සිත කඳුලක්
වැටි හෙමිහින්
ඇසි දාර ලඟ හිනැහිලා
මතක සුලඟක් ගතේ දැවටි
නුඹෙ සෙනෙහස සිහිකලා
සුසුම් අහුරක් ගලා කොපුලෙන්
සෙනෙහ පිරු සිත ගොළු කලා
කාත් කවුරුවත් නොමැති හිත ලඟ
නුඹත් මතකෙට පිටුවක් වෙලා
හමුවෙලා එක්වෙන්න සසරේ
පිරු පින් මදි අපි රැස්කලා
එත් හමුවෙමු පුරුදු සසරක
යලිත් පෙම් හිත ඇහැරවා
ඇසි දාර ලඟ හිනැහිලා
මතක සුලඟක් ගතේ දැවටි
නුඹෙ සෙනෙහස සිහිකලා
සුසුම් අහුරක් ගලා කොපුලෙන්
සෙනෙහ පිරු සිත ගොළු කලා
කාත් කවුරුවත් නොමැති හිත ලඟ
නුඹත් මතකෙට පිටුවක් වෙලා
හමුවෙලා එක්වෙන්න සසරේ
පිරු පින් මදි අපි රැස්කලා
එත් හමුවෙමු පුරුදු සසරක
යලිත් පෙම් හිත ඇහැරවා
--කළුවර හීනය--
අතන “නුඹ මතක පිටුවක් වෙලා“ වගේ උනා නං විරිත හරියනවා නේද... අගනා අදහසක්..
ReplyDeleteආ ඔව් තමයි. ලස්සණ යි කවි පෙළ.
Deleteඇඅ දේසා කිව්ව තැන වගේම
ReplyDelete//හමුවෙලා එක්වෙන්න සසරේ
පිරු පින් මදි අපි රැස්කලා//
මේ දෙපේලියෙ අපි කියන පදේ වැඩියි වගේ පේනවා
තාලයට කියද්දි පුංචි වැඩියක් පේනවා..
අදහස ලස්සනයි වෙනද වගේම :)
හා ! :)
ReplyDelete
ReplyDeleteසීත නුබ මට කඳුළු වෙසඟින්....
මගේ නෙතු අග පරවෙලා...
මතක මංපෙත් දවා අළුකර.....
අපේ සෙනෙහස මියැදිලා....
හුස්ම හිරවී හදින් රිදුමන්...
ආදරේ අද නුබ සලා....
තනිව හිඳී නුබේ, නුබේ සිත ළඟ...
මතක අස්සේ මියැදිලා....
සසර දුර මග යනෙන ගමනක,...
නුබම මා හට නැතිකළා...
හමුවන්න බෑ මට පුරුදු නෑ නුබ....
ඇගෙ ලඟ මා තනිකලා.....
මියැදෙන්න බෑ මට එදා මතකය....
තාම හිත අස්සේ තියා....
අළු උනා ඒ අපේ පෙම හැම...
නුබව මියැදී නැතිකළා....
Bora Diyaka Induwara
එත් හමුවෙමු පුරුදු සසරක
ReplyDeleteයලිත් පෙම් හිත ඇහැරවා
:(
අදයි ඔබගේ අඩවියට ආවේ. හරිම ලස්සනයි. කවි හරිම ලස්සනයි. අපේ බ්ලොග් එකේ ලින්ක් එකක් දුන්නා. දැන් හැම කවියක් ම කියවන්න පුළුවන්
ReplyDeleteකුරැටු ගෑ ගී පවුරේ අපි
නියමයි දිලිනි!!!!!!!!!!!!!!!
ReplyDeleteමේවා කවියෙන් ඔබ්බට ගිය ගීත පදමාලාවලට බෙහෙවින් සමීපයි. ඒ නිසා වැඩිපුර ගිත සාහිත්‍ය ඇසුරු කරන්න ඉදිරියේ ප්‍රයෝජනයත් ගන්න පුලුවන්.
ReplyDelete