Showing posts with label එක්තරා කවියක්ම නොවෙයි. Show all posts
Showing posts with label එක්තරා කවියක්ම නොවෙයි. Show all posts

Friday, January 18, 2013

පුරුදු සඳ පානේ...



පාර පෙනෙනා ඉසව්වක් වෙත
ඇවිද යමු අපි අපේ ලොව වෙත
පුරුදු හසරැලි අරන් මුවඟට
නුඹේ අතගෙන මා- මගේ අතගෙන නුඹ
පුරුදු සඳ පානේ...

නොනිමි සෙනෙහස හද පුරොගෙන
ඉතින් තනිවෙමු අපේ ලොව ලඟ
පුරුදු සෙනෙහස හිතින් විදගෙන
නුඹේ සෙවනේ මා - මගේ සෙවනේ නුඹ
පුරුදු සඳ පානේ.

Wednesday, January 16, 2013

මලේ රස හැම බඹරෙකුම වින්දා



මලක් පිපිලා සුවඳහමලා
දසත විහිදි රේණු නැටුවා

මලේ සුවඳට බඹරු ලන් වි
හොරෙන් මත් වි රසය ඉරුවා

පෙති විහිදා සුවද පතුරා
මලේ ලස්සන ලොවට පෙනුනා

බබරු ඇවිදින් රසය උරලා
මලත් තනිකර ඉවත දිව්වා

දසද හමනා සුවඳ වැඩි වි
මලේ තනිකම ලොවට පෙනුනා

තිතක් නොවු ඒ රස ගගුල ලඟ
බඹරු හැමදා ලැඟුම් ගත්තා

මලේ රස හැම බඹරෙකුම වින්දා

Tuesday, January 15, 2013

අපි අපේ වෙමු පුරුදු පරිදිම...



සෙනෙහසකට අරුතක් පුරවන්නට
ඇතිගිලි බැඳගෙන නුඹත් මමත්
සසර ගමනේ පුරුදු ලෙසටම
ඇවිද ආ දුර .. දුර වැඩි තව

දැගිලි පටලන් ඇවිද යමු අපි
සසර හමුවන තුරම මඟ දිග
හමුවෙනා තෙක් නුඹට - මට
එත් ඒ කවදාද නෙදනිමි මම තව...

නුහුරු මඟකදි පුරුදු ලෙසටම
හමුවනත් නුඹ මම පුරුදු විලසට
අපිට අපේ වි හිදින්නට නම්
ලොකයෙන් නැ ලැබෙනු අවසර

ඉතින් යමු අපි තවත් දුරකට
ලොවෙන් සැඟවි අපේ ලොවකට
තනිවෙනා එක මොහොතකදි වුව
අපි අපේ වෙමු පුරුදු පරිදිම...

Sunday, January 6, 2013

කඳුළු බිඳු ඇයි මේ තරම්....





කඳුළු බිදු මේ තරම්
නපුරු ඇයි නෙත් ලඟින්
වවා ගන්නට නොහැ තරමින්
කඳුළු වැල් ඇඳ වටෙයි හෙමිහින්

සුසුම් වැල් මේ තරම්
නපුරු ඇයි හිත ලඟින්
උහුලගන්නට නොහැකි තරමින්
සුසුම් වැල් දඟලයි හිත යටින්

පෙම් සිතක් මේ තරම්
දුක් විදිනු ඇයි පෙම ලඟින්
උහුලනා දුක් සුසුම් අතරින්
හිතම පරවෙයි පෙම මතින්

Tuesday, January 1, 2013

නුඹෙන් දුරක හිඳ


සිනාසෙන්නට පවා
වරම් අහිමි කල
මගේ නොවු ඒ
මගේම ප්‍රේමයට
අද හිනාවෙමි මම
නුඹට පෙනෙන්නට
ලොවට රහසින්
නුඹෙන් දුරක හිඳ.....

Monday, December 24, 2012

මම මියැදෙමි නුඹේ මතක ඉසව්වෙන්




වරදින් නුඹ මා හමුවුනු මේ භවයේ
දුක සුසුමන් හද කොන රැදිලා තිබුනා
නුඹේ අත ගන්නට පින් කෙරු තරමට
වෙන් වෙන්නම් දුක හද ලඟ තනිකරලා

සිතකින් සිතකට දුක උරුමයි දැන්
නෙතකින් නෙතකට කඳුලැලි වැටිලා
හදින් දරාගෙන වෙන්වි යන්නම්
දුක් කඳුලැලි දැන් හද මගේ රිදවාලා

නොසිතා ලතැවි හද හැඟුමන් දැන්
මසිතින් දුරගොස් කඳුලැලි උනලා
තනිකම තනියට නෙතු හඩවයිනම්
මම මියැදෙමි නුඹේ මතකය මකලා

Sunday, December 23, 2012

අයේ හමුවෙමු අපි





වෙන්ව යන්නට
මොහොතකට කලියෙන්
නුඹ මගේ නලලත සිඹ හරි ආදරයෙන්
දුන්න හාදුව...
හදවත ගැහෙයි මගේ හයියෙන්
යන්න දෙන්නට නොහැකි අයුරින්...
පාළුවක් දැනෙයි හිත ලඟ
ඒත් යන්නම යන්නේමි මම අද
අයේ හමුවෙමු අපි
පුරුදු ලෙසටම
පාළු පාරේ දෙවැට අයිනේම....

Thursday, December 13, 2012

තාල අමතක කවිය නුඹ මට



අසරණ හදින් හිනැහෙමි මම
මතකයන් ලඟ හිත නතර කර
බොඳවයයි නම් නුඹේ රුව අද
මතක කඳුලින් දොවනු කෙලෙසද

හිතන් නොසැලෙමි නුඹේ අභියස
කඳුළු ඇවිදින් අත වනන විට
මතක කැටිකොට ලිව කවි වල
තාල අමතකව් මටත් රහසෙම

ලියමි තව තව මතක කඳුලින්
පෙමින් පැරදුනු අකුරු ඇහිදන්
බොඳව ගිය කවි මතක අතුරින්
ලොවක් සොයනෙමි නුඹට රහසින්

Wednesday, December 12, 2012

අනියම් පෙම


අසම්මත... සම්මත....
ලෝකයක තනිවෙච්ච
අනියම් පෙමක්....
අනසතු හදක්
මටත් අයිති නැති හිනයක්....
මගේ නොවෙන ඇසිල්ලක ඇති
මගෙ නෙවන පෙම් කතාවක්
හෙට
අද
ඊයේ ....

මගේ නෙතගින් පිදෙන්න වෙර දරපු
අනසතු මලක්
නෙලන්නේ කොහොමදො මම
මගේ නොවනා හිනයේ
රජකරනා හිනකුමරුන් නුඹ ලෙසින්

කළුවර හීනය

මම යන්නම්

මම
නිහඩ වෙන්නෙමි
මගේ නිහඩත්වය කිසි දනක
නුඹට වදයක් නොවෙනු ඇත
මගේ නිහඩත්වය
නුඹට කිසිදා ගැටළුවක්ද වනු ඇත

මම යන්නම්
යලිත් නොඑන්නම
මගේ නික්ම යැම

නුඹට කිසිදා නොවැටහෙනු ඇත

මම යන්නම යන්නම්
යලිත් ගියපු මඟ
දෙස නොබලන්න
ඉතිරු වු එකදු
මතක ෂේසයක්වත්
එයි රැඳි නැත...

Thursday, November 29, 2012

නිදන්න නුඹ සුව නින්දකම

සිප වැලද ගන්නම්
ඔය සුමුදු සුසිනිදු මව කමල
ආදරෙන් නහවමින්
පෙම් දියේ කිමිදෙන්න
උවම් නෙලද්දත් මම
පෙම් කරමි සදහටම

නිදන්න නුඹ
සුව නින්නදෙහිම
සුවඳ වත්සුනු තැවරු
සිහින ලොවක් දකිමින්
ඇවිත් මවෙතට
මුදු සෙනෙහෙ පාමින්
නුඹේ සෙනෙහස
ඉතිරිකර හද ගැබ තුල
නුඹ නිදන්න සුව නින්දකම

ආදරෙයි නොකියෙනා
වදන් තුල..
මම සොයමි තව නුඹවම
අන් හදක් තුල
සුවය ලබනා නුඹට‍
පෙම්කරමි මම
මගේ මුළු හදවතින්ම

නිදන්න නූඹ සුව නින්දකම
මට අහිමි ඒ සිහින මවමින
ආදරේ නාමයෙන්....
නිදන්න නුඹ
තව තවත් සුව ලෙසට
මට අහිමි මගේ හිනය
මගේ නොවන ලෙස

______________________________________සෂි-

Tuesday, November 27, 2012

තනිකම මගේ ලඟ තනියට හිදි නම්




 
 
යනෙන මඟතොට
පාළු පාරක
දැනෙන තනිකම
නුඹ ගෙනෙයිනම්

ඇසෙන වදනක
නැගෙන සො දුක්
හද දවා දැන්
රිදුම් දෙයිනම්
 
නැගෙන තනිකම
රිදෙන හදවත
තවත් රිදවුම්
මට ගෙනෙයි නම්

හිතින් ලැතැවි
හඩනු ඇයි මං
ලඟින් තනියට
තනිකම හිදියි නම්

Thursday, November 22, 2012

මම මගේ ලොව හැමදා තනිවෙනවා

නුඹ නිසා වැටෙනා කඳුලැලි පසා
හදවත තවමත් රිදවනවා
ඔය නෙතු තුල මා දැහැනේ වැදිලා
හිත නිතරතුරු තව විමසනවා

සිල් සුවඳ හමනා මුදු පෙම් සිහිලේ
මම තාමත් සැඟවි නැලවෙනවා
ඔය නෙතු අමතක වෙනතෙක් හදවත  

නිතරුවම තව විමසනවා
නොපිරු පෙරුමන් නොපැතු පැතුමන්
තවමත් මතකය දළුලනවා
ඒ සිනා ලඟ නුඹ හිනැහෙයිනම්
මම මගේ ලොව හැමදා තනිවෙනවා

Thursday, November 15, 2012

මොන(ලි)සා

නුඹ ඔහොම
මදේස බලා සිටි
මම
මෙහෙම
ඔබ දෙස බලා සිටි
වියැළුනු දුකක්
හද පිරි පෙමක්
ලඟ නැති හිතක්
එත් සුන්දර හැඟුමක්
ප්‍රේමයද මේ
ආලයද මේ
නිරුත්තර හැඟුමක් ලඟ
අවයාජ පෙමකින්
බලා සිටිමි මම
තවත් මොහොතක්
නුඹ දෙසම
නුඹේ නිකලැල්
වත දෙසම....

______________________________________සෂි.

Tuesday, November 13, 2012

අවසර (නො)ලද පෙම් ඇරයුම

හඳුනානොගත් නුඹ
හැම විටමක මගේ හද
හඳුනාගන්නට මට
කිසි විටක නුඹව
අවස්තවක් නොලද
නිසාවෙන්
පසුතැවෙමි මම
තවම තනිවම

පසුසපස හබායම
ඔබව හඳුනාගැනිමට
මම අතහැර දමන්නමි
අපිට අපි හමුනොවන තැන හිද
දනිමි මම එය
පලක් නොවන වග
අපිට අපි හෙමුනොවන ඉසව්වක

සුභ ගමන් නුඹට
කිසිදින හදුනා නොගත්
කිසිද නොහැගුන නුඹට
මටත් කිසි දිනෙක පෙම් කරන්නට
අවස්තාවක් නොලද
මගේම නන්නාදුරනා පෙම්වත

ඉතින් අවසරයි නුඹට
මම හඳුනා නොගත්
නාන්නාදුරනා මගේම පෙමවත
වෙන්ව යමු අපි
අපේ ලොවක් වෙත
අපිට අපි අයිති නැති
පෙම් ලොවෙන් මිදි
එක මොහොතකට

Wednesday, November 7, 2012

ජිවය පුදමි සිත නොසැලි රට දැයට



ගිණ පුපුරණ හඩ ඇසෙනා දෙසවණට
මර බිය දැනේනවා ගැහෙනා පපුතුරට
තල්වැට මායිමෙන් වෙන්වෙන යුධ බිමට
මම ණය ගෙවනා ලක් මව් තුරුලේ සිට

බඳවට පුරා එතෙනා ගිණි බටය ලඟ
මම දුක කියනවා ගැහෙනා හදක් ලඟ
මව් පිය දෙනෙත් සිහිවෙනවා කඳුළු ලඟ
රුරා ගලනවා හැඟුමන් පැරුණු හිතක් ලඟ

හැඟුමන් බිඳි ගලනා රතු රුධිරයට
රුරා ගලන දහදිය බිදු සුවඳ ලඟ
මරණය අසල හිත සැසලෙන හදට
ජිවය පුදමි සිත නොසැලි රට දැයට

තල් වැට පුරා හඩගානා වෙඩි හඩට
විසිරි පොලොව සිඹිනා රන් රැධිරයට
හදවත කාඩා වැටෙනා සුළු විරාමෙට
නොදැනිම කඳුළු වැටුනා ලය පුරාවට

බංකරේ පුංචි කාමරයක තනිවිලා
තල් වැට ලඟම හැඟුමන් හිත පුදලා
ලක් මව රකින විරු පුතනුවක් වෙලා
සිතුවිලි පුදනවා හද තුරුලේ මියැදිලා