Monday, April 1, 2013

තිත් පෙළක්




‘මයුමි... උඹ මේ ලඟ දි දතක් ගැලෙව්වා නේද‘
‘ඔව් සඳා ඇයි මොකො හිටලාද‘
‘ඔව් බන් මේ තිරිසනුන් එක්ක ඉඳලාම මට දැන් තිත්ත වෙලා මේ කිවෙනි දතද ගලවන්න යන මේ කරුමක්කාර රස්සාව මට දැන් එපා වෙලා අපේ කරුමේ බන් වෙන කරන්න දෙයක් නැති කමට මෙකෙම ලැඟ ගෙන ඉන්නවා‘
‘හම් එක නම් ඇත්ත සඳා කරුමෙ පස්සෙන් එනකොට දුවන්න පාරවල් නැ
අපිට දැන් කොමත් ගොඩඑමක් නැ‘
‘වෙලාවකට මට මඩම අතැරලා යන්න හිතෙනවා බන් එත් මං කියලා කොහෙ යන්නද
අම්මෙක් ඉන්නවාද අප්පෙක් ඉන්නවාද මට කියලා මොකෙක් වත් ඉන්නවාද බන්

ඇත්තමයි වෙලාවක මේ මඩන් ජිවිතේ මොන කරුමක්ද‘


මයුමි මගේ ලඟට ඇවිදින් පිටට තට්ටුවක් දැම්මා.
මට ඇත්තටම ජිවිතේ ගැන පුදුම කලකිරිමක් තියෙන්...වචනයෙන් කියන්න බැරි තරම් පුදුම කලකිරිමක්
ලඳට වැටුණු මැඩියා ළිං කටෙන්මයි ගොඩ එන්න ඔනේ එත් මට කවදාකවත් ගොඩ එමක් නැ
--
ජිවිතේ හරි පුදුමයි
--

ඇයි උඹ කලින් කරගත්ත තැන් එවාට මොකද වුනේ

ආපහු එතනට යන්න බැ බන් එතන ඉන්නේ දොස්තරලා නෙමෙයි තිරිසන්නු අපේ අන්තිම ලේ බින්දුව හරි බොන්න ලැහැත්ති වෙච්ච යක්කු ඉන්නේ

‘සඳා බය නොවි හිටහන් මම උඹව එතනට එක්කන් යන්නම්‘



මට බය නැ බන් එත් මට හරි හිරිකිතයි
ජිවිතේ කල කිරිලා
මට මන් ගැනම පදුම අප්‍රසන්න බවක් දැනෙන්නේ
හැමදාමත් මෙහෙම පිරිමින් සතුටු කරලා වැඩක් නැ අපි උන්ව සතුටු කරනවා උන් අපෙන් සතුටු වෙනවා අපි අපේ ජිවිතේ විඳවනවා මොන කරුමයක්ද බන්

  

මට තෙරෙනවා බන්
 උඹ ඔවා මට ඇහෙන්න කිවට කමක් නැ වෙන එකෙකගේ කනට ඇහුනත් ඇති උඹට මම කියනදේ තෙරෙනවානේ
අද හවසටමට මුකුත් වැඩ නැ මම උඹව එක්කන් යන්නම් 5වෙනකොට ලැහැත්ති වෙලා හිටපන්කො

--
එහෙම කියාගෙන මයුමි පිටවි ගියා

කිසිත් හිතට කානොවදින මනසකින් හිටිය මගේ හිතේ එක එක සිතුවිලි ඔළුවේ පෙලගැස්වෙනවා
එක එක නානප්ප්‍රකාර සිතුවිලි
හැමදේම අමතක වෙන්නයි කියලා හිතාගෙන මම කාමරේ දොර වහගෙන ඇතුලට ඇවිත් ඇඳේ හාන්සි වුනා

සිවිලෙම එල්ලෙන  ෆැන් එක මහා හයියෙන් කැරකෙනවා
අවුරු 27කට ජිවිතේ මම කොච්චර දෙවල් වෙනස් කරගෙනද
හිතත්දිත් හිත කලකිරෙනවා
මම ඇඳේ උඩුබැලි අතට හැරලා කැරකෙන පංකාව දිහා බලන් හිටියා
මගේ හිත එක එල්ලෙම ඇඳිලා ගියේ  ස්කොලේ කාලෙට
ගමේ ස්කොලේ ...5පන්තියේ විභාගේ ඉට පස්සේ ඔලෙවල්...කොළඹ ජිවිතේ

හම්
 ජිවිතේ ගලාගෙන යන හැටි... ගාලාගෙන ගියපු හැරි
_
එක පාරටම මට මතක් වුනේ සිතුම්ව
ඇයි දන්නේ නැ
සිතුම් දැන් මොනා කරනවා ඇතිද
සමහර විට දැන් හොඳ තැනක ඇති
මම ගැන එයා දන්නවානම්..කවදා හරි මුණ ගැහුනොත් මම මුණ දෙන්නේ කොමද...
_

ජිවිතේ හරි පුදුමයි සඳා අපි හිතන දෙවල් අපිට හම්බවෙන්නේ නැ නොහිතන දෙවල් හිතෙන්නෙත් නැති ඉක්මන්ට අපෙ ජිවිතේට එනවා සමහර විට ලන් කරගන්න අකමැති දෙවල් හරි ඉක්මන්ට අපිට ලන් වෙනවා
හරියට ඔයයි මායි කතාව වගෙයි
එ මොනාවා වුනත් මම ඔයාට හුගක් ආදරෙයි
කවදා හරි දවසක ඔයාට මාව මතක් වෙයි එදාට නොවැරදිම කොහි හිටියත් ඔයා ලඟට  දුවගෙන එනවා
එ තරම් මේ ආදරේ ඇත්තමයි
-සිතුම්-

ඔහේ පාවෙන අකිකරු සිතුවිලි ඇවිත් මගේ හිත වසා ගත්තේ ඇයිද කියන්නට දන්නේ නැනමුත් ඒ දඟකාර අතිතයට මම ආදරය කරනවා
මට මාව පෙන්නපු අතිතයට ආදරය කරනවා වගෙම මට මාව ජිවත් කරවපු ඒ සුවඳ පිරුණ අතිතයට මම හුඟක් ආදරය කරනවා
එත් මම තාමත් හොයන්නේ මට වැරදුන තැන
 
_------------------------------------

මම පිස්සුවෙන් වගේ ඇඳෙන් නැගිට්ටා
ඇත්තමයි
මට මෙච්චර කාලෙකට පස්සේ ඇයි සිතුම්ව අද මතක් වුනේ
දැන් එයා මොනා කරනවා ඇතිද
 _දොරට තට්ටු කරන නිසාම මම මලානික ස්වරුපයෙන් දෙර දිහාවට ගියේ කවුද ආවේ බලන්න

සඳා උඹ ලැහැත්තිද
මයුමි උඹ ආවාද දන්නෙම නැතිව වෙලාවත් ගිහින් ටිකක් හිටින් මම ටක් ගාලා ලැහැතති වෙලා එන්නම්
_

මම දඩිබිඩියේ නානකාමරයට ගියේ ඇගසොද ගන්නයි
හැකි උපරිම වෙගයෙන් ලැහැත්ති වෙලා මයුමිත් එක්ක පාරට බැස්සා


හන්දියෙන් ටුක් ටුක් එකක් ගමු
හම් මොකද බන් ගල් ගිලලා වගෙ... උඹ බයවෙලාද බය නොවි හිටින් මේ පලවෙනි පාර නෙමෙයිනේ



නැ බන් එහෙම දෙයක් නැ ඉක්මන්ට යමු

_
නැ කියුවත් අතිතයෙ පැටලිච්ච හුඟක් මතකයන් එකින් එක මනස පුරා ඇවිද්දේ හරියට චිත්‍රපටියක් මනසේ අඳිනවා වගෙයි
_
අපි හන්දියෙන් ත්‍රි විල් එකකට නැග්ගා
බම්බලපිටියට යමු
ත්‍රි විලය වේගයෙන් අදි යනවා
අපි ගාලු පාරේ හවුස් ඔෆ් ෆැෂන් එක ලඟින් බැස්සා
මයුමි ත්‍රිවිල්රියදුරාට රුපියල් 500ක් දික් කරලා මගේ දිහාවට ඇවිදන් ආවා


බය නොවි හිටහන් බන්
කුඹියෙක් කනවා වගෙ වැඩක්නේ
උඹ නිකන් හරියට මොන්ටිසොරි වගෙයිනේ හැසිරෙන්නේ

_

මම කිසිත් නොකියා මයුමිත් එක්කම ඇවිදන් ගියා කොහොදො කෙටි පාරවල් දෙකතුනකින් ඇවිදන් ගිහින් මාතෘ සායනයක බොඩ් කැල්ලක් ගහපු බිල්ඩින් එකකට ඇතුල් වුනා මේ මතාසායනකය මුවාවෙන් පවත්වන් යන නිතිවිරොධි ගබ්සා මද්ධයස්ථානයක්
මයුමි පලපුරුදුකාරියෙක් ලෙස ඇතුලේ හිටිය තැනැත්තියකට කතා කරලා මාව දෙවෙනි තට්ටුවට එක්කන් ගියා
මාත් කවුදො වගෙ ඇගේ පිටිපස්සෙන් ඇවිදන් ගියා
හම්
මම වගෙ තවත්කෙල්ලො 3නෙක් ඇවිත් සමහරු පිරිමින් එක්ක එ සමහරු තවත් ගැනුන් එක්කම
මමයි මයුමියි තිබුන හිස් වෙච්ච පුටුවක වාඩි වුනා
විනාඩි 10කට විතර පස්සේ නර්ස් කෙනෙක්ද මන්දා ගැණු කෙනෙක් ඇවිදින් බොන්නයි කියලා පෙති වගයක් දුන්නා එ ගැනු කෙනොගේ මුණේ තිබ්බේ හරියට සතෙක් දිහා බලනවාවගේ හැඟිමක්
මුන්ගේ ගැස් බලහන්කො මයුමි නොදොකින්

කටවහගෙන ඉවසන් හිටින් සඳා අපිත් සුද්ද වන්ත පත්තිනි අම්මාලා නෙමෙයිනේ

ඇතුලට ගිය කිප දෙනෙක් එලියට එනවා
එ සමඟින්ම ඊලඟ කොනත් ඇතුල්ට යනවා
මට මන්ගැනම තියෙන කලකිරිම තවත් වැඩි වුනා
එත් මවෙතින් එලියට පැන යන්න හදන දහක් සිතුවිලි මම පාලනය කරගත්තේ හරිම අමාරුවෙන්
පැය දෙකකට විතර පස්සේ මගේ වාරය ආවා


සඳා ඊළඟ අපි
මම ඇතුලට එන්නේ නැ කෙල්ලේ
උඹ හයිය අරන් ඇතුලට පලයන් දොස්තර වුනත් විස්වාස කරන්න බැ උන් වුනත් මහා ජරා සත්තු


හම්
‘ ඊලඟ කෙනා එන්න‘ එ උදව්වට හිටිය හෙදියයි
මම හෙමින් හෙමින් කාමරේ දොර ඇරගෙන ඇතුලට ගිහින් දොර වහාගත්තා
_දොස්තර වාඩි වි සිටි මෙසය ලඟට ගොස් එතන තිබු පුටුවේ වාඩි වෙලා හටියේ දොස්තර අසුනේ නොසිටි නිසා
නර්ස් කෙනෙක් ඇවිත් මට ඇතුලට එක්ක් යන්න කත කලා
මාත් ඇය පිටිපස්සෙන් ඇවිදන් ගියේ වැරදිකරපු කෙනෙක් වැරැද්ද නිවැරදි කරගන්න පසුපස යනවා වගෙ හැඟිමකින්
තවත් කාමරයකට ඇතුල් වුන මට හින් දාඩිය දානවාත් එක්කම ගල් ගැසි බලන් හිටියේ දෙඇස් අදහා ගන්නත් බැරි පුදුමකිනි

දෙයියනේ සිතුම් ඔයා








24 comments:

  1. එතකොට ඒ සිතුම්ද?

    මේ අපේ සිතුමා? ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇඩෝව් ඩිඩ් යු මීන් මී ?

      Delete
    2. හික් හික් වෙන්ට ඕනා...))))

      Delete
    3. හිකිස් මෙ එයා තයි ඈ

      Delete
    4. අඩෝ...සිතුමා....^_^

      Delete
  2. මේ අර කතාව නේද...? කතාවේ අකුරුවල අලයින්මන්ට් එක හැදුව නම් හරි අක්කේ පොස්ට් කරනකොට.

    ReplyDelete
    Replies
    1. ආ ඔව් මල්ලි ම මේක තමයි අර කතාව හිතුව තරම් හොඳට ලියැවුනාද නම් දන්නේ නැ

      Delete
  3. "මාව ජිවත් කරවපු ඒ සුවඳ පිරුණ අතිතයට මම හුඟක් ආදරය කරනවා"

    ලස්සනයි අක්කේ!!

    ReplyDelete
    Replies
    1. හුඟක් ස්තුතියි මල්ලි

      Delete
  4. කතාව හුඟාක් ලස්සනට ගලපලා..

    ReplyDelete
  5. හ්ම් හ්ම් කතාව හොදයි අක්කියෝ.හැබැයි කවි කියවන්න තමයි මම නම් වැඩිපුරම ආසා!!!

    ReplyDelete
    Replies
    1. හැමදාම කවිමනේ දාන්නේ ඉතින් චුටි වෙනසක්
      මටත් කවිය තරම් හොඳට කතා ලියන්න බැ :)
      හුඟක් ස්තුතියි නංඟි

      Delete
  6. ම්ම්ම්...එතකොට දෙන්නම වැරදි... එක්කෙනෙක් ගණිකාවක්... අනිත් කෙනා නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් කරන දොස්තර කෙනෙක්..!!! ලස්සනයි කතාව.. ඉවරද?

    ReplyDelete
    Replies
    1. හම් ඉවරයි :) :) එත් ආයෙම කතාවක් පටන් ගනි

      Delete
  7. මේක ලස්සනට විග්‍රහ කරලා කියන්නනම් මට අමාරුයි. ඒත් අද සමාජයේ සිදුවන දෙයක් ලස්සනට පෙන්නලා තියෙනවා

    ReplyDelete
  8. ලස්සනයි ශෂී
    කතාව වගේම එකේ අන්තිම කොටසත්.....

    ReplyDelete
  9. ලස්සණ කතාවක් . . . අපි හිතන්නේ නැති කතා හුඟක් ගණිකාවකගේ හිතේ හැංගිලා ඇති! මිනිස්සු වැරැද්ද කියනවා මිසක් වැරැද්දට හේතුව හොයන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත :) :) ස්තුතියි ධාරා

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ReAlY nICe StOrY...!
    -Lahiru-

    ReplyDelete
  12. එතකොට සිතුම් ද ඩොක්ටර්....??

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?