Wednesday, March 20, 2013

මේ ඇගේ පාපොච්චාරණයයි



මම හුදකලා වන සැම මොහොතකම මට නිරායාසයෙන්ම ඔහු පිලිබඳ සිතුවිලි ගලා එන්නේ දෙනත් තෙත් කරමින්ය
අතිතයක පැටලිච්ච මිය ගිය ආදරයක නටඹුන් සමඟින් තනිවන සෑම මොහොතක් පාසාම මම හිතින් දුක් විඳිමි නෙතින් කඳුලැලි සලමි හදවතින් දස දහස් වාරයක් මම මටම සාප කරගිනිමි.
එකඳු මොහොතකදි හො පාසා මම මගෙන්ම අසන එකම එක ප්‍රෂ්නයක් වෙයි එනම්


මගේ සිත ඇයි නුඹ ලඟ නතර වුනේ

එපමණයි
අදටත් පිලිතුරක් නැති ප්‍රෂ්නයක්


ආදරය විදිමට පමණි විඳවිමට නොවෙයි
නමුත් මාගේ පාර්ෂවයෙන් බලන කල සදා විදවිමක් හැර විඳිමක් නොමැති තරම්ය



නිදහසේ ගලාගිය සිතුවිලිත් සමඟින් ඔය පිරිමි රුව ඔය පෞර්ෂත්වය ඔය ගොරොසු කටහඩ ඔය හැඩි දැඩි පෙනුම..
පිටතින් පෙනුන රැව පමණක්ම නොවේ
ගැහෙන නුඹේ හදවත ඔය සිතුවිලි හරි අපුරුවට කෙනෙක්ව වසඟයට ගන්නා අහින්සක දඟකාර අඩම්බර කම
ඉඳිරියේ ඔනැම ගැහැණු හිතක් නොනැවතෙන්නේ නම් එය පිලිගැනිමට නොහැකි තරම් කරුණක්ය


මාත් එසෙමය ඔය පෙනුමට ඔය කට හඩට ඔය ජව සම්පන්න සරිර කුඩුවට ඔය ආදර බර හිතට  මාත් පෙම් කලෙමි


හැඟිමකින් මියැදි පෙම් කිරිමට නොහැකි තරම්ය

එ නිසාම මම නුඹ පිලිබඳ වු සියළුම හැඟිම් සමුදායන් මගේ සිත තුල තැන්පත් කරගනිමින් මම නුඹට පෙම් කලෙමි ශරිරයෙන් පිට වෙන අවසන් ලේ බින්දුව තෙක්ම මම නුඹට පෙම් කලෙමි.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මම නුඹේ වි අවසන්ය ඔය හිත ලඟ මා නැවති අවසන්ය..



ඔව් මම නුඹට පෙම් කරමි නොනැවති පෙම් කරමි

නුඹ මගේ නෙත් ඉස්සරහා දඟපාන සැම මොහොතකම මම මටත් හොරෙන් ඔය සිතුවිලි අද්දර දැහැන් ගතවන බව නොසැඟවිය හැකි රහසක්ය

සත්තයි
ඔය ඇස් ලඟ
මම
තාමත්
අසරණයි

කාලායාගේ ඇවැමෙන් නුඹ මාගේ හොඳම මිතුරාවෙයි

මගේ එකම විස්වාස වන්ත පුද්ගලයා වෙයි

තවත් කාලයක ඇවැමෙන් මගේ ජිවිතේ මම හැමදේම බෙදාගත් එකම තැනැත්තා වෙයිකොටින්ම කියුවොත් මම  අවසර නොලත් පෙම්වතිය වෙයි

ඔහේ ගෙවි යන කාලයකට පසු මමම නුඹේ පෙම්වතිය වෙයි  
මා නුඹට ප්‍රේම කලේ ඇයිදැයි කියන්නට නොදනිමි
මා නුඹට වසඟවුයේ ඇයි දැයි කියන්නටනොදනිමි
මානුඹේ වුයේ ඇයිදැයි කියන්නටනොදනිමි
නමුත් මා දන්නා යම් කරුනක් වේද එනම් මා නුඹට පෙම් කලෙමි
හදවත පතුලෙන්ම ආදරය කලෙමි
අදටත්එහි කිසිදු වෙනසක් නැත



මම දන්නා තරමින් නුඹ මට පවසා ඇති අයුරින් නුඹත් වරෙක ප්‍රේමයෙන් පරාජිත වුවෙකි

ලද පරාජය නිසාම තවත් හදක ලන්විමට නොහැකි අයුරින් ලත වුවෙකි බියවුවෙකි

මාත් එසෙමය.

නමුත් කාලයාගේ ඇවැමෙන් අපි පෙම්වතුන් වුවෙමු

නුඹේ සිත අද්දර දැහැන් ගතවෙන එකම භාවනාව මම විමි

නුඹේ සිත සනසන එකම පිනි සිසිල මම විමි



නුඹේ අත මා ස්පර්ෂ කරන සැම මොහොතක් පාසාම මම නිරුත්තර වෙයි නුඹේ අතින් මා‘ත ගන්නා සැම මොහොතක් මම ගල් ගැසිමි
 ඒ නුඹ ස්පර්ෂ කරන්නේ මගේ අත නොව මගේ සිත වන නිසාවෙන්ය

නුඹේ එකඳු වදනකින් එකඳු කැල්මකින් පවා මගේ හදවත ස්පර්ෂ නොකල දිනයක් නැති තරම්ය 
  
නුඹේ එකදු වදනක් හො මගේ හදවත සසල නොකලේ නම් අදටත් නුඹ වෙනුවෙන් මගේ දෙනෙතින් වැටෙන කඳුලක් කඳුලක් පසා මම මටම සාප කරගනිමි....මගේ පිබිදෙන සැම හැඟිමකටම හැම සිතුවිල්ලකටම නුඹ නුඹම පමණක් පදනම විය....නමුත් නුඹේ අවසානාවට නුඹ මගේ සියළුම දේටම හේතුව වි අවසානය



කාලය කොරම් දිගු වුවත් නුඹ මා හමුවුන වාර... නුඹ මා දෙඩමළු වුන වාර මට තාමත් එකින් එක පෙල ගැස්විය හැකිය

වචනයක් නෑර නුඹට ඉදිරියේ ගෙනවිත් තැබිය හැක


එකි අතිතය මා කෙසේ අමතක කරන්ද

මගේ ජිවිතේ ගෙවුන හොදම කාලය

සමනල වසන්තය කෙලෙස නම් මා අමතක කරන්නද


අතිතයක පැටලිච්ච රැරා ගලනා නුඹේත් මගේත් අතිත සැමරුම් සිහිවන වාරයක්වාරයක් පාසා මගේ දෙනෙතට කඳුළු උනනවා සේම නුඹ පිලිබඳ මතකය අළුත් වනවා සේම නුඹ පිලිබඳ මාසිත තුල හට ගත් ප්‍රේමයද මතකයන් සමඟින්ම දළුලා වැඩෙයි



එ සියළු සිතුවිලක්ම මා සිතේ නුඹ පිලිබඳ ප්‍රේමය දළු දා වැඩෙනවා මිසක කිසිදා මිය නොයනු ඇත


නුමුත් එ සියළු දේටම නුඹ තිත තබා අවසන්ය

අපේ හමුවිම් අපේ දෙඩමළු විම් වලට නුඹ තිත තබා අවසන්ය

එයට හේතුව නුඹට මා පිලිබඳ කිසිදු හැඟිමක් නොයිපදිමයි හුදෙක් මා නුඹට එක් සොහොයුරියක් පමණක් විමයි... නුඹ කියනා අයුරින් නුඹට මට කිසිදා පෙම්වතුන් විය නොහැකිය( නමුත් නුඹේ හිතම මා වෙත ප්‍රේම ආරාධනාවක් කලේ ඇයිදැයි කියන්න මට තවමත් ප්‍රෂ්නයක්ය... නුඹට මා පිලිබඳි එකදු හුදකලා හැඟිමක් හො නොමැතිනම් කෙසෙ නුඹ මා පෙම්වතිය කරන්නට සිතුවේද අදටත් පැනයක්)


මා නුඹට පෙම් කලත් නුඹ මට පෙම් නොකල තරම්ය

එලෙසින් නුඹට මා අතරමඟ දමා යැමට හැකිවිය


මා නුඹට පෙම් කල තරමින් නුඹ නොමැත මට පෙම් කර කිසි දිනක..
 මා නුඹේ වු තරමින් නුඹ නොමැත මගේ වි එක මොහොතකට වුව...
මා නුඹ ගැන සිතු තරමින් නුඹ නොමැත මා ගැන සිතා එක වරෙක ....


නමුදු නුඹ පෙන්වු පාට පිරුණු හීන ලොකය තුල නැවති මම තවමත් ඉකි ගසන්නීය

නුඹ වෙනුවෙන් තමත් මා කඳුසලන්නිය



මේ ඇ පාපොච්චාරනයයි

-------------------------------------------------------


පාවි පාවි විසි වෙලා ගිය
අකිකරු අකුරක් අරන් දෝතට
ගලප ගලපා මමම ලියන අද
කවිය නුඹටයි - මගෙ පෙමටයි

ඇවිද ඇවිදා මඟ තොටක අපි
ගෙවුව කාලයේ සිහින නටඹුන්
ගලප ගලපා මමම ලියන අද
කවිය නුඹටයි - නුඹේ නමටයි

කඳුළු කවිකම් හැඩ කරන් නුඹ
මසිත අද්දර හිනැහිලා නුඹ
මතක අහුලා මමම ලියන අද
කවිය නුඹටයි - නුඹේ පෙමටයි

අකුරු ගලපා සිතැඟි නලවා
මම ලියු අපේ පෙම් කවිය ලඟ
තාල විරහිත පද පෙලක් ලඟ
මටම වැරදුන අකුර නුඹමයි - නුඹම පමණයි





Sunday, March 17, 2013

මතක පොතේ කඳුලින් කටු ගෑ....


කඳුලැලි පුරවපු ආදර පන්හිද
කඳුළු වගුරවා මතක ලියන කොට
පොතක් පුරාව දඟපෑ මතකය
පිටුවෙන් පිටුවට රහස් කියනවිට
තුන් රෑ මැදියම හීන දකින ඇස
කළුවර හීනෙම පාට මකන කොට
සඳ නැති රෑයම කඳුලැලි වපුරා
මතක ලියමි මම හිතේ දුකට අද
කඳුලින් කඳුලට අමුණන මතකය
රහසින් හද ලඟ සිතුම් මවන විට
කඳුලැලි පුරවපු මතක අහුරු ටික
හීනෙන් ඇවිදින් ලඟින් රැදෙනකොට
සීතල මදහස පෑව නුඹේ පෙම
හීත ලඟ හෙමිහිට රහස් කියන කොට
කළුවර රෑ හීනෙම තුන්යම
පෑරි රිදවයි නුඹ-මා මතකය හෙමිහිට

අහිමිව ගිය සඳ රහසේම පෙර දින
මතකය පෙරලා කවි අමුණන විට
දාහක් සිතුවිලි හැඟුමක නැවතුන
පිටු අග  සිර වී කඳුළු සලන විට
සැලෙනා හද ලඟ නැවති හෙමිහිට
රහස් කියනවා රහසේම මට මම
රිදවන මතකය අමතක කර අද
මතක ලියනවා පොතක් පිරෙන්නට
___________________________________
මගේ මතක පොත... කඳුලින් කඳුලු පෙමක් ලඟ නැවතිච්ච කඳුළු මතක අහුරු ගනන් ලියන මගේම ආදරණිය ඩයරිය දවසක ඔයාගේ අතට හම්බවුනොත්...ඔයා පුදුමවෙයි නේද මේ පොතේ පිටුවෙන් පිටුවට ඔයා ගැනම විතරක් මම ලියලා තියනවා කියලා දැකිනකොට....
 
       

Wednesday, March 13, 2013

ඉටු(නො)වෙන හීන


 
සුදු ඇත්දල පාට...රන් නුලෙන් වැඩ දාපු රත්තරන් සාරියක් ඇඳගෙන මුතු මාල හතක් ගෙල පලදලා.....රන් තැල්ලෙන් හිස සරසලා.....ලස්සන සුදු-කහ අරලියා මල් වලින් වැඩ දාපු මල් කළඹක් අතදරාගෙන
මගෙම තාත්තාගෙ අතින් එලිල්ලිලා රන් පෙරුවට නගින්න මම හුඟක් හින මැව්වා
මගේ ජිවිතේ මම මවපු ලස්සන හිනයක්
පතිදම් රැක ගෙන කුල ගෙදරට යන දවස....
ඔනේම දුවණියකගේ ජිවිතයකට තියන දවසක 
සැබැ වෙන හිනයක්...... 

හින කුමාරයෙක්වත් රජ කරන්නේ 
  නැති මගේ ලොකෙට රන් සාරි කෙකායින්ද
මුතු මාල කොයින්ද
මල් කළඹවල් කොයින්ද
රන් සෙල ඇදන් පතිගම් යන දවසක් මට කොයින්ද
ජිවිතේ හින වලින් කවමදාක වත් සැබැ නොවෙන හිනයක්
හිත අස්සේ දඟලන තෙරෙපෙන හැඟමන් රාෂියක් කඳුලින් ගනුදෙනු කරන මොහොතක්
සැබැ නොවෙනා ලොකයක මායවක් තුල හැඟමන් තෙරෙපෙන මොහොතක තනිවම මම මගේ හිතත් එක්ක දොඩමළු වෙන මාතෘකාවක්
ඒත් මට ඒ හිනයක්ම විතරයි
රන් සෙල රන් මාල රන් මුදු රන් පෝරු රන් අස්ස කරත්ත....
ඔවා මට පේන පාට පාට හින
කවමදාකවත් ඉටුනොවෙන හිනයක්

----------------------------------------------------------------------

හිත අස්සක දඟපානා 
රන් මුදුවේ...
රන් හීනෙන් ගෙත්තම් වුනු
මංඟල සිහිනේ..
මල් දහසක් මැදිකර බැඳි
රන් ආසුනේ
සිහිනෙන් සිතුවම් මැව්වා
මම හොර රහසේ..

ඉටු කර බැඳි 
පැතුමන් දහසින් 
වරුවක් සැලුනා හද
ලොවටම රහසින්
කඳුලැලි පිටවි 
නෙතඟට හොර රහසින්
සිතල කඳුලක් දඟලයි
ඇස් අඟ හෙමිහින්

මල් මල් හීනෙක දඟපානා
 සිහිනයේ සිත්තම්
රහසින් මැව්වෙමි සිතුවිලි
අහුරක් මම  ඇහිදන්
මගේ පෙම් කඳුලින්
ගිලිහිනු මංඟල හැඟුමන්
ඉටු(නො)වෙනා බව 
සත්තයි කුමරුනි මට දැන්.....



Sunday, March 10, 2013

මතක පෙම් කවි කඳුළු



කඳුළු බින්දු හීන් සිරුවට දෙකම්මුල් තෙමමින් ඇදගෙන වැටෙනවා...සිතලම සිතල කඳුළු බින්දු උනුහුම් මගේ හිත සැනසුමක් ගෙනත්දෙන්නේ ඒ සිතල කඳුළු බින්දු සමහර විට දන්නවාත් ඇති මලානික වුන ජිවිතේ ආදරයක් වෙනුවෙන් පරාජිත වුන මගේ ජිවිතේ කඳුළු බින්දුවකින් ලැබෙන එ සිසිලස වුනත් ඇති වෙයි කියලා එකම එක පාරක් හරි දෙඇස්ගෙඩි රතුවුන කම්මුල් ඉදිමුන අඩලා අඩලා හෙම්බත් වුන මට හිනාවෙන්න... එ තරම් කඳුළු බින්දු වලින් මට සැනසුමක් ලැබෙනවා

කෑගහලා අඩාලා දුක කිය කිය අඩලා වරුගනන් පැය ගනන් අඩලා මගෙන් මියැදුම මගේ ප්‍රේමය වෙනුවෙන් මේ ඇස්වලින් කඳුළු පිටකලාරා දැන් හොදටම හෙම්බත්වෙලා

ඇත්ත හොදටොම හෙම්බත්වෙලා මට මවත් නැතිවෙනකම්ම අඩලා අඩලා මට මාවත් නෙපෙනෙන කම්ම අඩලා දැන් හොඳටොම මහන්සි

එත් මහන්සි කියලා හිනාවෙන්නේ කොමද...හිනාව මගේ අහලපහලකවත් නැ.. හිනාවෙන්න කොච්චර උත්සහාකලත් හිත හදාගන්න කොච්චර වෙර දැරුවත් එක සැනෙකින් දඟපාන අපේ මතක රැලි මගේ හදවත රිදවනතරම් මාව හඩවන තරම් මාව මරව මරවා හඩවන තරම් දෙයියනේ කොමද මම තවත් කැගහලා කියන්නේ කෑගහලා අඩන්නේ දැන් අඩලා අඩලා බෙරෙන්න කඳුළු වැල් නැ පිටවෙන්න සුසුම් රැලි නැ

ඇස් අගිස්සෙන් කඳුළු බිඳුවෙනුවට ආත්මිය ලේ බින්දු පිටවෙයි සුසුම්රැලි වෙනුව ආත්මිය හස්ම පිටවෙලා යයි

මටමාවත් නොපෙනෙන තරමට වැටිච්ච කඳුළු රැලි ලොකු කතාවක් කියයි හැමොන්ටම පෙන්න

මගේ මුවින් නොපිටවුනත් මගේ සුසුම් වලින් නොහැගුනත් මම මටම මගේ ආත්මයටම සඟවාගන්න බැරිවුන මගේ ආත්මිය ලේ කඳුළු කතාව මුළු ලොකයටම මම සැඟවුවත් කවදාහරි දැනගන්න ලැබෙවි

සමහරවිට ඔයාටත් ඔව් ඔයාටත් කවදාහරි දැනගන්න පුළුවන්වෙයි

මම කෑගහාලා නොකියුවත් ඔයා ඉස්සරහා දනගහලා වැදනොවැටුනත් ඔය ආදරය ඉස්සරහා සිගමන් නොඇද්දත් දවසක ඔයාත් මගේ කතාව කියවාවි...

එදාට මගේ ලේ කඳුවවලින් ලියවුන නුඹෙයි මගේ ආදර කතාව කියවලා ඔයාටම ඔයා ගැන දුක හිතෙවි



හිත හදාගන්න මම තාමත් උත්සහා කරනවා... පිටුගනන් කඩදහි පිරෙනකම්ම මම ලියා ලියා මගේ දුක පිට කරනවා එත් කොච්චර සෙල්ලම් දැම්මාත් කොච්චර පිටු ඉවර කලත් මම තාමත් නැවතුන තැනමයි තාමත් හිතහදාගන්න පටන් ගත්ත තැනමයි කොපමණ උත්සහා  කලත් මගේ හිත තාමත් සිසිකඩ කැඩිලා ඉහරිලා ගිය තැමයි

මම එකින් එක කැඩිච්චි හිතේ කැලි ඇහිදින්නේ නුඹට රහසින් ලොවට රහසින් මගේ හිත එකතුකරගන්න ආපහු කැඩිච්ච හිත අලවන්න උත්සහා කරනවා  එත් මම දන්නවා දෙයියනේ ඔයාත් දන්නවා ඇති මට කොච්චර කලත් හදාගන්න බැරිත් මගේ හිත විතරයි... හිත අස්සට ඇවිත් දඟලාන අපේ මතකය ඒ ලස්සනම ලස්සන මතකය හිතාහදාගන්න දෙන්නේම නැ මට එක විනාඩියකටවත්

ඒ තරමටම මම අසරණයි

කවදාහරි දවසක මට හරියටම කියන්න බැ එ කවදාද කියන්න නම් මමත් මගේ මැරුණු ආදරේ නෂ්ධාවෂේෂ අරන් මතක කියන සුසානයේ වලලාදානවා කාටවත් යලි ගොඩටගන්න බැරිවෙන්නම

අපේ ආදරය නමින් මතක සොහොන් කොත් බඳිනවා මමත් දවසක ආදරේ හද සුසනා භමියේදිම

එදාට පුළුවන්ම් නුඹ ඇවිත් එකම එක සුදු අරලියා මලක් එක්ක පොඩි ඉටිපන්දමක් පත්තුකරලා යන්න

පාළුවෙන් මිරිකෙන මගේ මැරිණු ආදරයට එ ඉටිපන්දම් එලිය වුනත් ඇති සැනසුමේන් ස්වර්ගස්ථ වෙන්න

                                     



--------------------------------------------------------------------
මතක පෙම් කවි 
ින් එක ගෙන
මතක කඳුලින්
වනය කර
වළදමමි මම 
පෙම අද
යලිත් කිසිදා  
ොයිපදෙන ලෙස

  

Wednesday, March 6, 2013

සුභ උපන්දිනයක් අම්මේ


පිපි අරවින්ද කුසුමක තැවරු වත්සුනු සුවඳ
මන්මත් කලා නහවා නුඹේ සෙනෙහෙ නඳ
නහවා කිරෙන් හැරවුනු රතු රුධිර කඳ
අම්මා නුඹයි ජිවය නිති මට දුන්න සඳ

සඳ දිය දෙව්ව සේ නැග ආ සෙනෙහෙ තුල
හද ගැබ අරණ මත හිනැහෙන පියුම් මල
නහවයි සුවඳ ධහරෙන් මා සුවඳ කල
අම්මා නුඹයි මා සැනසුව හද දිවිය විල
 
 
-----------------------------------------------
 47 වෙනි උපන් දිනය සමරන මගෙම ආදරණිය අම්මාට වාසනාවන්ත නිරොගිමත් සුභම සුභ උපන්දිනයක්


Monday, March 4, 2013

සමුගන්න අවසරයි

හිතේ තියන හැම හැඟුමක්ම වචන වලට පෙරලන්න පුළුවන්නම්
හිතේ තියන කොටියක් සිතුවිලි කොටියක් හැඟිම් වචන වලට දාන්න පුළුවන් නම්
මමම ආසයි මම කියන දේ ඔයා ලඟින් ඉඳන් අහන් ඉන්නවානම්
එත් ඔයාට මගේ හිත කියවන්න බැනේ
මගේ ආදරය තෙරෙන්නේ නැනේ
මගේ හැඟිම් ඔය හැඟිම් එක්ක ගැලපෙන්නේ නැනේ
හම්
හිතේ තියන දෙවල් ලියනවානම්
පොත් ඉවර වෙනකම් පිටු ඉවර වෙනකම් ලියතැකි
එත් එවා ඔයා කියවයිද
එවා දකිද
මගේ හිත තෙරෙයිද

දාහක් ප්‍රෂ්න
දාහක් සිතුවිලි


හදවත පහුරු ගාන තරමටම හිරිවැටෙන නුඹේ සෙහෙහස නුඹේ ප්‍රේමය නුඹේ ලෙංගතුකම
හිත පාරවන තරම්
මට වචන කරන්න තෙරෙන්නේ නැ
තෙරුනාත් මගේ වචන සාධාරණයක් වෙන එකකුත් නැ
පද හතරක් ගලපලා මට මගේ හැඟිම් පිට කරගන්නත් බැ
හිතේ තියන දෙවල් කවියකට දාන්නත් බැ
මගේ කවි කමත් ගොළුවෙලා
මගේ හිත නොතෙරුම්ගන්න ඔය හිත ලඟ මගේ කවි කම හුඟක් ගොළුවෙලා
මට මොකක්ද මේ වුනේ
මගේ හිත ගොළුවෙන තරමටම ලොක් වෙනතරමට හිරිවැටෙන තරමට
ඇයි මගේ හිත මෙ තරම් විදවන්නේ
ආදරය විඳින්න තියෙන්න
එත්
ඇයි මම විතරක් විදවන්නේ
අනේ මන්දා
මටත් නොතෙරෙන මගේ හිත
හිනාවක් අහලාපහලක වත් නැති මගේ හිත
ආදරයක් ලඟ ගොළුකරපු මගේ හිත
නොතෙරෙන හැඟිම් ලඟ නැවතුන මගේ හිත
තාමත්
විදවා විදවා පැරෙන මගේ හිත

කිසිම දෙයක් තෙරෙන්නේ නැ
මේ මට නවතින්න කලායයි
සමහර විට අදින් පස්සේ මේ හිතින් කිසිම සුන්දර දෙයක් ලිට නෙවෙන්න පුළුවන්
ගොළු වුන කවිකම සදහටම වෙන්න පුළුවන්
කිසිදෙයක් නොලියෙන්නත් පුළුවන්
එත්
විදවන මගේ හතවත විතරක් පණ අදින ආදරයක් ලඟ හෙමි හෙමි ගැහෙයි කාටවත් නෙතෙරෙන ලෙස
නුඹටත් නෙතෙරෙන ලෙස
නුඹටත් නෙපෙනෙන ලෙස
ඉතින්
සමුගන්න අවසරයි
මගේ කවිකාර කවි හිතට
ආදරේ වෙදනා කවිකාර මගේ කවි හිතට

---------------------------------------------------

අදුරු අහසම එලිය කරමින් පෑ සුපෙම් සඳ අද මියැදිලා
හෙටත් යලි නොනගිනා ලෙස ලොවත් ඇත කළුවර වෙලා
පැතුම් එකිනෙක බොදෙවෙලා අද හින මත දුක තවරලා
ඉතින් හිනැහෙනු කෙලෙසදො මම මගෙන් සිනහව නික්මිලා

සසර ගමනේ අතර මඟකදි පෙම්වතුන් ලෙස අප ලියැවිලා
තිබු පෙම් පත් අළුත් කරමින් නුඹට මම අද හමුවෙලා
පිදු සෙනෙහස දුර ගොසින් අද අපේ පෙම් හිත රිදවලා
හෙටත් ගැන තව හිතනු කෙලෙසද අපේ පෙම් මල පරවෙලා



Thursday, February 28, 2013

ඉරට පෙම් බැඳි එකඳු තරුවක් සිටිය නොහැකිද යම්



බැහැගෙන යන ඉර මුහුදත් එක්කම රතු ම රතුපාටින් දිලෙන අහස් ගැබට සමුදෙන්නේ හරිම ලෝභ කමකින්
අහසත් බැහැලා යන්න හදන ඉරට සමුදෙන්නේ යන්න දෙන්නම ඔනෙයි කියලා ඉර අහස ලඟට ඇවිත් අඩ අඩා කියන නිසයි

අහස කිසිම දෙයක් නොකියා බැහැලා යන්න හදන ඉරට සමුදෙනවා
නතර වෙන්න කියුවාත් නතර කරගන්න බැනේ
මොකද ඉරට අද බැහැලා යන්නම ඔනේනේ
එත් අහස දන්නවා ඉර අද බැහැලා ගියත් සුදුම සුදු පාටින් දිලෙන පුංචිම පුංචි ලස්සන සඳවතක් මුළු රෑ පුරාවටම පායලා ඇවිත් කළුවර වෙච්ච අහස් තලයම එළිය කරනවා කියලා
එ පායන සඳවතේ තනි මකන්න ලස්සනම ලස්සන තරු රැන් රැන් ගනන් පායනවා කියලා
අහසට තනි නැ
අහසට දුකත් නැ
එත් ඒ හැමදේම තවකාලිකයි 
 අද පායන් එන සඳ හෙට දෙන්ම බැහැලා යනවා
ඒ වගෙමයි ඉරත්....ඉරත් අසරණයි

ඉර බැහැගෙන යන්නේ ඉරේ වුවමනාවට
නතර වෙන්න කියලා කොච්චර අහස කියවාත් ඉරට නතර වෙන්නම බැ
යන්නම ඔනේ
යන්න දෙන්න අකමැති වුනත් අහස ඉරව නතර කරගන්නෙත් නැ
දැන් අහස මුහුදු වෙරෙලෙ සිතිජ ඉමෙන් ඉරට සමුදුන්නත් ලොකේ තවත් කොනක කොහෙ හො මුහුදු ඉමකින් තවත් අහස් ගැබකින් ඉර හරි අපුරුවට පායනවා
එහෙම පායන ඉර තවත් ලොකයක් තවත් ලස්සනම ලස්සන දවසක් උදාකරලා දෙනවා
මුළු රයක් පුරාවට කළුවර ම කළුවර විතරක් රජ කරපු අහස් ගැබ තනි කරලා හඳත් උදේ රැයිනම් අහස තනිකරලා යන්වානම් තමයි
අහස නිරුත්තරයි..
කරන්න කිසිම දෙයක් නැති නිසාවෙන්ම...
හුදකලා අහස් ගැබ  හැම දුකක්ම දරා ගන්නේ.. හැම වෙන්විමක්ම දරා ගන්නේ මුළු ලෝකයටම හොරෙන්...
අහසටත් කෑගලා අඩන්න ඔනේ.. දවසක අහසත් දුක දරාගන්න බැරි කම නිසාම අඩයි
නමුත් කෑ ගගහා ඇඩුවත් කවමදාකවත් අහස සඳටවත් ඉරටවත් යන්න එපායි කියලා නවත්තගෙන නැ.. ඉන්න එපායි කියලා බලෙන් තියාගෙනත් නැ
අහස අහින්කසකි
හරිම අහින්සකයි...

ඉරටයි සඳටයි අසිමිතව ආදරය කරන අහස හැමදාම තනියෙන්
එ දිහා බලන් ඉන්න වෙරළ ඉමත් අහස ගැන දුක් වෙන්නේ හැමොන්ටම රහසින්
එ දුක දරාගන්නේ හැමොන්ටම රහසින්.....

--------------------------------------------------

කුසුම් විකසිතව - හිනැහෙමින් රඟදෙන්න
පුංචි මල් කැකුළු දැන් මඟබලයි සැනසෙන්න
ලඟ තනිය දුරලන්න - කැකුළු හිනැහි ඉන්න
මලේ පෙති හිනැහෙවි බඹරු ලඟ නැලවෙන්න

පුර සඳත් හිනැහෙමින් - සඳ එලිය විහිදන්න
මදියමේ තරු ඇවිත් තනි රකියි දුක ගන්න
රෑ අහස සරසන්න - තරු රටා අලවන්න
පුංචි තරු කුමරියක් දැන් හිනැහෙවි සැරෙසෙන්න

දුක කියන සඳ කුමරි - ලඟ තනිය දුරලන්න
තරු ඇවිත් නැවතුනත් දුක හිතෙන් අරගන්න
සඳ නොකි එ රහස - හද කොනක රඳවන්න
පාළු රෑ සැරසෙයිද හඳට හිනැහි දුකදෙන්න

විකසිතව හිනැහෙනා පුංචි කැකුලක් ලඟ ඉන්න
පාළුවෙන් මිරිකෙනා සඳට තරු ලඟ ඉන්න
දුක හදක ලඟ තියන් නෙතු කඳුළු වියලන්න
බඹරු‍ - තරු කැකුලකට හැකිද කඳුලැලි පිසලන්න

Sunday, February 24, 2013

මගේ නඩුව ඉවරයි

වේලාව හවස 2.45ටත් කිට්ටුයි....
උසාවියෙන් මම එලියට ආවේ ....
නැ නැ ආවේ නැ..එත් එන්න සිද්ද වුනා
මගේ හීත කියුවෙම තව එක පාරක ඔයාගේ මණ බලලා එන්ට කියලා.එත් මට එය මුණ දිහා බලන්න බැ මම දන්නවා ඔය මුණ එක වතාවක් හරි බැලුවොත් මම ගලක් කරගත්ත මගේ හිත උණුවෙලා යයි මට එ දෙ කරන්න බැ හිතලා හිතලා හරිම අමාරුවෙන් ම ගත්ත මේ තිරණය වෙනස් කරන්න බැ


අද මගේ නඩුවේ අන්තිම දවස

අද දවසේම  වුන දේවල් විතරක් නෙමෙයි පහුගිය මාස කිහිපය පුරාවටම මගේ ජිවිතේ සිද්ද වුන දෙවලුත් එක්ක මම මුහුණ දුන්න දෙවලුත් එක්ක මට හිතාගන්න බැ...මේ තරම් හයිය හිතක් මේ තරම් දුක් වින්ද හිතක්... මේ තරම් ආදරය කරපු හිතක් කොහොමද ගලක් කරගත්තේ කියලා
මම තමත් හිතන්නේ මගේ හීත ගැනයි...

මම අම්මයි තාත්තයි එක්ක වහනය නවත්තලා තිබ්බ තැනට හෙමින් ඇවිදන් ගියා
හෙමිහිට වැන් එකට ගොඩ වෙලා කෙලවරේම තිබ්බ සිට් එකක ජනෙල අයිනෙන් මම වාඩි වුනේ මටත් නොදැනිමයි. හෙමිහිට ජනේලට ඔළුව හේත්තු කරන ගමන්ම ඇස් පිය වුනා
හෙමින් හෙමින් එකින් එක අවුරුදු 5ක අතිතය මගේ ඔළුවට ලාගාගෙන ආවේ හරියට අද ඊයේ වුන දෙවල් මතක් වෙනවා වගෙයි
කොච්චර උත්තසහා කලත් මගේ ජිවිතේ අමතක කරන්න බැරි එක පරිචේඡ් දයක් තියනවාන් ඒ ඔයාගෙයි මගෙයි කතාව විතරයි

ආදරය කරන්න ගත්ත දවසේ ඉඳන් අපි දෙන්නා එක වහක් යටට වෙනකම් මවපු හීන
වින්ද දුක් කන්දරාව
කොයි තරම් බාධා මැදින්ද අපි අපේ හීනය ඉෂ්ට කරගත්තේ....
එත් අන්තිමට අපි අපේම වුනා
සතුටුත් එක ගනැයි
මට දුකත් එක ගැනයි

දවසින් දවස
අපි අපේ ලොකය හින මැව්ව විදියට ලස්සන කරගන්න කොයිතරම් උත්සහා කලාද
එත් අපි හිතන තරම් හැම ජිවිතයක්ම සුන්දර නැ
හැම ජිවිතයක්ම ලස්සන නැ
ආදරේ කරන්න ගන්න ඔනෙම පෙමවතුන් ජොඩුවකගේ ඊළග බලාපොරොත්තුව එක වහලයක් යටට දෙමාපියන්ගේ ආශිර්වාදය මැදින් එන එක...

දෙමාපිය ආශිර්වාදය නොතිබුනත් මමයි ඔයයි ලස්සන පුංචි කුඩවක නතර වුනේ අපි දැක්ක හීනය ලස්සන කරගන්න
දවසන් දවස හැම දේම වෙනස් වුනා
එක වහලකට ආවමයි හැම දෙයක්ම තෙරෙන්නේ
ඔයා කෙයිවගේ කෙනෙක්ද මම කොයිවගේ කෙනෙක්ද අපි හිතපු ජිවිතේ මොනවගෙද...
 අපි දැන් කොතනද..

ඔයගේ කටින් එ දවස්වල කොච්චරක් නම් ආදරය පිරිච්ච වචන පිට වෙන්න ඇතිද
එත් අද ඔය කටින්ම මට කොයිතරම්නම් මට නරක විදියට බනින්න ඇතිද
ඔය හිතින් කොයි තරම් නම් මට ආදරය දෙන්න ඇතිද
එත් අද ඔය හිතින්ම කොයි තරම් මට වෛර කරනවා ඇතිද
ආදරය කරපු ඔය හිතින් කොයිතරම් මට ගහන්න ඇතිද බනින්න ඇතිද
තාමත් එකක් දෙකක් නොමැකිච්ච ආදරයේ සලකුනු මගේ ලඟ නැතුවාම නෙවෙමයි
මම දුක් වින්දා මම සතුටු වුනා
වින්ද දුක් හැදේම අද වෙනස් වෙයි හෙට වෙනස් වෙයි කවදා හරි සතුටින් ඉඳියි...
එත් දවසින් දවස හැමදේම වෙනස් වෙනවා වෙනවුට සිද්ද වුනේ ආපේ ආදරය ඉරිතලපු එකයි

හම්ම්
කමක් නැ
හැමදේම වෙන්නේ හොඳටයි
හැම අත්දැකිමක්ම ජිවිතේටයි
වැටෙන්න වැටෙන්න නැගිටින්න පුළුවන් වෙන්නේ අත්දැකිම් නිසයි


ජිවිතේ අපි හිතන තරම් සුන්දර නැ
අපි පතන තරම් සැප ලැබෙන්නේ නැ
අවුරුදු 4ක පෙම් කතාව
මාස 9ක කසාඳ ජිවිතය

දෙදරා ගිය ආදරයක ආත්මිය ආදරේ වෙන්විම...

දික්කසාද සහතිකය මගේ අතේ....
ඔය විදියටම තමයි එදාත් මම අපේ කසාද සහතිකේ අරන් ගෙදර ආවේ...
එදා මම හීනෙකින් වතු නොහිතපු දෙයක් මෙ විදියට මට ඔයාගෙන් වෙන්වෙන්න වෙයි කියලා....
මට තාමත් හිනයක් වගේ
හමුවුන දවසේ ඉඳන්ම ආදරය කරපු ඔයයි මමයි
එක වහලයක් යටට ආපු දවසේ ඉදන්ම ජිවිතේ හොයන්න පටන් ගත්ත ඔයායි මමයි
අද වෙන්වෙලා යන විදිය
මට තාමත් හීනයක් වගෙයි

අපේ ආදරයට තිත්නුදවක් දෙන දවස
අවුරුදු 4ක ආදරය
මාස 9ක කසාද ජිවිතය
අද මගේ දික්කසාද තින්දුව ලැබුන දවස
..
මට තාමත් හීනයක් වගෙයි
ඔය හිතට ආදරය කරලා  ඔය හිත මගේම කරගෙන
අන්තිමට වෙන්වුනේ... හිතන්නෙවත් නැති විදියකින්

එදා මගේ ජිවිතේ මම  වැඩියෙන්ම සතුටුවුන දවස..
අද මම ඊටත් වඩා සතුටුයි
වෙන මුකත් නිසා නෙමෙයි
දුක් වින්ද කටුක මාස 9ක තනිවෙච්ච පන දිනන ආදරයක් වෙනුවට අද දෙදරා ගිය කසාද ජිවිතේන් මම වින්ද දුක් කන්දට තිත තියන ගමන්  මගේම ලොකය ලස්සන කරගන්න අනාගතය එක අඩියක් ඉස්සරහින් තියන එකට...

ජිවිතය කියන විභාගයෙන් කසාදය කියන පරිච්ඡේදය මම අසමත්
නමුත්...
කසාඳයම නොවෙයි ජිවිතේ මට වැටිච්ච තැනින් නැගිටින්න තවම පුළුවන්... මගේ හිත එ තරමටම හයියයි
මට මගේ ගැන සතුටුත් එකමයි...


Thursday, February 21, 2013

කඳුළු මල් මාලා


 




කඳුළු මුතුවැල් හෙමින් ඇවිදින් දෙනෙත් පෙති අග සැරසිලා
දෙඇස් තෙමමින් මාල අමුණයි නුඹේ සෙනෙහස සිහිවෙලා
හිතක් අඟ රැදි රහස් බොහොමයි දෙනෙත් කඳුලින් තෙත් වෙලා
කඳුළු මාලා සෙමින් අමුණමි හෙලූ කඳුලින් හැඩ වෙලා

සිහින එක එක හෙමින් බොඳවෙයි දෙනෙත් අග දුක දියවෙලා
නෙතින් කඳුලැලි හෙමින් පිටවෙයි නෙතට කඳුලැලි බරවෙලා
හීන නොකියම මගෙන් දුර යයි පැතුම් එකිනෙක බොඳවෙලා
නුඹෙන් මම අද වෙන්විලා යමි පෙමක් ලඟ හිත නැතිවෙලා

මටත් රහසින් පිටව ගිය සඳ දුකක් ලඟ හිත නවතලා
කඳුළු හිත ලඟ මතක පෙරලමි කඳුළු මල් ගෙන අහුලලා
හිතින් නොසැලෙමි මතක අහුලමි තුටින් නුඹ ගිය දෙස බලා
කඳුළු මළුවෙන් ඉතින් බැස යමි නුඹට පැතුමන් පුරවලා