දරු සෙනෙහසක් හිස මුදුනෙම හිනැහෙනවා
කිරි රන් සිනා හිත ඇතුලෙන් මතුවෙනවා
දරු කැක්කුමත් හද පතුලේ හැන්ගෙනවා
අඟ හිඟ කමට මව් පදවිය දන්දෙනවා
දස මස කුස දරන් කිරි කැටි පුතු බිහි වෙන්නා
රන් කිරි සිනා හඩ මගෙ සවනට නොම වැටුනා
ලේ කිරි කෙරූ රන් දෙතනම අද වියලෙන්නා
දරු සෙනෙහසට මිල මුදලින් ලියලා දුන්නා
ඇකයේ නොදැරුවත් සිත නුඹ තව විමසනවා
ලේ කිරි වියලුනත් දෙතනම මගෙ හිරවෙනවා
තුරුලේ නොසිටියත් හිත තව නුඹ නලවනවා
පුතු පිට වුනත් දරු සෙනෙහස තව දළුලනවා
කුසයේ බර නොවෙයි පුතුනේ මට පෙර දැනුනේ
දිවියේ බරයි හිස මුදුනෙන් තව හිනැහෙන්නේ
නුඹ අන් සතු වුනත් මම තවමත් විදවන්නේ
සමාවෙයන් පුතුනේ මම අම්මයි වෙන්නේ
කිරි රන් සිනා හිත ඇතුලෙන් මතුවෙනවා
දරු කැක්කුමත් හද පතුලේ හැන්ගෙනවා
අඟ හිඟ කමට මව් පදවිය දන්දෙනවා
දස මස කුස දරන් කිරි කැටි පුතු බිහි වෙන්නා
රන් කිරි සිනා හඩ මගෙ සවනට නොම වැටුනා
ලේ කිරි කෙරූ රන් දෙතනම අද වියලෙන්නා
දරු සෙනෙහසට මිල මුදලින් ලියලා දුන්නා
ඇකයේ නොදැරුවත් සිත නුඹ තව විමසනවා
ලේ කිරි වියලුනත් දෙතනම මගෙ හිරවෙනවා
තුරුලේ නොසිටියත් හිත තව නුඹ නලවනවා
පුතු පිට වුනත් දරු සෙනෙහස තව දළුලනවා
කුසයේ බර නොවෙයි පුතුනේ මට පෙර දැනුනේ
දිවියේ බරයි හිස මුදුනෙන් තව හිනැහෙන්නේ
නුඹ අන් සතු වුනත් මම තවමත් විදවන්නේ
සමාවෙයන් පුතුනේ මම අම්මයි වෙන්නේ
හ්ම්ම්ම්ම් ඇත්තටමත් එහෙම අම්මා කෙනෙක්ගෙ සිතුවිල්ලත් මෙ වගෙම වෙන්න ඇති... ලස්සනයි...
ReplyDeleteඅම්මාකෙනෙක්ගේ සිතුවිලි හරිම සුන්දරයි මල්ලි අපි හිතනවටත් වඩා හරිම සුන්දරයි ඒත් සමහර වෙලාවල්ට අම්මලා තිරණ ගන්නේ හුඟක් දුර බලලා හිතට එකඟ නොවුනත් අකමැත්තෙන් වුනත් හදවත මරලා අම්මාලා හුඟක් තිරණ ගන්නවා
Deleteලස්සන පද වැල් ටික.
ReplyDeleteස්තුතියි මල්ලි
Deleteනියමයි!!!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
hmmmmm ලස්සනයි!
ReplyDelete'නුඹ අන් සතු වුනත් මම තවමත් විදවන්නේ
ReplyDeleteසමාවෙයන් පුතුනේ මම අම්මයි වෙන්නේ' ...................... හනේ දෙවියනේ.....