Thursday, September 3, 2020

අම්මා හිත හදාගත්තෙ තනියෙන්මමයි හැමදාම...

 පුතේ නුඹ ලොකුවෙලා

කියාදෙන්න මුළු ලොකේටම

අම්මා රහසින් හැඩුව හැටි

හදාගන්නට හිත තනියෙන්ම...


රිදවන්න තරමි හිත කවුරුවත්

හිටියෙ නැ ලඟ සනසවන්න...

කොනිතන්න පහුරන්න..

රිදුම් දි හඩවන්න...

අම්මා හිත හදාගත්තෙ

තනියෙන්මමයි හැමදාම...


පුතේ නුඹ ලොකුවෙන්න..

ඒත් කවදකවත් අම්මා හැඬු තරමටම

අම්මා විදවපු තරමටම..

එපා කිසිවෙකු​ට..

හිනෙකින්වත් නපුරක් පතන්න...

හිනෙකින් වත් නරකක් කරන්න


කළුවර හීනය....


Sunday, August 30, 2020

කාලේකට පස්සෙ මට මම හම්බවෙන් හිතුනා..


 

කාලේකට පස්සෙ ලියන්න ගත්තට මොකද හිත ඇතුලෙ තියන හැමදේම ලියන්න බැ. එත් වෙනදාට ඩයරියට සිමාවෙන සමහර දෙවල් සමහර සිතුවිලි අද මම මගෙ බ්ලෝග් පිටුවෙ ලියන්න හිතුවා..

එකට එක හේතුවක් තියනවා..

​බොහොම මැතකදි මට අපුරු චරිතයක් මුණ ගැහෙනවා.. සමහරු හරි දේවත්වයෙන් තමයි එයාව අදහන්නෙ.. මම මෙතන එයා කවුද කියලා විස්තර කරන්න යන්නැ. මොකද එක ඒ පුද්ගලාගෙ අනන්‍යතාවයට හොඳ නැකති නිසා..

ඉතින් මෙ චරිතය සමාජයෙ ඉන්නෙ හරිම සද්ගුණවත් විදියට සුදු රෙද්දක් පොරවං. කිවට මොකද හැමෝනටම උදව් උපකාර කරන්.. නොතෙරෙන දෙවල් කියලා දෙමින්. වැටෙන වැටුන සහා ජිවිතෙ වරදින වැරදුන හැමෝන්ටම උදව් උපකාර එකි මෙකි නොකි සියළු දේ කරමින්..

අපි හැමෝම එක එක අවධි වල පිඩන වල ඉන්නවා. ඔය කියන චරිතය ​කාලෙකට කලින් අත්දැකිම් සමඟ ගැටිලා පිඩන වල ගැටිලා යම් තරමක මනස දියුණුවක් කරත්තා කියන කෙනෙක්(ලු). ඉතිං ඒ සද්ගුණවත් කෙනා සමඟ මාත් කතා කලා...(මටත් නිකන් ඉන්න බැ නේ)...


ටික දවසක යනකොට මට ඇත්ටම තෙරුනා ඔය කියන තරම් ඒ යකා සුදුත් නැත...කියන තරම් ඒ යකා නිවිලත් නැත.. කියන තරම් ඒ යකා දියුණුත නැතකියලා..

ඇත්තටම ඒ චරිතය පිටතින් සුදු රෙද්දක් පොරව ගත්තට මොකද තමන්ගෙන් උපදෙසක් සහනයක් යහපතක් පතන කෙනෙක් ජිවිතේ මොනයම් හෝ අස්ථාවකදි කතමන්ට හෝ තමන්ව සම වෙනවා නම්... තමන් අභිබවා යන්න තැනට දියුවෙන ලක්ෂන පෙන්නුම් කරනවා කියලා එයාට පෙනවානම් කපන්නෙ කොහොමද බෙල්ල මුලින්..

නිවිලා කිවට.. අතැරියා කිවට ඇත්තටම එහෙම චරි​ත ඉන්නෙ ඇතුලෙන් පිච්චි පිච්චි..


තමන්ට තමන් පමණක් වෙන්න.. තමන් තමන්ට අවංක වෙන්න.. එහෙම නොවෙන්න කවදාවක් තව කෙනෙක්ට උදව් කරන්න තියා හිතක් එක්ක සෙල්ලම් කරන්න එපා..



පලි; කාගෙවත් රෙද්දක් සේදුවා වත් තරහක් පිට කලා වත් නෙමයි.. ඒ චරිතය හිතන් මවං ඉන්නවා මම කියන කෙනා එයාව අනුකරණය කරනවා කියලා... මම නිවිලත් නැ.. අතැරලත් නැ මනස දියුණු කරගෙනත් නැ

අනෙ මට ඒ අවලෙග දියුණු මනසක් ඇති කරගන්න මෙ කපෙට බැ.. මම හරිම පෘතක්ජන මනුස්සයෙක්... :)


මේ  මම එයා එක්ක කතා කලාට සහා අවංකව එයාව ඇගයුවට මට ලැබුණ තැග්ග..



Friday, August 28, 2020

නිරෝගිමත් ලස්සන සිරුරක්..

 



අපි හැමෝම කැමති ලස්සන සිහින් ඒවගේම නිරෝගිමත් සිරුරක් ලබා ගන්න..

එක කාන්තාවන්ට විතරක් නෙමයි.. පිරිමි අයටත් ඒ වගේම වැඩිහිටි තරුණ හැමෝන්ටම තියන ලස්සන අහිංසක ආසාවක්..


මම..ඔයාලාට මං ගැන අමුතුවෙන් මතක් කරන්න ඔනි නැ කියලා මම හිතනවා

කාලයක් බ්ලොග් ලෝකයේ ලස්සනට කවි වලින් කතා වලින් ලියුවට මොකද ජිවිතේ ඇති කරගත්තසමහර අලුත් සබඳතා නිසාම පවුල කියන සංකල්පයට මුලික තැන දෙන්න වුන නිසාත් කවි වලට කතා වලට ටිකක් විරාමක් දෙන්න සිද්ද වුනා.. ඒ වුනා නොලියවුනා නෙමයි..ලියුවා ඒත් හිත ඇතුලේ දින පොතු ඇතුලේ හිර වුනා..


කාලයත් එක්ක යනකොට මට මාවම හොයාගන්න ජිවිතේට අරමුණක් දුන්නේ මගේ පුංචි පුතා.. එයාට දැං අවුරුදු 2ක්.. 

මම හිතින් වගේම හිතිනුත් හරිම ඔක්තිමත්. ඩස්සර ඇග විසාල තරබාරු පෙනුම නිසා අපහසුතාවයන්ට පත් වුන අවස්තා වලට ඇත්තටම මට මගේ හිතට ගෙනත් දුන්නෙ ආත්ම ශක්තියක්..


මම කැමති මම වගේම එක එක පිඩන වල ඉදලා අපහසුතාවල ඉදලා එකත් ආසාවෙන් කැපකිරිමෙන් තමන්ගේ ලස්සන ඔප දාන්න කැමති පිරිසකට උදව් කරන්න.. 


කැමති අය මාත් එක්ක එකතු වෙන්න

පහල තියනවා මගේ ෆෙස්බුක් බිටුව සහා යුටුයුබ් චැනලයෙ ලිංක්..


ඒවගේම සතිපතා මම අලුත් ලිපි ඒවගේම කැම රෙසිපි වලින් මගේ කළුවර හිනය එළිය කරනවා කියලා ඔයාලා හැමෝනටම පොරොන්දු වෙනවා..


දන්න කියන අය එක්ක බෙදා ගන්න.



ෆෙස්බුක් පිටුව

https://www.facebook.com/shashisvlog.lk/


යුට්යුබ් චැනලය

https://studio.youtube.com/channel/UCRYSFHTBz-hu454wiYPgpZw

  ඉස්ටග්‍රැම් එකවුන්ට් එක


https://www.instagram.com/shashi_btesgirl/


health & wellness group

https://www.facebook.com/groups/585444175466278


Monday, August 6, 2018

මං උඹේ ආදරයට හරි පෙරේතයි






මං ආසයි උඹේ ඔය
කැරලි මයිල් පිච්චිච
පපුවට මගේ ඔළුව තියාගෙන දවසම නිදාගන්න
ඒ අස්සෙන් හෙමිහිට ඇහෙන 
උඹෙ පපුව
ගැහෙන සද්දෙට ආදරය කරන්න
ඒ සද්දේ ඇතුලෙන්
දෝංකාර දෙන මගේ නම අහන්න

මේ ඔක්කටම වඩා ආසයි 
මුළු ලෝකෙටම ඇහෙන්න

' මං උඹේ ආදරයට හරි පෙරේතයි'

කියලා කෑගහලා කියන්න

කළුවර හීනය

Friday, August 3, 2018

අකිකරු සඳ

අකිකරු සඳකට
රහස් කොඳුරනු නොහැකිව
කවි පෙලක් ලියවෙයි
නුඹෙ සෙනෙහෙ සිහිකර

නාදුනන හැඟුම් අහුරක
හැංගිලා ඇති සෙනෙහස
තව තවත් දළුලයි
ආදරේ ඉතිරෙන්නම

සංසාර පොත පුරාවට
නුඹ නමට කැප කර
ආදරේ පතමි මම
සෙනෙහසින් හැම දිනම....

කළුවර හීනය

Tuesday, July 31, 2018

සෙව්වන්දි ය.....





මතකයන් විතරක්ම
වැලලිච්ච හද සුසුනායක
ඉදහිටත් පිපිනෙවා මිනිමල් සුවඳලන
මගේ හද මැදුර තුල තාම සුවඳයි 
ඉතිරි වි ගිය නටඹුන් ප්රේමය

සෙව්වන්දි ය..... 
අහෝ; තාමත් සිහිනයකි මට
අපේ පිය සටහන් තමත් එහෙම්මමයි 
කිසි වෙනසක් නැතිව
ආගියපු මඟ තොටක වැලලිච්ච සුවඳ
මිහිදන්ව ඇතිද තව වැලි තලා යටට වී

සෙව්වන්දිය....
කෑ ගසයි.... ගිගිරුම් දෙයි 
දෙකන් කීරී ගැහැනෙ සද්දෙට 
වේදනාවෙන් පිරි යයි
අහෝ ප්රේමය;
නුඹ කොහෙද අද
වැලලිලා ගිය මතක වැල්ලේ 
කොහේ සැඟවුනිද නුඹ

රිදෙන පැගෙන මතක අහුරක්
වැල්ලට මිහිදන්ව යා නොහැකි කල
මිනි මල් තව පිදේවිද 
හද සුසානය සුවඳ කරනට........

කළුවර හීනය

Thursday, July 19, 2018

තනිකමක සේයාව







තනිකමක සේයාව
හද කොනක රඳවාගෙන
ඔහේ ඇද වැටෙන
සෝසුසුම් වල නාදයට
දෙකන් හුරු නොවෙන කල
තවත් මා සොයා ඵලක් ඇතිද එහි
නුඹේ සෙනෙහස
නටඹුනක් වත් නොමැති කල.....

හති දමා....හඩ හඩා.....
නුඹ ලඟම සැනසෙන්න
මඟබලන් සිටිය ම'හදවත
පණ අදියි දැන් 
යලිත් නොගැහෙන ලෙසට
කිසිදින.......

කප්පරක් සෙනෙහක්
හද කොනක රඳවගෙන
ජිවිතේ නුඹ දිහා බලා සිටි උජාරුව......
මගේ හිතම හිනාවෙයි 
ඔච්චමට මෙන් මටම
උඹට පෙම් කර මට 
උරුම වුණු කඳුළු දැක

කළුවර හීනය
-2018-07-20

සිරුවට ඇද වැටෙන




සිරුවට ඇද වැටෙන
සෝසුම් වල නඳින්
දෙකන් මගේ පිරි ඇත
හිරිවැටෙන තුරු හිතත්....

ආදරය වගුරුවා
මිරිඟුවක සේයාව
හද කොනක රඳවලා
ජිවිතේ මහා දුකක් යැයි
හිනැහිලා පවසන්න
රැගෙන මල්සමය මහදට
වඩින තුරු මම ඉන්නේ
අද එතැයි නුඹ.... හෙට එතැයි නුඹ
කියා දැන් මඟ බල බලා...

මේ දිවියෙ රුදුරැ සරතැස
නිවාගනු පිණිස 
අකුරු කැට අහුලලා
මම ලීයු ගී සෑය ලග
දෙදණ තබා අයදින්නෙම්
අද හෙටත් මතු මතුත්
විඩාබර වු හද කොනට 
ගෙනෙන කෙත්
සැනසුමක් හනිකට.....
පිපාසට නිවන්නට ලැබෙන
දිය බිදක් ලෙස.....

කළුවර හීනය
2018-06-28

අනේ දෙයි හාමුදුරුවනේ......




අනේ දෙයි හාමුදුරුවනේ......
මට
හිස උඩට වඩා නැගි
දුක් කන්දරාවක්
මහ බරක් ලෙස හිතට මගේ අද
වද දෙනව...
බොහොමක්
අනේ; පිං සිද්ද වෙයි දැන්
හිත ටිකක්
ලිහිල් කර ණය බරත් බුරුල් කර 
දුන්නොතින් නම් නුඹට බුදු බව ලැබෙනවා....
හැමදාම දුක කියුවේ මම
නුඹට මිස
නැහැ වෙනත්
දෙවි කෙනෙක් හට
එහෙව් මා දෙස නොවරදිම
අදත් බලනු මැන කියා දෝත මුදුනිත්
තබා මම වදිනවා....

____________________________________

අනේ බොල ගැණියේ 
මටත් ඇත්තේ කන් දෙකකි
හැමදාම දුක කියන
මහා ගොඩක් සෙනගත් වෙතේ...
ඒ සෙනග අතරින් 
නුඹට ඇත්තේ
දුක
දිය අඟල් උල්පතකි
කිසිදාක නිම නොවෙන
කිසිදාක
නොම සංසිදෙන....

මටත් දැන් හරි වෙහෙසයි
උඹේ දුක
අහලාම 
නුඹට පිහිට විලාම...
මගේ
කන රිදුම් දෙයි
නැහැනේ උඹේ ඉවරයක්
දුක දුකම පොදි බැදන්
හැමදාම හැමවෙලෙම
නුඹම විතරක්
නෙමෙයි
තව හුගක් අය වෙති මගේ පිහිටක්
බලාගෙන අද

මමත් මේ හනි හනික හොයනවා දිවා රෑ
උඹේ කන්නලව්වෙන් බෙරෙන්න
දැන් තව දෙවි කෙනෙක් මෙලොවට....

උඹට විතරක් නෙමෙයි යෝධියේ
දිවියලොකේත් ප්රෂ්න කන්දක් තියෙනවා...

කළුවර හීනය

( අදහස;. බුකියේ දැක්ක කතරගම දෙයිහාමුදුරැවනේ කවිය )

හීනයක් මේ තරම් සුන්දරද

හීනයක් මේ තරම් සුන්දරද හිත ලඟ
දැනුනේ නැ නුඹ එහි කුමරු වන තෙක්
හගුමකට පෙම් බැදි හදක් අභියස
සොයමි සෙනෙහස දිවා රෑ මම

වියලුනු කොපුලත මුදු හාදු තවරා
සිනහා සයුරක හද අතරමං කර
හදෙන් ගිලිහෙන සුසුම් රැල්ලක
සොයමි නුඹේ සුව හද සනසගන්නට

නෙතින් ගිලිහුණ සීත කඳුලක
රැදුනු සෙනෙහස හද විවර කර
අන්නතය දෙස බලා හිනැහෙමි
සනසගන්නට මමම මගේ හද

කළුවර හීනය
2018-07-09

කඳුළු සඟවා හිනාවෙමි මම නුඹේ පෙම රදවා හදේ

සිහිල් පොද වැහි ඔහේ වැටෙමින් විඩා බර සිත නහවලා
කඳුළු ගංගා ගලා ගොස් අද මගේ හිත් මල බොඳ කලා
මතක සායම් හෙමින් ඇවිදින් හදේ කොනකම සිත්තම් වෙලා
අළුත් කඳුලක් අතවනනයි අද හඩන නෙතු අග සැරසිලා

පාව ආ සඳ නිල අඹරට කඳුළු නැ හිත හැඩ කලේ
අපේ මාතකය වාන් දමනා දෙඇස් ඉවුරයි සැරසුවේ
රනින් සිතුවම් මැවු පුන් සද කොහෙදො අද හැන්ගුනේ
කඳුළු වරුසා ඇද වැටි අද අපේ මතකය බොඳ වුනේ

තාල මුමුණා සින්දු කියලා කුරුල්ලන් ඔහේ ඉගිලුනා
රෑයේ ඇහැරි සිහින දුන් නෙතු මටත් රහසෙම පියැවුනා
මුවේ සැරසුන නුඹේ ප්‍රේමය නොකියාම මට දුර වුනා
හඩන හිත අද පාරවා නුඹ මගේ කවි හිත තනි වුණා

නිදා නොනිදා නුඹේ නමටම ලිව කුළුදුල් ගිතයේ
තාල අතරේ රැදිවුන් නුඹේ දෙනෙත් සහවා හිතේ
පහන් වි ගිය සුසුම් අතරින් හීන එක එක දැල්වුන ඉමේ
කඳුළු සඟවා හිනාවෙමි මම නුඹේ පෙම රදවා හදේ

අද තමයි හොද දවස





ආදරයේ මුදු පාට
සිත් කොනක රඳවන්න
හාදු වැස්සක් අරන් 
නුඹ එන්න හිත් ගැබට

රන් හීන වස්සන්න
හිත් අරණ සරසන්න
නුඹ ඇවිත් සිත් අහසේ
රිදි තරුවක් ව පායන්න

හදක රැදි සෙනෙහසට
නුඹ උරුම කම් කියන
අද තමයි හොද දවස
ඇවිත් ම'සිත සනසන්න

කළුවර හීනය
2018-07-19

Friday, June 22, 2018

මතකයන් කවි පද වුණාදෙන්...




කිසිත් නොපතා සෙමින් බැසයන
සඳත් අහසට පෙම් කලා නම්
කිසිත් නොදොඩා වෙන්ව ගිය නුඹේ
මතකයන් කවි පද වුණාදෙන්....

තිගැස්සෙන මගේ හද කොනක හිද
නුඹේ පෙම් සුව කෑගසයි නම්
නික්ම ගිය නුඹේ නමට ගිලිහෙන
කඳුළු පොකුරක් ලඟ හිටියදෙන්....

දෙනෙත් අද්දර සැගව ඇති දුක්
කඳුළු මල් බිම වැටුනනම්
යලිත් එන්නෙ'පා මසිත් අරණට
තනිය ලඟ හිඳ තනි මකයි දැන්.....

|කළුවර හීනය |
2018-05-27
අරන් ආවෙත්
නොමළ ගෙයකින් අබ මිටක්
පණ දෙන්න හැකිවෙයි
නුඹේ පුතුටත්මටත්
කැ ගසා හඩන්නිය කිසා...
තව තවත් හඩන්නීය
නොමළ ගෙයකින්
අබ මිටක්
සොය සොයා ඇ දුවන්නීය
අනේ දුකක්
කඳුලැලි ගොඩක්
නොමළ ගෙයක් ඇ හට
සොයාගන්නට බැරි හැඩක්

අරගෙන ආවොත් මමත්
ආදරෙන් පාරාජිත
නොවුවෙකු ගෙන්
කඳුළු මල් වැලක්
අනේ දෙනවාද මටත්
රැදෙන්නට පොඩි හරි ඉඩක්
ආදරේ සුවඳ විද
නුඹේ හිත තුල හෙටත්


කළුවර හීනය
2013-03-20

Thursday, May 24, 2018

නාදුනන හැඟුම් අහුරක්

නාදුනන හැඟුම් අහුරක් වෙති
හිතේ මුල්ලක හෙමින් සැඟනුව
කිසිත් නොදොඩා තනිව සැනහෙයි
රිදෙන බව දැන දැනම හද වෙත

සෙමින් කොඳුරන සුසුම් ගොන්නකි
හිතේ දුක් අදේනාවකට කන්දෙන
⁣කිසිත් නොසිතා තනිව හිනැහෙයි
පෙනෙන බව දැන ලොවට කඳුලම

ඉතිරි වි ගිය මතක අහුරකි
හදේ මුල්ලක සිරව ඉකිලන
කිසිත් නොපතා තනිව මොරදෙයි
දුකම උහුලනු බැරිව හැමදින

කළුවර හීනය
2018-05-23

Wednesday, May 23, 2018

හැඟුම්......


මෙපමණක් යැයි මැනිය නොහැකිව
සදාදර සෙනෙහසක් හිතේ හංගන්
දාරා සැනසෙමි නුඹේ නාමෙන්
ලැබෙන ගැරහුම් ජිවිතේන් මං

නුඹට අවැසිව නුඹේ නමටම
කැපකරන් මම මගේ ප්රේමය
පතමි දිවියක් තව තවත් සුන්දර
ජිවිතේ දුක් තැවුල් නැතිවුන

වේහෙසකර හැම හුගුම් පිටුපස
ඉකිගසයි මගේ හිතත් හොදටම
නොහැගුනි නම් නුඹට ඒ බව
කමක් නැ ඉවසන්නෙමි මම තව

කළුවර හීනය

Saturday, May 5, 2018

යලිත් නුඹ ඒවි නම්




නුඹේ නමට ලියැවිච්ච
දුක පිරැණු මතක වල
වරැ ගණන් සොයමි මම
සැඟවිච්ච අපේ පෙම
අහසේ දරා ගමි

හදක රැඳි සෝ ගින්න
ප්රේමයේ නාමයෙන්
නුඹ කෙරෙහි ඉපදිච්ච

යලිත් නුඹ ඒවි නම්
දුරලන්න ඝණ අඳුර
පිලිගනිමි ආදරෙන්
අර ඉස්සොරො වාගේම...

කළුවර හීනය

Wednesday, April 25, 2018





හිත් අහසට රහස් කියන
හිරැ මිලිනව යන සවසක
නුඹගැන මතකය අහුරක්
විසිකරලන්නම්. ....
නුඹේ මතකය අහස් ගැඹේ...
සඟවාලන්නම්

Friday, August 18, 2017

ආයෙමත් ආදරෙන්

හැඟුමන් අහුරක තාලෙට ගැලපුන
පඳවැල් අතරින් නුඹ සොයලා
මම ලියු කවියක හුස්මක සැඟව්
එලිසයමය විය සිත සනසා

සඳ ගැන තරු ගැන උපමා මොකටද
මගේ ලොව එළිකල හිරු  නුඹම නිසා
තුන් සිත සනහා පායා ආ නුඹ

හිනැහෙයි ගඟනම කලඑළි කරවා

Friday, April 28, 2017




මන්දාරම් අඳුර මැදින්
මම සක්මන් කර හෙමිහින්
කවි අහුරක් යාළු කරන් සිත සනසන්නම්
ආදරබර කවිය තුලින් නුඹව දකින්නම්

පොද වැටෙනා හැන්දැවක
මල් වැස්සට තුරුළුවෙමින්
ආදර හිත තුරුළු කරන් තෙමි තෙමි යන්නම්

වැහි බිඳුවක සිසිල තුලුන් නුඹ විඳගන්නම්