හිතේ හිරවුන සිතුම් අහුරක
නුඹේ සෙනෙහස ඇඳි තිබුනා
පාළු මකනා කවි පෙලක් ලඟ
නුඹේ මතකය එක කවක් වුවා
අහස සරසන තරුවැලක් ලඟ
සඳත් හෙමිහිට සිනහා සැළුවා
පාට පාටින් හීන ඉකිබිඳ
නුඹත් හිනෙට සුසුම් සැළුවා
කඳුළු සලනා දෙනෙත් අද්දර
සිහින් සිතුවිලි රටා මැවුනා
කිසිත් නොකියු පෙම් කතාවට
නුඹත් ඇවිදින් ගිහින් තිබුනා
- කළුවර හීනය-
ගොඩක් ලස්සනයි ....
ReplyDeleteලස්සන නිර්මාණයක් නංගි..
ReplyDeleteඇවිත් යන එන පෙම් කතා තමයි ගොඩක් වැඩි
ReplyDelete