ජිවය පුදමි සිත නොසැලි රට දැයට
ගිණ පුපුරණ හඩ ඇසෙනා දෙසවණට
මර බිය දැනේනවා ගැහෙනා පපුතුරට
තල්වැට මායිමෙන් වෙන්වෙන යුධ බිමට
මම ණය ගෙවනා ලක් මව් තුරුලේ සිට
බඳවට පුරා එතෙනා ගිණි බටය ලඟ
මම දුක කියනවා ගැහෙනා හදක් ලඟ
මව් පිය දෙනෙත් සිහිවෙනවා කඳුළු ලඟ
රුරා ගලනවා හැඟුමන් පැරුණු හිතක් ලඟ
හැඟුමන් බිඳි ගලනා රතු රුධිරයට
රුරා ගලන දහදිය බිදු සුවඳ ලඟ
මරණය අසල හිත සැසලෙන හදට
ජිවය පුදමි සිත නොසැලි රට දැයට
තල් වැට පුරා හඩගානා වෙඩි හඩට
විසිරි පොලොව සිඹිනා රන් රැධිරයට
හදවත කාඩා වැටෙනා සුළු විරාමෙට
නොදැනිම කඳුළු වැටුනා ලය පුරාවට
බංකරේ පුංචි කාමරයක තනිවිලා
තල් වැට ලඟම හැඟුමන් හිත පුදලා
ලක් මව රකින විරු පුතනුවක් වෙලා
සිතුවිලි පුදනවා හද තුරුලේ මියැදිලා
හොඳට දැනෙනවා...
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
ReplyDeleteරතු ලේ වැගුරුනත් මේ සටන් බිමේ
කප් රුක නොසැලි නුඹ රැදි ඉන්නේ
රට දැය සමය අගම රැක ගන්න සටන් බිමෙ
වීර ලෙසින් ලක් මව් රැක ගනින් පුතේ
හැඟුමන් බිඳි ගලනා රතු රුධිරයට
ReplyDeleteරුරා ගලන දහදිය බිදු සුවඳ ලඟ
මරණය අසල හිත සැසලෙන හදට
ජිවය පුදමි සිත නොසැලි රට දැයට
lassana nirmanayak
හිතට දැනුන කවි පෙලක්...
ReplyDeleteටොප් වියමන...
ReplyDeleteහිතට දැනෙනව කියවගෙන යනකොට