අළුත් කඳුලක් ඇවිත් හෙමිහිට මතකයන් ලඟටම වෙලා
කිසිත් නොකියා හඩන මගේ හිත ලඟම හෙමිහිට නැවතිලා
පරණ කවියක් අළුත් කරමින් අකුරු එකිනෙක ගලපලා
මතක මන්දිර හෙමින් අහුලන් කඳුළු කවිකම් ලියැවිලා
පාවේලා ආ පිහාටුව යට නුඹේ සුසුමන් තවරලා
ගෑවිලා ආ සුසුම් පිණි කැට අළුත් වැස්සේ සැඟවිලා
කාලෙකින් හමනා සුළං රොද කොහෙදො අද සැඟවිලා
යයිද දුර යයි කිසිත් නොකියම මතකයන් ගෙන වෙන්විලා
ඈත මතකයේ රැඳුනු සෙනෙහස යලිත් හදවත සරසලා
මතක කඳවරු අතර හෙමිහිට මගේ හද අද නැවතිලා
නුඹේ දෙතොලට දෙතොල යා කල සුවඳ හදතුල රඳවලා
ඉතින් යන්නද දුරට වෙන්වි නුඹෙන් ඇතට වෙන්වෙලා
කළුවර හීනය
පද ටික ලස්සනට ගලපලා........///ඉතින් යන්නද දුරට වෙන් වී නුඹෙන් ඈතට වෙන් වෙලා///.......ටිකක් දුකින් කීව දෙයක් වගේ.මොකද කැමැත්තෙන් යන අය යන්න අවසර පතන්නෙ නැහැනෙ........
ReplyDeleteකාංචනා