සෙනෙහස කලතා දියකර පාකර
ප්‍රේම ගුගුල ලඟ සිත දෝවන්නම්
ආදර මල් පිපි සුපෙම් සුවඳ ගෙන
කඳුළු ගඟුල ලඟ හිත සතපන්නම්
සුපෙම් සුවඳ රැඳි හීන සයුර ලඟ
නුඹේ හද සෙනෙහෙන් සනලාන්නම්
කඳුළු පිරිගිය මතක අහුරුගෙන
සාගර ගැඹුරෙ සඟවාලන්නම්
සිනහා සුවය රැඳි දෙනෙතේ අද්දර
නුඹේ හසරැල්ලෙන් ලොවක් තනන්නම්
පෙම් සිතුවිලි පිරි සුපෙම් ලොවක් ලඟ
නුඹේ හද සංසාරයෙම පතන්නම්...
-කළුවර හීනය-
මේ තීම් එක වෙනස් කරන්න එහෙම අදහසක් නැද්ද......
ReplyDeleteකාලෙකින් දැක්කේ.. සන්කෝසයි
ReplyDeleteකළුවර ගේ කවක් බොහොම කාලෙකින්. වෙනද වගේම අගෙයි.
ReplyDeleteඔය හැම එකම කොරන්නම ්කිව්වට ඕව ටික කාලයක් ගියාම එපා වෙනවා..
ReplyDeleteපතන හද ඒ විදිහටම ලැබෙනවනම් ඉතින් මොනවද කරන්න බැරි... ලස්සනයි නිර්මාණය.. :)
ReplyDelete