වතු සුද්ද මල් ඇහැරිලා
කැකුළු මල් පෙති විහිදලා
සුදු අරලියා මල් පොකුරු
පාළු ලන්දම හැඩදමා
වල් වැදුනු මිනි මල්යාය
තැනින් තැන කව හැඩ දමා
පිණි වැටුණු තණ පියස
ලන්ද එහෙ මෙහෙ හැඩකලා
බොරළු ඇතිරු පාරේ
එන මඟක් දෙස නෙත් යොමා
මඟබලයි සොහොන් කොත අද
නිදන තනිකම ඇහැරවා
කොතේ කණුවක ඇනතියන් මම
තනිය විදිනට බැරිනිසා
මඟබලමි සුසානය ලඟ
පාළුවෙන් මිරිකෙමින් සැරසිලා
ගරා වැටෙනා
සොහොන් කොත ලඟ
ඉටි පහන් කිරි වැහැරිලා
නිදන් ඉන්නා වුන්නේ
මර හඩින් කන් හිර වෙලා
මළ බැඳුණු කොත ලඟම
යකඩ කුඩු ඉහිරිලා
පාළු සොහොන් පිටිය තුල
සොහොන් කොත අද තනිවෙලා
සුදු අරලියා මල් පොකුරු
පාළු ලන්දම හැඩදමා
වල් වැදුනු මිනි මල්යාය
තැනින් තැන කව හැඩ දමා
පිණි වැටුණු තණ පියස
ලන්ද එහෙ මෙහෙ හැඩකලා
බොරළු ඇතිරු පාරේ
එන මඟක් දෙස නෙත් යොමා
මඟබලයි සොහොන් කොත අද
නිදන තනිකම ඇහැරවා
කොතේ කණුවක ඇනතියන් මම
තනිය විදිනට බැරිනිසා
මඟබලමි සුසානය ලඟ
පාළුවෙන් මිරිකෙමින් සැරසිලා
ගරා වැටෙනා
සොහොන් කොත ලඟ
ඉටි පහන් කිරි වැහැරිලා
නිදන් ඉන්නා වුන්නේ
මර හඩින් කන් හිර වෙලා
මළ බැඳුණු කොත ලඟම
යකඩ කුඩු ඉහිරිලා
පාළු සොහොන් පිටිය තුල
සොහොන් කොත අද තනිවෙලා
ම්ම්ම්... මහා ගුප්ත, පාලූ, අඳුරු ගතියක් දැනෙන මේ සිතුවිල්ලට මම ආසයි!!
ReplyDeleteස්තුතියි හිතු
Deleteපාළුව හුදකලාව තදින් කා වද්දවා ඇති නිසදැසකි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)