හිනාවන්නම් මම - නුඹේ නිල් නෙතු දිහා බලන්
නොහඩා ඉන්නම් - නුඹේ හසරැල් ලඟක තියන්
සෙනෙහෙ පතන්නම් - නුඹේ සිතුවම් ලඟින් ඉදන්
දිවි ගෙවන්නම් - නුඹේ වන්නට හැමදාම ඉතින්
හිත් රිදුම් සෝතැවුල් - දවයි මසිතම දැන්
නුඹ දුරයි සිත හඩයි - කඳුළු නැහැනේ දැන්
මගේ සුසුම් මා දවයි - නුඹ ලඟින් නැති නම්
තැවෙනු ඇයි රිදෙනු ඇයි -නුඹ මගෙමයි නම්
අපිට හිමි නැති පොලොතලයේ මසිත හඩවා
දුර ගියා නුඹ ඉණු කඳුලින් මගේ හිත දොවලා
හඩනු කෙලෙසද මගේ කඳුලැලි වියැකුනු දා
මම මගෙමයි - නුඹ නුඹේමයි- අපි අපේ නොවෙනදා
විරහව මෙච්චරටම .. :-(
ReplyDeleteවිරහවත් හරිම ලස්සනයි මල්ලි මේ පුංචි උත්සාහයක්
Deleteම්ම් හරිම දුකයි. හැබැයි ලස්සනයි.
ReplyDeleteස්තුතියි මධු
Deleteඇයි විරහව... :(
ReplyDeleteනිකමට ලිව්වා.....ආදරයට වඩා මට විරහවයි ලස්සනට ලියන්න පුළුවන් කාලෙකින්ලියන්න බැරිවුන නිසයි ලිව්වේ
Deleteයේ,...........දැන් අකුරු ටික හරි :)
ReplyDeleteලස්සනයි..
වෙනද වගේම :)
ජයම වේවා!
ඔව් හිරු ඔයා කියලා දිපු නිසා හොඳයි හුඟක් ස්තුතියි ඔයාට..
Deleteකමෙන්ට් එකටත් ස්තුතියි හිරු
lassanai........
ReplyDeleteoya hari......numba numbemai..mama magemai hemadama !!! :'(
am roshi.......
Delete