ඉතින් ඇතිවෙනකම් කොනිත්තපන්
තව කොනිත්තපන්
හයියෙන්ම කොනිත්තපන්
තැලෙනවා පොඩි වෙනවා
රිදෙනවා ඇඩෙනවා කියලා
දැන දැනත් තවත් හයියෙන් කොනිත්තපන්
ඇස් වලින් කඳුළු වෙනුවට
ලේ පනිනකන්ම
හයියෙන්ම කොනිත්තපන්
ඇට මස් ලේ නහර පසාරු කරගෙන
වේදනවා පිට දෙනකම්
තවත් හයියෙන්ම කොනිත්තපන්
මට පුළුවන් එතකොට උඹ කොනිත්තන
මගේ හදවත ඇතුලෙන්ම එක
සිතුවිලි අකුරු වලට පටලන්න
වෙනදාටත් වැඩියෙන් ලස්සනට තව ලියන්න
ඉතින් කොනිත්තපන්
දෙපාරක් හිතන්නේ නැතිවම
හැබැයි
උඹටත් දවසක එපා වෙවි
එ එපාවුන දවසට හිතපන්
උඹට වගෙම මටත් තිබ්බේ ආදරෙන් පරාද වුන
හදවතක් බව
තෙරුම් ගත්තොත් එදාට මට කතාකරපන්
නොවැරිදම....
එදාට නුඹ වෙනුවෙන් මම
අමුණපු අකුර පද කැලි දෙන්නම්
කියවන්න
උඹටත් ඇස් වලින් කඳුළු පනිනකම්ම
මගේ සිතුවිලි ටිකක් කවි කරලද මන්දා :P ;)
ReplyDeleteඒ මේ මම කීවේ, මටත් මේ සිතුවිලි ටික එනවා, හැබැයි ලියාගන්න බැරි වුනා,, උයා ලියලා කියලා .. :D
Deleteහුඟක් ආවේගශීලි පද පෙළක් . . .
ReplyDeleteනිර්මාණයකට වේදනාවට වඩා ආදරය තියෙද්දී ලස්සනයි කියලා මම නම් හිතන්නේ. ඔයාගේ කවි හැමදාමත් ලාස්නයිනේ. දුක් උණේ නැතත්
ReplyDeleteඅනේ මන්දා...මේ කවියට නම් මගෙ එච්චර කැමැත්තක් නෑ....මහින්ද හාමුදුරුවන් ගේ 'වරෙව් යමව් නැගිටිව් නො පියව් දෙ ඇස' වගේ...ඒත් ඒ වගේ අත්දැකීමක් නෙමේ නෙ මෙතන තියෙන්නේ.
ReplyDelete