Wednesday, October 9, 2013

මතක සැමරුම් දවයි මගේ හිත

සුවඳ ඉහිරුනු මතක අහුරක
පාට හිනෙක ලැගුම් ගත් හද
ඇවිත් හිනැහෙන තවත් සවසක
සොදුරු සැමරුම් තෙමයි මගේ නෙත


කඳුළු මල් දම් ගොතා හෙමිහිට
පාට පාටින් හීන ඉකිබිඳ
හඩන මහා රෑ තනිව හිනෙට
මතක පැන්දිය තෙමයි හදවත


සොඳුරු සැමරුම් ඇහිද හෙමිහිට
මතක දවමින් හඩන මගේ හිත
සනසවන්නට කිසිත් නැති තැන
මතක පැන්‘විත් ලඟ සරයි හෙමිහිට


-කළුවර හීනය-


Tuesday, October 1, 2013

ඉතින් ආයෙත් හිනාවෙමි මම


  • ජිවිතේ දිගු වන්දනාවක 
     ඇවිද යන මඟ පුරුදු සසරක 
    අහම්ඹෙන් නෙත ගැටුනු හදවත 
    ආදරෙන් සිප සනසවයි අද


    කඳුල් වැල් පිස හෙමින් තාලෙට
     සිනහ මල්දම් සරසවා අද
     හදේ රැව්දුන් තාලේ සිහිකර 
    පෙමින් නහවයි රිදුනු මගේ හිත


    දෛවයේ එක තැනක හිර වුන 
    නුඹේ හදවත පෙම් කවක් තරමට
     ආදරෙන් කිතිකවා තාලෙට
     ගැයු හැටි සිහිනයකි තව මට


    නිදිනොමැති නෙත් කෙවෙනි අද්දර 
    නුඹ ඇවිත් රඟපාන ලස්සන
     ඉතින් ආයෙත් හිනාවෙමි මම 
    නුඹේ හදවත අරන් තුරුලට

    _ කළුවර හීනය_


Monday, September 16, 2013

කළුවර හීනය සහා මම

කළුවර හීනය ලියන මං ගැන මගේ බ්ලොගයේ සැරිසරන ඇතැමුන් ( බොහොමයක්) නොදන්නවා නෙමෙයි.ඇතැමුන් මා පෞද්ගලිකව හුමුවු අය වන අතර ඇතමුනු මුහුණු පොත හරහා මා අදුනාගත් අයද වෙයි...
මම නමන්  සෂි එදිරිසිංහ.
ඇත්තන්ම කළුවර හීනය නමින් බ්ලොග් අඩවිය ලියැවෙන්න ප්‍රධනාම හේතුව වුනේ ඔහේ කාලය ගතකරමින් ඉන්න වෙලාවට මගේ අතින් කුරුටු ගැවුන එක එක කවි පන්ති එකම තැනකට ගෙන එමට මට ලොකු වුවමනාවක් තිබුනු නිසාමයි.. එ කවි පද වැල් විරහ වේදනාවෙන් ගැබ්බරව තිබු නිසාමත් එ කවි වැල් බුකියට පමණක් සිමාවි තිබු නිසාමත් ලේඛණ ශෛලය පිළිබඳව මනා දැනුමක් නොතිබුනත් ලිවිමට ඇති ආසාව නිසාම මමත් හා හා පුරා කියලා බ්ලොග් අවකාෂයට ගොඩ වුනා ඒමගේම මිතුරෙකුගේ ආරාධනාවක් සහා උදව්වක් මත
ෆෙස් බුක් බිත්තියට පමණක් සිමාවුන මගේ කවි  මගේ ලඟම මිතුරෙක් වුන අපේ ඉසව්ව බ්ලොග් අඩවිය ලියන ජනරංඟ ගේ ඉල්ලිමක් මත බ්ලොග් අවකාෂයට ගෙන ආවේ මිට හරියටම අවුරුද්දයි මාස දෙකකට කලින්
කොටින් කිවොත් කළුවර හීනය බ්ලොගය් පිත්ත පටිය කැපුවේ මගේ මිත්‍ර ජනරඟයි..

_හීනයක් කළුවර වෙන්න ජිවිතෙකට හේතුවක් තියනවා_ යන තේමා පාඨය යටතේ එ රාමුවටම යටත්ව ප්‍රේමයේ විරහ වේදනාව කඳුළු වලින් ගෙත්තම් කරපු මගේ බ්ලොග් අඩවියේ මගේම හඳුන්වාදිම පාඨය මගේ බ්ලොග් අඩවියේ කවර් පින්තුරය එක ( එ පින්තුරය  මට හදලා දුන්නේ රංජිත් ප්‍රේමරත්න කියලා මගේ මිත්‍රෙයක්) මගේ අවසරයකින් තොරව අඳුරු හීනය නමින් ව්‍යාජ ගිණුමක් පාවිච්චි කරනවා
හිත ඇතුලේ නලියන දහසක් සිතුවිලි වලින් ඇතිවන කලකිරිමටත් වඩා ඇතිවුන පිලිකුල් බාවය නිසාම මම මෙය මගේ බ්ලොගය තුල සටහන් කරන්නේ කළුවර හීනය අදටත් මම මගේ පණටත් වඩා ආදරය කරන මගේ කතාව වු නිසාමයි 


මේ සියළු නිර්මාණ වලට මිත්‍ර ජනරංඟ සහා රංජිත් සොහොයුරා විසින් සාකිෂි දරනවා ඇති

අඳුරු හීනය නමින් එම ව්‍යජ ගිනුම පවත්වාගෙන යන්නේ කවුරුන්ද කියන්නට නම් මම දන්නේ නැ
නමුත් ඔහු මේ කරන වැඩේ කියටවත් මා අනුමත කරන්නෙද නැත

නමුත් කළුවර හීනය තිබය හැක්කේ එකක් පමණි
එ මගේ හීනය පමණි
අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මගේ අතින් ගෙත්තම් වුන මගේ කඳුළු කතාවේ තේමාව වෙනයම් කෙනෙක් පාවිච්චි කරිම මම කොහෙත්ම අනුමත කරන්නේද නැත

මාව රස විදින මාව කියවන්න එන නුඹට කල යුත්තේ කුමක්දැයි යන්න තිරණය කිරිමට අවසර ලබා දෙමින් මම නිහඩ වෙන්නම්

සෂි....

Tuesday, September 10, 2013

කඳුළු කවිකම්

මතක කඳුලින් දෙවු දෙනුවන් ඇසඟ සිතල තවරලා
සිතට රහසින් හෙලු කඳුලැලි මතක එකිනෙක අහුරලා
ඇවිද ආ ගිය පාළු මගතොට අපේ සැමරුම් හිරවෙලා
නුඹට රහසින් මමත් නවතිමි නෙතඟ කඳුලින් බරවෙලා

වැටි හිනැහුන රොබරොසි මල් එකින් එක අද පරවෙලා
අපේ මතකෙට රහස් අමුණයි මලින් මල ගෙන ඇහිදලා
මතක එක්වුණු පාළු ලන්දේ මඟතොටක අපි තනිවෙලා
කියු පෙම්බස් ආයෙ මුමුණමු මතකයන් තුරුලට වෙලා


ඉඳ හිටක හො නුඹේ සුළඟක් ලඟ රැදේදො සොයනෙමි
හද සොයන එ මතක අහුරට තව තවත් පෙම් කවි පබඳිමි
කඳුළු මල් හද සනසවයි නම් උනන කඳුලැලි සිපගමි
යලිත් එයි නම් සිහිනයට වුව ආදරෙන් හිත පුදදෙමි


 
 සුවඳ තැවරුනු මතකයන් ලඟ දෙදණ තබමින් හිනැහිලා
හෙටත් හිනැහෙමි නුඹේ දෙස මම බලා රහසින් සැනසිලා
කඳුළු අමුණමි මතක ඇහිදන් පරව ගිය මල් දෙසබලා
යලිත් හිනැහෙමු සසර මඟක අපි පෙම්වතුන් ලෙස හමුවෙලා


__කළුවර හීනය__

 

Tuesday, September 3, 2013

එත් හමුවෙමු පුරුදු සසරක



         සිත කඳුලක් වැටි හෙමිහින්
ඇසි දාර ලඟ හිනැහිලා
මතක සුලඟක් ගතේ දැවටි
නුඹෙ සෙනෙහස සිහිකලා

සුසුම් අහුරක් ගලා කොපුලෙන්
සෙනෙහ පිරු සිත ගොළු කලා
කාත් කවුරුවත් නොමැති හිත ලඟ
නුඹත් මතකෙට පිටුවක් වෙලා

හමුවෙලා එක්වෙන්න සසරේ
පිරු පින් මදි අපි රැස්කලා
එත් හමුවෙමු පුරුදු සසරක
යලිත් පෙම් හිත ඇහැරවා

--කළුවර හීනය--


Friday, August 30, 2013

සිනාසෙමි මම උන්නු තැන හිද කඳුළු පෙම් හිත රවටලා

සිහින් වැහිපොඳ වැටි සියොළඟ
ආදරෙන් හද කිතිකවා
පහන් සිතුවිලි මලානික වි
කඳුළු දෙනුවන් තෙත්කලා
වහන් කල සිත පෙමින් බොඳවි
සුදු වලාවක සැඟවිලා
සහන් හැඟුමන් පලායයි අද
කිසිත් නොකියම හිනැහිලා.

ඈත අහසේ පිපුන සඳවත
කඳුළු වැලකින් ගිලිහිලා
මෑත සිහිනේ දිලෙන තරු ලඟ
මලානික හිත හිරවෙලා
සීත ගගුලක තෙමි පැටලි
හඩන කවි සිත මියැදිලා
ගීත ගයනා විහඟ රෑනේ
නුඹත් කවියක සිරවෙලා

කඳුළු හීනෙක සැමරුමක් ලඟ
රිදුනු හදවත සැඟවිලා
මතක පැන්දිය වැටි දෙනුවන්
සීත කඳුලින් නහවලා
සුසුම් උණුසුම් මිරිඟුවක් ලඟ
මැරුණු හදවත නවතලා
සිනාසෙමි මම උන්නු තැන හිද
කඳුළු පෙම් හිත රවටලා


__ කළුවර හීනය__

 

Saturday, August 24, 2013

ඉතින් යන්නට දෙන්න අවසර




  අකුරු ගලපා සිතැගි නලවා ලියු පෙම් කවි අහුලලා
සොඳුරු සිහිනෙක රටා මවනා නීල දෙනුවන් දෙස බලා
හදේ රැව්දෙන ගැස්ම හෙමිහිට නුඹේ නමටම ගලපලා
හැඟුම් ඇහිදා ලිව කවියේ තාලේ කොහෙදො හැන්ගිලා

අහස සරසන තරු මලක් ලඟ සඳ ඇවිත් අද නැවතිලා
මතක මළුවේ පෙම් හිතක් ලඟ නුඹත් කොහෙදො  හැන්ගිලා
කතා නොකියන පෙම් කතාවක පෙම්වතුන් ලෙස හිනැහිලා
ආදරෙන් හිත ආල වැඩු හැටි කඳුළු දෙනුවන් තෙත්කලා
  
දෙඇස් අද්දර හීන මැවෙනා සුපෙම් හදවත දකිනෙමයි
හදේ ගැස්සෙන තාලේ සිහි කර තවත් කවි පද ගලපමි
මගේ නොවුනත් සොඳුරු හිනෙට තවත් සිතුවම් අමුණමි
ලඟක නොරැඳි දුරක ඇදුනත් නුඹට පෙම් හිත පවරමි

_ කළුවර හීනය__

-------------------------------------------------------------------------

 ඔන්න කළුවර හීනය බලන්න එන හැමොන්ටම කියන්න අලුත් පනිවිඩයක් තියනවා... එ තමයි ටික දවසට මම හැමදේකින්ම ඇත් වෙනවා..
ඇත්වෙනවා කියන්නේ හැමදාටම නෙමෙයි ඉක්මනින් එන්න බලාපොරොත්තුවක් හද කොනක තියාගෙන.....යන්නේ නම් හිතේ කැමැත්තකින් නෙමෙයි එත් යන්න ඔනේම නිසා.. වැඩි ඇතකට නොවුනත් ඒත් ටික කාලෙකට විතර හැමොන්ගෙන්ම  දුරකට.. මගේ රැකියාවේ පුංචි වෙනසක් වුනා..එක නිසාම මට ලංකාවෙන් ටිකක් ඇතට යන්න වෙන්නවා.. අවුරුදු 4කට වගේ මේ පුංචි කාලයක්
 හම්ම්ම් පුංචිමත් නැ...
 හැමදේම වෙනස් වෙන්නත් පුළුවන් නැත්තනම් මේ තියන විදියට තියෙන්නත් පුළුවන්... මොනා වුනත් සයිබර් බක් මහා උළේලයි ගෙට්ටුවයි නම් මට මඟහැරෙයි එගැන පුංචි දුකකුත් තියනවා... කියන්න හුඟක් දෙවල් තිබ්බත් න් එ හැමදෙයක්ම හදවතේ කොනකම රඳවලා මම යන්නේ පරිස්සමට..
එහෙමනම් ඉතින් මන් යනවා කියන්නේ නැ එත් ලඟදිම එන්න බලාපොරොතුවෙන් ගිහින් එන්නම්
:)
 එහෙමනම්