යලිත් නොඑනු මැන
පාරවණ හද මතක පොද - වැටෙන කඳුලැලි හෙමින් පිස
ආදරය පිදු තරමටම - තනි මැකුව මගේ කඳුළු බිඳ
ජිවතය සොයා මම - ඇවිද යමි තව බො දුර තනිව
හිතුමතේ මගේ සිතත් අද - පුරුදු තනිකම රැගෙන දොතට
මිහිරි කඳුලක් හදින් ගෙන - දොවා හිත ම‘හැර තනිකම
නොයේ නම් යලි මගේ හද වෙත - කඳුලු නොසලන්නෙමි මම
ලඟින් හිද හද තනි මකන්නට -තනිකමත් ලඟ නොමැති සවසක
ඇවිත් යන්නට එපා දැන් නුඹ - හද පාරවන පැන් අරන් දෝතට
කඳුළු පිසලා මතක පැන් ගෙන - දිවිය විදිනෙමි පුදුරු පරිදිම
ලඟන් සැනසෙන මගේ තනිකම - වැටෙන කඳුලැල් පිසින ලස්සන
නුඹම ඇවිදින් හද කුටිය වෙත - ඉක්මනින් යයි යලි කිසිත් නොකියම
යලිත් නොඑනු මැන එදා වාගෙම - මතක පැන් අද හිදි තනියට
"නොයේ නම් යලි මගේ හද වෙත - කඳුලු නොසලන්නෙමි මම" මෙහෙම අදිටන් කර ගනිමු.
ReplyDeleteඑන්නෑ එන්නෑ..ආයේ එන්නෙම නෑ :))
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආයෙම නොආවට මතකය ඉතුරු වෙලානේ..
ReplyDelete