Wednesday, March 20, 2013

මේ ඇගේ පාපොච්චාරණයයි



මම හුදකලා වන සැම මොහොතකම මට නිරායාසයෙන්ම ඔහු පිලිබඳ සිතුවිලි ගලා එන්නේ දෙනත් තෙත් කරමින්ය
අතිතයක පැටලිච්ච මිය ගිය ආදරයක නටඹුන් සමඟින් තනිවන සෑම මොහොතක් පාසාම මම හිතින් දුක් විඳිමි නෙතින් කඳුලැලි සලමි හදවතින් දස දහස් වාරයක් මම මටම සාප කරගිනිමි.
එකඳු මොහොතකදි හො පාසා මම මගෙන්ම අසන එකම එක ප්‍රෂ්නයක් වෙයි එනම්


මගේ සිත ඇයි නුඹ ලඟ නතර වුනේ

එපමණයි
අදටත් පිලිතුරක් නැති ප්‍රෂ්නයක්


ආදරය විදිමට පමණි විඳවිමට නොවෙයි
නමුත් මාගේ පාර්ෂවයෙන් බලන කල සදා විදවිමක් හැර විඳිමක් නොමැති තරම්ය



නිදහසේ ගලාගිය සිතුවිලිත් සමඟින් ඔය පිරිමි රුව ඔය පෞර්ෂත්වය ඔය ගොරොසු කටහඩ ඔය හැඩි දැඩි පෙනුම..
පිටතින් පෙනුන රැව පමණක්ම නොවේ
ගැහෙන නුඹේ හදවත ඔය සිතුවිලි හරි අපුරුවට කෙනෙක්ව වසඟයට ගන්නා අහින්සක දඟකාර අඩම්බර කම
ඉඳිරියේ ඔනැම ගැහැණු හිතක් නොනැවතෙන්නේ නම් එය පිලිගැනිමට නොහැකි තරම් කරුණක්ය


මාත් එසෙමය ඔය පෙනුමට ඔය කට හඩට ඔය ජව සම්පන්න සරිර කුඩුවට ඔය ආදර බර හිතට  මාත් පෙම් කලෙමි


හැඟිමකින් මියැදි පෙම් කිරිමට නොහැකි තරම්ය

එ නිසාම මම නුඹ පිලිබඳ වු සියළුම හැඟිම් සමුදායන් මගේ සිත තුල තැන්පත් කරගනිමින් මම නුඹට පෙම් කලෙමි ශරිරයෙන් පිට වෙන අවසන් ලේ බින්දුව තෙක්ම මම නුඹට පෙම් කලෙමි.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මම නුඹේ වි අවසන්ය ඔය හිත ලඟ මා නැවති අවසන්ය..



ඔව් මම නුඹට පෙම් කරමි නොනැවති පෙම් කරමි

නුඹ මගේ නෙත් ඉස්සරහා දඟපාන සැම මොහොතකම මම මටත් හොරෙන් ඔය සිතුවිලි අද්දර දැහැන් ගතවන බව නොසැඟවිය හැකි රහසක්ය

සත්තයි
ඔය ඇස් ලඟ
මම
තාමත්
අසරණයි

කාලායාගේ ඇවැමෙන් නුඹ මාගේ හොඳම මිතුරාවෙයි

මගේ එකම විස්වාස වන්ත පුද්ගලයා වෙයි

තවත් කාලයක ඇවැමෙන් මගේ ජිවිතේ මම හැමදේම බෙදාගත් එකම තැනැත්තා වෙයිකොටින්ම කියුවොත් මම  අවසර නොලත් පෙම්වතිය වෙයි

ඔහේ ගෙවි යන කාලයකට පසු මමම නුඹේ පෙම්වතිය වෙයි  
මා නුඹට ප්‍රේම කලේ ඇයිදැයි කියන්නට නොදනිමි
මා නුඹට වසඟවුයේ ඇයි දැයි කියන්නටනොදනිමි
මානුඹේ වුයේ ඇයිදැයි කියන්නටනොදනිමි
නමුත් මා දන්නා යම් කරුනක් වේද එනම් මා නුඹට පෙම් කලෙමි
හදවත පතුලෙන්ම ආදරය කලෙමි
අදටත්එහි කිසිදු වෙනසක් නැත



මම දන්නා තරමින් නුඹ මට පවසා ඇති අයුරින් නුඹත් වරෙක ප්‍රේමයෙන් පරාජිත වුවෙකි

ලද පරාජය නිසාම තවත් හදක ලන්විමට නොහැකි අයුරින් ලත වුවෙකි බියවුවෙකි

මාත් එසෙමය.

නමුත් කාලයාගේ ඇවැමෙන් අපි පෙම්වතුන් වුවෙමු

නුඹේ සිත අද්දර දැහැන් ගතවෙන එකම භාවනාව මම විමි

නුඹේ සිත සනසන එකම පිනි සිසිල මම විමි



නුඹේ අත මා ස්පර්ෂ කරන සැම මොහොතක් පාසාම මම නිරුත්තර වෙයි නුඹේ අතින් මා‘ත ගන්නා සැම මොහොතක් මම ගල් ගැසිමි
 ඒ නුඹ ස්පර්ෂ කරන්නේ මගේ අත නොව මගේ සිත වන නිසාවෙන්ය

නුඹේ එකඳු වදනකින් එකඳු කැල්මකින් පවා මගේ හදවත ස්පර්ෂ නොකල දිනයක් නැති තරම්ය 
  
නුඹේ එකදු වදනක් හො මගේ හදවත සසල නොකලේ නම් අදටත් නුඹ වෙනුවෙන් මගේ දෙනෙතින් වැටෙන කඳුලක් කඳුලක් පසා මම මටම සාප කරගනිමි....මගේ පිබිදෙන සැම හැඟිමකටම හැම සිතුවිල්ලකටම නුඹ නුඹම පමණක් පදනම විය....නමුත් නුඹේ අවසානාවට නුඹ මගේ සියළුම දේටම හේතුව වි අවසානය



කාලය කොරම් දිගු වුවත් නුඹ මා හමුවුන වාර... නුඹ මා දෙඩමළු වුන වාර මට තාමත් එකින් එක පෙල ගැස්විය හැකිය

වචනයක් නෑර නුඹට ඉදිරියේ ගෙනවිත් තැබිය හැක


එකි අතිතය මා කෙසේ අමතක කරන්ද

මගේ ජිවිතේ ගෙවුන හොදම කාලය

සමනල වසන්තය කෙලෙස නම් මා අමතක කරන්නද


අතිතයක පැටලිච්ච රැරා ගලනා නුඹේත් මගේත් අතිත සැමරුම් සිහිවන වාරයක්වාරයක් පාසා මගේ දෙනෙතට කඳුළු උනනවා සේම නුඹ පිලිබඳ මතකය අළුත් වනවා සේම නුඹ පිලිබඳ මාසිත තුල හට ගත් ප්‍රේමයද මතකයන් සමඟින්ම දළුලා වැඩෙයි



එ සියළු සිතුවිලක්ම මා සිතේ නුඹ පිලිබඳ ප්‍රේමය දළු දා වැඩෙනවා මිසක කිසිදා මිය නොයනු ඇත


නුමුත් එ සියළු දේටම නුඹ තිත තබා අවසන්ය

අපේ හමුවිම් අපේ දෙඩමළු විම් වලට නුඹ තිත තබා අවසන්ය

එයට හේතුව නුඹට මා පිලිබඳ කිසිදු හැඟිමක් නොයිපදිමයි හුදෙක් මා නුඹට එක් සොහොයුරියක් පමණක් විමයි... නුඹ කියනා අයුරින් නුඹට මට කිසිදා පෙම්වතුන් විය නොහැකිය( නමුත් නුඹේ හිතම මා වෙත ප්‍රේම ආරාධනාවක් කලේ ඇයිදැයි කියන්න මට තවමත් ප්‍රෂ්නයක්ය... නුඹට මා පිලිබඳි එකදු හුදකලා හැඟිමක් හො නොමැතිනම් කෙසෙ නුඹ මා පෙම්වතිය කරන්නට සිතුවේද අදටත් පැනයක්)


මා නුඹට පෙම් කලත් නුඹ මට පෙම් නොකල තරම්ය

එලෙසින් නුඹට මා අතරමඟ දමා යැමට හැකිවිය


මා නුඹට පෙම් කල තරමින් නුඹ නොමැත මට පෙම් කර කිසි දිනක..
 මා නුඹේ වු තරමින් නුඹ නොමැත මගේ වි එක මොහොතකට වුව...
මා නුඹ ගැන සිතු තරමින් නුඹ නොමැත මා ගැන සිතා එක වරෙක ....


නමුදු නුඹ පෙන්වු පාට පිරුණු හීන ලොකය තුල නැවති මම තවමත් ඉකි ගසන්නීය

නුඹ වෙනුවෙන් තමත් මා කඳුසලන්නිය



මේ ඇ පාපොච්චාරනයයි

-------------------------------------------------------


පාවි පාවි විසි වෙලා ගිය
අකිකරු අකුරක් අරන් දෝතට
ගලප ගලපා මමම ලියන අද
කවිය නුඹටයි - මගෙ පෙමටයි

ඇවිද ඇවිදා මඟ තොටක අපි
ගෙවුව කාලයේ සිහින නටඹුන්
ගලප ගලපා මමම ලියන අද
කවිය නුඹටයි - නුඹේ නමටයි

කඳුළු කවිකම් හැඩ කරන් නුඹ
මසිත අද්දර හිනැහිලා නුඹ
මතක අහුලා මමම ලියන අද
කවිය නුඹටයි - නුඹේ පෙමටයි

අකුරු ගලපා සිතැඟි නලවා
මම ලියු අපේ පෙම් කවිය ලඟ
තාල විරහිත පද පෙලක් ලඟ
මටම වැරදුන අකුර නුඹමයි - නුඹම පමණයි





18 comments:

  1. තැන තැන නවතින හිතකකට ආදර මන්දිර කුමකට
    මේ ආගමනේ විඩාව දැනුනේ මගෙ තනි තටුවට
    හඩන්න මට ඇස්‌ දුන්නේ උදුරාගෙන මගේ සතුට
    නුඹ පිදුවේ නැත මා හට මා දුන් තරමට සෙනෙහස

    ReplyDelete
    Replies
    1. කඳුලට හිනහව මට දුන් තරමටම
      කඳුලත් ලඟ අද පරදා ඒ සිනහව
      කඳුලු ඇසට ඒ සිනහව දුන් නුඹ
      කඳුලැලි පුද කර දුර ගොස් තනියම

      Delete
  2. ඔය ඇස් ළඟ
    දොඩමලු වෙන්න
    මොහොතක්
    ඔබ නොදන්නවා
    වුනාට
    එකහිතක්
    පෙරුම්පුරනවා
    නොදන්නවා වගේ ඉඳලා
    දැනගත් දාට
    දුක හිතේවි
    එත් කඳුලක් නම්
    වැටෙන්න එපා
    හිනාවුන
    ඔය දෙනෙතින්
    පහුවෙලාවත්
    මං හන්දා

    ReplyDelete
  3. අපි අපට ආදරේ අයට නොව අපි කැමති අයට ආදරේ කිරිම තුල වේදනාව,විරාහව දැනේනවා වැඩියි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. අපි අපිට ආදරේ කරන අයට කවදාක් වත් ආදරය කරන්නේ නැනේ එකනේ පුදුම

      Delete
  4. ආදරය....
    සමහර වෙලාවට කියා ගන්න බැරි සතුටක් ගේනවා වගේම
    තවත් වෙලාවක දරාගන්න බැරි දුකකුත් ගේනවා.

    සිංදුවක තියෙනවා වගේ ආදරය කියන්නේ කවමදාකවත් සමාව දෙන්න බැරි ලොකුම ලොකු වරදක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ආදරය කියන්නේ සමාව දෙන්න පුළුවන් වරදක් නෙමෙයි

      Delete
  5. ලොවක් සනහන...ලොවක් හඩවන ප්‍රේමය....

    ReplyDelete
  6. අකුරු කෙරු මතක අද්දර
    නුඹ කවියක්ව හිනැහී මට
    රිද්දවා අකුරු තුඩින්
    අකුරු කල හිතම
    නුඹ හිනැහේවි තවම
    කවියක්ව මා නෙතු ලග..

    ReplyDelete
    Replies
    1. කවිය
      හැමදාම
      පාරවනවා
      මගේ
      හිත

      Delete
  7. ඇඩෙනවා... :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. ඉඩදෙන්න
    ළතවෙන්න මගෙ හදවතට
    තනිවෙන්න
    සුසුම් ලන්න හිතේ හැටියට
    එහෙම හරි පුළුවන් නම්
    මගේ හිත හද ගන්න ....

    ReplyDelete
    Replies
    1. සුසුම් ලන හදවතක
      රිදුම් දෙන මතකයන්
      පාරවි හැමදාම
      හිත වේදනාවෙන්
      ඉතින්
      සැනසුමක් කො

      Delete
  9. මගේ හිත මන් ආයෙම කියෙව්වා

    ReplyDelete
  10. mage hithe mata kiyanna thiyena hamadema me post 1ke thiyenaw...godak lassana sithuwillak....

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?