Tuesday, September 3, 2013

එත් හමුවෙමු පුරුදු සසරක



         සිත කඳුලක් වැටි හෙමිහින්
ඇසි දාර ලඟ හිනැහිලා
මතක සුලඟක් ගතේ දැවටි
නුඹෙ සෙනෙහස සිහිකලා

සුසුම් අහුරක් ගලා කොපුලෙන්
සෙනෙහ පිරු සිත ගොළු කලා
කාත් කවුරුවත් නොමැති හිත ලඟ
නුඹත් මතකෙට පිටුවක් වෙලා

හමුවෙලා එක්වෙන්න සසරේ
පිරු පින් මදි අපි රැස්කලා
එත් හමුවෙමු පුරුදු සසරක
යලිත් පෙම් හිත ඇහැරවා

--කළුවර හීනය--


Friday, August 30, 2013

සිනාසෙමි මම උන්නු තැන හිද කඳුළු පෙම් හිත රවටලා

සිහින් වැහිපොඳ වැටි සියොළඟ
ආදරෙන් හද කිතිකවා
පහන් සිතුවිලි මලානික වි
කඳුළු දෙනුවන් තෙත්කලා
වහන් කල සිත පෙමින් බොඳවි
සුදු වලාවක සැඟවිලා
සහන් හැඟුමන් පලායයි අද
කිසිත් නොකියම හිනැහිලා.

ඈත අහසේ පිපුන සඳවත
කඳුළු වැලකින් ගිලිහිලා
මෑත සිහිනේ දිලෙන තරු ලඟ
මලානික හිත හිරවෙලා
සීත ගගුලක තෙමි පැටලි
හඩන කවි සිත මියැදිලා
ගීත ගයනා විහඟ රෑනේ
නුඹත් කවියක සිරවෙලා

කඳුළු හීනෙක සැමරුමක් ලඟ
රිදුනු හදවත සැඟවිලා
මතක පැන්දිය වැටි දෙනුවන්
සීත කඳුලින් නහවලා
සුසුම් උණුසුම් මිරිඟුවක් ලඟ
මැරුණු හදවත නවතලා
සිනාසෙමි මම උන්නු තැන හිද
කඳුළු පෙම් හිත රවටලා


__ කළුවර හීනය__