තව තවත් හද ගැහෙනවා.
සුළග තාලෙට ඇවිත් යනකොට
හිතේ කොනකට සිසිල එනවිට
හදේ ගැහෙනා රාවේ නොදැනිම
නුඹේ නමටම සැලෙනවා...
තව තවත් හද ගැහෙනවා....
හිතේ නිලයන හැඟුම් අරගෙන
සුසුම් වැල් එකිනෙකට තබමින
හදේ රැව්දෙන නුමේ නමය
ලඟට විත් දඟ කරනවා
තව තවත් හද ගැහෙනවා
සුවඳ පතුරා පිපෙන කුසුමට
රේණු විහිදා ලෙලෙන සුලඟට
මලේ හැන්ගෙන සුවඳ අරගෙන
බඹරු ඉඟි බිඟි පානවා
තව තවත් හද ගැහෙනවා...
හින අහුරක් අරන් දෝතට
නුඹ ඇවිත් මගේ පාළු අහසට
යන්න දෙන්නම නොහැකි තරමට
මගේ හිත පෙම් බඳනවා
තව තවත් හද ගැහෙනවා.
ලස්සන පද පෙලක්...
ReplyDeleteඅකුරු සුට්ටක් ලොකු කරමුකෝ..
ස්තුතියි :) :) :)
Deleteපුංචි වැඩිනේද ඊලඟ සැරේ ටිකක් ලොකුවට පොස්ට් කරන්නම්කෝ
හරිම ලස්සනයි,,කියවගෙන යද්දි,,තව තවත් හද ගැහෙනවා..ඇත්තමයි
ReplyDeleteස්තුතියි :)
Deleteඇත්තටම ලස්සනයි:)
ReplyDeleteතරහ නැත්තම්
හිතේ නිලයන හැඟුම් අරගෙන
සුසුම් වැල් එකිනෙකට තබමින
හදේ රැව්දෙන නුමේ නමය
ලඟට විත් දඟ කරනවා
තව තවත් හද ගැහෙනවා
සෝදු පත් බලන්න