Friday, December 27, 2013

තවම පතනෙමි නුඹව මන්

රිදුම් දුන් හදවතක් පතුලේ 
තවම පෙම් සුව තියෙයි නම් 
කොතෙක් කඳුලැලි සැලි වැටුනත්
පෙම් කරමි තව නුඹට මන්


රැඳුණු උණුහුම පපුව ගැඹුරේ
නුඹේ සෙනෙහස කියයි නම් 
කෙතෙක් හැඟුමන් සුසුම් සැලුවත්
තවම පතනෙමි නුඹව මන්


දෙඇස් පැරි කඳුළු සලමින් 
හඩන ඇස් ඉකිගසයිනම්
දෙඇස් දියවි මිලින වුවත්
කඳුළු අමුණමි නුඹට මන්


සැ:යු -  පුරුද්දට වගේ ලියවුනාට හැමදාම දුකින් නෙමෙයි :)

Thursday, December 12, 2013

පමාවි පිපුණු මල් සුවඳයි........

පමාවි පිපුණු මල් සුවඳයි
-------------------------------

මන් හරි වාසානවාන්තයි නේද

ඇයි එහෙම කියන්නේ

හිතුවේ නැති වෙලාවක හිතුවේ නැති විදියට මට ඔයාව හම්වුනානේ

ඒ වාසනාව නිසා නෙමෙයිනේ

එහෙමනම්

අපි දෙන්නට අපි දෙන්නව අයිති වෙනන්න ඔනේ කියලා ධෛයිවය නියම කරලා තිබ්බ නිසානේ

එත් වාසානාවත් ටිකක් හරි තියෙන්න ඔනේ නේ

_______

වෙලාවකට හිත හිරිවට්ටන තරම් සතුටක් ලබා දෙන ජිවිතය වෙලාවකට හිත කිරිගැහෙන තරම් දුකක් දෙන්නෙත් අපි හිතන්නේ වත් නැති වෙලාවක හිතන්නේවත් නැති විදියටයි
එහෙව් කඳුළු කතා සතුටු කතා අතර සමබරව දෝලනය වෙන ජිවිතය වෙලාවකට අපිටත් හොරෙන් අපිට සරදම් නොකරනවාත්ම් නොවෙයි
ආදරයත් හරියට ඒ වගෙයි
කඳුළු කතා හීනා කතා පිරි ගිය අපේ කාලේ ආදර කතා බෝහොමයක් අතර රන්කෙන්දෙන් දැගිලි එක්කර ඉරනම් ගමනින් අවසන් වෙන ආදර කතාත් නැතුවාම නෙමයි

------------------------------------------------------------

වේලාව හරි දැන් හා හා පුරා කියලා පිටත් වෙමු

අම්මා පෙරට විත් පිච්ච මල් මුසු කර පැන් විදුරුවක් මාවෙත පිලිගන්වන ලදි...
ජිවිතේ හා හා පුරා කියලා සුබගමනට යන්න පිටත් වෙන මොහොතේ දස මසක් මා කුස තුල හොවන් මා මෙලොවට ජාතක කල මගේම මැනියන්නේ සිනහා කඳුළු පිරුනු දෙනුවන් දෙස බලමින් පැන් විදුරුව පානය කල මා නැකත් චාරිත්‍ත්‍රයට අනුව නිවසින් පිටවිමේ චාරිත්රනය සිදුකලෙමි
මා ඉඳරියට පැමිණයේ මගෙම පියාන්ය...
ඔහුගේ දෙනුවන් අතර මොහොතක් මසිත නැවතුනත් කිසිත් කියාගැනිමට පවා නොහැකි අයුරින් මගේ මුව ගොළුවුයේ ඔහුගේ වතින් දිස්වන්නේ සතුටක්ද නැතහොත් ඒ දුකක්ද යන සිතුවිල්ල මගේ සිත තුල අතරමං වු නිසාවෙනි

‘පරක්කු වෙන්න එපා දැන් නැකත් වෙලාව පහුවෙන්න ළඟයි ....වහනයට ගොඩවෙමු‘

පිටුපස දොර විවර කරනවාත් සමඟින් එසේ පවසා මදෙසට හිස් බැල්මක් හෙළු පියාන්නට කිසිත් නොකින්යා මද සිනහවක් පා මා රථයට ගොඩවුනෙමි

සිත තුල මහමෙරක් තරම් සිතුවිලි සමුදයක් ඔහේ පාවුනද දුකක් සතුටක් මුසු වු උදසින සිතුවිලි හිත වට කරගැනිමට පෙර මවිසින් මගේ සිත පාලනය කර ගතිමි
දෙනුවන් අද්දර සිත කඳුළු බිඳු දඟපෑවත් ඒ සතුටක් නිසා හිත තුල ජනිත වුවක්ද කියා මට සිතා ගත නොහැකි වු නිසාවෙන්ම කඳුලැලි මැඩ ගෙන මම සිනහා විමට වෙරදැරුවෙමි

මොකද මේ කඳුළු පුරවගෙනගග දුකයිද

නැ

එහෙමනම් සතුටුයිද

දන්නේ නැ දුකයි සතුටයි දෙකම එත් මන් වාසනාවන්තයි

මම ඊටත් වඩා වසානාවන්තයි

මට මගේ ජිවිතේ හොයලා දුන්නට ඔයාට හුඟක් පින්

පින ඔනේ නැ මේ ආදරය ඒ විදියටම තියාගමු මැරෙනකම්ම

_______________________________________________________________
දිලෙන තරු කැට ඇත අඹරේ
සීත මදහස පා හෙමින්
පෙනෙන නොපෙනෙන
මායිමේ හිද නුඹේ රුව අඳිමි මං

පැයු හිත තුල සුපුන් සඳවත
ආදරේ මුදු සුවඳක් අරන්
දැනෙන නොදැනෙන ඉසව්වක හිද
සොයමි සෙනෙහස මහමෙරක්

ලියු පදවැල් අහුරු අතරින්
දිලෙන නුඹේ නෙත් සොයා‘විත්
කඳුළු සක්මන් කරපු හිත අද
සිනහාවේ සුව විඳියි දැන්

කළුවර හීනය

Sunday, December 1, 2013

නිදන පෙම් හිත ඇහැරවා යලි

ආදරේ තාලයෙන්
නලවලා හිත හෙමි හෙමින්
ගලප ගලපාලා ලිව කවියක
දකිමි හැමදා නුඹේ නුවන්


කලතලා පෙම් හිත හෙමින්
සනසලා හදවත තවත්
කොඳුර කොඳුරා කීව ගීයක්
අසමි හැමදා නුඹේ නදින්

ඇහැරවා පෙම් හිත යලිත්
පිදෙනා හැඟුමන් අරන්
දකින දකිනා  හීප්‍රේමනෙක
අඳිමි නුඹේ රුව සසරේ මන්

-කළුවර හීනය-

Wednesday, November 13, 2013

සමනල් වසන්තය

දඟ පාන සුළං රැළි පහන් දැල්ලට අවතනත නොවි කිහිප වරක්ම නිවි යන විට මලානික වතින් මම නුඹ දෙස බැලුවේ පැතුම් පොදි දහසක් හිතේ හිරකරගෙන බුදු සමිඳු ඉදිරි පිට පහනක් දල්වා ඉල්ලන්නට කොතරම් දෙවල් හිත තුල තිබුණත් දඟපාන සුළං රැලි පහන් දැල්ලට කිකිරු නොවි ක්ෂණිකයෙන් නිවියයි... කිප වරක්ම වෙර දැරුවත් නිවි නිවි දැල්විමට නොහැකිව සඟපාන පහන් දැල්ලට හිස් බැල්මක් හෙලා බිඳුණු සිතින් මම නුඹ දෙස බැලුවෙමි
‘පහන් පත්තු කරන්න උදව් කරනවාද අයියේ‘
ආයාචනාත්මක බැල්මෙන් මන් නුඹ දෙස බැලුවාත් ඒ වදන් ගොළුවු නිසාවෙන්ම හිතේ ඇති වු සියළු සිතුවිලි හිත‘තුලම සිර කරගෙන නැවතත් තනිවමම පහන් දැල්විමට වෙර දැරුවෙමි..
නුඹ මගේ සිත කියෙව්වාද
අදහාගන්නත් බැරි සිතුවිලි සමුදායක් සමඟින් පුදුමයෙන් මෙන් මා නුඹ දෙසට හැරුනේ දල්වන්නට වෙර දරන තිරය අසලින් මා ගිණිකුර තබනවාත් සමඟම නුඹේ දෙඅත් මගේ දෙඅත මත ස්පර්ෂ වනු දැනිම නිසාමය....කොතරම් රළ හිතක් නුඹ දැරුවන් නුඹේ එකඳු දායාබර කැල්මකින් මගේ මුළු ආත්මයම එක මොහොතකින් සුවපත් වනු බවනම් නොරහසකි...
පහන් දල්වා අවාසානයේ නුඹඟින් සමඟින් බෝ මළුව වෙත පිය මැන්නේ දහසක් බලාපොරොත්තු හිතතුල ගොනු කරන් පිරිසිදු සිතින් මවෙතින් සැකසු පඩුර බෝ සමිඳුන්ට බාර කිරිමටයි...

අයියේ මගේම විතරයි නේද
ඔව් චුටි ඔයාගෙම විතරයි
අපමණ සෙනෙහසක් හිත දරාගෙන නුඹේ දෙනුවන් දෙස මම මොහොතක් බලා සිටියෙමි..භාවනාවක් දැහැන් ගත වුණ සිත ඉවතට ඇඳුනේ
දැන් ඉතින් පඩුර ගෙටගහමු
නුඹේ වදන දොන්කාරයක් මගේ මගේ සවනත රැඳුණු නිසාවෙනි

හදිසියෙවත් මට ඔයාගේ වෙන්න බැරිවුනොත් අපේ අම්මා ඔයාට මාව නොදුන්නොත්
එහෙමනම් මම ඔයාව උස්සගෙන හරි යනවා
පඩුරු ගෙට ගසනවාත් සමඟින් මගේ හිත තුල නැලියු හැඟිම් මම ඔහේ ඇසුවෙමි......
සිත තුල බුර බුරා නැගෙන සතුටු හැඟුම් සියල්ලම මම සිත තුලම සිර කරගෙන මම සිනහා වුනෙමි...

එදා බොසමිඳු ඉදිරිපිට වැලි මළුවේ වාඩිවි නුඹත් මමත් එකම හිතින් දහසක් බලාපොරොත්තු හද පොඳි බැඳන් දොහොත් මුදුනින් වැඳ නමස්කාර කර ජිවිතය යැද්දත් අද දෙනුවන් තෙත් කරමින් නුඹෙත් මගෙත් සොඳුරු සැමරුම් එකිනෙකට පෙලගස්වන්නේ ඒ ගෙවුනු සොදුරු සමනල් වසන්තය තවමත් මවෙතින් පලා ගොස් නැති බව පසක් කරමිනි..

වැටි වැටි ඇවිදිමින් දෙපා තුවාලව වි තවත් ඇවිදිමට වාරු නොමැතිව උන් තැන සිට කිසිත් කර කියා ගත නොහැකි කල ජිවිතය දෙස තනිවම බලා සිටි මට අහම්බෙන් මෙන් කොහෙදො සිට මගේ ජිවිතයට පැමණි සිහින කුමරුන්....
අපිලිවෙල රජයපු මගේ ජිවිතය එකින් එක සිරුවට ගලපා හරි ලස්සනට ජිවිතේ ජිවිතය ලෙස විඳිමට මට උදව් කල නුඹ....
කිසිත් නොකියා කිසිත් නොදොඩා අතරමඟ මා දමා කොහොදො සිට ඇවිත් මගේ හිතේ රඳවා ගිය මතක සැමරුම් අපි ගත කරපු සොඳුරු දවස් යලිත් කිසිදා නොඑන්නම තිත තබා නුඹ දුරක ඇඳුනත් නුඹ යන විට ඉතිරි කර ගිය ඒ සමනල් වසන්තයේ සොඳුරු මතකයන්ට මම තවමත් ආදරෙයි... ඒ සමනල් වසන්තය මවෙතට ගෙන ආ නුඹට මම ඊටත් වඩා ආදරෙයි

කඳුළු සක්මන් කරපු හිත ලඟ 
අකුරු ඇහිදන් හෙමින් සවසක 
නිදන්නෙමි මම වරු ගනන් අද 
මතක සුවඳක් හද තවර ගෙන 

පාට සමනල් රැළ වටින් වට 
තටු සලා අද දුර ඇදෙන විට 
ඇවිද ගිය මන් මතක මාවතේ 
ඇවිද යමි මම අදත් තනිවම 

පාළු සසර පුරුදු සුවඳක් 
හද අතින් ගෙන පුරුදු විලසින් 
ඇවිත් සක්මන් කරපු හිත නුඹ 
ආදරෙන් හද නහවලා අද 

අකුරු සතකර රැඳුනු ප්‍රේමය 
ගලපලා පද අහුරු කවියක 
අදත් ගැයු මුත් සොඳුරු තාලේට 
අකුරු ගිලිහි රිඳුම් දෙයි තව

Wednesday, November 6, 2013

නුඹත් ඇවිදින් ගිහින් තිබුනා

හිතේ හිරවුන සිතුම් අහුරක
නුඹේ සෙනෙහස ඇඳි තිබුනා
පාළු මකනා කවි පෙලක් ලඟ
නුඹේ මතකය එක කවක් වුවා

අහස සරසන තරුවැලක් ලඟ
සඳත් හෙමිහිට සිනහා සැළුවා
පාට පාටින් හීන ඉකිබිඳ
නුඹත් හිනෙට සුසුම් සැළුවා


කඳුළු සලනා දෙනෙත් අද්දර
සිහින් සිතුවිලි රටා මැවුනා
කිසිත් නොකියු පෙම් කතාවට
නුඹත් ඇවිදින් ගිහින් තිබුනා

- කළුවර හීනය-




Friday, October 25, 2013

තවත් උපමා ඇයිද නුඹටම

ජිවිතේ කවමදාකවත් එළිය නොවෙතැයි කියා එකඳු හිනයක් වත් නොතිබුන මගේ කළුවර හීනය.... ප්‍රේමයේ වියරු වේදනාවෙන් මගේ නෙතඟින් වැටෙන කඳුළු මල් එකින් එක පද වැල් වලට ගලපන් කඳුලින්ම සිත්තම් කරපු මගේ කළුර හීනය.....
මටත් හිතාන්න බැරි අයුරින් තවමත් මටත් අදහ ගන්නත් බැරි අයුරින් වෙනස්වුන හැටි තවමත් ඇත්තටම හීනයක් එත් මේ තවත් එක කළුවර හීනයක් නම් නොවෙයි.....

ජිවිතෙත් හරිම පුදුමයි.. හරි ආසාවෙන් ආසාවන් මහා ගොඩක් පොඳි බැඳන් අනුන්ට නොවටින එහෙත් අපිට වටිනා අපේ ජිවිතේ අපිටත් වඩා වැදගත් තැනක් දිලා හැමදාමත් අපේ ලඟින්ම තියාගන්න හදන ඇයෝ අපි හිතන්නේ වත් නැති වෙලාවක අපිට ලන් වෙලා අපි හිතන්නේ වත් නැති විදියට අපේ ජිවිතේ වැදගත් තැනක් අරන් අපි හිතන්නේ වත් නැති තරම් වටිනාකමක් තියන වැදගත් භුමිකාවක් අපේ ජිවිතේ රඟපාලා අපි හිතනවාටවත් වඩා ඉක්මනින් ජිවිතේ නොසිතන මොහොතක අපිව අතරමන් කරලා දාලා යන හැටි හිතද්දිත් හරිම පුදුමයි... එහෙම ඇත් වෙලා යන හැමොන්ටම නොවුනත් බහුතරයකට ජිවිතේ එක දවසකදි කැඩිච්ච හිතක් වේදනා විදින විදිය අත්දැකිමෙන්ම විඳින්න ලැබෙනවා.... එ දවසට ආයෙත් හැරිලා බලන්න පුළුවන් වුනත් තමන් කල වැරැද්ද නිවැරදි කරගන්න නම් බැරිතරමට ජිවිත වෙනස් වෙලා තියෙන්න පුළුවන්....
ඒ වගේම තමයි අපේ ජිවිත වලට ලන් වෙලා ඉඳලා හිතන්නේ වත් නැති මොහොතක අපිව අතරමඟ දාලා යන අය වගේම අපි දුහුවිල්ලක තරම් වත් වටිනාකමක් නොදුන්න එත් අපි අතරම හැන්ගිලා ඉඳන් නොසිතු වෙලාවට එළියට ඇවිත් ඔහේ අතරමන් වුන අපේ ජිවිත ලස්සන කරන්න උදව් කරන අයත් අපි අතර අපිට නොපෙනෙන විදයට ඉන්නවා...එ අය අපේ ජිවිත වෙනස් කරන ලස්සන ගැන තාමත් හිතාගන්නත් බැරි තරම් පුදුමයක්...

යන එන ඇයො...ඇවිත් යන ඇයො ...ඇවිත් නොගිහින් ඉන්න ඇයො...එගරම් අපේ ජිවිත වලට එන යන චරිත පුදුමයි විවිධයි....එත් අහම්බෙන් අපේ ජිවිත වලට ලන්වෙන සමරක් වටිනා චරිත අපේ ජිවිත වෙනස් කරන විදිය තවමත් හිතාගන්නත් බැරිතරම්...
  හීන බලාපොරොත්තු මහා ගොඩක් නොතිබුනත් එත් අහින්සක පැත්ම් මල් ‍ගොඩක් හිත ඇතුලේ රඳවන් කප්පරක් ආදරේ හිත ඇතුලේ හිර කරගෙන මගේ අහසට පැයු සුපුන් සඳවත... ජිවිතේ දිගුවන්දනවාක් මහා යන්නට අත්වැද බැඳගත් මගේ හදවතේ ලැඟුම් ගත් සුපුන් සඳවත... කිසිදා එළිය නොවෙතැයි කියා එකඳු පැතුම් අංශුමාත්‍රයක් වත් නොතිබුන මගේ කළුර හීනය එළිය කරන්නටැ පැමිණ සුපුන් සඳවත... ඉතින් තවත් උපමා ඇයිද නුඹ වෙත නුඹයි මගේ දිවියට පෑයු දිනකර...
කියාගන්නට බැරිම වදනින්... ලියාගන්නට බැරිම අකුරින් තවත් කවි පැද වැල් ගොතන්නට බැරිම තැනටම මගේ හිත අද සතුටින් පිරි ගිහින්...



ලියන්නට ඇතත් සිතුවිලි

මගේ හිත තුල හිරවෙලා
ලියාගන්නට බැරිම තැනටම
මගේ හද ඇත ගොළුවෙලා

දෑස නොසලා බලා ඉන්නම්
නුඹේ නෙත් කැළුමන් දෙස බලා
ඉතින් ආයෙත් හිනාවෙන්නම්
නුඹේ තුරුලේ සැනසිලා


Sunday, October 20, 2013

වඩිනු මැන යලිත් නුඹ


සඳ හොරෙන් සිනාවෙන අඳුරු වු මහා රැයක
නෙතුසලා සිනාවෙමි නුඹේ රුව ගෙන හදට 
සිත් පහන්කර හැඟුම් පිදෙනා හැම පැයෙම 
මැවි මැවි දිලිසුනා නුඹේ රුව නෙතු අතර 

සලා නුඹේ නිල් නුවන් බලනු මැන මගේ හද 
පිදෙනා කඳුළු මල් නුඹට පවසයි රැදුනු දුක 
පිබිදෙනා පැතුම් මල් හද අතින් ගෙන තුටින 
වැඩිනු මැන හද තුටින් රැගෙන මල්සමය හෙට 


කළුවර හීනය 


Wednesday, October 9, 2013

මතක සැමරුම් දවයි මගේ හිත

සුවඳ ඉහිරුනු මතක අහුරක
පාට හිනෙක ලැගුම් ගත් හද
ඇවිත් හිනැහෙන තවත් සවසක
සොදුරු සැමරුම් තෙමයි මගේ නෙත


කඳුළු මල් දම් ගොතා හෙමිහිට
පාට පාටින් හීන ඉකිබිඳ
හඩන මහා රෑ තනිව හිනෙට
මතක පැන්දිය තෙමයි හදවත


සොඳුරු සැමරුම් ඇහිද හෙමිහිට
මතක දවමින් හඩන මගේ හිත
සනසවන්නට කිසිත් නැති තැන
මතක පැන්‘විත් ලඟ සරයි හෙමිහිට


-කළුවර හීනය-


Tuesday, October 1, 2013

ඉතින් ආයෙත් හිනාවෙමි මම


  • ජිවිතේ දිගු වන්දනාවක 
     ඇවිද යන මඟ පුරුදු සසරක 
    අහම්ඹෙන් නෙත ගැටුනු හදවත 
    ආදරෙන් සිප සනසවයි අද


    කඳුල් වැල් පිස හෙමින් තාලෙට
     සිනහ මල්දම් සරසවා අද
     හදේ රැව්දුන් තාලේ සිහිකර 
    පෙමින් නහවයි රිදුනු මගේ හිත


    දෛවයේ එක තැනක හිර වුන 
    නුඹේ හදවත පෙම් කවක් තරමට
     ආදරෙන් කිතිකවා තාලෙට
     ගැයු හැටි සිහිනයකි තව මට


    නිදිනොමැති නෙත් කෙවෙනි අද්දර 
    නුඹ ඇවිත් රඟපාන ලස්සන
     ඉතින් ආයෙත් හිනාවෙමි මම 
    නුඹේ හදවත අරන් තුරුලට

    _ කළුවර හීනය_


Monday, September 16, 2013

කළුවර හීනය සහා මම

කළුවර හීනය ලියන මං ගැන මගේ බ්ලොගයේ සැරිසරන ඇතැමුන් ( බොහොමයක්) නොදන්නවා නෙමෙයි.ඇතැමුන් මා පෞද්ගලිකව හුමුවු අය වන අතර ඇතමුනු මුහුණු පොත හරහා මා අදුනාගත් අයද වෙයි...
මම නමන්  සෂි එදිරිසිංහ.
ඇත්තන්ම කළුවර හීනය නමින් බ්ලොග් අඩවිය ලියැවෙන්න ප්‍රධනාම හේතුව වුනේ ඔහේ කාලය ගතකරමින් ඉන්න වෙලාවට මගේ අතින් කුරුටු ගැවුන එක එක කවි පන්ති එකම තැනකට ගෙන එමට මට ලොකු වුවමනාවක් තිබුනු නිසාමයි.. එ කවි පද වැල් විරහ වේදනාවෙන් ගැබ්බරව තිබු නිසාමත් එ කවි වැල් බුකියට පමණක් සිමාවි තිබු නිසාමත් ලේඛණ ශෛලය පිළිබඳව මනා දැනුමක් නොතිබුනත් ලිවිමට ඇති ආසාව නිසාම මමත් හා හා පුරා කියලා බ්ලොග් අවකාෂයට ගොඩ වුනා ඒමගේම මිතුරෙකුගේ ආරාධනාවක් සහා උදව්වක් මත
ෆෙස් බුක් බිත්තියට පමණක් සිමාවුන මගේ කවි  මගේ ලඟම මිතුරෙක් වුන අපේ ඉසව්ව බ්ලොග් අඩවිය ලියන ජනරංඟ ගේ ඉල්ලිමක් මත බ්ලොග් අවකාෂයට ගෙන ආවේ මිට හරියටම අවුරුද්දයි මාස දෙකකට කලින්
කොටින් කිවොත් කළුවර හීනය බ්ලොගය් පිත්ත පටිය කැපුවේ මගේ මිත්‍ර ජනරඟයි..

_හීනයක් කළුවර වෙන්න ජිවිතෙකට හේතුවක් තියනවා_ යන තේමා පාඨය යටතේ එ රාමුවටම යටත්ව ප්‍රේමයේ විරහ වේදනාව කඳුළු වලින් ගෙත්තම් කරපු මගේ බ්ලොග් අඩවියේ මගේම හඳුන්වාදිම පාඨය මගේ බ්ලොග් අඩවියේ කවර් පින්තුරය එක ( එ පින්තුරය  මට හදලා දුන්නේ රංජිත් ප්‍රේමරත්න කියලා මගේ මිත්‍රෙයක්) මගේ අවසරයකින් තොරව අඳුරු හීනය නමින් ව්‍යාජ ගිණුමක් පාවිච්චි කරනවා
හිත ඇතුලේ නලියන දහසක් සිතුවිලි වලින් ඇතිවන කලකිරිමටත් වඩා ඇතිවුන පිලිකුල් බාවය නිසාම මම මෙය මගේ බ්ලොගය තුල සටහන් කරන්නේ කළුවර හීනය අදටත් මම මගේ පණටත් වඩා ආදරය කරන මගේ කතාව වු නිසාමයි 


මේ සියළු නිර්මාණ වලට මිත්‍ර ජනරංඟ සහා රංජිත් සොහොයුරා විසින් සාකිෂි දරනවා ඇති

අඳුරු හීනය නමින් එම ව්‍යජ ගිනුම පවත්වාගෙන යන්නේ කවුරුන්ද කියන්නට නම් මම දන්නේ නැ
නමුත් ඔහු මේ කරන වැඩේ කියටවත් මා අනුමත කරන්නෙද නැත

නමුත් කළුවර හීනය තිබය හැක්කේ එකක් පමණි
එ මගේ හීනය පමණි
අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මගේ අතින් ගෙත්තම් වුන මගේ කඳුළු කතාවේ තේමාව වෙනයම් කෙනෙක් පාවිච්චි කරිම මම කොහෙත්ම අනුමත කරන්නේද නැත

මාව රස විදින මාව කියවන්න එන නුඹට කල යුත්තේ කුමක්දැයි යන්න තිරණය කිරිමට අවසර ලබා දෙමින් මම නිහඩ වෙන්නම්

සෂි....

Tuesday, September 10, 2013

කඳුළු කවිකම්

මතක කඳුලින් දෙවු දෙනුවන් ඇසඟ සිතල තවරලා
සිතට රහසින් හෙලු කඳුලැලි මතක එකිනෙක අහුරලා
ඇවිද ආ ගිය පාළු මගතොට අපේ සැමරුම් හිරවෙලා
නුඹට රහසින් මමත් නවතිමි නෙතඟ කඳුලින් බරවෙලා

වැටි හිනැහුන රොබරොසි මල් එකින් එක අද පරවෙලා
අපේ මතකෙට රහස් අමුණයි මලින් මල ගෙන ඇහිදලා
මතක එක්වුණු පාළු ලන්දේ මඟතොටක අපි තනිවෙලා
කියු පෙම්බස් ආයෙ මුමුණමු මතකයන් තුරුලට වෙලා


ඉඳ හිටක හො නුඹේ සුළඟක් ලඟ රැදේදො සොයනෙමි
හද සොයන එ මතක අහුරට තව තවත් පෙම් කවි පබඳිමි
කඳුළු මල් හද සනසවයි නම් උනන කඳුලැලි සිපගමි
යලිත් එයි නම් සිහිනයට වුව ආදරෙන් හිත පුදදෙමි


 
 සුවඳ තැවරුනු මතකයන් ලඟ දෙදණ තබමින් හිනැහිලා
හෙටත් හිනැහෙමි නුඹේ දෙස මම බලා රහසින් සැනසිලා
කඳුළු අමුණමි මතක ඇහිදන් පරව ගිය මල් දෙසබලා
යලිත් හිනැහෙමු සසර මඟක අපි පෙම්වතුන් ලෙස හමුවෙලා


__කළුවර හීනය__

 

Tuesday, September 3, 2013

එත් හමුවෙමු පුරුදු සසරක



         සිත කඳුලක් වැටි හෙමිහින්
ඇසි දාර ලඟ හිනැහිලා
මතක සුලඟක් ගතේ දැවටි
නුඹෙ සෙනෙහස සිහිකලා

සුසුම් අහුරක් ගලා කොපුලෙන්
සෙනෙහ පිරු සිත ගොළු කලා
කාත් කවුරුවත් නොමැති හිත ලඟ
නුඹත් මතකෙට පිටුවක් වෙලා

හමුවෙලා එක්වෙන්න සසරේ
පිරු පින් මදි අපි රැස්කලා
එත් හමුවෙමු පුරුදු සසරක
යලිත් පෙම් හිත ඇහැරවා

--කළුවර හීනය--


Friday, August 30, 2013

සිනාසෙමි මම උන්නු තැන හිද කඳුළු පෙම් හිත රවටලා

සිහින් වැහිපොඳ වැටි සියොළඟ
ආදරෙන් හද කිතිකවා
පහන් සිතුවිලි මලානික වි
කඳුළු දෙනුවන් තෙත්කලා
වහන් කල සිත පෙමින් බොඳවි
සුදු වලාවක සැඟවිලා
සහන් හැඟුමන් පලායයි අද
කිසිත් නොකියම හිනැහිලා.

ඈත අහසේ පිපුන සඳවත
කඳුළු වැලකින් ගිලිහිලා
මෑත සිහිනේ දිලෙන තරු ලඟ
මලානික හිත හිරවෙලා
සීත ගගුලක තෙමි පැටලි
හඩන කවි සිත මියැදිලා
ගීත ගයනා විහඟ රෑනේ
නුඹත් කවියක සිරවෙලා

කඳුළු හීනෙක සැමරුමක් ලඟ
රිදුනු හදවත සැඟවිලා
මතක පැන්දිය වැටි දෙනුවන්
සීත කඳුලින් නහවලා
සුසුම් උණුසුම් මිරිඟුවක් ලඟ
මැරුණු හදවත නවතලා
සිනාසෙමි මම උන්නු තැන හිද
කඳුළු පෙම් හිත රවටලා


__ කළුවර හීනය__

 

Saturday, August 24, 2013

ඉතින් යන්නට දෙන්න අවසර




  අකුරු ගලපා සිතැගි නලවා ලියු පෙම් කවි අහුලලා
සොඳුරු සිහිනෙක රටා මවනා නීල දෙනුවන් දෙස බලා
හදේ රැව්දෙන ගැස්ම හෙමිහිට නුඹේ නමටම ගලපලා
හැඟුම් ඇහිදා ලිව කවියේ තාලේ කොහෙදො හැන්ගිලා

අහස සරසන තරු මලක් ලඟ සඳ ඇවිත් අද නැවතිලා
මතක මළුවේ පෙම් හිතක් ලඟ නුඹත් කොහෙදො  හැන්ගිලා
කතා නොකියන පෙම් කතාවක පෙම්වතුන් ලෙස හිනැහිලා
ආදරෙන් හිත ආල වැඩු හැටි කඳුළු දෙනුවන් තෙත්කලා
  
දෙඇස් අද්දර හීන මැවෙනා සුපෙම් හදවත දකිනෙමයි
හදේ ගැස්සෙන තාලේ සිහි කර තවත් කවි පද ගලපමි
මගේ නොවුනත් සොඳුරු හිනෙට තවත් සිතුවම් අමුණමි
ලඟක නොරැඳි දුරක ඇදුනත් නුඹට පෙම් හිත පවරමි

_ කළුවර හීනය__

-------------------------------------------------------------------------

 ඔන්න කළුවර හීනය බලන්න එන හැමොන්ටම කියන්න අලුත් පනිවිඩයක් තියනවා... එ තමයි ටික දවසට මම හැමදේකින්ම ඇත් වෙනවා..
ඇත්වෙනවා කියන්නේ හැමදාටම නෙමෙයි ඉක්මනින් එන්න බලාපොරොත්තුවක් හද කොනක තියාගෙන.....යන්නේ නම් හිතේ කැමැත්තකින් නෙමෙයි එත් යන්න ඔනේම නිසා.. වැඩි ඇතකට නොවුනත් ඒත් ටික කාලෙකට විතර හැමොන්ගෙන්ම  දුරකට.. මගේ රැකියාවේ පුංචි වෙනසක් වුනා..එක නිසාම මට ලංකාවෙන් ටිකක් ඇතට යන්න වෙන්නවා.. අවුරුදු 4කට වගේ මේ පුංචි කාලයක්
 හම්ම්ම් පුංචිමත් නැ...
 හැමදේම වෙනස් වෙන්නත් පුළුවන් නැත්තනම් මේ තියන විදියට තියෙන්නත් පුළුවන්... මොනා වුනත් සයිබර් බක් මහා උළේලයි ගෙට්ටුවයි නම් මට මඟහැරෙයි එගැන පුංචි දුකකුත් තියනවා... කියන්න හුඟක් දෙවල් තිබ්බත් න් එ හැමදෙයක්ම හදවතේ කොනකම රඳවලා මම යන්නේ පරිස්සමට..
එහෙමනම් ඉතින් මන් යනවා කියන්නේ නැ එත් ලඟදිම එන්න බලාපොරොතුවෙන් ගිහින් එන්නම්
:)
 එහෙමනම්