Tuesday, December 4, 2012
පවු කාර ආදරයක්.............
ඇවිත් යයි
නැවත එයි
නැවති
යලිත් යයි
නවතිතම එයි
නවතිනවායැයි කියා පොරොන්දු වි ඉදියි
එත් යලිත් පිටව යයි
ආයෙත් යයිද
ආයෙත් එයිද
යන්නම යයිද
නොයන්නම ඉදිද
මට අයිති වෙයිද
මම මගේ වෙයිද
මම නුඹේ වෙයිද
මට මාව අයිති වෙයිද
මට මාව අයිති නොවෙයිද
අපි අපේම වෙයිද
නුඹ විතරක් මගේ වෙයිද
මම විතරක් නුඹේ වෙයිද
නුඹ අනසතු වෙයිද
නැත්තම් නුඹ මගේම විතරක් වෙයිද
කඳුළු එයිද
කඳුළු ගලයිද
නැත්තම් හිනව විතරක් ඉතුරු වෙයිද
මට මාවත් නැතිවෙයිද
මට මගේ ආත්මයම නැතිවෙයිද
හිත ඉකිගසා හඩපු..
කඳුළු ඇවිදින් මටත් රහසේම මගේ නෙතට සරදම් කරපු..
මට මාවත් නැතිවෙන තරමටම මම ආදරය කරපු
කියලා... හිතලා... ලියලා...
මම මගේම දුක නැති කරගන්න උත්සහ කරපු
දුක් විදපු ගඳ ගහන අතිතයක අතරමං වි මට මාවත් නැතිකරපු
ආදරයක් මගේ ලඟ තිබුනා...
තාමත් තියෙනවා
ඉස්සරහටත් තියෙයි.....
හිතින් හිතලා
නෙතතින් අඩලා කඳුළු ඇවිත් මටම හිනාවෙලා මම මගේම ආත්මය විකුනපු
දුක පිරදු ඇස්වලින් කඳුළු වෙනුවට ලේ ගලපු දුක් වින්ද ආදරයක සාඩම්බර එකම හිමිකාරිය මමයි
ආදරේ වෙනුවෙන් මට මාවත් නැතිවෙච්ච දුකින් පිරුනු අතිතෙක මට මාවත් අමතක කරපු
ඒ පවුකාර ආදරයට තාමත් මම ආදරය කරනවා
අපහු ලැජ්ජ්ජාවක් අහල පහලකවත්නැති ගානට...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?