Thursday, January 16, 2014

මලින් සැරසු දිවිය සොඳුරුයි සිනහා දෙකොපුල් සරසලා

දුරුතු සඳ ගැබ පායා ඇවිදින් සිත් අහස මත හිනැහිලා
සුපෙම් හැඟුමන් යලිත් පුබුදයි නිදන පෙම් හිත ඇහැරවා
සීත මදනල දසත හමමින් ප්‍රේම හැඟුමන් පුබුදලා
කීව රහසක් යලිත් කොඳුරයි නුඹේ සෙනෙහස සිහිවෙලා


විහඟ ගී හඩ ඇසි දෙසවන් ගීත රාවෙන් මත්වෙලා
ප්‍රේම ගිතය සෙමින් මුමුණයි තාල රහසෙම ගලපලා
රෑයම ඇහැරි වරුගනන් මම ලීව ගි වැල් අහුලලා
මිහිරි තාලයෙන් ගයනු හැකිවෙද යලිත් පෙම් හිත ඇහැරවා


සසර බවයේ පුරුදු අයුරෙන් හදට හදවත ලංවෙලා
එදා තුරුලේ උන්නු අයුරින් යලිත් හදවත එක්වෙලා
කඳුළු ඇහිදපු ප්‍රේම හීනෙම පාට පාටින් සරසලා
මලින් සැරසු දිවිය සොඳුරුයි සිනහා දෙකොපුල් සරසලා

Thursday, January 9, 2014

නැත්ද පොඩි ඉඩකවත් ඉන්න වෙන්විම හැර මෙමට

සුවඳවත් හද රැඳවිලා නැති මතකයන් අහුරකට
පුළුවන්ද ලියැවෙන්න පාට පාටින් පිටු අතර
කඳුළු වල රස දන්නෙවත් නැති හදවතට
පුළුවන්ද ඇවිදින් ජිවිතේ සුව පවසන්න

කුරුටුගා නුඹ ලියු පෙම් පොතෙහි රසම කවි
හැකිද අද ගලපන්න පරණ තාලයට තව
පාට පාටින් දිලිහුනේ නැතත් අද මගේ පෙම
ලියමි නැවුම් ලෙස අදත් නොමැකෙන්නටම

පාට හීනෙන් නොඉපදුන නුඹේ පෙම ගෙන හදට
කොටමි මම පපුතුරේහි සදා එය නොමැකෙන්න
හද ගැහෙන සෙනෙහසට ලං වෙලා හෙමිහිටම
නැත්ද පොඩි ඉඩකවත් ඉන්න වෙන්විම හැර