දිගු සුසිනිදු සියුම් රතැගිලි අතර
සිතුම් මවනවා නුඹ නුඹට රහසේම
හද ගැහෙන ඒ සුපෙම් රූපේම
සියුම් හිතක් ඇත නුඹත් නොදකින
පාට මුසුවුන සියුම් කොලයක
කොල රූ මවන පින්සල් දිගට
සිතුම් මවනවා නුඹ නුඹට රහසේම
හද ගැහෙන ඒ සුපෙම් රූපේම
සියුම් හිතක් ඇත නුඹත් නොදකින
පාට මුසුවුන සියුම් කොලයක
කොල රූ මවන පින්සල් දිගට
රැලි රැලි සියුම් රුපෙන් එපිට
ලොවක් අඳිනවා නුඹ නුඹට රහසේම
රටා මවන ඔය රතැගිලි වලට
රුප අඳින ඔය සියුමැලි අතට
ලෝභ නෙවෙයි මම තාමත් මටම
අහිමි හිතක් ඇතිදෝ ඔය හිත ලඟ
සිතින් හිනැහි පෙම් කරමි තව මම
ලඟින් සැනසි හිදින්නට බැරි කල
නුඹෙන් මැවෙනා සියුම් රුපෙට
හිතින් පෙම් කරනවා මම මටත් රහසේම
ලොවක් අඳිනවා නුඹ නුඹට රහසේම
රටා මවන ඔය රතැගිලි වලට
රුප අඳින ඔය සියුමැලි අතට
ලෝභ නෙවෙයි මම තාමත් මටම
අහිමි හිතක් ඇතිදෝ ඔය හිත ලඟ
සිතින් හිනැහි පෙම් කරමි තව මම
ලඟින් සැනසි හිදින්නට බැරි කල
නුඹෙන් මැවෙනා සියුම් රුපෙට
හිතින් පෙම් කරනවා මම මටත් රහසේම
_________________________.
කවි කමට නම් ඔබ හරිම හපන්. මේකත් හරිම ලස්සනයි.
ReplyDeleteහුඟක් ස්තුතියි අත්දැකිම් තමයි මාව කවියෙක් කලේ එත් තාම මම ඉන්නේ හුඟක් පහළම අවදියේ දියුණු කරගන්න තව හුඟක් තියනවා
Deleteලස්සන සිතුවිල්ලක්. හැබැයි අන්තර්ගතයට මම ගොඩක්ම කැමති.
ReplyDeleteස්තුතියි හුඟක්
ReplyDeleteනුඹෙන් මැවෙනා සියුම් රුපෙට
ReplyDeleteහිතින් පෙම් කරනවා මම මටත් රහසේම
man asama pada peli 2ka
(kanchana kodithuwakku)
මමත් පෙම් කරනවා ඒ සියුම් රුපේටම
Deleteරටා ඇදි දෑගිලි අතර
ReplyDeleteමැවන්න හිතයි සිතුවමක්ව
සිතින් පෙම් බැද දුරක හිද
පැතුමක් අදිනවා මම සිතුවමක..
අපුරු කවි පෙලක්.. ලස්සනයි..
ස්තුතියි
Deletemmm ලස්සනයි අක්කො..
ReplyDeleteහෙ හෙ ස්තුතියි මල්ලි
Deleteලස්සන කවිය සහෝ....
ReplyDeleteස්තුතියි
Deleteසිත්තරා......
ReplyDelete_________
සිත්තරෙක් මං...
සොභා සිතුවම්.. මිනිස් සිතුවම්...
පණ ගැහෙන සේ අඳින....
.
.
නමුදු.......
අවුරුදු ගණනක් ගතවීත්....
.
.
නිමා කරනට ඔන්න මෙන්න තිබියදී....
වෙනස් වන ඔබේ රුව.. ගුණ .. පැහැය.. ඉරියව්...
නිසා.....
තවමත්..
එකම සිතුවම මක මකා අඳින....!!!