මවුනි දයාබර
නෙතු හඩන දා කඳුලු වැල් හිදි නෙතේ තනියට
හිත හඩන දා සුසම්වැල් ලග රැදෙයි හිතේ තනියට
මම හඩනා දා හිතත් අසරණ වෙයි තවත් හොඳටම
තනිව හිදින දා කවුරුවත් නැ ලඟ මවුනි නුඹ හැර
යොමා හසකැන් දෙමින් හසරැලි මගේ මුවඟට
හදයි නුඹ නිති දෙන්න අත් වැල මගේ දිවියට
නොමැත සුවයක් ලඟ නොමැතිනම් මට විඳිනට
මුවුනි සැමදා නුඹයි මගේ ලඟ හිටියේ තනියට
සසර සැමදා අතර මඟදි හදේ දුක් කඳ නිව්ව අම්මා
හිතේ සුසුමන් ගලන විටදි සතුට නිති මට දුන්න අම්මා
හිතින් මා නොසැලි හිදින්නම් මගේ ලඟ උන් සිසිල අම්මා
අද හෙටත් නොව මතු මතුත් මගේ එක සැනසුම නුඹයි අම්මා
සුසුමන් අතර හිත සනසන නුඹේ අම්මා
ReplyDeleteගැන සත්තකයි සතුටුයි මට නැත ඉර්ෂා
වාසනාවන්ත දියණියකයි හිතෙන්නා
අම්මා නැති උන්ගෙ දුක් කවුරුද බලන්නා??????
අම්මා ගැන නං කවි කොච්චර ලිව්වත් මදි!!!
ReplyDeleteඉවරයකුත් නෑ!!
සුභ පැතුම්!!
හම් ඇත්ත කොච්චර ලියුවත් ලියලා නිම කරන්න බැරි සෙනෙහසක් තමයි මවු සෙනෙහස
Delete