කඳුළු මුතුවැල් හෙමින් ඇවිදින් දෙනෙත් පෙති අග සැරසිලා
දෙඇස් තෙමමින් මාල අමුණයි නුඹේ සෙනෙහස සිහිවෙලා
හිතක් අඟ රැදි රහස් බොහොමයි දෙනෙත් කඳුලින් තෙත් වෙලා
කඳුළු මාලා සෙමින් අමුණමි හෙලූ කඳුලින් හැඩ වෙලා
සිහින එක එක හෙමින් බොඳවෙයි දෙනෙත් අග දුක දියවෙලා
නෙතින් කඳුලැලි හෙමින් පිටවෙයි නෙතට කඳුලැලි බරවෙලා
හීන නොකියම මගෙන් දුර යයි පැතුම් එකිනෙක බොඳවෙලා
නුඹෙන් මම අද වෙන්විලා යමි පෙමක් ලඟ හිත නැතිවෙලා
මටත් රහසින් පිටව ගිය සඳ දුකක් ලඟ හිත නවතලා
කඳුළු හිත ලඟ මතක පෙරලමි කඳුළු මල් ගෙන අහුලලා
හිතින් නොසැලෙමි මතක අහුලමි තුටින් නුඹ ගිය දෙස බලා
කඳුළු මළුවෙන් ඉතින් බැස යමි නුඹට පැතුමන් පුරවලා

හ්ම්ම්...හරිම උදාරතර පැතුමක්....
ReplyDeleteහම්ම් බෝම අමාරුවෙන් හිත ගලක් කරගෙන කරන්නේ
Delete//කඳුළු මළුවෙන් ඉතින් බැස යමි නුඹට පැතුමන් පුරවලා//
ReplyDeleteම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....කඳුළු.., කිසිම වටිනාකමක් කවදවත් ලැබුනෙ නැති දෙයක්... :(
ඇත්ත කිසිම වටිනාකම්ක් නැතිව ඔහේ වැටිච්ච කදුළු
Deleteතේරුමක් නැතුව කඳුළු ගලාගෙන ගියපු කාලෙකුත් තිබුනා.. හ්ම්ම්..
ReplyDeleteඅපි හැමොන්ගෙම ජිවිත වලට එහෙම කාල ඔනේ තරම් තියනවා
Deleteලස්සනයි
ReplyDeleteස්තුතියි
Deleteඇයි අප්පේ ඔච්චරටම හැඟීම් බර උනේ?
ReplyDeleteවෙන කරන්නම දෙයක් නැතිනිසා අනේ
Delete