සුවඳ තැවරු මතක අහුරක
එති පැටලි සෙමින් දවසක
පාට හිනෙක පිපි හිනැහෙන
නුඹයි කුමරුන් හදේ නැවතුන
අහස් කුස සිබ සිත සවසක
ඉගිල යන නිල් කුරුලු රැනට
සිත සුළඟක එති හෙමිහිට
රංචු ගැහුනා නුඹත් හිනෙට
විහඟ ගී හඩ කෑ ගසා අද
මගේ සියොලඟ දවන තාලෙට
එන්න සවසක ගී ගයන්නට
හිතේ නලියන පෙම් හැඟුම් ගෙන

ගී ගයන්නට එන්න තරම් හිත සන්සුන් නෑ මගේ...............
ReplyDeleteහිතක් කලබල වුනාම ගිතයකට පුළුවන් හුඟක් හිතට සැනසුමක් ගෙන්න
Deleteඒවි සවසක ප්‍රේම ගීයේ තනුව තැනුමට
ReplyDeleteඑනකම් මන් මඟ බලාගෙනඉන්නේ එත් කො තාම නැනේ :/
Deleteමතක ඇහිරු සුවඳ එළිපිට...
ReplyDeleteගලා යන විට සිතින් නුබ මට....
වෛර කලමුත් සොයා මා හට...
හීන වියැකී යයි ද හෙට සිට....
අහස් කුස කළුවරින් වැසුණා...
අකුණු සැඩ මහා සුළං හමනා.....
කටුක දිවියට නුබද ගෙනෙනා....
දරා ගන්නට මෙයින් කියනා.....
විහඟ ගී ඇසෙයි දස දෙස...
දකින නෙත අද කියයි මගේ වස....
දරා ගන්නට හැකිද නුබ හිස....
ආලේ තිබෙදැයි අසමි මා ලෙස....
ආලේ දිවි තෙර වගෙයි කියනා...
ලොවේ මිනිසුන් බොහෝ සිටිනා....
නමුත් දිවියට සතුට ගෙනෙනා...
එකදු ආදර කතා නැතිනා....
බොර දියක ඉඳුවර එන්න එබෙන්න බොර දියට
නියම පිළිතුරක්....
Deleteසතුට සිනහව හදක රැඳවුන
Deleteමිහිරි සිත ලඟ සිහින දකිමින
පාට ලෝකෙම මලින් සැරසුන
සොදුරු අඳුනකි නෙතම හඳුනන
තාල ගි පද ඔහේ රැව්දෙන්
විහඟ ගොමු රැල ඉගිල ගියදෙන්
හීන එකිනෙක පාව ගියදෙන්
හද සැනසුම පිටව ගියදෙන්
මලින් බර වුන සිත සවසක
කුරුළු රැනෙ මිහිරි ගීතෙක
හෙමින් සැඟවුන නුඹේ හදවත
සෙනෙහෙ පිරුවා සුවඳ තාලෙට
යදම් රැහැනින් බැඳි තිබෙනා
ලොවේ සැනසුම කියන ලෙසිනා
මලින් බර වුන ප්‍රේම කවි වැල්
නැනත් ගොතමුකෝ තියන ලෙසිනා
ලස්සන පිළිතුරු කවියක්
බෙනි ගෙ පද වැලට අර පද වැලත් අපුරුවට පෑහෙනවා නෙවෙද. මගේ හිතෙත් නලියන හැගුම් ටිකක් තමයි මේ දවස්වල.
ReplyDeleteකවියකට කවියෙන්ම උත්තර බඳින්න ඕනා නොවෑ... :D අඩ නින්දේ පද ඇමිණුවේ. දැනුයි කියෙව්වේ මමත්.. :)
Deleteඇත්තටම ඒ පිළිතුරු කවිය හුඟක් ලස්සනයි
Deleteටෙනිසන් වගේ අපිට නම් කවි ලියන්න හිතේ විවේකේ අඩුයි ඔන්න...
ReplyDeleteකොහොම උනත් ලස්සන කවියක්....
අඩ අඳුරේ ලියු කවිය සැම දකිනවා...
Deleteසඳ එලිය කවුළුවක මට පෙනෙනවා.....
මම ලියපු මේ කවිය ඔබ බලනවා...
ඒ කවියේ ඔච්චමට නුබ කියනවා...:p
කවියෙන්ම වැනුවා එහෙනම්.....
Delete:D
Deleteපාට තැවරු සොඳුරු සිහිනය
ReplyDeleteදැවී පොඩි වී කුරිරු මතක තුල
අළු ගසා නැගිටින්න ගත් කල
ඇද දමයි යලි පොලව මතටම
මැරි මැරි උපදිනා භවයෙක
Deleteමැරි අළු වුන රුදුරු පේමෙට
යන්න කිවත් හිතින් හැමවිට
යන්න දෙන්නැ මතකේ රහසේම
සුන්දරයි ඔබෙ කවි පදය මට
ReplyDeleteලස්සනයි එහි ගැබ්ව ඇති දෙය ^_^
^_^
Deleteප්‍රේමයේ ගී ආරාධනා....
ReplyDeleteඑන්න සවසක ගී ගයන්නට
හිතේ නලියන පෙම් හැඟුම් ගෙන......
මේ අපූරු යෙදුම නිසා කවියේ අරුත හිතට දැනෙනවා.
ගිතයක කවියක පුළුවන් පෙම් හිතක් නලවන්න හරි ලස්සනට
Deleteපාට ඉහිරුණ හවස් යාමෙක
ReplyDeleteසිහින අරගෙන දෝත පා ගෙන
මල් මිටක් සේ සිනාසී ගෙන
ඇරයුමින් සැනැහී වඩිනු ඇත..