සිහින් වැහිපොඳ වැටි සියොළඟ
ආදරෙන් හද කිතිකවා
පහන් සිතුවිලි මලානික වි
කඳුළු දෙනුවන් තෙත්කලා
වහන් කල සිත පෙමින් බොඳවි
සුදු වලාවක සැඟවිලා
සහන් හැඟුමන් පලායයි අද
කිසිත් නොකියම හිනැහිලා.
ඈත අහසේ පිපුන සඳවත
කඳුළු වැලකින් ගිලිහිලා
මෑත සිහිනේ දිලෙන තරු ලඟ
මලානික හිත හිරවෙලා
සීත ගගුලක තෙමි පැටලි
හඩන කවි සිත මියැදිලා
ගීත ගයනා විහඟ රෑනේ
නුඹත් කවියක සිරවෙලා
කඳුළු හීනෙක සැමරුමක් ලඟ
රිදුනු හදවත සැඟවිලා
මතක පැන්දිය වැටි දෙනුවන්
සීත කඳුලින් නහවලා
සුසුම් උණුසුම් මිරිඟුවක් ලඟ
මැරුණු හදවත නවතලා
සිනාසෙමි මම උන්නු තැන හිද
කඳුළු පෙම් හිත රවටලා
ආදරෙන් හද කිතිකවා
පහන් සිතුවිලි මලානික වි
කඳුළු දෙනුවන් තෙත්කලා
වහන් කල සිත පෙමින් බොඳවි
සුදු වලාවක සැඟවිලා
සහන් හැඟුමන් පලායයි අද
කිසිත් නොකියම හිනැහිලා.
ඈත අහසේ පිපුන සඳවත
කඳුළු වැලකින් ගිලිහිලා
මෑත සිහිනේ දිලෙන තරු ලඟ
මලානික හිත හිරවෙලා
සීත ගගුලක තෙමි පැටලි
හඩන කවි සිත මියැදිලා
ගීත ගයනා විහඟ රෑනේ
නුඹත් කවියක සිරවෙලා
කඳුළු හීනෙක සැමරුමක් ලඟ
රිදුනු හදවත සැඟවිලා
මතක පැන්දිය වැටි දෙනුවන්
සීත කඳුලින් නහවලා
සුසුම් උණුසුම් මිරිඟුවක් ලඟ
මැරුණු හදවත නවතලා
සිනාසෙමි මම උන්නු තැන හිද
කඳුළු පෙම් හිත රවටලා
__ කළුවර හීනය__
This comment has been removed by the author.
ReplyDeleteවැටුණ වැහිපොද නුබේ ගත මත මගේ හදවත ගොළු කළා...
ReplyDeleteමාලනික සඳ සැඟවිලා අද ගණදුරට හිත නැතිකළා....
බොඳ උනත් පෙම එදා මතකය තාම හැඟුමන් මත් කළා...
පලා යන හඳ වෙලාගෙන සිත මාව අද මට නැතිකළා....
ඈත අහසේ වෙලා තරුවක් නුබ දිහා නෙත බල බලා....
කඳුළු පීදෙන, සිහිනයක් ළඟ කීරි ගැහි සිත නැතිකළා....
සීතලයි මේ වහින වැහි බිඳු කවි සිතට අද හිනැහිලා.....
විහඟ රෑනක් වුනේ ඇයි මම ආදරේ ළඟ නැතිවෙලා....
සැමරුමක් සිත පුරා දුවමින් මතකයේ මං ඇවිලුවා...
තෙමි පර මළ ආලයෙන් හිත තාම ඇත නුබ මගෙ වෙලා...
මිරිගුවක් නොව තැලුන ගල් හිත ඉරි තැලී සියොළඟ මළා...
හඬනවා මම තාම එතැනම රවටලා හිත රිදවලා....
කඳුළු එකිනෙක අමුණලා මම, නුබ මගේ ළඟටම අරං...
හිනැහෙනා ලොව දෙස බලා මම සිඹිනවා ලොවටම හොරෙන්....
මියෙදෙනා දින තනි යහන මත නුබ හොවා ආලේ නමින්....
තනි උනත් මම පතනවා තව, නුබ මගේ වෙන්නට ඉතිං....
Bora Diyaka Induwara
ඹ්ලොග් එකේ ටෙම්පුව මාර ලස්සනයි :)
ReplyDelete- ඇයි ටෙම්ප්ලේට් එක විතරද ?
නෑ නෑ... ටෙම්පුවත් ලස්සනයි, කවියත් ලස්සනයි :)
සිරාවටම මන් දැක්ක පට්ට ලස්සන බ්ලොග් වලින් එකක්.. නමට මාර විදියට මැචිං :)
Deleteජීවිතේ ළඟ දැවටි දැවටී
ReplyDeleteමාරුතේ දුර ඇදෙනවා
පාළුවේ හිත කීරි ගැහි ගැහි
කඳුළු දෙකොපුළ සිඹිනවා
ආදරෙන් කවි පේළි ගෙති ගෙති
එයම සෝකෙන් ගයනවා
නිහඬ රැයකට හීන පුර පුර
මිරිඟුවෙන් දිය සොයනවා...
ජීවිතේ ළඟ දැවටි දැවටී
ReplyDeleteමාරුතේ දුර ඇදෙනවා
පාළුවේ හිත කීරි ගැහි ගැහි
කඳුළු දෙකොපුළ සිඹිනවා
ආදරෙන් කවි පේළි ගෙති ගෙති
එයම සෝකෙන් ගයනවා
නිහඬ රැයකට හීන පුර පුර
මිරිඟුවෙන් දිය සොයනවා...
ජීවිතේ ළඟ දැවටි දැවටී
ReplyDeleteමාරුතේ දුර ඇදෙනවා
පාළුවේ හිත කීරි ගැහි ගැහි
කඳුළු දෙකොපුළ සිඹිනවා
ආදරෙන් කවි පේළි ගෙති ගෙති
එයම සෝකෙන් ගයනවා
නිහඬ රැයකට හීන පුර පුර
මිරිඟුවෙන් දිය සොයනවා...
තුන් පාරක් කියවන්න කියල ලිව්වනම් අහවරයි නේ :D
Deleteකවියක හිරවෙන්නෙ කෝමද බොල??
ReplyDeleteරසයි හොදේ!!
ලස්සනයි නංගී !
ReplyDeleteලස්සණ යි ලස්සණ යි.
ReplyDeleteliyannata thawa boho de atha
ReplyDeletesitha sulage dawatila
hadagannata baruwa me sitha
thawama hadanawa thaniwela
lassanai nanga ... mama aluth kenek enna me paththe niwadu welawaka .. theruwan saranai
http://nethukadulu.blogspot.com/
මං මේ බැලුවෙ එලි වැට .. :)
ReplyDeleteසැඟවිලා කියන එක විතරයි දෙපාරක් යෙදිල තියෙන්නෙ.. මට සමහර වෙලාවට ඔය වචන එන්නෙ නෑ එලිවැටට .. දක්සයි ඔයා ගොඩක් :) ^_^ නතිං ටු සේ වෙන දෙයක් :3
දුකින් උපනත් කඳුළු කවිකම්
ReplyDeleteලියමි සතුටින් මේ බලා
කොතෙක් සොඳුරුද නුඹේ කවිපද
දිනෙන් දින තව හැඩ වෙලා