Wednesday, July 3, 2013

ඉතින් ඇතිවෙනකම් කොනිත්තපන්

තව කොනිත්තපන්
හයියෙන්ම කොනිත්තපන්
තැලෙනවා පොඩි වෙනවා
රිදෙනවා ඇඩෙනවා කියලා
දැන දැනත් තවත් හයියෙන් කොනිත්තපන්

ඇස් වලින් කඳුළු වෙනුවට
ලේ පනිනකන්ම
හයියෙන්ම කොනිත්තපන්
ඇට මස් ලේ නහර පසාරු කරගෙන
වේදනවා පිට දෙනකම්
තවත් හයියෙන්ම කොනිත්තපන්

මට පුළුවන් එතකොට උඹ කොනිත්තන
මගේ හදවත ඇතුලෙන්ම එක
සිතුවිලි අකුරු වලට පටලන්න
වෙනදාටත් වැඩියෙන් ලස්සනට තව ලියන්න

ඉතින් කොනිත්තපන්
දෙපාරක් හිතන්නේ නැතිවම
හැබැයි
උඹටත් දවසක එපා වෙවි
එ එපාවුන දවසට හිතපන්
උඹට වගෙම මටත් තිබ්බේ ආදරෙන් පරාද වුන
හදවතක් බව

තෙරුම් ගත්තොත් එදාට මට කතාකරපන්
නොවැරිදම....
එදාට නුඹ වෙනුවෙන් මම
අමුණපු අකුර පද කැලි දෙන්නම්
කියවන්න
උඹටත් ඇස් වලින් කඳුළු පනිනකම්ම

Friday, June 28, 2013

23ට අවසන් කව

ඔහේ තාලෙට පැද්දි පැද්දි
නුඹේ කුසයේ ගැස්සි ගැස්සි
දෙඇස් අරුමට පුදුමයෙන් මන්
මඟබැලුවා නව මසක්

පුංචි පා අඩි මං තබද්දි
වැටි වැටි හෙමිහිට දුවද්දි
මහමෙරක් තරමට සෙනෙහසක්
පැතුවා ඔය නිල් ඇස් දෙකෙන්

ඔහේ කාලය යද්දි යද්දි
දිවියේ ගැඹුරුව මට දැනෙද්දි
සුවය ලැබුමට සෙනෙහබර හිත
ලඟින් පැතුවා හැමදිනක්

නෙතින් කඳුලක් මන් සලද්දි
හිතන් සුසමන් තව වැටෙද්දි
පහන් සිතුවිලි පිරි ගිය හිත
පතනවා මං හැමදිනක්

පාළු දිවියම හඩන විටදි
කුරිරු ලෝකය මට රවද්දි
ඇසින් කඳුලක් සල සලා මම
නුඹම යැදුවා හැමදිනක්

ඇසින් කවදා නොදැක්කත් නුඹ
සිතන් සැමදා පතමි හැමදින
මෙලොව ඇස් ඇර බැලු හින්දාම
අම්මේ නුඹ මට හරි වස්තුවක්



_________________________________

මගේ දිවියේ 23 වෙනි අවුරුද්දට ලියු අවසන් කවිය