Wednesday, May 22, 2013

මම දැන් ජිවත් වෙනවා ------------------------------



ජිවත් වෙන්න හරිම කම්මැලි
වෙලාවකට
මට හිතෙනවා මට පිස්සුද කියලා
හැමදාම එකම විදිය
එකම මිනිස්සු
එකම රාමුව
ගල් ගැහිච්ච මිනිස්සු
හිතක් පපුවක් නැති අය එක්ක
කම්මැලි කමින් ජිවත් වෙනවාට වඩා
සැප නැත්ද
සුන්දර වු ‘මරණය‘ වැලඳ ගන්න එක
නැ
එක නෙමෙයි උත්තර
කම්මැලි කම ගෙවෙන්නත් එක්ක
හිතක් පපුවක් නැති මිනිස්සුන්ට
දැනෙනත් එක්ක
එක දවසක් හරි ජිවත් වෙන එක
ඉතින්
මම ජිවත් වෙන්න තිරණය කලා
පණ නොගැහෙන
හදවත් තාලයට නොගැස්සෙන
කුරිරි මිනිස්සු ඉන්න
විසම සමාජයක
කම්මැලි ජිවිතයකට පණ දෙන්න

ඔව්
මම දැන් ජිවත් වෙනවා


Friday, May 17, 2013

මැදියම් රෑ යම


අඩ අඳුරත් සීතල හුළන් රැල්ලත් එක්ක මුළු ඇගම කිලිපොලා යන්නේ ය.ඇය නිදන සයනය මත අඩ නිරුවතින් උන්නේය නොනැවති කැරකෙනා විදුලි පන්කාව ඇයව නිරුවත් සිතුවිල වල මංමුලා කරවන්නිය......
සියක් සිතුවිලි ඇවිදින් ඇගේ මලානික හිත අසල ඉඟි බිඟිපාන්නිය...කොදුරමින් නැලවෙමින් පැද්දි පැද්දි ඇගේ හිත ඇයට වැට කවුළු බඳින්නිය
සිතල වාතය මඟින් ඇගේ අඩ නිරුවත් සිරුර උණුහුමින් ගිනියම් කරන්නේය.සිතුවිලි සමුදායක් විදි ඇගේ නිදන් ගත වුන සිතුවිල වල ඇගේ උණුහුමින් නැහැවෙන මන්මුලා වුන සිතුවිල අතර ඇයවම අතරමං කරන්නිය.ප්‍රේමයේ වියරු කඳුළු අතිරින් ජිවිතේ මඟ වැරදුනු මඟ සොයන්නියක සේ අයාලයේ ඇවිද ගිය සිතුවිල වල අතරමං වු ඇ ඇයත් රහසෙන් ඇයගෙන් සොරාගත් ඇ නින්නදත් නොනින්දත් අතර පෙරමඟ බලාවුන්නිය.තෙහෙට්ටුවත් කාන්සියත් සිත් රිදවුමිනුත් හෙම්බතු වු ඇ සැනසිලි දොරටුව අභියස සාදාතනික සිසිල් ආදරේ පැන් සිසිල දැන් ඇ වෙලා ගයි දැන් ඇ වෙලා ගනි යයි මඟ බලමින් වුන්නීය

ඇගේ අඩ නිරුවත් වු සිරුර දහසකුතු සිතුවිලිවලට ආරාධානා කරන්නිය දහසක් හැඟිම්වලට කතාකරන්නිය
ආදරේ වියරුවේන් පැහැරුණු සියළුම සිතුවිලි ආදරයක් ඉදිරිපිට මලානික වර්ණයෙන් රඟදෙන්නෙය
ඇගේ සිතුවිලි ඇය විසින්ම නිරුවත් කරන්නිය...තෙහෙට්ටුවෙන් විඩාබරව මඟබලමින් වු ඇගේ දෙඇස්ම ආදරය ඉඳිරියේ නින්දේ කිරා වැටෙන්නීය..ජිවිතය නැමැති මං පෙත ඉරිපිට පරාජිත වුවකු සේ ඇය හඩා වැටෙන්නිය

නිදන සයනේ උඩු බැලිඅතට දිග හැරි වුන් ඇ චංචල සිතුවිලි කිමිදෙමින් නව ජිවයක් පතන්නිය යදින්නිය
නව ලොකයක් ගැන සිහින මවන්නිය..කිරාවැටෙන දෙඇස් දල්වා ඇය මඟ බලන්නිය
ජිවිතය වෙනුවෙන් ජිවත් වන්නිය...ඇයම ආදරය ඉල්ලමින් කළුවර රැයක් පහන් කරමින් යදින්නිය
ඒ ආදරය මතම ඇ පරජිතයෙක් වන්නිය
තව තව පැරදිනියක් වන්නීය තවතවත් හඩනනිය තනිව රැවටෙන්නීය.



Sunday, May 12, 2013

තවමත් මා නොදුටුව මගේම ආදරණිය අම්මා/ තාත්තා වෙත...



ජිවිතය පිලිබඳ සියළු ආසාවන් අතහැර දැමුවෙමි
තවදුරටත් මා ජිවිත් විමේ කිසිඳු ආසාවක් 
මා තව දුරටත් ජිවත් විම සඳහා කිසිඳු බලාපාරොත්තුවක් හො එකිසිඳු අරමුණක් නොමැත
කවරෙකුට හො සුජාතව මා මෙලොවට බිහිවු නිසාම මම ජිවිතය ගෙවන්නෙමි
කවරෙකු හො මා මෙලොවට බිහිකල නිසාම එ ලද ජිවිතය නිසාවෙන්ම මම ජිවත් වෙන්නෙමි
මගේ දිවියට නිශ්චිත අරමුණක් නැ
යායුතුයි කියා නිෂ්චිත ගමනක් නැ පෙනෙන තෙක් මානයක අවසානයක්ද නොමැත
මට මගෙයි කියා කිසිවක් නැත මට මගෙයි කියා කිසිඳු දෙයක් අයිතිද නැත
හුදෙක් මට මන් පමණි
මා මෙ ලොවට බිහිවුයේ ඇයි දැයි කියන්නට නොදනිමි
මා කාගෙදැයි කියන්නට නොදනිමි
මාගේ කළලය කුස තුල නව මසක් දරා සිටියේ කවුරුන්දැයි කියන්නට නොදනිමි නමුත් මා දන්නා යම් කරුනක් වේද මගේ ජිවිය නුඹ මා මෙලොවට බිහි කල නිසාවෙන්ම අඳුරු වු බවයි
හන්දියක් හන්දියක් ගානේ දරුවන් මහ මඟ අතහැර දමා යන දෙමව්පියන් වෙති උපන් දා ගෙල සිරකොට තව දරුවා මරා දමනා දෙමාපියන්ද වෙති
එහෙව් දෙමාපියන් සිටිනා සමාජයක මාවන් දරුවෙක් හට නුඹ ජිවිතයක් දුන්නේ ඇයි දැයි කියන්නට නොදනිමි මා ජිවත් කරවන්නට මගේ පණ කඳ රැක්කේ ඇයි දැයි කියන්ට නොදනිමි
මා උපන් මොහොතේ මගේ ගෙල සිර කර මා මරණයට පත් කලානම් අද මම මෙවන් දුකක් නුඋහුලමි

ජිවිතය නම් ඔහේ ගෙවි යයි නමුත් දිනෙන් දින තත්පරයෙන් තත්පරය ගෙවෙනා මගේ ජිවිතය කිසිඳු අරමුණක් නොමැත නුඹ මා මෙලොවට බිහි කල නිසා මම ජිවත් වෙන්නෙමි මම මෙලොවට බිහි වු නිසා දැන් ජිවිතය ගෙවෙමි මාගේ ජිවිතය් කිසිඳු අවසානයක් අරමුණක් මා නොදකින නිසා එය කවදා හො අවසන් වෙ යයැයි බලාපොරොත්තුව ඇතිව මම කාලය ගත කරමි නමුත් එ කවදාද කෙසෙද යන්න පිළිබඳවත් මට කිසිඳු අදහසක් නොමැත

මා නොදුටුව මාගේම මැණියයි මා මෙලොවට බිහිකළ මාගෙම මැනියයි මට අවසන් වශයෙන් අහන්නට ඇත්තේ එකම එක දෙයක් පමණි මා උපන් මොහොතේ මගේ ගෙල සිර කර මගේ පණ විනාස නොකර මෙවැනි කුරිරු මිනිසුන් සිටිනා ලොවකට මා ලබා දුන්නේ ඇයි දැයි යන්න පමණි

සෂි

Tuesday, May 7, 2013

නොකියාම දුර ගියේ ඇයි කියන් රහසේම

 
 රෑඅහස සරසනා රෑ මානලිය විලස මම
නුඹේ හීනේ හිනැහුනා මුළු රැයක් පුරාවට
මුළු රෑම ලඟ හිදන් කවි ලියුව නුඹේ හිත
නොකියාම දුර ගියේ ඇයි කියන් රහසේම

අර පේන කඳු අතරේ රැව් දුන්න මගේ පෙම
නුඹට අද පවසාවි මගේ හිතේ රැඳුන දුක
කඳුළු ඇවිදින් හුරතල්ව සඳ රැයක් පුරාවට
මගේ තනිය මැකුව හැටි තාම පුදුමයි සිතට

ආදරෙන් ලන්වෙලා කවිකාර හිතක් වෙත
නුඹ මැව්ව සෙනෙහෙ ගඟ සුන්දරයි ම‘හදට
උහුලන්න බැරිතරම් සුසුම් කන්දක් වුවද
ඉතින් කවි කරමි පෙමත් මියැදි අඳුරෙම
 
 
 

Friday, April 26, 2013

මගේ සඳ

හීන අහුරක් අරන් දෝතට
නුඹ ඇවිත් එක සවස් යාමෙක
පාළුවෙන් වුන් මගේ හිත ලඟ
භාවනාවක් වුනා මතකද

හින අහුරෙම දැවටිලා මම
නුඹේ ්‍රේම දැහැන ලඟ හිද
ආදරේ නමටම පිරු පෙරුමන්
ොඳව ගිය හැටි කියයි කඳුළුම

පයනා සඳ - තරුත් රෑයම
එලිය දෙන්නට හදයි හිත ලඟ
එත් ‘මගේ සඳ‘ නොමැති අහසට
කුමන තරුවද ඉන්නේ එලියට

භාවනාවක දැහැන් ගතවි
නුඹේ ප්‍රේමයේ සුවඳ විදිමන්
ඉන්න පිරුවත් මමත් පෙරුමත්
සඳත් මිලිනව ගිහින් දුර දැන්

නොපිරු පෙරුමන් හිතින් විඳිමින්
කළුවරේ මම හීන දකිමින්
මිලින වු සඳ යලිත් එන තෙක්
දැහැන් ගතවෙමි නමට නුඹේ මං

Monday, April 22, 2013

තිත් පෙළක් අවසාන කොටස

තිත් පෙළක් පළමු කොටස මෙතනින්



තොරතොන්චියක් නැතිව ජංගමන නාද දෙන්නට විය
සවස සිදුවු සිද්දියත් සමගින්ම කලකිරිනු සිතුවිලි සමුහයක් හද කොනක රඳවන් මම කාමරයටම වි කල්ගෙවුවේ ශරීරයෙන් හටගත් වේදනාව නිසාම නෙවෙයි...
මනස පුරා ගලාගෙන යන චන්චල සිතුවිලි වසර කිහිපයක් ආපස්සට මාව කැදවාගෙන යන්නේ විදුලි වේගයෙනි හදවත කිලිපොලා ගෙන එන මතක විදුලි දහරා එකින් එක මා ඉදිරිපිට පෙලගැසෙමින් මගේ මුළු ආත්මයම විසින් මට මාවම ණයකාරියක් කරවන්නේ දැයි හැඟිමක් හද කොනක හටගනි
අතිතයක පැටලිච්ච ප්‍රේමනිය සොඳුරු සිහිනයක ගිලිහි ගිය බලාපොරොත්තුත් ජිවිතේ හොයා ඇවිදින්නියකසේ කල් යවමින්  මාගේ සිත වල්මත් වි මන්මුලා වු තරුනියකගේ තත්ත්වයට ඇද හැරුනු ජවනිකාව වනකේම මගේ සිතුවිලි එකින් එක මනස පුරා පෙලගැස්වෙයි


කිසිත් නොකියා වේදනාබර ගතින්යුතුවු දුරකතනය අතට ගතිමි
නෙත නොගැසුනු අංකයකි
හිතේ පවතින චකිතයකින් යුතුව මම දුරකතනයට පිලිතුරු සැපයුවෙ තවත් එක් ගැනුම්කරුවෙකුදැයි සැකය හිතේ රඳවගනිමිනි
අනෙක් පසින් ඇදි ආ දෙකන් සිතල කරවන වචන රැලි මගේ නිදි බර සිත තවත් අවදිකරවන්නිය
එ සිතුම් ය

සඳා මට ටිකක් නිදහසේ කතා කරන්න ඔනේ සඳා

මම කිසිත් නොකියා නිහිඩ විමි

ඇයි කතා කරන්නැත්තේ සඳා මට උත්තර දෙන්න

මොනා කියන්නද සිතුම් කියන්න ඔනේ හැමදේම මම අපි එකාලෙම කියලා ඉවර කලානේ දැන් දැන ගන්න ඔනේ හැමදේමත් ඔයා ඇස් දෙකටම දැක්කානේ

මට තෙරෙනවා සඳා නමුත් මට ටික වෙලාවක් කතා කරන්න ඉඩ දෙන්න

කියන්න සිතුම් අහන් ඉන්නේ

මම හෙට උදෙන්ම ඔයාව හම්බවෙන්න එනවා ප්ලිස් එකට නම් බැ කියන්න එපා

මොනා කියන්නද සිතුම්

මම දුරකතනය විසන්දි කලෙමි

නිර්ව්‍යාජ සිතුවිලි සමුදායක මන්මුලා වු තැනැත්තියක සේ මම ඔහේ නුඹේ මතකය තුරුළු කරගෙන ඇදට ගොඩ වැදුනෙමි
කොතරම් උත්සහ කලත් මට නැවතත් අතිතයට පිය මැනිය නොහැක කොපමණ වෙර දැරුවත් මට වැරදුන තැන සදා ගත නොහැකිය
කුණාටුවකට හසු වු නෞකාවක් වෙරලක් හමුවෙනතෙක් පාවෙනවාසේ  ඔහේ පාවියන මගේ හිතත්  සැනසුමක ඡායාවක් හො හමුවන  තෙක් දැගිලි ගනිමින් බලා ඉන්නෙමි
සමහරවිට හෙට මගේ ජිවිතේ අළුත් දවසක් වෙවි අළුත් පිරිචේදයක් වේවි
එතරම් නුඹේ පෙම පිවිතරුයි
වැරදිකාරිය මා පමණයි
හුදෙක් මා පමණයි

_______________________________________
සඳා මම ඔයාව හෙව්ව තරම් දන්නේ මායි මගේ හිතයි විතරයි එදා ඔයා මාව අතරමන් කරලා ගිය වෙලෙ මම හිටිය තත්තවය

අපි ඔවා කතා නොකර ඉමු සිතුම්


ඔයාට මට කැමතිනම් ආයෙත් ලස්සන ජිවිතයක් ගතකරන්න පුළුවන්
පින්සිද්ද වෙයි සඳා පෙව්කාර ජිවිතෙන් ටිකක් නැගිටින්න


කොහෙන් පටන් ගන්නද සිතුම් මම දැන් වගේ ගැඹුරුම තැන ආයෙම ගොඩ එමක් නැ

ඇයි නැත්තේ හිතන්න හිත හයිය කරගන්න මම එදා වගෙම අදත් ඔයා වෙනුවෙන් ඉන්නවා අමතක කරන්න එපා

මට නොතෙරෙනවා නෙමයි නමුත් අපි හිතන තරම් ලේසියෙන් මඩන් ජිවිතෙන් අයින් වෙන්න බැ සිතුම් 
මම දැන් වට වැටිලා ඉවරයි ආයේ ගොඩ එමක් නැ අනික ලස්සන ජිවිතයක් ගත කරන්න තරම් මම පින් අතින් පොසත් ගැහැනියෙක් නෙමෙයි
මේ වගේ පව් කදක් ඔය පින් ජිවිතේට වද්ද ගන්න එපා


ටිකක් හිතන්න ජිවිතේ පටන් ගමු අළුතින්
මම රෑ වෙලා කොල්කරන්නම්


ඔහු සිප ගත් මගේ නලත තාමත් හදවතටකතා කරයි
 අතිත සුවද තැවරුනු සොඳුරු පාසල් සමය නැවතත් හදවත ට කතා කරයි


 
ඇත්තටම උඹ හරි වාසනාවන්තයි සඳා
අපේ එකෙක් හරි ගොඩ ගියා

මේ පටන් ගන්න ජිවිතේ සතුටින් ගෙවපන් ගදගහන අතිතයට ආයෙම හුලගක්වත් නොවදින්න පුළුවන් තරම් ඇතට පලයන් සඳා
මගේ ආෂිර්වාදය හැමදාම උඹත් එක්කම තියනවා

 *******************************************
මහා ලොකු හොටල් වල නොගත්තත් පුංචි පහේ මනාලියක් විමට මා කලපින් හුඟක් වෙන්න ඇති
කෙසෙවෙතත් මගේ ජිවිතේ පුනරාගමනය
සිතුම්
සත්තකින්ම නුඹ දෙවියකි
මගේ ජිවිතේ ගොඩ ගත් මගේ ඉෂ්ඨ දෙවතාවෝය.

මා මෙ දකින්නේ හිනයක්ද
මට තාමත් නොවැටහෙයි
කාටත් රහසින් මම මාවම කොනිත්තා ගතිමි
සැබැවින්ම මේ සිහිනයක් නොවේ
අද මම සිතුම් ගේ මනාලියයි
සැබවින්ම මා ඇගේ මනාලියයි
රකින්නට පතිදමක් නොතිබුනත් නුඹ වෙනුවෙන් මගේ හිතේ ඉඳිවු ප්‍රේමනිය පතිදම බිදිනොගොස් ඇතිසෙම සඳා නුඹෙ කුල ගෙයි පතිනිය විලසින් වැජඹිමට ලැබිම හුදෙක් මා කල පිනක්ය

_____________________________________
මේ සිද්දි සමුදායට මට හිනයක් බඳුය
ඇත්තනේම මට තාමත් සිතා ගත නාහැකි අයුරින් සියළු දේ වෙනස් වි හමාරය
මගේ ජිවිතේ ස්වර්ණමය යුගය උදාවි ඇත
ඇත්තෙන්ම මඩම් ජිවිතේ කිරුළු පැලදි සොඳුරු වෙසඟන
සැම ගැණුම්කරුවෙක්ම පාහේ ඉහල ඉල්ලුමකට හිමිකම්කියපු එකම වෛෂ්‍යාව
සියල් සිදුවි හමාරය ගදගසනු ලැබු අතිතයේ සියළු කුණු ගොඩවල් සිතුම් විසින් වල දමා හමාරය
මා දැන් සැපවත් ජිවිතයක් ගතකරන්නිය



******************************************

Monday, April 15, 2013

හුදකලා වුන මගේ හිත

ලියා තැබු අමතක සැමරුම්
එකින් එක කොලයක් පුරා
ඇහිදගෙන මම ඔහේ පෙරලමි
නුඹව හොය හොය පිටු පුරා

ඇවිත් නැවිත් ගියපු සවසක
නුඹේ පින් රුව හිත පුරා
තාම සක්මයි කරයි රහසෙම
නෙතින් කඳුලැලි සල සලා

අද හෙටක නුඹ එන්න සවසක
මතකේ සුලඟක දවටලා
මම හිදිමි තව කල්පයක් වුව
නුඹට පෙම් හිත පවරලා


කොලයක් කොලයක් පාසා  නුඹෙයි මගෙයි ආදර කතාව හැමදාමත් ලියැවෙන නුඹෙයි මගෙයි ආදර කතාව කොච්චරනම් හිතුවත් මේ හිතට නිති තහන්චි දාලා හිතන්න එපාය කියලා එත් කවමදාකවත් අහන්නේ නැති මගේ හිත නුඹ වෙනුවෙන්ම පිටුවක් පිටුවක් පාසා ලියැවෙන අපේ ආදර කතාව
තිත තියනවා කියලා හිතපුවාර නම් අනන්තයි ආයෙ නොලියා ඉන්නවා කියලා හිතපු වාරත් අනන්තයි එත් කොච්චර කොහොම හිතුවත් නතර කරන්නේ කොමද හැමදාම මොකක් හරි දෙයක් හිතෙනවා මොකක් හරිම දෙයක් ලියැවිලා
හ්ම්
මේ පෙම් හිත මැරිලා හුඟක් කල්... නුඹේ නමට මගේ හිතේ ඉදිවුන මතක මැදුරු එකින් එක ගිලිහිලා යනවා මටත් නොදැනිම
එත් මට එවා අයින් කරන්න වුවමනාවක් නැ
එකයි හැමදාමත් වගේ නුඹේ රැපයම හොය හොය මම නුඹ වෙනුවෙන් මතක පොතේ පිටු පෙරලන්නේ
 

Monday, April 1, 2013

තිත් පෙළක්




‘මයුමි... උඹ මේ ලඟ දි දතක් ගැලෙව්වා නේද‘
‘ඔව් සඳා ඇයි මොකො හිටලාද‘
‘ඔව් බන් මේ තිරිසනුන් එක්ක ඉඳලාම මට දැන් තිත්ත වෙලා මේ කිවෙනි දතද ගලවන්න යන මේ කරුමක්කාර රස්සාව මට දැන් එපා වෙලා අපේ කරුමේ බන් වෙන කරන්න දෙයක් නැති කමට මෙකෙම ලැඟ ගෙන ඉන්නවා‘
‘හම් එක නම් ඇත්ත සඳා කරුමෙ පස්සෙන් එනකොට දුවන්න පාරවල් නැ
අපිට දැන් කොමත් ගොඩඑමක් නැ‘
‘වෙලාවකට මට මඩම අතැරලා යන්න හිතෙනවා බන් එත් මං කියලා කොහෙ යන්නද
අම්මෙක් ඉන්නවාද අප්පෙක් ඉන්නවාද මට කියලා මොකෙක් වත් ඉන්නවාද බන්

ඇත්තමයි වෙලාවක මේ මඩන් ජිවිතේ මොන කරුමක්ද‘


මයුමි මගේ ලඟට ඇවිදින් පිටට තට්ටුවක් දැම්මා.
මට ඇත්තටම ජිවිතේ ගැන පුදුම කලකිරිමක් තියෙන්...වචනයෙන් කියන්න බැරි තරම් පුදුම කලකිරිමක්
ලඳට වැටුණු මැඩියා ළිං කටෙන්මයි ගොඩ එන්න ඔනේ එත් මට කවදාකවත් ගොඩ එමක් නැ
--
ජිවිතේ හරි පුදුමයි
--

ඇයි උඹ කලින් කරගත්ත තැන් එවාට මොකද වුනේ

ආපහු එතනට යන්න බැ බන් එතන ඉන්නේ දොස්තරලා නෙමෙයි තිරිසන්නු අපේ අන්තිම ලේ බින්දුව හරි බොන්න ලැහැත්ති වෙච්ච යක්කු ඉන්නේ

‘සඳා බය නොවි හිටහන් මම උඹව එතනට එක්කන් යන්නම්‘



මට බය නැ බන් එත් මට හරි හිරිකිතයි
ජිවිතේ කල කිරිලා
මට මන් ගැනම පදුම අප්‍රසන්න බවක් දැනෙන්නේ
හැමදාමත් මෙහෙම පිරිමින් සතුටු කරලා වැඩක් නැ අපි උන්ව සතුටු කරනවා උන් අපෙන් සතුටු වෙනවා අපි අපේ ජිවිතේ විඳවනවා මොන කරුමයක්ද බන්

  

මට තෙරෙනවා බන්
 උඹ ඔවා මට ඇහෙන්න කිවට කමක් නැ වෙන එකෙකගේ කනට ඇහුනත් ඇති උඹට මම කියනදේ තෙරෙනවානේ
අද හවසටමට මුකුත් වැඩ නැ මම උඹව එක්කන් යන්නම් 5වෙනකොට ලැහැත්ති වෙලා හිටපන්කො

--
එහෙම කියාගෙන මයුමි පිටවි ගියා

කිසිත් හිතට කානොවදින මනසකින් හිටිය මගේ හිතේ එක එක සිතුවිලි ඔළුවේ පෙලගැස්වෙනවා
එක එක නානප්ප්‍රකාර සිතුවිලි
හැමදේම අමතක වෙන්නයි කියලා හිතාගෙන මම කාමරේ දොර වහගෙන ඇතුලට ඇවිත් ඇඳේ හාන්සි වුනා

සිවිලෙම එල්ලෙන  ෆැන් එක මහා හයියෙන් කැරකෙනවා
අවුරු 27කට ජිවිතේ මම කොච්චර දෙවල් වෙනස් කරගෙනද
හිතත්දිත් හිත කලකිරෙනවා
මම ඇඳේ උඩුබැලි අතට හැරලා කැරකෙන පංකාව දිහා බලන් හිටියා
මගේ හිත එක එල්ලෙම ඇඳිලා ගියේ  ස්කොලේ කාලෙට
ගමේ ස්කොලේ ...5පන්තියේ විභාගේ ඉට පස්සේ ඔලෙවල්...කොළඹ ජිවිතේ

හම්
 ජිවිතේ ගලාගෙන යන හැටි... ගාලාගෙන ගියපු හැරි
_
එක පාරටම මට මතක් වුනේ සිතුම්ව
ඇයි දන්නේ නැ
සිතුම් දැන් මොනා කරනවා ඇතිද
සමහර විට දැන් හොඳ තැනක ඇති
මම ගැන එයා දන්නවානම්..කවදා හරි මුණ ගැහුනොත් මම මුණ දෙන්නේ කොමද...
_

ජිවිතේ හරි පුදුමයි සඳා අපි හිතන දෙවල් අපිට හම්බවෙන්නේ නැ නොහිතන දෙවල් හිතෙන්නෙත් නැති ඉක්මන්ට අපෙ ජිවිතේට එනවා සමහර විට ලන් කරගන්න අකමැති දෙවල් හරි ඉක්මන්ට අපිට ලන් වෙනවා
හරියට ඔයයි මායි කතාව වගෙයි
එ මොනාවා වුනත් මම ඔයාට හුගක් ආදරෙයි
කවදා හරි දවසක ඔයාට මාව මතක් වෙයි එදාට නොවැරදිම කොහි හිටියත් ඔයා ලඟට  දුවගෙන එනවා
එ තරම් මේ ආදරේ ඇත්තමයි
-සිතුම්-

ඔහේ පාවෙන අකිකරු සිතුවිලි ඇවිත් මගේ හිත වසා ගත්තේ ඇයිද කියන්නට දන්නේ නැනමුත් ඒ දඟකාර අතිතයට මම ආදරය කරනවා
මට මාව පෙන්නපු අතිතයට ආදරය කරනවා වගෙම මට මාව ජිවත් කරවපු ඒ සුවඳ පිරුණ අතිතයට මම හුඟක් ආදරය කරනවා
එත් මම තාමත් හොයන්නේ මට වැරදුන තැන
 
_------------------------------------

මම පිස්සුවෙන් වගේ ඇඳෙන් නැගිට්ටා
ඇත්තමයි
මට මෙච්චර කාලෙකට පස්සේ ඇයි සිතුම්ව අද මතක් වුනේ
දැන් එයා මොනා කරනවා ඇතිද
 _දොරට තට්ටු කරන නිසාම මම මලානික ස්වරුපයෙන් දෙර දිහාවට ගියේ කවුද ආවේ බලන්න

සඳා උඹ ලැහැත්තිද
මයුමි උඹ ආවාද දන්නෙම නැතිව වෙලාවත් ගිහින් ටිකක් හිටින් මම ටක් ගාලා ලැහැතති වෙලා එන්නම්
_

මම දඩිබිඩියේ නානකාමරයට ගියේ ඇගසොද ගන්නයි
හැකි උපරිම වෙගයෙන් ලැහැත්ති වෙලා මයුමිත් එක්ක පාරට බැස්සා


හන්දියෙන් ටුක් ටුක් එකක් ගමු
හම් මොකද බන් ගල් ගිලලා වගෙ... උඹ බයවෙලාද බය නොවි හිටින් මේ පලවෙනි පාර නෙමෙයිනේ



නැ බන් එහෙම දෙයක් නැ ඉක්මන්ට යමු

_
නැ කියුවත් අතිතයෙ පැටලිච්ච හුඟක් මතකයන් එකින් එක මනස පුරා ඇවිද්දේ හරියට චිත්‍රපටියක් මනසේ අඳිනවා වගෙයි
_
අපි හන්දියෙන් ත්‍රි විල් එකකට නැග්ගා
බම්බලපිටියට යමු
ත්‍රි විලය වේගයෙන් අදි යනවා
අපි ගාලු පාරේ හවුස් ඔෆ් ෆැෂන් එක ලඟින් බැස්සා
මයුමි ත්‍රිවිල්රියදුරාට රුපියල් 500ක් දික් කරලා මගේ දිහාවට ඇවිදන් ආවා


බය නොවි හිටහන් බන්
කුඹියෙක් කනවා වගෙ වැඩක්නේ
උඹ නිකන් හරියට මොන්ටිසොරි වගෙයිනේ හැසිරෙන්නේ

_

මම කිසිත් නොකියා මයුමිත් එක්කම ඇවිදන් ගියා කොහොදො කෙටි පාරවල් දෙකතුනකින් ඇවිදන් ගිහින් මාතෘ සායනයක බොඩ් කැල්ලක් ගහපු බිල්ඩින් එකකට ඇතුල් වුනා මේ මතාසායනකය මුවාවෙන් පවත්වන් යන නිතිවිරොධි ගබ්සා මද්ධයස්ථානයක්
මයුමි පලපුරුදුකාරියෙක් ලෙස ඇතුලේ හිටිය තැනැත්තියකට කතා කරලා මාව දෙවෙනි තට්ටුවට එක්කන් ගියා
මාත් කවුදො වගෙ ඇගේ පිටිපස්සෙන් ඇවිදන් ගියා
හම්
මම වගෙ තවත්කෙල්ලො 3නෙක් ඇවිත් සමහරු පිරිමින් එක්ක එ සමහරු තවත් ගැනුන් එක්කම
මමයි මයුමියි තිබුන හිස් වෙච්ච පුටුවක වාඩි වුනා
විනාඩි 10කට විතර පස්සේ නර්ස් කෙනෙක්ද මන්දා ගැණු කෙනෙක් ඇවිදින් බොන්නයි කියලා පෙති වගයක් දුන්නා එ ගැනු කෙනොගේ මුණේ තිබ්බේ හරියට සතෙක් දිහා බලනවාවගේ හැඟිමක්
මුන්ගේ ගැස් බලහන්කො මයුමි නොදොකින්

කටවහගෙන ඉවසන් හිටින් සඳා අපිත් සුද්ද වන්ත පත්තිනි අම්මාලා නෙමෙයිනේ

ඇතුලට ගිය කිප දෙනෙක් එලියට එනවා
එ සමඟින්ම ඊලඟ කොනත් ඇතුල්ට යනවා
මට මන්ගැනම තියෙන කලකිරිම තවත් වැඩි වුනා
එත් මවෙතින් එලියට පැන යන්න හදන දහක් සිතුවිලි මම පාලනය කරගත්තේ හරිම අමාරුවෙන්
පැය දෙකකට විතර පස්සේ මගේ වාරය ආවා


සඳා ඊළඟ අපි
මම ඇතුලට එන්නේ නැ කෙල්ලේ
උඹ හයිය අරන් ඇතුලට පලයන් දොස්තර වුනත් විස්වාස කරන්න බැ උන් වුනත් මහා ජරා සත්තු


හම්
‘ ඊලඟ කෙනා එන්න‘ එ උදව්වට හිටිය හෙදියයි
මම හෙමින් හෙමින් කාමරේ දොර ඇරගෙන ඇතුලට ගිහින් දොර වහාගත්තා
_දොස්තර වාඩි වි සිටි මෙසය ලඟට ගොස් එතන තිබු පුටුවේ වාඩි වෙලා හටියේ දොස්තර අසුනේ නොසිටි නිසා
නර්ස් කෙනෙක් ඇවිත් මට ඇතුලට එක්ක් යන්න කත කලා
මාත් ඇය පිටිපස්සෙන් ඇවිදන් ගියේ වැරදිකරපු කෙනෙක් වැරැද්ද නිවැරදි කරගන්න පසුපස යනවා වගෙ හැඟිමකින්
තවත් කාමරයකට ඇතුල් වුන මට හින් දාඩිය දානවාත් එක්කම ගල් ගැසි බලන් හිටියේ දෙඇස් අදහා ගන්නත් බැරි පුදුමකිනි

දෙයියනේ සිතුම් ඔයා








Tuesday, March 26, 2013

බෝ මළුවේ විරාමයක්

පායපු පුන් සඳ
එ සඳ වටා විහිදෙන කහා සුදු එළිය
සඳ දිහා බලන් ඉන්න මොහොතක් පසා මගේ හිත වෙනමම ලෝකයකට ගෙනියනවා වෙනමම දැහැනකට හිත පටවනවා ඇත්තම කියුවොත් මගේ කවි හිත තව තවත් දළුලනවා
ඇතින් ඇහෙන ඝණ්ටාරේ නාදය දෙකන් පෙති වලට එක්කර සැනසිම කියන්නට ගලපන්නට මට ඇත්තටම වචන නැ....

සුදුවට සුදුවේ සැරසිලා සුදුම සුදු මල් වටියක් තෙල් මල් හඳුන්කුරුත් අරගෙන පුරුදු විදියට මම අම්මාත් එක්ක පන්සලට ගොඩ වුනේ හිතේ වෙනසකටත්  එක්ක..හැමදාම ජිවත්වෙන එකකාරි පරිසරයෙන් මිදෙන්න හිතාගෙන..
සමහර විට මගේ හිතේ තිබුන ව්‍යාකුලත්වය හොඳින් තෙරුම් ගත්ත නිසාමදො අම්මා මට පන්සල් යන්න කතා කලේ
මගේ හිත දැන් හරිම ව්‍යකුලයි
කියා ගන්න බැරි හැඟිම් රාෂියක් එකතු වෙලා හිත පිරිලා
සමහර විට අම්මා මගේ හිත කලින් ඉඳන්ම කියවන්න ඇති

ඇත්තමයි මගේ හිත මගේ අම්මා තරම් කියවුව කෙනක් තවත් නැති තරම්

පන්සල් භුමියට ඇතුල් වෙනවත් එකම හදවතට කතා කරපු ඒ මල් සුවඳ ඇතින් හමාගෙන ආපු හඳුන් වැටි සුවද... හදවතත් ඇසත් එක්ක හදාගන්නේ අමුතුම සම්බන්ඳයක්
 

-----
 

විහාර භුමියේ පුදුම කලබලයක්
සුදුවට සුදුවේ ඇදගෙන වුන් හුඟක් ඇයො හරිම කලබලෙන්
මල් පුජා කරනවා හඳුන් කුරු පහන්වැටි දල්වනවා
සමහරු බෝධිය නහවනවා
තැන තැන ඇදිගෙන වුන් සමහර ඇයෝ ගාථා කියනවා... භාවනා කරනවා
ඇත්තටම සුන්දර කලබලකාරි පරිසරයක්

මමත් අම්මාත් මල් පුජා කරලා පහන් පතුත් කරලා වැලි මළුවේ වාඩි වුනේ ගථා කියලා භාවනා කරලා හිත ටිකක් සැහැල්ලු කරගන්නයි

ටික වේලාවක් භාවනා සුවයෙන් හිටිය මම දෙනෙත් විවර කරමින් පන්සල් භුමිය දිහා විමසිලිමත් ඇස් යොමුකලේ අම්මා කොහෙදැයි සෙවිමටයි

අම්මා චෛතය ලග තියෙන ගල්පඩියක ඇදිගෙන භාවනා කරනවා..
මම හෙමින් හෙමින් ඇගේ දෙසට ඇදුනා
ඇගේ දැහැන බිඳිමට මම අකමැති වුන නිසාම ටිකක් එහැයින් වෙන්න ගල් පඩියක මාත ඇඳි ගත්තේ අම්මා දෙනෙත් විවර කරපු සැනින් පන්සලේ හාමුදුරුවන් මුණ ගැහෙන්න යන්න හිතාගෙනයි...

හිත ටිකක් සන්සුන් කරගනින් දුවේ
පුළුපුලුවන් වෙලාවට පන්සල් පැත්තට ඇවිල්ලා
හිතේ ප්‍රෂ්න තියෙනකොට කිසිදෙයක් හරින්නේ නැ


ඇත්ත
අම්මා කියන දේ මට නොවැටහෙනවා නෙමයි
හොඳින් තෙරෙනවා
නමුත්
හැමදාමත් ගෙවෙන මගේ ජිවිත ඔරලොසුවට කවදා නම් සැනසිමක්ද
සමහර විට මේ දැල්වෙන පහන්සිල හමා එන හදුන් සුවඳ මවන මේ අමුතුම ලෝකයටත් බැරිවෙයි එ හිතට සැනසිමක් එකතු කරන්නට
---

සිලි සිලි හඩින් නද දි බෝ පත් තුරුලේ
සැලෙනා එකම බෝ කොලයක් සසරේ
නිවමින් ගිමන් මඟ හැර දුරු කතරේ
යන්න පතයි බිඳ බාධා සසරින් එතෙරෙ

දැල්වෙන පහන් ආලොකය සෙවනේ හිද
හමනා සඳුන් සුවඳින් හද ඔකද කර
පැයු සුපුන් සඳ ගෙන එන එළිය විඳ
යන්නට මඟක් සෙයමි මම සසර හැර

පැගෙන පයට එක වැලි කැටයක් ගානේ
ගෙවනා දිවියේ දුක උහුලමි හැම වාරේ
ලබනට සැනසුමක් මම මේ දිවි කතරේ
සැමදා පතනවා හිදිමින් සමිඳුගේ සෙව

හිනැහි රඟන මල් කැකුලක සුවඳ
තවරා හදින් පුද දි බො සමිඳු ලඟ
වන්නට එතෙර බිඳදා බැමි සසර මඟ
පතනවා සමිඳුනේ හැමදා නුඹේ සෙවනේ හිඳ


Friday, March 22, 2013

මේ ඔහුගේ පාපොච්චාරනයයි



සැඟවුනු කතා රාෂියක් හද තෙත් කරමින් නුඹ ගැන මතකය මගේ හදවත සැරින් සැරේ පාරවයි
පිරිමි හදක් ..ගැහෙන හිතක් ...රළු පපවුක් ...උනුසුම් හිතක්...
මා දැරුවත් නුඹ ගැන අංෂුමාත්‍රයකින් හො මම නොසැලකුවත් නුඹ වෙනුවෙන් මගේ හදවත නොනැවති ගැහෙන බව නුඹ නොදන්නා බවට නම් කිසිදු රහසක් කිසිදු සැකයක් නොමැති තරම්ය...

ඔව් ඇත්තනේම නුඹ නොදන්නිය

මගේ හදවත නුඹ වෙනුවෙන් නතර වුන වාර අනන්තයි

නුඹ නොදන්නවා වුවානට නුඹට නොපන්නුවා වුනාට මම නුඹට ආදරෙයි සත්තයි

 කිසිදා නෙපෙන්නුවත් නුඹ වෙනුවෙන් මා හදවත ගැහෙන වාර මටවත් සිතා ගත නොහැකි තරම්ය

අහම්බෙන් මෙන් නුඹ මගේ දිවියට ලඟ වුයේ සිතාගත නොහැකි ඉසව්වක මාත් මගේ හිතත් අතරමං වි සිටියෙදිය..කුණාටුවක හසු නෟකාවක් වෙරළ ොයාගෙන ඔේ මුහුේ පාවෙනවා ේ ගන්ධබ්බ අවධික වුන් මේ සිතට සෙනෙේ පිනි සිසිල ගෙන ේ නුඹයි

නුඹට අේකවාරයක් පින්
  නුඹ තාමත් ඉගෙන ගන්නා පුංචි දැරිවියකි... කෙලිලොල් බවින් හා විනොදාත්මක බිවින් පිරි සරල දිවියක් ගත කරන සොදුරු තැතැන්තියකි...
නුඹ මේ දිවියම  වෙනස් කල බව නම් සත්‍යයි

අහම්බෙන් මෙන්  නුඹ මගේ දිනයට පැමිණි දා පටන් අප දැන හදුනා ගත්තේ කෙටි පණිවිඩ වලිනි දවසට කෙටි පණිවිඩ දෙකක් තුනක් හුවමාරු වුනත් සමහර දාට හුවමාරු නොවි තිබු දිනයන්ද නොතිබුනාම නොවෙයි..නුඹ මේ පාසල් කාේ මගෙත් එක්කම සිටි ොඳම මිතුරෙකුේ ලඟම මිතරියක්ය..නුඹ පිලිබඳව මේ සිත අේක වාරයක් විමසිලිමත් වුනත් එය පිටතට ොපෙන්වා සිටිමට මම මහත් උත්සහායක් දැරුබවට නම් සතයයි.
නුඹ සමඟ මොහොතක් කතා කරන්න ඔය කටහඩ මොහොත් අහන්න මට වුවමානව තිබුනාත් දුරකතන අංකය ඉල්ලිමට තරම් මගේ හිත එඩිතර නොවුයේ  ඇයිදැයි කියන්නට මම තවමත් නොදනිමි
එත් අහම්බෙන් මෙන් දිනයක
අයියේ මටත් මාකටින් කරන්න ඔනේ විස්තර කියන්න පුළුවන්ද
කියලා මගෙන් අහලා එවපු  කෙටි පණිවිඩයත් සමඟ නුඹ හා දොඩමළු වන්නට අවස්ථාවක් ලඟා කරගැනිමේ අදිටනින් මම නුඹෙන් දුරකතන අංකය ඉල්ලුවෙමි
ලැබුනු පිළිතුරු පණිවුඩයත් සමඟන් මට චකිතයක් ඇති කලත් නුඹෙන් ඇමතුමක් ලැබෙතැයි බලාපොරොත්තුවෙන් මම පසුවුනෙ බලාපොරොත්තුවේ  දැස් දල්වාගෙන...
කිසිදා නුඹ හැබැහින් දැක නොතිබුනත් ඇයි මම නුඹ ඉස්සරහා මෙතරම් නැවුනේ
අදටත් ප්‍රෂ්නයක්

පැය භාගයකට විතර පසු ජංගමය නාද විය
ඒ නුඹම විය යුතුය

චකිතය මැඩ පවත්වාගෙන ජන්ගමයට පිළිතුරුදුන් මා
හිනැහි කතා කරපු නුඹේ හඩ ස්වරයට ඇහුම්කන් දුන්නේ හරිම ආසාවෙනි
ටික වෙලාවක් සන්වාදයේ යෙදුනත් නුඹ මා අතර ඇති ආගන්තුක කම පහව ගියේ ඇයි දැයි කියන්නට නොදනිමි
ජිවිතේ පළමුවතාවට නුඹ හා කතා කලත් කිසිදා නුඹ මා දැන නොසිටියත් කිසිම නුහුරුදු නුපුරුදු බවක් මට නොනැගුනේ ඇයිදැයි කියන්නට මම තවමත් නොදනිමි

නුඹටත් එසෙමැයි මම විෂ්වාස කරමි
ජීවිතයේ මුල්ම වරට නුඹ  මගේ දුරකතනයට ඇමතුවේ සොයුරියක ලෙසින් ඉතා වැදගත් යමක් මගෙන්  පැහැදිලි කර ගැනිමටයි. නමුදු ඉතා දඟකාර හා කෙළිලොල් ලෙස වචන හසුරවමින් නුඹ මා හා කතා කළේ හුරු පුරුදු තැනැත්තියක මෙනි. එහිදී මීට පෙරත් මා ඇය හා කතා කර නැති බව ඇය මට මතක් කර දුන්නේ තවමත් නොමළ මිනිසුන් වූ අපට සියල්ල අමතක කළ නොහැකි බැවු පසක් කර දෙමින් විය යුතුය. ගිරවියක මෙන් කතා කරන ඇය දුරකතනයෙන් වුවද මා ගැන සියල්ල දන්නා අයෙකු විලසින් කතා කිරිම මට තවමත් පුදුමයකි.
 සමහර විට නුඹට පෙම්වතෙකු නැතිවා විය හැකිය.
මද වෙලාවක සන්වාදයකින් පසුව ඇමතුම විසන්දි වුවත් නුඹ මගේ හදවතටකතා කර අවසන්ය
ඉන් පසු දින කිහිපයක් අපි දුරකතනයෙන් අදහස් හුවමාරු කරගත්තත් නුඹ හා තවදුරටත් කතා කිරිමට ලද ආසාව හා කැමැත්ත නිසාම දවසේ වැඩිහරියක්ම මම නුඹ හා කල් ගෙව්වෙමි
කාලායාගේ ඇවැමෙන්  නුඹ මාගේ ලඟම මිතුරිය වෙයි හොඳම විස්වාසවන්තිය වෙයි
නුඹ මගේ හදවට කතා කරන වාර ගනන් කල නොහැකි තරම්ය
කාලයගේ ඇවැමෙන්ම මම නුඹේ පෙම්වතා වෙයි

නුඹ මට මහමෙරක් තරම් ආදරය රැගෙන මගේ හදවට පැමැණි අයුරු මට තමත් හීනයක් ගෙයි

නුඹ ලඟ මගේ සිත නැවතුනු හැටි තාමත් පුදුමයි
වරක් ප්‍රේමයෙන් ලද පරාජය නිසාම තව ලඳක් වෙනුවෙන් සිතේ නොපයිපදුන සෙනෙහස අන් ලඳක් ලඟ නොනැවතුනු මගේ හිත නුඹ නුඹ ඉදිරියේ නතර විමට හේතුව අදටත් මම නොදනිමි
සමහර විට එ නුඹ හුදෙක් සරල ජිවිතයක් ගත කර දඟකාර යුවතියක් විම නිසාවෙන්න ඇති
නැතහොත් නුඹත් මමත් සිතන පතන අයුරු එක හා සමාන වු නිසා වන්නටත් ඇති කෙසෙවෙතත් මම නුඹට පෙම් කරපු වගනම් සතයයි
ජිවිතේ දෙවනි පුණරාගමනය
නුඹ වෙනුවෙන් මගේ හද නැවතුන බව නම් සතයයි
ප්‍රේම ආරාධනාව ස්ථිර විමත් සමඟ දෙමැපියන්ගේ කැමැත්තද ඇතිව අපි අපේ ලොක්ය ගොඩ නැගුව බව මතක් වෙන විට තවමත් නෙත සැලෙයි
නමුත් කාලායාගේ ඇවැමෙන් මට වැටහුනු එක දෙයක් වෙයි
එනම් මා නුඹට ඇත්තටම පෙම් නොකරන බවයි හේතු කාරනා කොපමන සිතුවත් නුඹ වෙනුවෙන් ආදරයක් බලෙන් හො උපද්දවා ගන්නට සිතුනත් එය කොපමණ උත්සහ කලත් මගේ හිත මටම පරාජය විය
නුඹ හුදෙක් මට සොහොයුරියකි මිතුරියකි
නුම වෙනුවෙන් මගේ හදවත නැවතුනත් ආදරයක ඡායාවක් හැටගැනුනත් නුඹ මා පෙම්වතිය කරගැනිමට තරම් මම පොහොතක් නොවිමි..වසානවාන්ත නොවිමි...
එයට හේතුව අදටත් මා නොදනිමි
දිනෙන් දින මම නුඹේන් ඇත්වන්නට උත්සාහා කලේ නුඹ ඇති ආදරය අඩු නිසා නෙවිය හැක
නුඹ දුක්විහිදුනු මට බලාසිටිය නොහැක
වරක් නුඹත් ප්‍රේමයක් වෙනුවෙන් කඳුළු සැලු යුවතියකි
එ බැව් දැන දැනත් තවත් නුඹව දුකටම ඇද දැමිමට මට නොහැක
නමුත් ම කිසියම් වු හුදකලා හැඟිමක් නොමැතිව නුඹ වෙනුවෙන් මගේ ජිවිතයද කැප කල නොහැක මේතිරණයක් ගතයුතු හොඳම වෙලාවය

තමබු අපි විරාමයක්
අපේ ආදර කතාවට
කිසිදාක ඉටුනොවෙන
අපේ ආදර කතාවට

එම නිසාම දෙවරක් නොසිතා මම නුඹෙන් ඇත් වුයේ තවදුරටත් නුඹ දුක ඇදදැමිමට නොහැකි නිසාමය

හදවත කියන දේ නොසිතා බුද්දියටම කන් දුනිමි

මම මගේ හදවතටම සාප කලෙමි
නුඹ උහුලන දුක මට නොදැනෙනවා නෙවෙයි
නමුත් ජිවිත කාලයම දුක් වෙනවාට වඩා තවකාලික දුකකින් සිත සුවපත් වෙ යැයි මගේ එකම අදහස විය
එමනිසාම මම මගේ හදවත ගලක් කර ගනිතිමි
නුඹට නෙදැනුනත් මම නුඹට පෙම් කිරිමට උත්සහා කල බව නම් සතයයි
නුඹේ මගේ කර ගැනිමට ම දැරු තැත ගැන ම කියන්නට උත්සහාකරන්නේ නැත
නමුත් මා අදටත් දුක් වෙන යම් දෙයක් වෙයි
එනම් නුඹ වෙනුවෙනවන් දෙපාර්ෂවයෙම දෙමාපිය ආෂිර්වාදය පැතිමයි
කෙසෙවෙතත් මා නුඹට පෙම් කර බල සතයයි
නුඹ වෙනුවෙන් කිසිදු හැඟිමක් මාතුල ඇති නොවන්නේ මන්දැයි පැවසිමට මම අදටත් නොදනිමි
එය මාගේ අවාසනාව විය හැක
නුඹ වන් පෙමවතියකගේ ආදරය නොලැබිමට තරම් මා අවසානාවන්ත විය හැක

සියල්ල සිදුවි හමාරය
සියල්ල කාලයා විසින් විසදා හමාරය
මට පැවසිම ඇත්තේ මෙපමණයි
තව දුරටත් මාවෙනුවෙන් කඳුළු නොසලන්න
නමුත් මා නොදන්නවා නෙවෙයි කොපමණ මා නූඹට කිවත් හදවතට අවනතව එය සිදු කල නොහැකි බව
අවසාන වෂයෙන්

මට සමාවෙනු මැනවි



මේ ඔහුගේ පාපොච්චාරනයයි

 -----

මතක සැමරුම් ලියා තැබුවත්
සමරු පොත පිටු ගිලිහිලා
අහම්බෙන්වත් මගේ පිටුවක්
ඇතිද බලපන් පෙරලිලා

නුඹව දකිනට එකම මොහොතක්
සිත මෙන්ම නෙත පෙම් කලත්
නෙතග කඳුළට ඉඩක් තැබුවේ
නුඹයි දුරකට නික්මිලා

සුළඟ පවසන සොඳුරු රහසක්
උයන් තෙර හිඳ විමසලා
විවර කර හද බලා ඉන්නම්
දිනෙක ඔබ යලි එන තුරා


ප.ලි - මෙ ඔහුගේ පාපොච්චාරණයයි කලින් වතාවේ මම ලියපු  මේ ඇගේ පාපොච්චාරනයයි ලිපියට  ඔහු ලියන පිලිතුරු ලිපියයි.
පිරිමි හිතකට ගිහින් ලියන්න හදපු පුංචි මගේ ලොකු උත්සහයයක් කොයි තරම් සාර්තකද කියන්න දන්නේ නැ (ගැණු හිතකින් පිරිමි හිතක් හිතන්න බැනේ )
මේ කවියක් ඒ ලිපියේ මම ලියපු කවියට මම නොලියපු එත් එ කවියට මට ලැබුනු පිලිතුරු කවියක්