Showing posts with label මගේ ආදර කතාව. Show all posts
Showing posts with label මගේ ආදර කතාව. Show all posts

Thursday, February 28, 2013

ඉරට පෙම් බැඳි එකඳු තරුවක් සිටිය නොහැකිද යම්



බැහැගෙන යන ඉර මුහුදත් එක්කම රතු ම රතුපාටින් දිලෙන අහස් ගැබට සමුදෙන්නේ හරිම ලෝභ කමකින්
අහසත් බැහැලා යන්න හදන ඉරට සමුදෙන්නේ යන්න දෙන්නම ඔනෙයි කියලා ඉර අහස ලඟට ඇවිත් අඩ අඩා කියන නිසයි

අහස කිසිම දෙයක් නොකියා බැහැලා යන්න හදන ඉරට සමුදෙනවා
නතර වෙන්න කියුවාත් නතර කරගන්න බැනේ
මොකද ඉරට අද බැහැලා යන්නම ඔනේනේ
එත් අහස දන්නවා ඉර අද බැහැලා ගියත් සුදුම සුදු පාටින් දිලෙන පුංචිම පුංචි ලස්සන සඳවතක් මුළු රෑ පුරාවටම පායලා ඇවිත් කළුවර වෙච්ච අහස් තලයම එළිය කරනවා කියලා
එ පායන සඳවතේ තනි මකන්න ලස්සනම ලස්සන තරු රැන් රැන් ගනන් පායනවා කියලා
අහසට තනි නැ
අහසට දුකත් නැ
එත් ඒ හැමදේම තවකාලිකයි 
 අද පායන් එන සඳ හෙට දෙන්ම බැහැලා යනවා
ඒ වගෙමයි ඉරත්....ඉරත් අසරණයි

ඉර බැහැගෙන යන්නේ ඉරේ වුවමනාවට
නතර වෙන්න කියලා කොච්චර අහස කියවාත් ඉරට නතර වෙන්නම බැ
යන්නම ඔනේ
යන්න දෙන්න අකමැති වුනත් අහස ඉරව නතර කරගන්නෙත් නැ
දැන් අහස මුහුදු වෙරෙලෙ සිතිජ ඉමෙන් ඉරට සමුදුන්නත් ලොකේ තවත් කොනක කොහෙ හො මුහුදු ඉමකින් තවත් අහස් ගැබකින් ඉර හරි අපුරුවට පායනවා
එහෙම පායන ඉර තවත් ලොකයක් තවත් ලස්සනම ලස්සන දවසක් උදාකරලා දෙනවා
මුළු රයක් පුරාවට කළුවර ම කළුවර විතරක් රජ කරපු අහස් ගැබ තනි කරලා හඳත් උදේ රැයිනම් අහස තනිකරලා යන්වානම් තමයි
අහස නිරුත්තරයි..
කරන්න කිසිම දෙයක් නැති නිසාවෙන්ම...
හුදකලා අහස් ගැබ  හැම දුකක්ම දරා ගන්නේ.. හැම වෙන්විමක්ම දරා ගන්නේ මුළු ලෝකයටම හොරෙන්...
අහසටත් කෑගලා අඩන්න ඔනේ.. දවසක අහසත් දුක දරාගන්න බැරි කම නිසාම අඩයි
නමුත් කෑ ගගහා ඇඩුවත් කවමදාකවත් අහස සඳටවත් ඉරටවත් යන්න එපායි කියලා නවත්තගෙන නැ.. ඉන්න එපායි කියලා බලෙන් තියාගෙනත් නැ
අහස අහින්කසකි
හරිම අහින්සකයි...

ඉරටයි සඳටයි අසිමිතව ආදරය කරන අහස හැමදාම තනියෙන්
එ දිහා බලන් ඉන්න වෙරළ ඉමත් අහස ගැන දුක් වෙන්නේ හැමොන්ටම රහසින්
එ දුක දරාගන්නේ හැමොන්ටම රහසින්.....

--------------------------------------------------

කුසුම් විකසිතව - හිනැහෙමින් රඟදෙන්න
පුංචි මල් කැකුළු දැන් මඟබලයි සැනසෙන්න
ලඟ තනිය දුරලන්න - කැකුළු හිනැහි ඉන්න
මලේ පෙති හිනැහෙවි බඹරු ලඟ නැලවෙන්න

පුර සඳත් හිනැහෙමින් - සඳ එලිය විහිදන්න
මදියමේ තරු ඇවිත් තනි රකියි දුක ගන්න
රෑ අහස සරසන්න - තරු රටා අලවන්න
පුංචි තරු කුමරියක් දැන් හිනැහෙවි සැරෙසෙන්න

දුක කියන සඳ කුමරි - ලඟ තනිය දුරලන්න
තරු ඇවිත් නැවතුනත් දුක හිතෙන් අරගන්න
සඳ නොකි එ රහස - හද කොනක රඳවන්න
පාළු රෑ සැරසෙයිද හඳට හිනැහි දුකදෙන්න

විකසිතව හිනැහෙනා පුංචි කැකුලක් ලඟ ඉන්න
පාළුවෙන් මිරිකෙනා සඳට තරු ලඟ ඉන්න
දුක හදක ලඟ තියන් නෙතු කඳුළු වියලන්න
බඹරු‍ - තරු කැකුලකට හැකිද කඳුලැලි පිසලන්න

Friday, February 15, 2013

මගේ මරණය

චිරි චරි සද්දයක් එක්ක පහනේ දැල්ල නිවෙන්න පණඅදිමින් උන්නේය...
මගේ නෙත එ දෙස එක වරම ගැටුනේ දැන් පහන නිවෙයි දැන් පහන නිවෙයි යන බියත් හිතේ කොනක රඳවමින් වගේ
පහන නිවෙන්නට නොදි එක කෙසෙ හො දල්වා තැබිය යුතුය...
හරියට මගේ ජිවය රැදිලා තියෙන්නේ එ පහන් දැල්ලේ වගේයි...
මට එ පහන නිවෙනවා බලන් ඉන්න බැ..මම හැමතැනම අම්මා හෙව්වේ ඉක්මන්ට ඇවිත් පහන පත්තු කරන්න කියන්න...

‘අම්මේ.....අම්මේ.. ඔයා කොයිද?‘

මට හයියෙන් කැගහලා අම්මාට කතා කරන්න හිතුනා...
මම හයියෙන් සද්ද නගලා කතා කරන්න හැදුවත් වචන පිටවෙන්නේ නැ
කොච්චර උත්සහා කලත් වචන පිටවෙන්නේ නැ...
මම නිහඩ වුනා
මගේ අම්මාව මම හැමතැනම හොයනවා
එයා කොහෙද මොනවා කරනවා ඇත්ද
ඇයි මගේ පහන පත්තු කරන්න එන්නේ නැත්තේ
දහක් ප්‍රෂ්න
ප්‍රෂ්න ඇතුලෙන් මම ඇස කරකවලා අම්මාව හෙව්වා
මට ඇය පෙන්න හිටියේ නැ
මට කෑගලා කියන්න ඔනේ

‘දෙයියනේ මේ පහනට තෙල් ටිකක් දාලා තිරය ටිකක් උස්සන



එත් කාටවත් මම කියන එවා ඇහෙන්නේ
එගොලො එගොල්ලන්ගේ ලෝකවල් වල
සමහරු මගේ ලඟට වෙලා මගේ  දිහා බලන් ඉන්නවා
සමහරුන්ගේ මුනෙන් ආවේ හරිම හිස්බවක්
මට මන් ගැනම දුකයි
තවත් සමරු තම තමන්ගේ ලෝකොවල
කාලෙකට පස්සේ හම්බවුන නැදැයින් එක්ක සමහරු අල්ලාප සල්ලාපයේ යෙදෙනවා
මට එවා දැක්කාම දුක අයින් කරගෙන හිත ඇතුලෙන් මට හිනා ඉතින්

පහන නිවෙන්න තව ටික වෙලයි තියෙන්නේ ඇයි කාටවත් මේ පහනට තෙල් ටිකක් දාන්න බැරි
 මම මගෙන්ම ප්‍රෂ්න කරනවා ..අම්මා ලඟ හිටියානම් අනිවාරයෙන් පහනට තෙල් ටිකක් දානවා
එත් අම්මා කෙහෙ ගිහින්ද..

මට පුදුම ආසාවක් ආවේ
නිදන් ඉන්න ඇදෙන් නැගිටලා මුළු ගේ වටේම රවුමක් දුවලා එන්න

අම්මා මොනවා කරනවා ඇතිද
මල්ලි මොනවා කරනවා ඇතිද
තාත්තා මෙනවා කරනවා ඇතිද
මගේ යාළුවො ඇවිල්ලාද එයාලා මෙනා කරනවා ඇතිද
එක පාරටම මට මතක් වුනේ ම එයාව

එයා ඇවිත් ඇත්තද
එයාට මං ගැන ආරන්චි වෙලා ඇතිද
මම තකහනියේ නැගිටින්න උත්සහා කලා
නැගිටගන්න බැරිතරමින්ම මාව බැඳිලා මගේ මුළු ඇගම ගල් වෙලා

හම්ම්ම්

හැමොන්ම හරි කලබලෙන්
එක එක අය එක එක වැඩ වල එක එක ලෝක වල

‘හමුදුරුවන්ව වඩම්මවන්න කුමාර ගියාද බලන්න‘‘

කාගෙදො පිරමි කටහඩක්
එ පිරිමි කටහඩත් එක්කම

‘ ඔව් ඔව් කුමාර පිටත් වෙලා දැන් ටික වෙලාව් මෙලහකටත් හාමුදුරුවො වඩිනවා ඇති‘
කවුදෝ ගැනු කෙනෙක් උත්තර බඳිනවා

මට මේ කලබලය දරා ගන්න බැ
ඇයි මේ කලබලෙන් හරියට හැමදේම අද ඉවර වෙයි වගේ

හම්හම්

ටිකෙන් ටික හැමොම අපේ මැද සාලයට ගොඩ වුනා
මම සාලේ මැද්දේ නිදන් ඉන්නවා
හැමොම ඇවිත් මගේ දිහා හිස් බැල්මක් දාලා පිටවෙලා යනවා
තවත් සමරු මට යන්න නොදෙන්න බැරි කමට තදින් බැඳලා අල්ලගන්න ඔනේ කියන හැඟිමෙන් බලන් ඉන්නවා

හිතවතුන් යිළුවො නංඟිලා මල්ලිලා අක්කලා අයියලා.... ඇවිත් යනවා එනවා
එක එක රූප මගේ ඉස්සරහා මැවිලා පෙනිලා නෙපෙන් යනවා
එත් මම හොයන රූපය තාම නෙත ගැටුනේ නැ
දැන් එයි දැන් එයි කියලා මාත් බලන් ඉන්නවා

මාත් එ අයගේ  හිස් බැල්ම දිහා බලලා  නිකන් ඉන්නවා කියාගන්න කිසි දෙයක් නැති කමින්ම

එක පාරටම මගේ ඇස වැටුනේ තාත්තා දිහා
පොඩි කාලේ ඉඳන් කිසිම දුකක් දෙන්නේ නැතිව මාව හදපු මගේ තාත්තා
මම ආදරය කරපු මගේ තාත්තා
තාත්තාගේ මුණ
හරිම ජවයෙන් පිරුණු එ මුණ මැලවිලා ලොකු දුකක් හිතේ දරාගෙන පිටට නොපෙන්වා ඉන්නවා
මට හරියට දුක හිතුනා

මගේ හිත නවතින එක තැනක් තියනවානම් එ මගේ තාත්තා

තාත්තායි මල්ලි අයියායේ හෙමිහිට ඇවිත් මගේ වටේට වුනා
අම්මා කොහෙදො ඉදන් දුවගෙන ඇවිත් මාව බදාගත්තාහෝ ගාලා කැගහහා අඩනවා
පුංචි අම්මාව අල්ලගෙන මගෙන් ඇත් කරන්න හදනවා
අම්මාගේ ඇස් අඩලා අඩලා හරියට ජම්බු ගෙඩියක් තරම් ලොකු වෙලා රතු වෙලා
මුළු මුනෙන්ම දුක බේරෙනවා
මට කිසි දෙයක් තෙරෙන්නෙනැ
ඇයි මේ අය අඩන්නේ
ඇයි මේ තාත්තා දුකෙන් වගේ
මල්ලි දුකෙන් වගේ
ඇයි මාව වහන්න හදන්නේ
මට කැගහන්න හිතුනා

වහන්න එපා දෙයියනේ මට හුස්ම ගන්න බැ එතකොට
කොච්චර වචන පිට කලත් මේ අයට මම කියන එවා ඇහෙන්නේ නැ
එක්කො ඇහිලා නොඇසුනා වගේ ඉන්නවාද
මම මගෙන්ම ප්‍රෂ්න කරනවා



ඒ අතරින් එකපාරටම ඔළුවට ආවේ ඇයි මෙයාලා මෙච්චර නිවෙනන යන පහන දිහා ඇහැක් ඇරා බලන්නේ නැත්තේ
 දෙයියනේ පහනට තෙල් ඩිංගක් දැම්මනම් මම තව ටික වෙලවක් හරි ඉඳි නේද
මට එහෙම හිතුනා
එත් ඇයි අනිත් අයට එහෙම නොසිතෙන්නේ

හම්හම්

තාත්තායි මාමයි මල්ලි එකතුවෙලා මාව වහන්න යනවා
එ අතිරින් හාමුදුරුවොත් වඩම්මවලා
එලියේ
අම්මා කැගගහා අඩනවා

මගේ හිත හොයන්නේ එයා ආවාද කියලා
ඇවිත් නැ වගෙයි නැතිනම් මාව බලන්න එනවානේ
හම්

හෙමිට මම නිදන් වුන ඇඳ වහලා දාලා මව අස්සගෙන එලියට ගෙනවා
සුදු කෙඩි එල්ලලලා හරිම ලස්සනයි මුළු වත්තම
පාර දිගෙ හරි අපුරුවට සුදු කොඩි ලෙලදෙනවා
බලන් ඉන්න ආසයි

එවුනාට
මුළු පරිසටම මුළු ගෙදරම
මුළු වත්තම
පාළු මුසල බවකින් වෙලාගෙයි තිබුනේ
බලන් ඉන්නකොට එපා වෙනවා හිත කලකිරෙනවා


හාමුදුරුවො පාන්සකුලය දෙන්න පටන්ගත්තා
එතරින් පැන් වඩන්න කතා කරනවා
කිප දෙනෙක් එකටත් රොක් වෙලා
අම්මාගේ මුනෙන් දුක බෙරෙනවා
මට නොදැනෙනවා නෙමෙයි

හම්
පැන්වැඩිල්ලත් අවසන් වෙනවත් එක්කම
මගේ දිහා බලන්න වුන ඇයො එකින් එක පෙල ගැසුනා
මාව ඔසවන් යන්න මල්ලි තාත්තා අයියා මාමා සැරසුනා
හිතට දුක එක දෙයයි

අවසන් ගමන් යන අවසන් මොහෙතේ ඇයි මට ඔය නෙත නොගැසුනේ ඇයි ඔයා ආවේ නැත්තේ

දැන් මට යන්න වෙලාව හරි

ඉතින් අම්මේ
මගේම තාත්තේ
මල්ලියේ
අයියේ

මම යන්නම්

හැමොන්ටම බුදුසරණයි

Wednesday, February 13, 2013

ආදරය (ස)මරන වැලන්ටයින්





----------------------------------------------------------------------------------------
කවුරු කොහොම
මොනවා කියුවත්
‘ඉර දෙන්නම් ‘
‘සඳ දෙන්නම්‘
කියුවත්
‘අනේ රත්තරං ඔයා මගේ පණ‘
කියුවත්


පද හතරකට 
කොටුකරන්
මම 
ආදරේ
(ස)මරන
වැලන්ටයින්
දවසේ

දොරේ ගලා යන
 ආදරය 
එකතු කරන්න
බකට් 
හොයනවා



 

Friday, February 8, 2013

අනේ සත්තයි තවත් හිනැහෙමි එදා අපි හමු නොවුනනම්






සිනහා රැළි ලඟ කඳුළු ඇවිදින් හිතට රහසේ නැවතිලා
නෙතට කඳුලැලි උනයි හෙමිහින් දෙඇස් රහසින් නලවලා
සුසුම් ඇවිදින් ලඟින් නැලවෙයි නුඹත් කොහෙදො පිටවෙලා
ලොවට රහසින් කඳුළු අමුණමි මම මගේ ලොව තනිවෙලා

හීනයක් ලඟ ලැඟුම් ගත් හද මටත් රහසෙම වියැලිලා
හිනයක් නැති නෙත් අඟිස්සක කදුළු ඇවිදින් තනිවෙලා
එදා සඳ මෙන් පිදු හදවත කොහෙදො අද පිටවිලා
අදුර ඇවිදින් ඉකිබිදින විට තරුත් තනියම හැඩවිලා

පිදු සෙනෙහස මකයි තනිකම මතකයන් ලඟ හිනැහිලා
සිනා පිරි මුව ගෙනෙයි සුසුමන් කදුළු ඇස් ලඟ නැවතිලා
මතකයන් ලඟ හිදිමි තනියම හිතින් සැමදා හිනැහිලා
එදා අපි හමුනොවුනනම් තව නම් හිදිමි සතුටින් හිනැහිලා









__________________________________________________________


කාලෙකට පස්සේ මම සඳසක් ලිව්වේ
හිතේ කොයිතරම් දෙවල් තිබ්බත් ලියාගන්න බැරි තරමටම මම ගොළුවෙනවා සමහර වෙලාවල් වලට
එතරමටම හිතේ කඳුළු මතකයන් හුඟක් පිරිලා
වෙලාවක් ලැබුණු ගමන් මම මගේ මතක කාමරය සුද්ද කරලා දානවා
ගද ගහන වගේම සමහර සුවඳ හමන මතක කුණු හුඟක් එ කාමර ඇතුලේ පිරිලා
අවුරුදු ගනන් පරණ ... වගේම ඊයේ පෙරෙදා පරණ වුන
හුඟක් ඇත අතිතේට දිවෙන ... අළුවත් අළුත්... වගේ මතක කුණු හුඟක් ඇහිරිලා තියන මගේ  මතක කාමරය ආයෙ කවමදාකවත් කුණු එකතු නොවෙන විදියටම සුද්ද කරන්න කාලය ඇවිත්
ලඟදිම දවසක මගේ මතක කාමරය සුද්ද වෙයි
එත්

හිත ගොළු වෙන එකම එක වදනක් විතරක් ඉතුරු වෙලා


එදා අපි හමුනොවුනනම් තව නම් හිදිමි මම සතුටින් හිනැහිලා


Wednesday, February 6, 2013

එක මොහොතක් නෙත් පියාගන්න

 
 
එක මොහොතක් නෙත් පියාගන්න
කළුවර රෑ එලිකරන්න
මම දකිනා හිනයේ හැඩ
නුඹ ලඟිම ගෙන තියන්න
එක මොහොතක් නෙත් පියාගන්න
හිනයේ සිතුවම් අඳින්න

 
තව මොහොතක් නෙතු වසාගන්න
හිනය සුන්දරදැයි බලන්න
මම බලනා හිනයේ හැඩ
පාට පාට තවර ගන්න
එක මොහොතක් නෙත් පියාගන්න
හිනයේ සිතුවම් අඳින්න

 
එක වරුවක් නෙතු පියාගන්න
සිතුවම් හැඩ තවරගන්න
මම පතනා හිනයේ සුව
නුඹේ අසලින් ගෙන තියන්න
එක මොහොතක් නෙත් පියාගන්න
හීනයේ සිතුවම් අඳින්න

ජිවිතයෙම සුවවිඳින්න....

Friday, February 1, 2013

මම කවියක් ලියනවා

හදවතේ කොනක
පණ අදිමින්
දඟලන නුඹේ
එකම එක හුස්ම පොදක්
මගේම දෙඅතින් එක්කහු කරන්
පැන යන්නට දඟලන
පණ කෙන්ද
කට තදේට බැදපු
බැළුමක දාලා උඩට පා කරන්න

කොටියක් අහේතුක සිතිවිල වල
පාවි පාවි උන් මට
නුඹේ පණ අඳින
ප්‍රේමය ඉස්සරහට  ගෙනවිත්
ඔහේ පාවේන ගන්ධබ්බ සිතුවිලි
වලින් මගේම ප්‍රේමය ගැබ්බර කර
නුඹත් මමත් නමට
ප්‍රේම ගී සැයක් බඳින්නට

පාවේන සිගරට්
 සුදු දුම් වලාවන් වලින්
වාතලයට මුදා හරෙන
නිකොටින් දුම් ගුලියක් සේ
නුඹේ පන අඳින ප්‍රේමය
එක හුස්මට පිට කරන්න...

මගේම රක්ත රුධිරානු
වලින් නැහැවුන
ආත්මිය ප්‍රේමයෙන් මුසපත් වු
නුඹේ පණ අදින ප්‍රේම සිතුවිලි
එක පත් ඉරුවකට ගෙනවිත්
පන්හිදේ රුධිරය ඉවර වෙනතුරු
හිතේ ආවේග පිට කරන්න
එක හුස්මට අරන් 
ලියාගෙන යන්න



මම
කවියක් ලියනවා

එන්න ඇවිත් රස විඳින්න

Monday, January 28, 2013

මම මාරම ආසයි ලු ඈ


සැන්ඩි නැති
කලවම් නොරපු
විස්කි විදුරුවකට
පිවිතරු ආදරේ
මත් වියරුවෙන්
එකතුවෙන් මත්වුන
නුඹේ
එකම එක
හුස්ම රැල්ලක්
එකට එකතු කරලා
එක හුස්මට
ඇස් පියාගෙන
බිගෙන බිගෙන යන්න.....

මගේ ලේවලට මුසු වුන
නුඹෙත් මගෙත් ප්‍රේමයේ
එක රධිර ධාරාවක් අරන්
අයිස් කැට වැඩියෙන් දාපු
විස්කි විදුරුවක් එක්ක
එක හුස්මට
බිගෙන බිගෙන
යන්න

නුඹේ පණ පොඳක් රැඳුණු
සිගරට් කොටයක්
උරමින්....
ආදරේ මත් රුධිරය
එකතු කරපු
විස්කි විඳුරුව බොන ගමන්
නුඹේ ආදරේ සුවය
දුම් රැල්ලකට අරගෙන
එක හුස්මට පිටකරදාන්න....

මම
මාරම ආසයි ලු ඈ

Tuesday, November 13, 2012

මගෙන් නුඹ ඇතකට ඇදෙනවා.....




ඇවිද යන්නම් දුරක මම
පාර තියෙනා ඉසව්වක් ලඟ
යනෙන හැම තැන පාළු මඟ ලඟ
නුඹව මම තව සොයනවා
නුඹ මගේ ලඟ සිටිනවා

සිනාසෙන්නම් සිතින් හැමදින
නුඹේ හසරැල් හදට අරගෙන
සිනාවෙන මොහොතකුත් පසා
නුඹේ සිත මම සොයනවා
නුඹ මගේ ලඟ සිටිනවා

නෙතට නෙත හමුවෙනා මොහොතක
නුඹව සෙයනෙමි වරු ගනන් මම
නුඹේ කැල්මක් ලැබෙන තෙක් මම
වරු ගනන් මඟ බලනවා
නුඹ ඉවත ඇඳිලා දුවනවා
මගෙන් ඇතට දුවනවා

Friday, October 26, 2012

පුංචි පුංචි හින මගේ

මම ආසයි....

මුවහත් පුංචි
බ්ලේඩ් තලයකින්
මගේ
අත කපාගෙන
අතින් ගලනා
රතුම රතු පාට
ලේ බිඳිති දිහා බලන්
ඒ ලේ බිඳිති වලින්
මට ඔය සුදු මුහුණ
බලන්න....
ඔය සුදු මුහුණ දකින...

මම ඊටත් වඩා අසයි

හයියෙන් ගැටහපු
කඹයක් වහලයෙන් ඇදලා
මගේ පුංචි බෙල්ල
එකෙන් හිර කරන්
දෙපැත්තට පැද්දිලා
ඔන්චිලි
පදින්න...

මම ඔය ඔක්කටම වඩා අසයි

රසම රස
වහ බෝතලයක් අරන්
රස කර කර බිලා
එ රසයෙන් තියෙන
මිහිරි බව
සති ගනන් වුනත්
මතක් කරන්න

මේ ඔක්කටම වඩා මම ආසයි

මහා රෑට
පාළු සොහොනක් ලඟට ගිහින්
අපේ ආදරය මරලා වළදාපු
ඒ සොහොන් කොත
ලඟට ගිහින්
මළ ගී වැල් කියන්න...
අපේ ආදරේ වෙනුවෙන්
මැරිච්ච හීන මවන්න...

අනේ මගේ මේ පුංචි
ආසාවල්
ඉෂ්ට වෙන්න
තව කොච්චරක් නම් කල් යයිද .....
______________________________________

රටා මවන ඔය රතැගිලිවලට පෙම් කරමි මම

දිගු සුසිනිදු සියුම් රතැගිලි අතර
සිතුම් මවනවා නුඹ නුඹට රහසේම
හද ගැහෙන ඒ සුපෙම් රූපේම
සියුම් හිතක් ඇත නුඹත් නොදකින

පාට මුසුවුන සියුම් කොලයක

කොල රූ මවන පින්සල් දිගට
රැලි රැලි සියුම් රුපෙන් එපිට
ලොවක් අඳිනවා නුඹ නුඹට රහසේම

රටා මවන ඔය රතැගිලි වලට

රුප අඳින ඔය සියුමැලි අතට
ලෝභ නෙවෙයි මම තාමත් මටම
අහිමි හිතක් ඇතිදෝ ඔය හිත ලඟ

සිතින් හිනැහි පෙම් කරමි තව මම

ලඟින් සැනසි හිදින්නට බැරි කල
නුඹෙන් මැවෙනා සියුම් රුපෙට
හිතින් පෙම් කරනවා මම මටත් රහසේම
 
_________________________.

Friday, October 19, 2012

කවිය වද දෙයි මට හැමදිනා

විරහවත් හරිම ලස්සනයි
එකෙත් මහා අමුතුම ලස්සනක් තියෙන්නේ.....
හැමොන්ටම විරහවේ ලස්සන දකින්න බැහැ
හැමොන්ටම විරහවේ ලස්සන විදින්න බැහැ
එකටත් ලස්ස හිතක් තියෙන්න ඔනේ
මේ හැමදෙයක්ම බැඳිලා තියෙන්නේ අපේ ජිවිත වල අපි පවත්වාගෙන යන සම්බන්ඳතා එක්ක
අපේ ජිවිත වලට මිනිස්සු යනවා එනවා....සමහරු සදාකාලිකවම නවතින්න බලාගෙන එනවා
සමහරු තාවකාලිකව නවතින්න බලාගෙන එනවා
අහම්බෙන් හරි අපේ ජිවිත වලට එන හුඟක් අය හිතේ ගැඹුරුම තැනක නව
තිනවා.....කවදාක්වත් අමතක නොවෙන විදියටම....එත්
අදුරන්නැති දෙන්නෙක් විදියට හම්බ වෙලා
හොඳට අදුරන දෙන්නෙක් විදියට ඉදලා....හඳුනගෙන වෙන්වෙන්නේ
හරියට අදුරන්නේම නැති දෙන්නේක් වගේ....හම්..... එකනේ තියන දුක....
එත් අහම්බෙන් අපේ ජිවිත වලට එන අය යන්නේ අපිට අමතක කරන්න බැරි තරම් මතක හුඟක් ඉතුරු කරලා..ඒ මතක හරි සුන්දරයි.....එවා මතක් කරලා ජිවිතේ සතුටින් දකින්න පුළුවන් නම් අපි දිනුම්.....

 
_____________________________________
හිතට වද දෙන අකිකරු කවි
හිත ඇතුලේ තව ලියැවිලා
ඔහේ විසිකර දමා ගිය නුඹේ
මතකයක් ලඟ නැවතිලා

යන්න හදනා නුඹේ හිත ලඟ
මාත් තනිවම දොඩමළු වෙලා
යන්න දෙන්නට හිතක් නැහැ තව
නුඹේ හිත ගැන ලොබ වෙලා
ඔහේ පාවි අකිකරු වුන
මගේ කවි මාවම දවා
නුඹට යන්නැයි කියයි කවිහිත
මගෙන් සමුගෙන වෙන්විලා

ලියා නැලවෙන දහක් සිතුවිලි
හිතට වද දි නැවතිලා
අකිකරු වුන මගේ හිත අද
නුඹට පුදදෙමි සතුටිනා

කවිය වද දෙයි මට හැමදිනා

Wednesday, October 17, 2012

කළුවර හිනය

මගේ බ්ලොග් එක හැඩ වුනේ ඔයාගේ මේ ලස්සන පින්තුර නිසා...
මගේ කළුවර හිනය හරියටම දැක්කේ ඔයා...මේ පින්තුරය මගේ බ්ලොග් පිටුව ලස්සන කලා....කළුවර හිනයට ගැලපෙනම පින්තුරයක් මේක....ඔයාගේ ඇහින් දැක්ක මගේ කළුවර හිකයට මම ආදරෙයි...ඒත් මට කළුවර හිනය ලස්සන කරන්න උදව් කරලා ඔයා කොහොදේ ඇතකට ගිහින්.....මම දකින මගේ කළුවර හිනයේ ලස්සන බලන්න අද ඔයා මගේ ලඟ නැහැ
මට තියන දුකත් එකමයි...

ජිවිතයේ සුව දැනේන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ.....

වැටෙන කඳුලින් ගෙනෙයිනම් සුව
හද ගැහෙන ඒ රාවයේ නද
නුඹ දුටුව මගේ හිනයේ තුල
මං නොසිටියේ ඇයිද කියන් මට

කළුවරයි මගේ හිනයත් තව
නුඹයි හිනේට දුන්නේ ලස්සන
නොඑයිනම් තව නුඹ මසිත් අහසට
හින පෙනුනේ කොහොමදෝ මට

පෙනෙනෙ නොපෙනෙන හිත ඇතුලේ මම
හින දකිනව රෑයමේ කළුවර
ආදරෙයි මම ඒ නොදුටු හිනේට
මගේ නොවුනත් කළුවරයි තව මට

Tuesday, October 16, 2012

සිත තාමත් නුඹව සොයනවා



හිත නිරතුරුව තවම නුඹේ සිතුවිලි විමසනවා
නෙතු නිරතුරුම තාමත් නුඹේ රුවම සොයනවා
හද නිරතුරුව තාමත් නුඹේ පෙමම සොයනවා
මම නිරතුරුම තාමත් නුඹේ සෙනෙහෙ පතනවා

යලි කවදා කෙහෙදි අපි මුණ ගැහෙවිදෝ
හිත හැමදා ඒ පැතුමන් එක් කරාවිදෝ
නුඹ සැමදා සතුටින් සිනහා වෙවිදෝ
මගේ හැගුමන් කෙදිනකහෝ නුඹ දකිවිදෝ

Monday, October 15, 2012

නොලියෙනා කවිය


කඳුළු කවි කම් හිත දවයි නම්
නුඹ එන්නෙපා යලි කවි ලියන්නට
තවම නොලියෙන අපේ කවි පෙළ
 හිත දවයි නම්... නුඹ එන්නේපා
මගේ  හිත දකින්නට.....
යන්න යන්නම යලි නොඑන්නම
නුඹ එන්නපො මගේ ලොව දකින්නට
වෙන්නව ඉමු අපි අපේ ලෝකේක
කවිය නැ තව හිත හදන්නේ
                       අපේ කවි නැහැ අපි දකින්නේ.

Monday, October 8, 2012

නුඹ තවම දන්නේ නැහැ.....නුඹට වැටහෙන්නේ නැහැ

සිහිල් පොද පින්න
තෙමයි මගේ හිතම අද
නුඹට පෙම් බැන්ද අරුමය
පින්න තව දන්නේ නැහැ...
පිනි සිසිල තව දන්නේ නැහැ...

වැටෙන පිනි දියර බිද
නිවයි ගත විඩාබර
ඒත් මම පෙම් බැන්ද හැටි තව
පින්න තව දන්න දන්නේ නහැ
පිණ සිසිල තව දන්නේ නැහැ...

නොතෙමෙන්නට හිතම මගේ
පින්න ඇද වැටෙයි හෙමිහිට
එත් ඒ වැටෙන පොදයට
ආදරය කරමි මම
නුඹට පෙම් බැන්ද අරුමය
පින්න තව දන්නේ නැහැ
පිණි සිසිල තව දන්නේ නැහැ....

නොතෙරෙන හැඟුම් පොදි
දඟ කරන හැඟුම් ලඟ
ආදරය ඉතිරෙනා හැටි
නුඹේ හිත හඳුනන්නේ නැහැ
නුඹට පෙම් බැන්ද අරුමය
තවම වැටහෙන්නේ නැහැ
නුඹට වැටහෙන්නේ නැහැ.....
 
 
_____________________________________(සෂි)-.