බුදු සමිඳු ඉස්සරහින් පුංචි සුදු මල් ටිකක් පුජා කරලා....හිත නිවෙන්න ඒ පින් රුව දිහා බලන්න පුළුවන් නම් එක මොහොතක් හරි කෝච්චර ලැතැවුල් කෝච්චර දුක් හිතේ තිබ්බත් ඒ හැමදේම බුදු සිසිලෙන් නහවන්න පුළුවන්.......
පන්සල් මළුවේ දි අපේ හිතට දැනේන සැනසුම සිසිලස වචන වලින් කියන්න බැහැ......කියලා ඉවර කරන්නත් බැහැ......
ගිය සතියේ එක දවසක මමත් ගියා කැළණිය පන්සලට.....බුදුන් වැඳලා..පහන් පත්තු කරලා බෝඳිය නාවලා...හුඟ වෙලාවක් වැලි මළුවට වෙලා තාලෙට නැලවෙන බෝ පත් වල සද්දේ අහගෙන හිටියා එතකෝට වේලාව හවස 6ත් පහු වෙලා ඇති.....හරිම සැනසුමයි...දැල්වෙන පහන් සිලෙන් එන ආලෝකය.....
පත්තුවෙන හඳුන් කුරු වලින් එන සුවඳ දැනේනකෝට හිතට එන හැඟිම වචන වලින් කියන්න අමාරුයි....
බුදු හාමුදුරුවන්ගෙන් මටත් ඉල්ලන්න හුඟක් දේවල් තිබ්බා...හුඟක් දේවල්..මගේ හිත ඇතුලේ තෙරපිලා තිබ්බ හුඟක් දේවල්..ඒත් මම දන්නවා ඒ බුදු හාමුදුරුවන්ගෙන් දෙයක් ඉලන්න ඒ වෙලාව නෙමෙයි...මොකද මම වගේම තව කිදෙනක් ඔය වැලිමළුවට වෙලා බුදුහාමුදුරවන්ට තමන්ගේ හිතේ තියන දේ කියනවා ඇතිද....පිහිට පතනවා ඇතිද......
සිලි සිලි හඩින් සෙලෙවෙන බෝපත් සෙවනේ
ලොව්තුරු සරණ පැතුවා මම හිමිගේ අරණේ
දැල්වෙන පහන් සිලකින් ගෙන දෙන එළියේ
සඳහම් සුවඳ දැනුනා මට මෙත් ගගුලේ
දැල්වෙන පහන් සිසිලක සුව අතරේ
පැගෙන සිහිල් වැලිකැටයක් අතරේ
පුදුදෙන සුදු පින්න මල්ගොමු අතරේ
හිමිගුණ සෙව්වා සැමදා මම නිරන්තරේ
ලොව්තුරු සරණ පැතුවා මම හිමිගේ අරණේ
දැල්වෙන පහන් සිලකින් ගෙන දෙන එළියේ
සඳහම් සුවඳ දැනුනා මට මෙත් ගගුලේ
දැල්වෙන පහන් සිසිලක සුව අතරේ
පැගෙන සිහිල් වැලිකැටයක් අතරේ
පුදුදෙන සුදු පින්න මල්ගොමු අතරේ
හිමිගුණ සෙව්වා සැමදා මම නිරන්තරේ
බෝපත් සෙවණ ගෙනදෙයි මට අමා සුව
මේ වැලි මළුව සුව ගෙනදෙයි නිරන්තර
බැඳි බැමි ලිහෙන සසරේ මඟ දුරු කතර
නවතාලිය හැකිද සමිඳුනි මට අතරමඟ
මේ වැලි මළුව සුව ගෙනදෙයි නිරන්තර
බැඳි බැමි ලිහෙන සසරේ මඟ දුරු කතර
නවතාලිය හැකිද සමිඳුනි මට අතරමඟ
.
.
.
.
.
_______________________________සෂි-.
budunta kiya palak na.dewiyantai kiynna oni.
ReplyDeleteපෞද්ගලිකවම මම දෙවියන් විශ්වාස කරන්නේ නැ
Deleteමගේ හිතටත් මාර නිදහසක් සහනයක් එන තැනක් තමයි එක්කෝ ගෙදර මගේ කාමරේ ඇඳ නැති නම් අපේ පන්සලේ බෝ මළුව..
ReplyDeleteඑතැනදී ලැබෙන සහනය නම් කියලා වැඩක් නෑ .
මම්ම්ම්ම
Deleteකවි පන්තිය නම් හිතට දෙනුනා අපුරුයි....
ReplyDeleteස්තුතියි මල්ලි....
Deleteලස්සනයි අක්කණ්ඩියේ...
ReplyDeleteස්තුතියි මල්ලියෝ
Deleteඔයා කියන එක හරි යාලු,,
ReplyDeleteමටත් වෙලාවකට ඔහොම හිතෙනවා..
ඉස්සර පාඩම් කරන්නත් පන්සල් ගිය වෙලාවල් තිබුනා..
ඒත් ඒ වෙලාවට පාඩමට වඩා ගොඩක් කලේ හිත නිවාගත්ත එක..
ඔව් හිරු ඒ සැතුවිල්ල වචන කරන්න බැහැ මාත් අනන්තවත් හිතේ සැනසුමක් ඔනේ වුන වෙලාවකට පනස්ලට ගිහින් ඉන්නවා
Delete