හුස්මක් දුරින් හිදින්නම් මම
මට නුඹෙ ලගින් සැනසෙන්න පුළුවන් නේ කවද හරි
ඔය හිතේ ආදරෙන් ගුලි වෙච්ච
ඒ සෙනෙහෙ හද කිති කවනවා දැනේනකොට...
අනේ හරිම සතුටුයි...
කියන්න බැරි තරම්...
මම තාම හිතනවා
මම තාම පතනවා
ඔය හිතේ ආදරය
හැමදාම මගේ නේද...
මගේම විතරක් නේද......
ඇත්තටම පුදුමයි
මට හිතාගන්නත් බැහැ
නුඹ මගේ වෙලා
ඇත්තටම මගේ වෙලා
ආදරෙන් පිරි ඔය හිතම
දැන් මගේ වෙලා
මගේම විතරක් වෙලා
වැටෙන හුස්මට
කණ තියාගෙන
අහන්නම් මම
හද ගැහෙන රාවය....
ඇසිල්ලක් යන්නටත්
මත්තෙන්
රැව්දෙවි හද
නුඹේ නාමය....
ගිගුම්දි හද හිනාවෙයි
මට හොරෙන් අසමින්
කණ තියාගෙන
අහන්නම් මම
හද ගැහෙන රාවය....
ඇසිල්ලක් යන්නටත්
මත්තෙන්
රැව්දෙවි හද
නුඹේ නාමය....
ගිගුම්දි හද හිනාවෙයි
මට හොරෙන් අසමින්
හදේ නාදය.....
ඉතින් ලං වි
පෙමින් වෙලෙනු මැන
තවත් නොසඟවා
හිතේ ආලය.....
ඉතින් ලං වි
පෙමින් වෙලෙනු මැන
තවත් නොසඟවා
හිතේ ආලය.....
ඹබට තියන ආදරේ කියාගන්න බැහැ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නැහැ...
___________________________________සෂි_.
එල ඈ අක්කණ්ඩියේ... කීප් ඉට් අප් :) (Y)
ReplyDeleteතැන්කු වේවා මල්ලි
Deleteඅදමයි මේ ඉසව්වට ආවේ.කවිකම දෝරේ ගලා යනවා. හරිම සන්තෝෂයි.බ්ලොගයත් ලස්සනයි.
ReplyDeletehttp://samakayawate.blogspot.com/
කවි කම දෝරේ ගලායන ලස්සන අඩවියක්. හරිම සතුටුයි.
ReplyDeletehttp://samakayawate.blogspot.com/
ස්තුතියි හුඟක්
Deleteලස්සනයි යාලු :)
ReplyDeleteස්තුතියි හිරු
Deleteකවි ලස්සනයි සහෝ.
ReplyDeleteස්තුතියි හුඟක්
Deleteහ්ම්ම්ම් අපුරුයි අක්කො.....
ReplyDelete//ඹබට තියන ආදරේ කියාගන්න බැහැ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නැහැ...// මටත් එහෙමමයි...
ස්තුතියි මල්ලියේ
Delete