Showing posts with label කෙටිකතා. Show all posts
Showing posts with label කෙටිකතා. Show all posts

Thursday, July 18, 2013

නොනිමි සෙනෙහස

වාට්ටුව ඇතුලේ පුදුම කලබලයක්
මම ඇදෙන් හරි බරි ගැහිලා දිලා වුනේ ඔරොලොසුව දෙස නෙතු යොමමින්මයි
වෙලාව සවස 5යි
පුරුද්දට වගේ වාට්ටුවට ඇතුල් වෙන දොරටුව දිහා බැලුනේ බොඳ වෙච්ච රුවකින් හො ඇගේ මුව මට දැක ගත හැකිවෙදො කියලා බලාපොරොත්තුවෙනි

ඔරලොසුවේ වෙලාව කැරකෙන්නේ බලන් ඉද්දිමයි
කටු කැරකෙන වේගයට මිනිත්තුවෙන් මිනිත්තුව ගතවෙලා යන්නේ විදුලි වේගයකිනි

ඇස් අගිස්සට කඳුළු පිරි දෙනේත් බොඳ වෙන තුරුත් මම මුළු වාට්ටුවම පිරා සෙව්වේ ඇගේ රුව දැන් හමුවේදො දැන් හමුවේදො බලාපොරොත්තුවෙනි


‘හම්ම්ම් අද එන්නේ නැ වගෙයි‘‘
මම මගෙම හිතට කොදුරගනිමින් මම ඇදේ අනිත් පැත්තට හැරුනේ දුක හිත යට රදවා ගිනිමිනුයි

‘කළණ අයියේ

පුදුමයෙන් මෙන් මා පිටුපස හැරුනේ සඳලි ගේ කට හඩ ඇහුනු නිසාමයි

‘නංඟි ආවාද මන් එත් හිතුවා වෙලාව පරක්කු වෙන නිසා අද එන්නේ නැති වෙයිදො කියලා‘

‘නැවිත් බැනේ අයියේ අද පාරේ හරියට ට්‍රෆික් එක එකයි ටිකක් පරක්කු වුනේ අනික දුවත් අන්තිම මෙහොතේ අඩන්න ගත්තා එයාවත් එක්කන් යන්න කියලා

‘අපරාදේ කෙලිව එක්කන් එන්නයි තිබ්බේ‘

‘එක්කන් ඇවිත් කොමද? ඉතින් දොස්තර මොනාද අයියේ කිවේ  කවදා දිහාවට ටිකට් කපයිද‘

‘බාගවෙලාවට හෙට අනිදාට පුළුවයි වෙයි සඳු තව රිපොට් වගයක් තියනවා එන්න‘


සඳුගෙ දෙනෙතින් ගලා එන්නේ උණු කඳුලැලි නොව එ මාගේ වේදනාවත් ඇගේ හිතේ කකියන  දහසකුත් දුක් කම්කටොලු වල එකතුවකි
ඒ වැටෙන සැම කඳුලක් කඳුලක් පසාම ආදරයක් දිවි බරත් එකතුවකින් කඳුලැලි බර විදො කියා හිතේ රුව්දෙයි
 වෙනදා මෙන් නොව දැන් දැන් එන්න එන්නම ප්‍රෂ්න කම්කොටොලු නැග එන්නේ මාගේ හදිසි අසනිප තත්වයත් සමඟින්ය
ගෙදර සියළුම කටයුතු ඇන හිටියත් පිරිමියකු සේ සියළු බර කරපටවාගෙන ඇය සියළුවම කටයුතු සමබර කරගන්නේ මගේ හිතට තවත් සහනයක් ලබා දෙමින්ය.ඇත්තනේම ඇගෙන ලැබෙන සහය මට වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය.


‘මොකද අයියේ කල්පනාවක‘

‘නැ සඳු මට මන් ගැනත් හිතන්න දැන් වෙලාවක් නැ‘

‘ඔවා හිතන්න එපා හැමදාම ලෙඩ ඇදේ නැනේ ඉක්මනින් සනිප වෙනවානේ‘


සඳලි තම අත්බැගය සකස්කිරිමට පටන් ගත්තාය

‘ඔය යන්නද‘
‘ඔව් අයියේ බස් එක අල්ල ගන්න බැරිවුනොත් මඟටම රස්තියාදුව‘

 


****

 ඇයට සමුදිමට සරසෙනවාත් සමඟින්ම ඇතින් ඇදි එන බොද වු රුව දෙස නෙතු ගියේ ඉබෙටමයි

දෙඇස් අදහා ගත නොහැකි වු විස්මයෙන් යුතුව මම එ රුව  බලා සිටියේ මා දකින්නේ පුදුමයක්දො කියා සැකෙනුයි

‘හම්මො කලණ අයියේ වාට්ටුව හොයාගන්න තිබ්බ අමාරුවක්‘

‘මන් හිතුවේ නැ රිද්මිකා එයි කියලා


ඇග් දඟකාරව වදන් වලට මන් ඉක්මනින්ම පිලිතුරු දුන්නේ සමුගැනිමට සැරසෙන සඳලිට කුතුහලක් හටනොගැනිමට වගලාගනිමිනුයි
මා ඇය හා දොඩමළු විය යුත්තේ කෙසෙද???
එක පසකින් සඳලිය අනෙක් පසින් හුරතල් වදනින් දොඩමළු වන රිද්මිකාය

‘අදුරගන්න මේ සඳලි... සඳු මේ රිද්මිකා මගේ යාළුවෙක්‘

හිසේ සිට පාදන්තය තෙක් නෙත් යොමා දිර්ඝ බැල්මක් හෙලු සඳලි රිද්මිකා වෙත මද සිනහවාක් පැවාය

‘අයියේ එහෙමනම් මන් යන්නම් දුව බලාගෙන ඉන්නවා මන් එන්නකන්

‘හොඳයි සඳු ගෙදර ගිය ගමන් කොල් එකක් දෙන්න.. පරිසමෙන් යන්න... තෙරුවන්සරණයි...‘

‘අයියාත් පරිසමෙන් ඉන්න වොවට බෙහෙත් බොන්න හදිසියක් වුනොත් කොල් එකක් දෙන්නකො
යන්නම් නංඟි


ඇය රිද්මිකාටත් සමුදි  මෙන් අනතුරුව මවෙතින් ඇදි ගියාය ය.

මුවින් නොකිවත් රිද්මිකාගේ නෙතෙහි රැදුනු චකිතය මට හඳුනාගැනිමට වැඩි වෙලාක් ගත වුයේ නැත නමුත් කිසිවක් නොතරුනාසේ මම ඇය වෙත හිස් බැල්මක් හෙලා

‘ඉතින් නංඟි‘

කියා ඇයෙ වෙත හැරුනේ ඇගේ දැහැන බිඳිමට සිතාගෙනයි

ඇගේ සිත තාමත් චන්චලය මට එය නොතෙරෙනවා නොවෙයි නමුත් මන් නොතෙරුන ගානට සිටින්නේ තවත් හරස් ප්‍රෂ්න වලට පිලිතුරු බැඳිමට මෙ සුදුසු අවස්ථාවක් නොවෙන නිසාමයි

‘මොකො නංඟි කල්පනාව අයියාව බලන්න ඇවිත් කතා නොකරම යන්නද හදන්නේ‘

‘නැ අයියා එහෙම දෙයක් නැ මන් මේ කල්පනා......‘

‘මන් දන්නවා හරි එවා ගැන පස්සේ කතා කරමු.. දැන් කොමද නගාගේ වැඩ කටයුත් අසනිප වුන නිසා මට එවා හොයලා බලන්නත් බැරිවුනා



‘හම්....‘

6 කන්සම වැදෙනවාත් සමඟ වාට්ටුවේ මෙට්‍රන් වරිය සිනුව නාද කලේ දැන් අමුත්තන්ට පිටවිමට වේවාලට හරි යන්න දැනුම් දිමටයි
දුකින් පිරි ගිය රිද්මිකාගේ මුව දෙස මා එක හෙලා බැල්මක් යෙමු කලේ
දැන් යන්න නංඟි

කියා නොකියා කිමට බැරි නිසාමයි


මතුසම්බන්ඳයි ....


***********************************