කළුවර රැ හිනෙන් ඇවිදින් නුඹ මගේ ලඟම තවත්
තෙපලු පෙම් කවි තාමත් සුව දෙයි මට මගේ සවනත්
හිත වාවන්නැ නුඹ ලඟ නැති රෑ මගේ සිහිනේ තවත්
තව පිළිගන්නේ නැහැ අන්සතු වි දැන් මට නුඹේ හිතත්
තෙපලු පෙම් කවි තාමත් සුව දෙයි මට මගේ සවනත්
හිත වාවන්නැ නුඹ ලඟ නැති රෑ මගේ සිහිනේ තවත්
තව පිළිගන්නේ නැහැ අන්සතු වි දැන් මට නුඹේ හිතත්
සයුරට රළ පෙළ ඇදුනා වාගෙයි නුඹේ සෙනෙහෙ ඉතින්
ඇස් අග නැලවෙන කුංකුම වාගේ නුඹේ සුවය ඉතින්
හිත තුල නලියන හැගුමන් සොදුරුයි නුඹේ ලඟදි ඉතින්
මම තව සැනසෙනු කෙලෙසද නුඹ දැන් මාහැර ඉතින්
රෑයම පිපෙනා තරු කැල අතරින් නුඹේ රුව සොයනවා
නුඹ දුර ඇදුනත් සිහිනෙන් හො මම නුඹ තව පතනවා
අපි එක් නොවුත් යලි නුඹ ආවත් හිත මගේ විඳවනවා
නැවතුනු තැන නුඹ හිනැහි ඉනු මැන මම අද හිනැහෙනවා
ඔයා කවිවල තියෙනවා හරිම අපූරු සංගීතයක් යාළු.. ඒක හරිම දුක හිතෙන සංගීතයක්.. ජය වේවා.. දිගටම ලියන්න.. මේවා වල ලින්ක්ස් ෆේස්බුක් එකේ බ්ලොග් ගෲප්ස් වල පෝස්ට් කරන්න.. එතකොට ගොඩාක් අයට මේ කවි කියවන්න පුළුවන්.. :)
ReplyDeleteහරිම ලස්සනයි යාලු :)
ReplyDeleteස්තුතියි යාඵවනේ
ReplyDelete