Showing posts with label හුදකලා වුනු කවි සිතුවිලි. Show all posts
Showing posts with label හුදකලා වුනු කවි සිතුවිලි. Show all posts

Sunday, August 4, 2013

එන්න සවසක ගී ගයන්නට




සුවඳ තැවරු මතක අහුරක
එති පැටලි සෙමින් දවසක 
පාට හිනෙක පිපි හිනැහෙන 
නුඹයි කුමරුන් හදේ නැවතුන 


අහස් කුස සිබ සිත සවසක 
ඉගිල යන නිල් කුරුලු රැනට 
සිත සුළඟක එති හෙමිහිට 
රංචු ගැහුනා නුඹත් හිනෙට 


විහඟ ගී හඩ කෑ ගසා අද 
මගේ සියොලඟ දවන තාලෙට 
එන්න සවසක ගී ගයන්නට 
හිතේ නලියන පෙම් හැඟුම් ගෙන



Wednesday, July 3, 2013

ඉතින් ඇතිවෙනකම් කොනිත්තපන්

තව කොනිත්තපන්
හයියෙන්ම කොනිත්තපන්
තැලෙනවා පොඩි වෙනවා
රිදෙනවා ඇඩෙනවා කියලා
දැන දැනත් තවත් හයියෙන් කොනිත්තපන්

ඇස් වලින් කඳුළු වෙනුවට
ලේ පනිනකන්ම
හයියෙන්ම කොනිත්තපන්
ඇට මස් ලේ නහර පසාරු කරගෙන
වේදනවා පිට දෙනකම්
තවත් හයියෙන්ම කොනිත්තපන්

මට පුළුවන් එතකොට උඹ කොනිත්තන
මගේ හදවත ඇතුලෙන්ම එක
සිතුවිලි අකුරු වලට පටලන්න
වෙනදාටත් වැඩියෙන් ලස්සනට තව ලියන්න

ඉතින් කොනිත්තපන්
දෙපාරක් හිතන්නේ නැතිවම
හැබැයි
උඹටත් දවසක එපා වෙවි
එ එපාවුන දවසට හිතපන්
උඹට වගෙම මටත් තිබ්බේ ආදරෙන් පරාද වුන
හදවතක් බව

තෙරුම් ගත්තොත් එදාට මට කතාකරපන්
නොවැරිදම....
එදාට නුඹ වෙනුවෙන් මම
අමුණපු අකුර පද කැලි දෙන්නම්
කියවන්න
උඹටත් ඇස් වලින් කඳුළු පනිනකම්ම

Wednesday, June 19, 2013

තවත් පෙම් කවි ඇයිද නුඹටම

උහුලගන්නට බැරිම මොහොතක
දෙඇස් දියවි කඳුළු වෙන බව
මිසෙක යලි මල් පෙති සිඹින්නට
එපා සමනල් රැල මේ ඉසව්වට

අහිමි සඳ ලඟ තබා හිත මම
පෙමින් එක්කර දෙඅත් ලඟටම
නුඹට - මම හිමි නොමැති බව දැන
පෙම් කලා තව තවත් රහසෙම

සොයමි මම නුඹ පාළු රැයම
දෙඇස් විහිදා පාළු අහසේම
දුරයි නුඹ මගේ හිතට හොදටම
තවත් පෙම් කවි ඇයිද නුඹටම

Friday, June 14, 2013

මඟබලා හිදිමි නුඹ එනතුරා

වළාකුළු මල් පෙති වලින්
වසා නෙතු නිල් නුවන්
මඟබලා හිදිමි මම
නුඹේ රුව එනතුරා

කඳුළු මල්  කලතා හිතින්
මතක පැන්දිය ගෙන‘තින්
දොවා සිත් මඩල මම
ඉකිගසමි හද පාරවා

හද අසිනි වැසි ඇද වැටි
සඳ දියට දුක හාදු දි
පෙම් නදිය දොගාඩම ගලයි
තුන් සිතම අද ඉරිතලා

Tuesday, May 7, 2013

නොකියාම දුර ගියේ ඇයි කියන් රහසේම

 
 රෑඅහස සරසනා රෑ මානලිය විලස මම
නුඹේ හීනේ හිනැහුනා මුළු රැයක් පුරාවට
මුළු රෑම ලඟ හිදන් කවි ලියුව නුඹේ හිත
නොකියාම දුර ගියේ ඇයි කියන් රහසේම

අර පේන කඳු අතරේ රැව් දුන්න මගේ පෙම
නුඹට අද පවසාවි මගේ හිතේ රැඳුන දුක
කඳුළු ඇවිදින් හුරතල්ව සඳ රැයක් පුරාවට
මගේ තනිය මැකුව හැටි තාම පුදුමයි සිතට

ආදරෙන් ලන්වෙලා කවිකාර හිතක් වෙත
නුඹ මැව්ව සෙනෙහෙ ගඟ සුන්දරයි ම‘හදට
උහුලන්න බැරිතරම් සුසුම් කන්දක් වුවද
ඉතින් කවි කරමි පෙමත් මියැදි අඳුරෙම
 
 
 

Friday, April 26, 2013

මගේ සඳ

හීන අහුරක් අරන් දෝතට
නුඹ ඇවිත් එක සවස් යාමෙක
පාළුවෙන් වුන් මගේ හිත ලඟ
භාවනාවක් වුනා මතකද

හින අහුරෙම දැවටිලා මම
නුඹේ ්‍රේම දැහැන ලඟ හිද
ආදරේ නමටම පිරු පෙරුමන්
ොඳව ගිය හැටි කියයි කඳුළුම

පයනා සඳ - තරුත් රෑයම
එලිය දෙන්නට හදයි හිත ලඟ
එත් ‘මගේ සඳ‘ නොමැති අහසට
කුමන තරුවද ඉන්නේ එලියට

භාවනාවක දැහැන් ගතවි
නුඹේ ප්‍රේමයේ සුවඳ විදිමන්
ඉන්න පිරුවත් මමත් පෙරුමත්
සඳත් මිලිනව ගිහින් දුර දැන්

නොපිරු පෙරුමන් හිතින් විඳිමින්
කළුවරේ මම හීන දකිමින්
මිලින වු සඳ යලිත් එන තෙක්
දැහැන් ගතවෙමි නමට නුඹේ මං

Monday, April 15, 2013

හුදකලා වුන මගේ හිත

ලියා තැබු අමතක සැමරුම්
එකින් එක කොලයක් පුරා
ඇහිදගෙන මම ඔහේ පෙරලමි
නුඹව හොය හොය පිටු පුරා

ඇවිත් නැවිත් ගියපු සවසක
නුඹේ පින් රුව හිත පුරා
තාම සක්මයි කරයි රහසෙම
නෙතින් කඳුලැලි සල සලා

අද හෙටක නුඹ එන්න සවසක
මතකේ සුලඟක දවටලා
මම හිදිමි තව කල්පයක් වුව
නුඹට පෙම් හිත පවරලා


කොලයක් කොලයක් පාසා  නුඹෙයි මගෙයි ආදර කතාව හැමදාමත් ලියැවෙන නුඹෙයි මගෙයි ආදර කතාව කොච්චරනම් හිතුවත් මේ හිතට නිති තහන්චි දාලා හිතන්න එපාය කියලා එත් කවමදාකවත් අහන්නේ නැති මගේ හිත නුඹ වෙනුවෙන්ම පිටුවක් පිටුවක් පාසා ලියැවෙන අපේ ආදර කතාව
තිත තියනවා කියලා හිතපුවාර නම් අනන්තයි ආයෙ නොලියා ඉන්නවා කියලා හිතපු වාරත් අනන්තයි එත් කොච්චර කොහොම හිතුවත් නතර කරන්නේ කොමද හැමදාම මොකක් හරි දෙයක් හිතෙනවා මොකක් හරිම දෙයක් ලියැවිලා
හ්ම්
මේ පෙම් හිත මැරිලා හුඟක් කල්... නුඹේ නමට මගේ හිතේ ඉදිවුන මතක මැදුරු එකින් එක ගිලිහිලා යනවා මටත් නොදැනිම
එත් මට එවා අයින් කරන්න වුවමනාවක් නැ
එකයි හැමදාමත් වගේ නුඹේ රැපයම හොය හොය මම නුඹ වෙනුවෙන් මතක පොතේ පිටු පෙරලන්නේ