සුවඳ ඉහිරුනු
මතක අහුරක
පාට හිනෙක
ලැගුම් ගත් හද
ඇවිත් හිනැහෙන
තවත් සවසක
සොදුරු
සැමරුම් තෙමයි මගේ නෙත
කඳුළු මල් දම්
ගොතා හෙමිහිට
පාට පාටින්
හීන ඉකිබිඳ
හඩන මහා රෑ
තනිව හිනෙට
මතක පැන්දිය තෙමයි හදවත
සොඳුරු
සැමරුම් ඇහිද හෙමිහිට
මතක දවමින්
හඩන මගේ හිත
සනසවන්නට
කිසිත් නැති තැන
මතක පැන්‘විත්
ලඟ සරයි හෙමිහිට
-කළුවර හීනය-
කොපුල් තල මත වදින හිරිකඩ
ReplyDeleteසිහිකරයි ඒ මතක උණුසුම
නිදි නොලද තව රැයක් පසුකර
ඇයි මෙලෙස සිත සමඟ තනියම
දුක් ගලන කල කොපුල් මතුපිට
ReplyDeleteදැනෙන අදුරට දිනෙක සරිලන
සිනා පිබිදී කොපුල් මත්තේ
පිපේවා සද පාන විලසට..
පිපෙන ඒ සඳපාන යට සිට
ReplyDeleteබලන් ඉන්නෙමි අවට තරු දෙස
වරක් ඇවිදින් ගියොත් හෙමිහිට
නැවත නාවත් කමක් නැතිවද?.......