මම මගෙ බ්ලෝග් පිටුවෙ ලියන්න හිතුවා..

එකට එක හේතුවක් තියනවා..

​බොහොම මැතකදි මට අපුරු චරිතයක් මුණ ගැහෙනවා.. සමහරු හරි දේවත්වයෙන් තමයි එයාව අදහන්නෙ.. මම මෙතන එයා කවුද කියලා විස්තර කරන්න යන්නැ. මොකද එක ඒ පුද්ගලාගෙ අනන්‍යතාවයට හොඳ නැකති නිසා..

ඉතින් මෙ චරිතය සමාජයෙ ඉන්නෙ හරිම සද්ගුණවත් විදියට සුදු රෙද්දක් පොරවං. කිවට මොකද හැමෝනටම උදව් උපකාර කරන්.. නොතෙරෙන දෙවල් කියලා දෙමින්. වැටෙන වැටුන සහා ජිවිතෙ වරදින වැරදුන හැමෝන්ටම උදව් උපකාර එකි මෙකි නොකි සියළු දේ කරමින්..

අපි හැමෝම එක එක අවධි වල පිඩන වල ඉන්නවා. ඔය කියන චරිතය ​කාලෙකට කලින් අත්දැකිම් සමඟ ගැටිලා පිඩන වල ගැටිලා යම් තරමක මනස දියුණුවක් කරත්තා කියන කෙනෙක්(ලු). ඉතිං ඒ සද්ගුණවත් කෙනා සමඟ මාත් කතා කලා...(මටත් නිකන් ඉන්න බැ නේ)...


ටික දවසක යනකොට මට ඇත්ටම තෙරුනා ඔය කියන තරම් ඒ යකා සුදුත් නැත...කියන තරම් ඒ යකා නිවිලත් නැත.. කියන තරම් ඒ යකා දියුණුත නැතකියලා..

ඇත්තටම ඒ චරිතය පිටතින් සුදු රෙද්දක් පොරව ගත්තට මොකද තමන්ගෙන් උපදෙසක් සහනයක් යහපතක් පතන කෙනෙක් ජිවිතේ මොනයම් හෝ අස්ථාවකදි කතමන්ට හෝ තමන්ව සම වෙනවා නම්... තමන් අභිබවා යන්න තැනට දියුවෙන ලක්ෂන පෙන්නුම් කරනවා කියලා එයාට පෙනවානම් කපන්නෙ කොහොමද බෙල්ල මුලින්..

නිවිලා කිවට.. අතැරියා කිවට ඇත්තටම එහෙම චරි​ත ඉන්නෙ ඇතුලෙන් පිච්චි පිච්චි..


තමන්ට තමන් පමණක් වෙන්න.. තමන් තමන්ට අවංක වෙන්න.. එහෙම නොවෙන්න කවදාවක් තව කෙනෙක්ට උදව් කරන්න තියා හිතක් එක්ක සෙල්ලම් කරන්න එපා..



පලි; කාගෙවත් රෙද්දක් සේදුවා වත් තරහක් පිට කලා වත් නෙමයි.. ඒ චරිතය හිතන් මවං ඉන්නවා මම කියන කෙනා එයාව අනුකරණය කරනවා කියලා... මම නිවිලත් නැ.. අතැරලත් නැ මනස දියුණු කරගෙනත් නැ

අනෙ මට ඒ අවලෙග දියුණු මනසක් ඇති කරගන්න මෙ කපෙට බැ.. මම හරිම පෘතක්ජන මනුස්සයෙක්... :)


මේ  මම එයා එක්ක කතා කලාට සහා අවංකව එයාව ඇගයුවට මට ලැබුණ තැග්ග..



Friday, August 28, 2020

නිරෝගිමත් ලස්සන සිරුරක්..

 



අපි හැමෝම කැමති ලස්සන සිහින් ඒවගේම නිරෝගිමත් සිරුරක් ලබා ගන්න..

එක කාන්තාවන්ට විතරක් නෙමයි.. පිරිමි අයටත් ඒ වගේම වැඩිහිටි තරුණ හැමෝන්ටම තියන ලස්සන අහිංසක ආසාවක්..


මම..ඔයාලාට මං ගැන අමුතුවෙන් මතක් කරන්න ඔනි නැ කියලා මම හිතනවා

කාලයක් බ්ලොග් ලෝකයේ ලස්සනට කවි වලින් කතා වලින් ලියුවට මොකද ජිවිතේ ඇති කරගත්තසමහර අලුත් සබඳතා නිසාම පවුල කියන සංකල්පයට මුලික තැන දෙන්න වුන නිසාත් කවි වලට කතා වලට ටිකක් විරාමක් දෙන්න සිද්ද වුනා.. ඒ වුනා නොලියවුනා නෙමයි..ලියුවා ඒත් හිත ඇතුලේ දින පොතු ඇතුලේ හිර වුනා..


කාලයත් එක්ක යනකොට මට මාවම හොයාගන්න ජිවිතේට අරමුණක් දුන්නේ මගේ පුංචි පුතා.. එයාට දැං අවුරුදු 2ක්.. 

මම හිතින් වගේම හිතිනුත් හරිම ඔක්තිමත්. ඩස්සර ඇග විසාල තරබාරු පෙනුම නිසා අපහසුතාවයන්ට පත් වුන අවස්තා වලට ඇත්තටම මට මගේ හිතට ගෙනත් දුන්නෙ ආත්ම ශක්තියක්..


මම කැමති මම වගේම එක එක පිඩන වල ඉදලා අපහසුතාවල ඉදලා එකත් ආසාවෙන් කැපකිරිමෙන් තමන්ගේ ලස්සන ඔප දාන්න කැමති පිරිසකට උදව් කරන්න.. 


කැමති අය මාත් එක්ක එකතු වෙන්න

පහල තියනවා මගේ ෆෙස්බුක් බිටුව සහා යුටුයුබ් චැනලයෙ ලිංක්..


ඒවගේම සතිපතා මම අලුත් ලිපි ඒවගේම කැම රෙසිපි වලින් මගේ කළුවර හිනය එළිය කරනවා කියලා ඔයාලා හැමෝනටම පොරොන්දු වෙනවා..


දන්න කියන අය එක්ක බෙදා ගන්න.



ෆෙස්බුක් පිටුව

https://www.facebook.com/shashisvlog.lk/


යුට්යුබ් චැනලය

https://studio.youtube.com/channel/UCRYSFHTBz-hu454wiYPgpZw

  ඉස්ටග්‍රැම් එකවුන්ට් එක


https://www.instagram.com/shashi_btesgirl/


health & wellness group

https://www.facebook.com/groups/585444175466278