දන්නවාද අපි මුලින්ම දැන හඳුනගන්නකොට මම හිතුවෙම නැ ඔයා මගෙ වෙයි කියලා
මට මේ තරම්ම ලන් වෙයි කියලා
මේ තරම් මගේ ජිවිතේට සමිප කෙනෙක් වෙයි කියලා
කාලයක් යද්දි මට ඔනේ වුනේ හැමදාම ඔයාව මගෙ ලඟින් තියාගන්න
එත් ඒ ආදරයද කියන්න මන් දන්නේ නැ
මට ඔනේ උනේ හැමදාමත් හිනාවෙලා ඔයා ලඟටම වෙලාඉන්න
කාලය ඔහේ ගෙවිලා ගිහිල්ලා
මාත් ඔයත් කාලයත් එක්කම හුඟක් දුර ඇවිදිල්ලා
අද ඔයා මගෙ වෙලා ඇත්තම කියුවොත් මගෙම වෙලා
එත් කාලයක් එක්ක හැමදේම වෙනස් වෙලා
කොටින්ම කියතොත් ඔයා ආදරය විඳින කෙනෙක්
මන් පෙරලා ආදරය විඳින්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්
.. එදා ලඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ
හැමදාම දකින මේ කළු සුදු ජිවිතේ දිහා ඔහේ බලාගෙන ඉඳලා මට දැන් ඇතිවෙලා
පාට පාට හීන පිරුණු පාට පාට ජිවිතයක් දිහා බලන්න මන් ආස නැතුවාම නෙමෙයි
එත් කඳු සුදු ජිවිතයක් ඇතුලේ හිරවෙලා ඉන්නේ කරන්න දෙයක් නැති කමට
ජිවිතේ විඳවන්නට නොවෙයි විදිමට පමණයි
ඇත්ත මම නිදහස අසිමිතව වින්ද කෙලේලෙක් වේලාවක් කලාවක් නැතිව තහන්චි යදම් නිති නැති නිදහස රජ යපු සිහිනයක් ඇතුලේ නිදහස උපරිමෙටම විදින් පිස්සියක්
ඇත්තටම මම පිස්සියක්
එත්
ඒදා එ වින්ඳ ඒ නිදහස
හම්ම්ම්
අදත් මගේ ලඟ නැතිවාම නෙමෙයි
නිදහස උපරිමයටම වින්දත් අද මම නිහඩයි
වෙලාවකට මම ජිවිතේ ඇතුලේ හිර වෙලාවත්ද කියලා හිතනවා
හිතේ හැඟුමන් කොටියක් පිරිලා තිබුනත් එ හැඟුමන් කොටියෙන් එක අකුරක්වත් ගලප ගන්න බැරි තරමටම මගේ හිත අද ව්යාකුලයි
කොටින්ම කියතොත් ඔයා මගේ ජිවිතෙට ලන් වුන දවසේ ඉඳන් මන් හැසිරෙන්නේ පිසියක් විදයට
වෙලාවකට මට මහා හයියෙන් කෑගහන්න හිතෙනවා
එහෙමත් නැතිනම් මහා හයියෙන් සින්දුවක් දාගෙන හිතවැටෙනකම් නටන්න හිතෙනවා
මම ඒ උමතුවට හුඟක් ආසයි ආදරෙයි
ආදරය උමතුව හරි පුදුමයි
ඇත්තමයි
ඉස්සර නිතරම මවිසින් ලැයුවුන කවි සන්කල්පනා.... ම්ම්ම්
අද මගේ ඒ කවි හිත කොහෙ හැන්ගිලාද
දන්නවාද
ඔයා මගේ ජිවිතෙට ආව දවසේ ඉඳන් මන් ඔයා වෙනුවෙන් එක කවියක් එක සන්කල්පනාවක් ලියලා නැතිව ඇතිගගග ඒ ලියන්න බැරි කම නිසා නෙමෙයි ලියන්න දෙයක් නැති කමට
හැමදාම ඔයා මට කියුවත් අදවත් එක කවියක් මන් ගැන ලියන්න කියලා
මම හැමදාම උත්සහා කලා
නොලියුවේ තියන ආඩම්බර කමට නෙමෙයි
මට ඔයා ගැන ලියන්න කිසිම දෙයක් නැති නිසා
මොකද මට මේ ලොකේ ඔයාට සම කරන්න පුළුවන් දෙයක් නැ
ඔයා ගැන අකුරු වලට පටලවලා මට ඔයාට නිගා කරන්න බැ
ඒ තරම් මට නුඹ වැදගත්
කවදා හරි මම නුඹ වෙනුවෙන් ඒ නොලියු කවිය ලියයි
එ දවසට නුඹත් මමත් අපිට අපිව එපා වෙනතරමටම ආදරෙ උමතුවෙන් වෙලිලා ඉඳිවි
මම
නුඹේ ආදරය නොවිඳින
එත් නුඹට පණමෙන් ආදරය කරන
නොලියු කවිය....
-කළුවර හීනය-
ලියාගන්න බැ කිවුවට මේ වෙනම එකක් ලියලා තියෙන්නේ ඉතින් :)
ReplyDeleteහිතේ පුංචි පසු තැවීමක් වගේනේ
ReplyDeleteබුදු අම්මෝ මේකේ දිග...කොහොමද අප්පා මේ වගේ දිගට දාන්නේ එපා වෙනවා මටනම් ටයිප් කර කර ඉන්න ගියාම
ReplyDeleteජීවිතය විඳින විඳවන තැනින් එහාට ගිහිල්ලා ජීවිතේ අවබෝධ කරගත්තතොත් ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන් බව දවසක් බණකදී ඇහුවා.. මට මේක කියවද්දි හදිසියෙම මතක් වුණේ ඒක.. කළුවර හීනයේ නම වෙනස් වේවා කියලා අලුත් අවුරුද්දේ ප්රාර්ථනා කරනවා!
ReplyDeleteකළුවර හීනයට එළිය වැටේවා!
ReplyDelete:/ දෙයියනේ... ! එනවා මං ගිණි කූරක් ගහන්නම්.. හැබැයි ගිණි කූරත් නිවිලා යයි ශෂී යෝ
ReplyDeleteඔයා හරි යලුවා. ජීවිතය කියන්නෙ විදින්න ඔන දෙයක් මිස විදවන්න ඔන දෙයක් නෙමෙයි.
ReplyDeleteඔයාගෙ දුක තෙරෙනව. ආඩර කියන්නෙ හරිම පුදුමාකාර ඩ්ජෙයක්. ආදරයට පුලුවන් කෙනෙක් ජීවත් කරවන්න වගෙම, කෙනෙක් මිනිමරුවෙක් කරන්නත්. E තරම් ආදරය බලවත්.
පෙම් ගිනි..
ReplyDeleteලස්සන අදහසක්..... පට්ට ඇ.....
ReplyDelete