Showing posts with label ආදර වියෝ. Show all posts
Showing posts with label ආදර වියෝ. Show all posts

Tuesday, September 4, 2012

පුරුදු පරිදිම
පුරුදු සවසම
ආපු දුර මම
තනිව යන විට

නුහුරු ලෙස මම
පුරුදු මඟ ලඟ
නුඹව සෙව්වා
නුඹට දැනුනිද

Saturday, September 1, 2012

එක මඟ හමුවු නුඹ මම

 
බොහො ඉස්සර පුරුදු සවසම
නුඹට මම ද මටත් නුඹද
හමුවුන මේ සොඳුරු නඟරය

දෑත පටලන් සිනහ දවටන්
ඇවිද ගිය හැටි තාම මතකය

දවයි මගේ හිත තව
හඩයි මම තව

දුටුවමුත් මම නුඹේ රුව අද

ඒත් නුඹ කොතැනද
මම කොතැනද
දන්නා හඳුනන අයෙකු විලසින් හමුවි
නුඹ මම
එකම නගරෙක
නොදන්නා දෙදෙනෙකු විලසින්
අද මුණගැහුණු අරුමය

තවම විඳවමි මම

Wednesday, August 29, 2012

නුඹේ සිත මගේ සිත

මගේ හිත
නුඹේ හිත
 
නන්නාදුරනා ලෝකයක
හමුවුනෙමු අපි
නන්නාදුනනා
දෙදෙනෙකු ලෙස
 
නුඹේ සිත
මගේ සිත
 
එක්වුනා
එකට එක
හඳුනනා
දෙදෙනෙකු විලස
මේ අහස යට
 
නුඹේ සිත
මගේ හිත
 
හැඳුනුවා
ගැලපුවා
එකින් එක
හදුනනා දෙදෙනෙකු විලස
 
නුඹේ සිත
මගේ සිත
 
කෙතැනද
අපි අද
නුඹට මට
මටද නුඹ
අහිමි වි ඇත
 
නුඹේ සිත
මගේ සිත
වෙන්වෙලා අද
නන්නාදුනනා
දෙදෙනකු විලස

Tuesday, August 21, 2012

යසෝ....නුඹ....සහ මම.....

හිතින් පෙම් බැන්දාත්
ලඟින් හිඳ පෙම් කෙරුවත්
නුඹත් ගැහැණියෙකි
මමත් ගැහැණියෙකි

යසෝ...

පෙම් කලේ අපි දෙදෙන
පිරිමි මනුස්සාත්මයකට....

සුව වින්දේ අපි
හදවතින් ප්‍රේමාදරය
රැවටුනා

යසෝ
නුඹ

ඒ ආදරයටම...
රැවටුනා
 
මම

මගේ ප්‍රේමාදරයට...
 
නුඹත් අසරණයි

එදා
තනිවම නොව
පුංචි රහුලයන්ද සමඟින්ම..

මමත් අසරණයි අද
 
තනිවම නොව
මගේ අසරණ හිතත් සමඟින්ම...

රැවටුනේ අපි
ආදරෙන් නැහැවුන
පිරිමිකම රජයන
පිරිමි මනුස්සාත්මයකට

වෙනස

සිදුහත් හැර ගියත් යසෝ නුඹව
අන් ලඳ සිටියේම නැත කොනක

මහැර ගියක් මගේ පිරිමි ප්‍රේමාදරය
නැවතුනු කොනක
සිටිනවා තවත් ලඳක් නතරව
සිනහවෙන් නැහැවෙමින්...

ඉතින්
අපේ කාලේ යසෝදරාව
නුඹ
සහ
මම

බැමි ලිහන එකම තැන...



(මුලාශ්‍රය  -  මගේ සොයුරියකගේ කවි පෙලක්)

Sunday, August 12, 2012

සැනසුමක් ගෙනෙනා දිනක් ඒවි යලිත්

රෑයමේ ගණදුර මකන්නට
පුරා අහස පුරාවට සුදු සදක් පැයුවට

වියැලුනු කතරට සිසිලක් දෙන්නට
මහා අනොරා වැසි ඇද වැටුනට

සිතලේ ගුලි වෙලා ඔහේ මිදුනු හිමි කැට
නුඹේ හිතේ උනුහුමට දියවුනාට


කාටවත් නොපෙනෙන
මගේ පැරුනු හිතට සැනසුමක් ඒවිද
නෙතින් කඳුලක් හඩා වැටුනට.....


කළුවර හීනය

Thursday, August 9, 2012

පෙම් කරන්නට මට තහනම්..

මේ නොනිමෙනා වැසි දිය
කඩා වැටුනත් අපේ ලොවට
උදා වු වසන්තයට
යන්න යැයි පවසමින්....
යන්න බැහැ මට විඳන්නට
පොද වැස්සේ සිසිලස

වස්ස මට තහනම්....



පෙම් ගිත මුමනමින්

ගිගයන සියොතුන්
එන්න යැයි කියුවත්
ගිකියන්නට
  යන්න බැහැමට...

ගී ගයන්න මට තහනම්...


හද මඩල විවර කරමින්

පැමිනියත් දෙවිවරුන්
දෙලොවින්
පුදන්නට සෙනෙහසක්
නොමැතිනම් මා ලඟ

පෙම් කරන්නට මට තහනම්..

Wednesday, August 8, 2012

මම බලන් උන්නා...

දෑස ආයාගෙන
මම බලන් උන්නා....
මට අහිමිව ගිය
ඒ සොඳුරු රුව
දකින්නට
මම බලන් උන්නා.....
කාලයේ
වැලි තලා අතරින්
නුඹත් මැකි ගිහින්...
ජිවිතේ හද මලම පරවි
මරිඟුවක් මෙන්
සොඳුරු හිත
මැකි ගොස් තිබුනා

Tuesday, August 7, 2012

කඳුළු අතරින්

කළුවර රැ හිනෙන් ඇවිදින් නුඹ මගේ ලඟම තවත්
තෙපලු පෙම් කවි තාමත් සුව දෙයි මට මගේ සවනත්
හිත වාවන්නැ නුඹ ලඟ නැති රෑ මගේ සිහිනේ තවත්
තව පිළිගන්නේ නැහැ අන්සතු වි දැන් මට නුඹේ හිතත්

සයුරට රළ පෙළ ඇදුනා වාගෙයි නුඹේ සෙනෙහෙ ඉතින්
ඇස් අග නැලවෙන කුංකුම වාගේ නුඹේ සුවය ඉතින්
හිත තුල නලියන හැගුමන් සොදුරුයි නු‍ඹේ ලඟදි ඉතින්
මම තව සැනසෙනු කෙලෙසද නුඹ දැන් මාහැර ඉතින්

රෑයම පිපෙනා තරු කැල අතරින් නුඹේ රුව සොයනවා

නුඹ දුර ඇදුනත් සිහිනෙන් හො මම නුඹ තව පතනවා
අපි එක් නොවුත් යලි නුඹ ආවත් හිත මගේ විඳවනවා
නැවතුනු තැන නුඹ හිනැහි ඉනු මැන මම අද හිනැහෙනවා

Sunday, August 5, 2012

අඳුරේම මියැදුන පෙම් හිතට එළි දෙන්න
නුඹ ආවේ සද විලස ගණදුරම දුරලන්න
සුවඳ ගෙනෙනා මගේ පෙම් කුසුම පුබුදන්න
නුඹ ආවේ  හැම දාම පෙම් සුවඳ මට දෙන්න

නිදිබර මගේ දෙනුවන් ආදරෙන් කිතිකවා
නුඹ සොරා ගෙන ගියා මගේ හිතම සනසවා
නොලියු පෙම් රහස් හිත තුලම  සඟවලා
නුඹ ඇත දුර ගියා නිදන නෙතු හඩවලා

Saturday, August 4, 2012

මිය ගිය සැමරුම්

අදුර රජයන මගේ පෙම් අහස කිමද අද කඵ වුනේ
සුවුඳ පුබුදන මගේ පෙම් කුසුම කිමද අද පර වුනේ
හමා ආ මද නළ මසිත සනසන කිමද අද වියැලුනේ
පිබුදවු පෙම් සිහිනේ බොඳ කරන්නද තව ලංවුනේ

ලගින් ඉන්නට බැහැනේ දැන් මට නුඹේ හිත අන්සතු වෙලා

දුරින් ඉන්නට බැහැනේ දැන් මට නෙතේ කදුලැලි පුරවලා
හිතින් පතනට පැතුම් නැහැ මට හැගුම් මගේ අද ගොඵ වෙලා
මට අහිමි වුනු නුඹේ ප්‍රේමය රැගෙන යමි මම තනිවෙලා

නිරතුව මා ගෙව්ව තුටු දිවිය නුඹමයි පෙම පුදසුනේ

සැමදා අපි එකට හිදිමුයි කියා ලංවුන ඒ පෙම් දිනේ
තවත් වසරක් ගෙවි ලා ඇත ඉරි තලා ගිය පෙම් පතේ
ඉන්න සතුටින් සැමදා නුඹ එයයි මගේ සතුටම හිතේ


ගෙවුනු අතිතයේ සුවද තැරුනු සැමරුම් ගෙන හදින්

තවත් වසරක් නික්මෙනා දින අපේ මල පෙම් ලොවින්
යන්න සඳහට නික්මිලා මට කඳුඵ එක්කල පෙම් ලොවින්
දෙන්න කුමරුනි මෙමට අවසර දැන් නික්මිලා නුඹ ළඟින්

තරු පිරි අහසක්

තරු පිරි අහසක් මකයි තනිකම රැ සඳ මානේ
සද පිරි අහසක් නිවයි ගනදුර රැ  තුන් සිත් මානේ
හිත රැදි රහසක් කියයි මසිතට හැමදා හිත් මානේ
නුඹ නැති ලොවක්  උනයි කදුලැලි නෙත් මානේ

හද පිරි පැතුමක් දැවෙයි රහසෙම හිත් මානේ
නෙත රැදි කදුලක් වැටෙයි රහසේම ඇස් මානේ
හිමිනැති පෙමක් ගෙනෙයි සුසුමන් හිත් මානේ
කදුලැලි ගොඩක් තනයි මාළිඟ බොඳවන මානේ

නුඹේ වන්නට පැතු කාලයක් තිබුනා

ඉකි ගසා හඩනා මොහොතක
තනිකමත් මම හිතින් ලඟින් අරගෙන
හදේ දුක් තැවුල් කවි කර
තනිවා හැඩුවා අපේම ප්‍රේමෙට

නෙතින් උණු කදුලැලි හලලා
හිතන් සෝ සුසුමන් තවත් යැදලා
නිරතුරුව මම නුඹම පතලා
නුඹේ වන්නට පැතු කාලයක් තිබුනා

ලගින් ඉන්නට තවත් ඉඩ නැහැ
දුරින් මගේ හිත හිනැහෙන්නේ නැහැ
මටත් අවනත නොවන මගේ හිත
නුඹ නොමැති බව පිලිගන්නේමත් නැහැ

Wednesday, August 1, 2012

අපි උන්නේ අපට හරි ආදරෙන්

වෙන් වෙන්න හිතුවාට යන්නම ගිහින්
හිත යන්න දෙන්නැනේ දැන් මට ඉතින්
උනු කදුඵ වැටුනත් මගේ නෙත් අගින්
අපි දෙන්නා උන්නේ අපිටම දුරින්

සුසුමක් අරන් මම යන්නම් ඉතින්
වවන්නම බැහැනේ මට මෙ දුක් සුසුම්
හුස්මක් අරන් තව මට සෙනෙහසින්
ඉන්නටම ඉඩ නැහැනේ මට නුඹ ලඟින්

දුර යන්න හිතුවාට අපේ මතකය අරන්
මට ඉන්න හිත නැහැනේ නුඹ නැතුව දැන්
කඳුඵත් උණුයි දැන් බර නෙත් අගින්
වෙන්වෙන් නම් බැහැ මට දැන් නුඹ ලඟින්


Thursday, July 26, 2012

තිත තිබු කවිකම

නොලියන්නම් තවත් කවි වැල් නුඹ නමට
නොසිතන්නම් තවත් සිතුවැල් නුඹ හදට
වෙන්ව ඉන්නම් තවත් මම පෙර ලෙසට
නොහල ඉන්නම් තවත් කදුලැලි අපේ පෙමට

ආදර වියෝ දුක මෙලෙසින් මට රිදවනවා..

. මා හද සොවින් තව නුඹ ගැන ළතවෙනවා...
නොලියා ඉන්න කියමින් සිත වද දෙනවා...
මම අද මේ ලෙසින් කවි සිත වළලනවා

නොහිතා ඉන්නනම් තවත් නුඹේ ඔය මතකය
නොදොඩා ඉන්නෙමි සිතින් දවමින් චිතකය...
නොදවා හිඳිමින් යළි යළිත් මගෙ සිතකය...
යළිත් නොපතමි සෙනෙහසේ සුව දුරකය..

Saturday, July 21, 2012

පෙම්බර වදන් මිහරියි සුව මතක රැස
නුඹ රජ කරනවා තවමත් මගේ මතක තුල
කඵවර සෙවනැලි පෙනුනත් මට අතරමග
හැරයමි අදුරු පෙම උණු කදුලැලි තුරුලු කර

පෑ සෙනෙහස තාමත් මගේ මතකේ තියේ
එ රන් විමන තාමත් සුව මිහිර ගෙනේ
වෙන්වුයේ මම නුඹ වෙත යලි එන්න නොවේ
එනමුත් නුඹේ සුවඳ හද කිතිකවනවා මගේ

හිතකින් නොවේ මම නෙතු බොඳ කෙරුවේ නුඹේ
කඳුලැලි බරයි ම'යේ උහුලන්නට නොහැකි ලෙ‍සේ
සෙනෙහෙ තාමත් එලෙසම මා හද තුලම රුදේ
සතුටින් ඉහිරි හිඳිනු මැන නුඹ ඇය හා සැම කලේ

නිකුමුනු සිත

නෙත මත රුදුනු රුව මට නුඹ හරි අගේ ඇති
සිත මගේ සොයනවා තවමත් ඒරුව සිනාසිසි
මවමින් තවම නුඹේ සුදු වත මම හදේ රැදේ
සත්තයි මම කල් බලනවා දකිනට සිතේ සරි

මැවු පෙම් මාලිඟා අප ඒදවස හරි ආදරයෙන්
මිමිණු පෙම් වදන් මිහිරි තවමත් සාදරයෙන්
සිහියට නැගෙනවා අප ආගිය හැටි සෙනෙහෙ සිතින්
විසිරුනේ ඇයි මේලෙස අප ආ මග නොසිතු ලෙසින්

දහසක් සෝ සුසුම් දරමින් මගේ හිත මේ විලසින්
තනිවම හඩනවා මම මතකෙට ගෙන නුඹේ සුසුමන්
විදවන මගේ සිත සනසන්න යලි නුඹ ආදරයෙන්
නිකුමුනු සිත යලි වඩින්න මවෙතට තව ආදරයෙන්


තාමත් පෙම් කරනවා

රෑයම පිපෙන සුදු සඳ වට දිලෙන
පුංවි තරුකැට තුලින් සැමදා සොයමි නුඹ
තිනිකම තුරුලු කරගෙන මම පපුතුරට
නෙපෙනෙන දුරක හිද තාමත් පතමි නුඹ

ඇස් අග හිනැහුන කදුලු කැටි හැම තරුලු කර
තනිවම මවනවා නුඹේ රුව මම කඳුඵ තුල
නොලැබෙන සෙනෙහෙ තමත් හද තුරුලු කර
දින සති ගෙවනවා මම තනිවම නිරන්තර

දුරින් හිද හිනැහෙන නුඹ මසිතට සුපුන් සඳ
ලන්වෙන්න නොහැකි ලෙස තාමත් දුරයි මට
ඒත සඳ ලඟ දිලෙන පුංචි තරුකැටය ලෙස
තාමත් පෙම් කරනවා නොලැබෙන ඔය හිතට

මටම අවනත නොවුන මගේම පෙම් හිත

මටත් නොතෙරෙන
මගේ හිත
හරි අපුරුවට
සිත්තම් කර නුඹ
පාට සිත්තමක් සේ....
මටත් අවනත
නොවු මගේ හිත
හරි අපරුවට
‍මෙල්ල කර
නුඹේ හිත ලඟ.....
සදා රැදෙමයි කියා
දිව්රමින්
මගේ නනලත සිඹ
මටත් හොරෙන්
මගේ හිත ලඟ ලැඟුම් ගත් නුඹ‍
තවකෙකුට
පැතුම් පොදි පෙන්නමින්
තව සිතක් කියවන අපුරුව
මටත් නොතෙරෙයි තවම

__________________
වෙන්ව යමු දැන් අපි ඉතින්
අවසරයි නුඹට දැන් සමුගන්න
මම හිදින්නම් මෙහෙම
මගේම ලෝකයේ තනිව
දුන් හින ඇති මෙමට
මගේ තනිනොතනයට

තවත් දිගු කරන්නේ කිමද
අපට හිමි නැති අපේ පෙම් සසර

වෙන්වෙන් කාලයයි - අපේ පෙම සයුර තුල

මතක පොත දිග හැර - අපේ සැමුරුම් දඟ කර
ජිවිතේන් මට උරුම - කඳුල සුසුමට ලංකර
වෙන්වෙන් කාලයයි - අපේ පෙම සයුර තුල

නැහැ දුකක් මසිතට - නැහැ සුසුම් මයේ හදට
වෙදනා බර නලියන - එකම සැනසුම අපේ පෙම
වෙන්වෙන් කාලයයි - අපේ පෙම සයුර තුල

සුභ පැතුම් එක්කරමි - නව දිවිය සරු වේවි
නුඹ සතුට ලං වේවි - නුඹේ දිවිය එළි වෙවි
වෙන්වෙන් කාලයයි - අපේ පෙම සයුර තුල

මතක දඟ කරන - මගේ දුක් පෙම් කවිය
අද හෙටත් මතුමතුත් - ලියනවා මම තනිව
වෙන්වෙන් කාලයයි - අපේ පෙම සයුර තුල

නොලියා හිත අද්දර - දග කරන නුඹේ මතක
රිදෙනවිට මගේ හිත - යන්න හදනවා සසර අතහැර
වෙන්වෙන් කාලයයි - අපේ පෙම සයුර තුල