මතක පොතේ කඳුලින් කටු ගෑ....
කඳුලැලි පුරවපු ආදර පන්හිද
කඳුළු වගුරවා මතක ලියන කොට
පොතක් පුරාව දඟපෑ මතකය
පිටුවෙන් පිටුවට රහස් කියනවිට
තුන් රෑ මැදියම හීන දකින ඇස
කළුවර හීනෙම පාට මකන කොට
සඳ නැති රෑයම කඳුලැලි වපුරා
මතක ලියමි මම හිතේ දුකට අද
කඳුලින් කඳුලට අමුණන මතකය
රහසින් හද ලඟ සිතුම් මවන විට
කඳුලැලි පුරවපු මතක අහුරු ටික
හීනෙන් ඇවිදින් ලඟින් රැදෙනකොට
සීතල මදහස පෑව නුඹේ පෙම
හීත ලඟ හෙමිහිට රහස් කියන කොට
කළුවර රෑ හීනෙම තුන්යම
පෑරි රිදවයි නුඹ-මා මතකය හෙමිහිට
අහිමිව ගිය සඳ රහසේම පෙර දින
මතකය පෙරලා කවි අමුණන විට
දාහක් සිතුවිලි හැඟුමක නැවතුන
පිටු අග සිර වී කඳුළු සලන විට
සැලෙනා හද ලඟ නැවති හෙමිහිට
රහස් කියනවා රහසේම මට මම
රිදවන මතකය අමතක කර අද
මතක ලියනවා පොතක් පිරෙන්නට
___________________________________
මගේ මතක පොත... කඳුලින් කඳුලු පෙමක් ලඟ නැවතිච්ච කඳුළු මතක අහුරු ගනන් ලියන මගේම ආදරණිය ඩයරිය දවසක ඔයාගේ අතට හම්බවුනොත්...ඔයා පුදුමවෙයි නේද මේ පොතේ පිටුවෙන් පිටුවට ඔයා ගැනම විතරක් මම ලියලා තියනවා කියලා දැකිනකොට....
මොනවා කියලා කියන්නද මං....
ReplyDeleteහම්ම් අනේ මන්දා මටත කියන්න නම් කිසිම දෙයක් ඉතුරු වෙලා නැ :(
Deleteහ්ම්ම්.... ඇයි මෙවුවම?
ReplyDeleteහැම වෙලාවේම මතක් වෙනවා නංඟි :( :(
Deleteඑයාට ඉක්මනටම ඔයාගේ ඩයරිය කියවන්න ලැබේවා
ReplyDeleteනැ මල්ලි කවදාක්වත් එයාට ඩයරිය නම් හම්බවෙන එකක් නැ
Deleteකඳුලින් කඳුලට අමුණන මතකය සිත් ගත්තම පෙළ...........
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
කඳුලින් කඳුලට මල ආමුණනවා මම කඳුළුම එකතු කරලා
Deleteකදුළු ඇයි මෙතරම්
ReplyDeleteඇහි දාර මත හිනැහෙන්නේ කඳුළු බින්දුම විතරක් නම්.....?/
Deleteමතක පොතේ කදුළින් කටු ගෑ..
ReplyDeleteකවි ලියැවෙයි මහ රෑ?
හම් මහා රෑට හැමදාම මතක පොත පිරෙනවාඑයා දන්නෙත් නැ :(
Deleteදුක අද හෙට, එත් අලුත් දවසට පරණ දුක ගෙනියන්න එපා
ReplyDeleteහැමදාමත් එලියට එන්නේ දුක විතරයි නම්
Deleteරිදවන මතකය අමතක කර අද
ReplyDeleteමතක ලියනවා පොතක් පිරෙන්නට,....
owa liwwata wadak na...wadagath wadak karanna shashioooo
අනේ මන්දා හංසි කවදාහරි කියවන්න ඉතිරි වෙන්නෙත් ඔච්චරයි
Deleteඅන්තිමට හිත රිදෙන්නෙත් ඔක නිසාමයි