මන්දාරම් අඳුර
මැදින්
මම සක්මන් කර
හෙමිහින්
කවි අහුරක් යාළු
කරන් සිත සනසන්නම්
ආදරබර කවිය
තුලින් නුඹව දකින්නම්
පොද වැටෙනා හැන්දැවක
මල් වැස්සට
තුරුළුවෙමින්
ආදර හිත
තුරුළු කරන් තෙමි තෙමි යන්නම්
වැහි බිඳුවක
සිසිල තුලුන් නුඹ විඳගන්නම්
No comments:
Post a Comment
කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?