Friday, June 22, 2018

අරන් ආවෙත්
නොමළ ගෙයකින් අබ මිටක්
පණ දෙන්න හැකිවෙයි
නුඹේ පුතුටත්මටත්
කැ ගසා හඩන්නිය කිසා...
තව තවත් හඩන්නීය
නොමළ ගෙයකින්
අබ මිටක්
සොය සොයා ඇ දුවන්නීය
අනේ දුකක්
කඳුලැලි ගොඩක්
නොමළ ගෙයක් ඇ හට
සොයාගන්නට බැරි හැඩක්

අරගෙන ආවොත් මමත්
ආදරෙන් පාරාජිත
නොවුවෙකු ගෙන්
කඳුළු මල් වැලක්
අනේ දෙනවාද මටත්
රැදෙන්නට පොඩි හරි ඉඩක්
ආදරේ සුවඳ විද
නුඹේ හිත තුල හෙටත්


කළුවර හීනය
2013-03-20

No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?