හීන අහුරක් අරන් දෝතට
නුඹ ඇවිත් එක සවස් යාමෙක
පාළුවෙන් වුන් මගේ හිත ලඟ
භාවනාවක් වුනා මතකද
හින අහුරෙම දැවටිලා මම
නුඹේ ප්‍රේමයේ දැහැන ලඟ හිද
ආදරේ නමටම පිරු පෙරුමන්
බොඳව ගිය හැටි කියයි කඳුළුම
පයනා සඳ - තරුත් රෑයම
එලිය දෙන්නට හදයි හිත ලඟ
එත් ‘මගේ සඳ‘ නොමැති අහසට
කුමන තරුවද ඉන්නේ එලියට
භාවනාවක දැහැන් ගතවි
නුඹේ ප්‍රේමයේ සුවඳ විදිමන්
ඉන්න පිරුවත් මමත් පෙරුමත්
සඳත් මිලිනව ගිහින් දුර දැන්
නොපිරු පෙරුමන් හිතින් විඳිමින්
කළුවරේ මම හීන දකිමින්
මිලින වු සඳ යලිත් එන තෙක්
දැහැන් ගතවෙමි නමට නුඹේ මං
නුඹ ඇවිත් එක සවස් යාමෙක
පාළුවෙන් වුන් මගේ හිත ලඟ
භාවනාවක් වුනා මතකද
හින අහුරෙම දැවටිලා මම
නුඹේ ප්‍රේමයේ දැහැන ලඟ හිද
ආදරේ නමටම පිරු පෙරුමන්
බොඳව ගිය හැටි කියයි කඳුළුම
පයනා සඳ - තරුත් රෑයම
එලිය දෙන්නට හදයි හිත ලඟ
එත් ‘මගේ සඳ‘ නොමැති අහසට
කුමන තරුවද ඉන්නේ එලියට
භාවනාවක දැහැන් ගතවි
නුඹේ ප්‍රේමයේ සුවඳ විදිමන්
ඉන්න පිරුවත් මමත් පෙරුමත්
සඳත් මිලිනව ගිහින් දුර දැන්
නොපිරු පෙරුමන් හිතින් විඳිමින්
කළුවරේ මම හීන දකිමින්
මිලින වු සඳ යලිත් එන තෙක්
දැහැන් ගතවෙමි නමට නුඹේ මං
කොපුල් තලයේ නොරැද තිබුනට
ReplyDeleteකදුළු බිදු පොඩි සැග උනාවේද
හදට ගුලිකර නගන සුසුමට
නුබේ හසරැලි දිය උනාවේද
දැහැන් ගත වී කදුළු අරණක
ReplyDeleteසිනා එකිනෙක දොවන නුඹ ළග
රැදී හිද සිත සිනාසෙන සද
බවුන් වැඩු ඇස් දුරක යනු නැත
තරු දහක් මිලින වී යන කල
රැදෙන්නේ එක සදකි සිත ළග
ඒ එළිය ළග ඒ දැහැන ළග
ජීවිතය පිබිදෙයි මලක් ලෙස
තාරකා ඇස් නිවි නිවී යන
මල් පිපී යළි යළි මිලින වන
කදුළු කළුවර වැසෙන තුන් යම
බැස නොයා ළග හිදිනු ඇත සද!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteසුන්දර මතකයක දුක්බර සැමරුමකි..........
ReplyDeleteභාවනාවට සිත එකගකොට
ReplyDeleteජීවිතේටම නුඹව අරගෙන
හිමි හිමින් මං බවුන් වඩන කල
නුඹ ගියා මට හොරෙන් නොදැනිම
විප්‍රලම්භ වියෝගය....!?
ReplyDeleteඅහිමි වී ගිය ඔබේ සඳ යළි
ReplyDeleteඑළිය දෙන්නට අඳුරු හීනෙට
එන තුරා පෙරුමන් පුරන නුඹෙ
කඳුළු සදහට මිලින වේවා!
පයනා සඳ - තරුත් රෑයම
ReplyDeleteඑලිය දෙන්නට හදයි හිත ලඟ
එත් ‘මගේ සඳ‘ නොමැති අහසට
කුමන තරුවද ඉන්නේ එලියට
මම ආසම කොටස ....
This comment has been removed by the author.
ReplyDeleteදහසක් සිතුම් මැද
ReplyDeleteකවි සිත අවදි කල ඔබ
නමුත් අද ඔබ මා ලග නැත.
මගේ සුසුම් අතර ඔබ
මැවි මැවී නොපෙනි යන
මිරිගුවකි ඔබ මට අද..