නින්ද නොයන පාළු රැයක
නුඹ ඇවිදින් මගේ සිතවෙත
ඉතින් කියන් පාළු කඳුල
දුක අතහැර යන්නේ කොහොම
වැටෙන වැටෙන හැම කඳුලම
දුක පමණක් උහුලනකොට
මට කියපන් පුංචි කඳුල
තනිකම මඟ හරිනු කෙලෙස
රෑ හිනෙට පායන සඳ
පාට පාට හීන අතර
නුඹ ඇවිදින් සැරිසැරුවත්
හෙටක් නොවයි හෙට ම‘හදට
-කළුවර හීනය-
ලස්සන කවි සංකල්පනාවක්..............
ReplyDeleteසරලයි අනර්ගයි..
ReplyDeleteපුංචිම පුංචි අදහසක් ගැමුරු අරුතක් දක්වා විහිදුවීම ඔබේ කවි වල මා දකින විශේෂයක්.
ReplyDelete