ඔහේ තාලෙට පැද්දි පැද්දි
නුඹේ කුසයේ ගැස්සි ගැස්සි
දෙඇස් අරුමට පුදුමයෙන් මන්
මඟබැලුවා නව මසක්
පුංචි පා අඩි මං තබද්දි
වැටි වැටි හෙමිහිට දුවද්දි
මහමෙරක් තරමට සෙනෙහසක්
පැතුවා ඔය නිල් ඇස් දෙකෙන්
ඔහේ කාලය යද්දි යද්දි
දිවියේ ගැඹුරුව මට දැනෙද්දි
සුවය ලැබුමට සෙනෙහබර හිත
ලඟින් පැතුවා හැමදිනක්
නෙතින් කඳුලක් මන් සලද්දි
හිතන් සුසමන් තව වැටෙද්දි
පහන් සිතුවිලි පිරි ගිය හිත
පතනවා මං හැමදිනක්
පාළු දිවියම හඩන විටදි
කුරිරු ලෝකය මට රවද්දි
ඇසින් කඳුලක් සල සලා මම
නුඹම යැදුවා හැමදිනක්
ඇසින් කවදා නොදැක්කත් නුඹ
සිතන් සැමදා පතමි හැමදින
මෙලොව ඇස් ඇර බැලු හින්දාම
අම්මේ නුඹ මට හරි වස්තුවක්
නුඹේ කුසයේ ගැස්සි ගැස්සි
දෙඇස් අරුමට පුදුමයෙන් මන්
මඟබැලුවා නව මසක්
පුංචි පා අඩි මං තබද්දි
වැටි වැටි හෙමිහිට දුවද්දි
මහමෙරක් තරමට සෙනෙහසක්
පැතුවා ඔය නිල් ඇස් දෙකෙන්
ඔහේ කාලය යද්දි යද්දි
දිවියේ ගැඹුරුව මට දැනෙද්දි
සුවය ලැබුමට සෙනෙහබර හිත
ලඟින් පැතුවා හැමදිනක්
නෙතින් කඳුලක් මන් සලද්දි
හිතන් සුසමන් තව වැටෙද්දි
පහන් සිතුවිලි පිරි ගිය හිත
පතනවා මං හැමදිනක්
පාළු දිවියම හඩන විටදි
කුරිරු ලෝකය මට රවද්දි
ඇසින් කඳුලක් සල සලා මම
නුඹම යැදුවා හැමදිනක්
ඇසින් කවදා නොදැක්කත් නුඹ
සිතන් සැමදා පතමි හැමදින
මෙලොව ඇස් ඇර බැලු හින්දාම
අම්මේ නුඹ මට හරි වස්තුවක්
_________________________________
මගේ දිවියේ 23 වෙනි අවුරුද්දට ලියු අවසන් කවිය
අද රැ එච්චර කලුවර නැ.. සුභ පැතුම්
ReplyDeleteඑහෙනම් සුබ ම සුබ උපන්දිනයක් වේවා!
ReplyDeleteසුබ උපන් දිනයක් වේවා...!!
ReplyDeleteකළුවරම හීනයත්
ReplyDeleteසඳ සිසිලෙ අවදිවන
දුකට වන්
කඳුළු පිනි
සෙනෙහසින් සිනාසෙන
ගල් බොරළු අතර මග
මල් වෙමින් පා සිඹින
ලෙසින් හැමකල් ගෙනෙමි
සුබ පැතුම් හද පිරුණ...
සුබ උපන්දිනයක් අක්කේ!!!
...දිනේෂ්...
සුභ පැතුම් මගෙනුත් නංගියෝ
ReplyDeleteමගෙනුත් සුබ පැතුම් අක්කියෝ!
ReplyDeleteඅම්මා තමයි අපි මුලින්ම අදුනගත්ත සුරදුතිය...
ReplyDeleteI believe love in first sight because I love my mother ever since I saw her first . . . සුභ ම සුභ උපන් දිනයක් වේවා! එළඹෙන 24 වැනි අවුරුද්දෙවත් කළුවර හීනයට සඳ පායන්න කියලා මුළු හදවතින් ම ප්රාර්ථනා කරනවා.
ReplyDelete