රෑඅහස සරසනා රෑ මානලිය විලස මම
නුඹේ හීනේ හිනැහුනා මුළු රැයක් පුරාවට
මුළු රෑම ලඟ හිදන් කවි ලියුව නුඹේ හිත
නොකියාම දුර ගියේ ඇයි කියන් රහසේම
අර පේන කඳු අතරේ රැව් දුන්න මගේ පෙම
නුඹට අද පවසාවි මගේ හිතේ රැඳුන දුක
කඳුළු ඇවිදින් හුරතල්ව සඳ රැයක් පුරාවට
මගේ තනිය මැකුව හැටි තාම පුදුමයි සිතට
ආදරෙන් ලන්වෙලා කවිකාර හිතක් වෙත
නුඹ මැව්ව සෙනෙහෙ ගඟ සුන්දරයි ම‘හදට
උහුලන්න බැරිතරම් සුසුම් කන්දක් වුවද
ඉතින් කවි කරමි පෙමත් මියැදි අඳුරෙම
නුඹේ හීනේ හිනැහුනා මුළු රැයක් පුරාවට
මුළු රෑම ලඟ හිදන් කවි ලියුව නුඹේ හිත
නොකියාම දුර ගියේ ඇයි කියන් රහසේම
අර පේන කඳු අතරේ රැව් දුන්න මගේ පෙම
නුඹට අද පවසාවි මගේ හිතේ රැඳුන දුක
කඳුළු ඇවිදින් හුරතල්ව සඳ රැයක් පුරාවට
මගේ තනිය මැකුව හැටි තාම පුදුමයි සිතට
ආදරෙන් ලන්වෙලා කවිකාර හිතක් වෙත
නුඹ මැව්ව සෙනෙහෙ ගඟ සුන්දරයි ම‘හදට
උහුලන්න බැරිතරම් සුසුම් කන්දක් වුවද
ඉතින් කවි කරමි පෙමත් මියැදි අඳුරෙම
අලංකාර වලින් පිරිලා තියෙනවා කවිය පුරාවටම. මාරම ලස්සනයි,
ReplyDeleteලස්සණ කවියක්, දුක්බර යි . . .
ReplyDeleteඅගේ ඇති නිර්මාණයක් හරිම අගෙයි.
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteලස්සනයි අක්කෝ...
ReplyDeleteසුසුමක් කවියක් වෙනකොට ඇත්තටම ලස්සණ යි....
ReplyDeleteවිරහ කවියක් වගේ...විරහව ගැන ලියවුනත් කවිය ලස්සනයි...
ReplyDeleteහැගීම්බර කවි පෙලක්.. ලස්සනයි..
ReplyDeleteමියෑදුනු පෙමකට ඈති හෑදුවා දෑන්..ලියනු අලුත් කවක් අකුරු ගලපා රිසි ලෙස...
ReplyDeleteලස්සනයි... හැඟීම්බරයි .........
ReplyDelete