මතක කඳුලින් දෙවු
දෙනුවන් ඇස‘ඟ සිතල තවරලා
සිතට රහසින් හෙලු කඳුලැලි මතක එකිනෙක අහුරලා
ඇවිද ආ ගිය පාළු මගතොට අපේ සැමරුම් හිරවෙලා
නුඹට රහසින් මමත් නවතිමි නෙත‘ඟ කඳුලින් බරවෙලා
වැටි හිනැහුන රොබරොසි මල් එකින් එක අද පරවෙලා
අපේ මතකෙට රහස් අමුණයි මලින් මල ගෙන ඇහිදලා
මතක එක්වුණු පාළු ලන්දේ මඟතොටක අපි තනිවෙලා
කියු පෙම්බස් ආයෙ මුමුණමු මතකයන් තුරුලට වෙලා
සිතට රහසින් හෙලු කඳුලැලි මතක එකිනෙක අහුරලා
ඇවිද ආ ගිය පාළු මගතොට අපේ සැමරුම් හිරවෙලා
නුඹට රහසින් මමත් නවතිමි නෙත‘ඟ කඳුලින් බරවෙලා
වැටි හිනැහුන රොබරොසි මල් එකින් එක අද පරවෙලා
අපේ මතකෙට රහස් අමුණයි මලින් මල ගෙන ඇහිදලා
මතක එක්වුණු පාළු ලන්දේ මඟතොටක අපි තනිවෙලා
කියු පෙම්බස් ආයෙ මුමුණමු මතකයන් තුරුලට වෙලා
ඉඳ හිටක හො නුඹේ සුළඟක් ලඟ රැදේදො සොයනෙමි
හද සොයන එ මතක අහුරට තව තවත් පෙම් කවි පබඳිමි
කඳුළු මල් හද සනසවයි නම් උනන කඳුලැලි සිපගමි
යලිත් එයි නම් සිහිනයට වුව ආදරෙන් හිත පුදදෙමි
සුවඳ තැවරුනු මතකයන්
ලඟ දෙදණ තබමින් හිනැහිලා
හෙටත් හිනැහෙමි නුඹේ දෙස මම බලා රහසින් සැනසිලා
කඳුළු අමුණමි මතක ඇහිදන් පරව ගිය මල් දෙසබලා
යලිත් හිනැහෙමු සසර මඟක අපි පෙම්වතුන් ලෙස හමුවෙලා
__කළුවර හීනය__
හෙටත් හිනැහෙමි නුඹේ දෙස මම බලා රහසින් සැනසිලා
කඳුළු අමුණමි මතක ඇහිදන් පරව ගිය මල් දෙසබලා
යලිත් හිනැහෙමු සසර මඟක අපි පෙම්වතුන් ලෙස හමුවෙලා
__කළුවර හීනය__
ලස්සනයි මේ කවි ටික..
ReplyDeleteහැමදාම වගේ ලස්සණ යි. ඒත් දුක යි. කළුවර හීනයට සඳ පායන්නේ නැද්ද?
ReplyDelete//කඳුළු අමුණමි මතක ඇහිදන් පරව ගිය මල් දෙසබලා
ReplyDeleteයලිත් හිනැහෙමු සසර මඟක අපි පෙම්වතුන් ලෙස හමුවෙලා//
මෙ අත්බව හමු වන්න පතනෙමි පැතුම් ඉටු වී හිනැහිලා....
ඔන්න අදත් මම පොඩි අඩුපාඩු දෙකක් පෙන්නලා දෙනවා. පළමු පේලියේ"ඇස'ග" යන යෙදුමට වඩා නෙතග වැනි වචනයක් ගැලපේ. වැටී හිනැහුන වැනි යෙදුමක් මලක් වැටෙන්නේ පරවුණාම නේ එතකොට වැටුනු මල් හිනාවෙන්නේ කොහොමද? එතැනටත් "පිපි හිනැහුණ" වගේ යෙදුමක් හොඳයි.
ReplyDeleteමහ රැක කලුවරම හීනයට පද සොයන නුබේ හිත ලග දැවටිලා
ReplyDeleteඉන්න ආසයි මටත් පෙර මෙන් අපේ මතකෙන් දැවටිලා
වැරදුනේ දිවි මගේ කොතනද අදත් සොයනෙමි තනි වෙලා
එන්න ලගටම බලාගන්නෙමි ඇස් දෙකේ නුබ සගවලා
දිවි මගේ සුදු හසගනකි නුබ මට
දියෙන් කිරි වෙන් කල නියා
හුස්ම ටික මගේ නුබයි සදහට
තුරුලේ මියයමි මා සදා
තනිකලේ කීම නැගේ නුබ මා
ආදරේ සිහිනය කියා
මියෙමි නුබ මට ආදරේ කල
එකම එක බැල්මක් වෙලා ....
ලස්සන කවි .. කවි මගේ ආත්මය නිසා සහ මට මේ අත්දැකීම සමීප නිසා දැනුනා ගොඩක් ...
මම
නෙතු කදුළු දියවර
http://nethukadulu.blogspot.com/
ඇත්තටම ලස්සනයි.ඒත් ගොඩක් දුකයි.මේ කවි පේළි මගේ අතීතයත් සිහි කළා.ඒකයි ගොඩක්ම දුක...
ReplyDeleteලස්සනයි :)
ReplyDeleteමතක නැහැ මට එදා සෙනෙහස නුබම එය මට නැති කළා...
ReplyDeleteමාව අරගෙන රහස් කිය කිය මාව මාගෙන් වෙන් කළා....
නුබේ මුවඟින් කියූ වැදි බණ මගේ මතකය ගොළු කළා....
කඳුළු කුමටද නුබම දුර ගිය මතක ඇත මගේ තනි වෙලා....
රෝස තොල් මත තියා මගේ මුව සිප ගත්තු හැටි සිහි කළා....
තාම මතකයි මහා වැස්සක ඔයා මගේ ළඟ තනි වෙලා....
පාළු මග තොට යනෙන හැම විට අපිම දුර ගොස් ඉගිලිලා....
මතක ලඳු මත, කැලෑ මල් අද මටත් සුවයක් නැති වෙලා....
ඇහැල මල් පිපි විසිරි මග තොට නුබව මා අද සොයනෙමි....
ලියන පෙම් කවි තාම හුළඟට වැහි දියට මුසු කරනෙමි....
කඳුළු නැහැ ළඟ වියලිලා ඇස මතක අස්සේ නුබ ඉමි.....
ආවොතින් යලි නුබව සිරකර නුබේ ළඟ මම ගොළු වෙමි....
පාළු අහසක එදා මග තොට රැඳෙන්නට මට ආසයි....
නුබේ තොල් පෙති එදා වාගේම තෙමන්නට දැන් ලෝබයි....
මහා වැස්සක හීතලට ගුලි වෙලා ඉන්නට ඕනේයි....
යනෙන මග තොට නුබව සිහිකර සරන්නට මම ආසයි...
- මම Bora Diyaka Induwara